FACT CHECK: ට්‍රිගර් ෆිෂ් මත්ස්‍යයින්ට මිනිසුන්ට සමාන දත් තිබේද?

Update: 2021-10-06 07:55 GMT

පෘථිවියේ ජෛව විවිධත්වය පිළිබදව සලකා බැලීමේදී මත්ස්‍ය ප්‍රජාව, ඉතා වැදගත් පාර්ශවයක්. මිරිදිය, කරදිය ආදී බොහෝ පරිසර පද්ධති වල ව්‍යාප්තියක් පෙන්වන ජීවීන් කාණ්ඩයක් ලෙස මත්ස්‍යයින් සැලකිය හැකියි. මත්ස්‍ය විශේෂ එකිනෙක අතර ද සැලකිය යුතු විවිධත්වයක් දැක ගන්නට පුළුවන්. මේ එක්තරා මත්ස්‍ය වර්ගයක් පිළිබඳව පළවූ නොමගයවන සුලු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමසුමක්.

සමාජ ජාලා සටහන්

මිනිස් දත්වලට සමාන ස්වරූපයක් ඇති Trigger fish.ඉතා තියුණු හැපීමේ ශක්තියක් මේ මාළුවාට ඇති බව සඳහන්”,ලෙස සටහන් කරමින් ෆේස්බුක් පිටුවක් මගින් මත්ස්‍යකුගේ යයි සඳහන් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින් .

Facebook| Archived

බොහෝ දෙනෙකුගෙන් ලද ඉල්ලීම් නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය තොරතුරු විමසා බැලීම) :

මෙම ඡායාරූපය Google Reverse Image Search පරීක්ෂා කිරීමේදී අපට මේ පිළිබඳව සඳහන් වන වෙබ් සටහන් ගණනාවක්ම සොයාගැනීමට හැකිවුණා.

The Sun වෙබ් අඩවියේ වාර්තාවකට අනුව මෙම මිනිස් දත්වලට සමාන දත් ඇති මත්ස්‍යයා පිළිබදව වාර්තාවී ඇත්තේ මැලේසියාවේ ප්‍රදේශයක පිහිටා ඇති ධීවර ගම්මානයකදීයි. එම මාධ්‍ය වාර්තාව මගින් පවසන පරිදි මෙම මත්ස්‍යයා, මත්ස්‍ය වර්ගය 40ක් පමණ වාර්තා වන Trigger Fish විශේෂයට අයත් වූවෙක්. කෙසේ වෙතත් මෙම මත්ස්‍යයා හමුවූයේ කෙසේද, කුමන ධීවර ගම්මානයකදීදැයි ආදී නිශ්චිත තොරතුරු එහි සඳහන්ව තිබුණේ නැහැ. එම පුවත් වාර්තාව මෙතනින්. Archived.

සමාජ ජාල තුල මෙය පැතිර ගිය ප්‍රභවයන් අධ්‍යයනය කිරීමේදී, ඉන්දුනීසියානු ට්විටර් පරිශීලකයකු එක්කල ට්විටර් සටහනක් බොහෝ දෙනා අතර පැතිර ගිය ආකාරයක් දක්නට ලැබුණා.2020 ජූලි මස පළවී තිබු එම සටහන පහතින්.

Twitter| Archived

මෙම මත්ස්‍යගේ ඡායාරූපය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇතැම් පිරිස් මේ Trigger Fish වර්ගයට අයත් මත්ස්‍යයෙක් යයි අදහස් දක්වා තිබුණේ Trigger Fish වර්ගයට අයත් මසුන්ට ලාක්ෂණිකවූ පුලුල් තොල් යුගලයක් පිහිටා තිබීම නිසයි. සාගර ජීව විද්‍යාඥවරියක් Lufti Afiq Rosli, Insider වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ මෙම මත්ස්‍යයා blackberry trigger fish ගණයට අයත් විය හැකි බවකුයි. කෙසේ වෙතත් ට්විටර් වල පළවූ ඡායාරූපයේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් 100% ක් සහතික විය නොහැකි බවත් ඇය පවසා තිබුණා.The Insider වෙබ් අඩවියේ මේ පිළිබදව ඇති විස්තරයට පිවිසීම මෙතනින්.Archived.

එසේම එම අවධියේම පළවූ පුවත් වාර්තා වල සාගර විශේෂඥයන් උපුටා දක්වමින් සඳහන් වී තිබුනේ Trigger Fish වර්ගයේ තියුණු දත් විශාල දත් තිබෙන අතර එය මිනිස් දත් හා සමාන නොවන බවයි.

National Geographic වෙබ් අඩවියට අනුව Trigger Fish ලෙස හැදින්වෙන මත්ස්‍ය වර්ගයට අයත් විශේෂ 40 ක් පමණ ජීවත්වෙනවා. ඔවුන් ස්වභාවයෙන්ම මාංශ භක්ෂකයන්. ලෝකයේ සාගර පුරා ව්‍යාප්තව සිටින මෙම මත්ස්‍යයින් ,කිමිදුම් කරුවන් අතර ප්‍රකට මත්ස්‍ය විශේෂයක්. මෙම මත්ස්‍යයින්ට සිය ආහාර ගැනීමේ පහසුව සදහා ඉතා තියුණු දත් පවතිනවා. කකුලුවන් ,මුහුදු කූඩැල්ලන් ආදී කොරල්පර ආශ්‍රිතව ජීවීන් වෙමින් සිය තියුණු දත් භාවිතා කරමින් දඩයම් කිරීමට මොවුන් සමත්වෙනවා. National Geographic සගරාවේ මේ සම්බන්ධ ලිපිය කියවීම මෙතනින්.

Archived

CNET වෙබ්අඩවියේද මේ පිළිබදව ඔවුන් කළසොයා බැලීමක් පිළිබදව සටහනක් දැක්වෙනවා. සාගර පාරිසරික විද්‍යාඥයෙක් වන සිඩ්නි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ David Booth ගෙන් මේ පිළිබඳව විමසා බැලූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ මහා බාධක කොරල්පරය ආශ්‍රිතව මෙම මත්ස්‍ය ප්‍රජාව ජීවත්වන බවත් ඔවුන් ඇතැම් අවස්ථාවලදී සිය නිජබිම් අසලට පැමිණෙන කිමිදුම්කරුවන්ට පහර දීමටද උත්සාහ දරන බවයි. එම තියුණු දත් ප්‍රහාරයන්ට ලක්වීමෙන් ඇගිල්ලක් වුවද ඉවත්වීමට හැකි බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් එම දත් මිනිස් දත් වලට සමානදැයි කල විමසීමේදී ඔහු පවසා ඇත්තේ එම දත් විශාල සහ තියුණු වුවත් මිනිස් දත් වලට සමාන නොවන බවයි. එමෙන්ම සමාජ ජාලාවල හුවමාරු වන ඡායාරූපය ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් විය හැකි බවත් ඔහු පවසනවා.CNET සටහනට පිවිසීම මෙතනින්.Archived.

Trigger Fish විවිධ විශේෂ වලට අයත් මසුන්ගේ දත් පිහිටා ඇති ආකාරය අන්තර්ජාලයේ පළව ඇති ඡයාරූපවල දැක්වෙන්නේ මේ අයුරින්.

Alamy | Archived

මෙම ඡායාරූප වලින් පැහැදිලි වන කාරණය නම් Trigger Fish මසුන් විශේෂ වල දත් බොහෝ දුරට මිනිසාගේ දත් වලට සමාන නොවන බවයි.

අප මේ සම්බන්ධයෙන් පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් ගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ, සමාජ ජාල සටහන් වල දැක්වෙන පරිදි මිනිස් දත් පිහිටීමට ආසන්න පිහිටීම් ඇති මත්ස්‍ය විශේෂ පිලිබඳ වාර්තා වී තිබුණ ද මිනිස් දත් පිහිටීම හා එක හා සමාන දත් පිහිටීමක් ඇති මත්ස්‍ය ප්‍රජාවක්/විශේෂ පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. එමෙන්ම Trigger Fish විශේෂයන්ට මෙවැනි දත් නොමැති බවත්, මේ ඡායාරූපය බොහෝ දුරට ව්‍යාජ එකක් විය හැකි බවයි.එසේ නොමැතිව මෙය සත්‍ය එකක් නම් එය කිසියම් ආකාරයක ජාන විකෘතියක් නිසා විය හැකි බවත්, සාමාන්‍යයෙන් මෙම විශේෂයේ මේ ආකාරයේ දත් පිහිටීමක් නොමැති බවත්, එය විද්‍යාගාර පර්යේෂණ මගින් තහවුරු කලයුතු බවයි ඔහු තවදුරටත් පවසා සිටියේ.

මේ පිළිබදව අදහස් දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක් වන දේවක වීරකෝන් මහතාද පැවසුයේ මෙම ඡායාරූපය සංස්කරණය ලද එකක් බව බොහෝ විද්වතුන්ගේ මතය බවයි. Trigger Fish වර්ගයේ මසුන් සතුව විශාල දත් පැවතියද එය සමාජ ජාල සටහනේ දැක්වෙන ආකාරයේ දත් නොවන බවද ඔහු පැවසුවා.එමෙන්ම Trigger Fish වර්ගයේ මසුන් ගේ දත් හොදින් නිරීක්ෂණය කිරීමේදී ඒවා මානව දත් වලට සමානතාවයක් නොපෙන්වන බවද ඔහු පැවසුවා.මෙම සමාජ ජාලා හරහා හුවමාරු වන ඡායාරූපය බොහෝ දුරට සංස්කරණය ලද්දක් වියහැකි බවයි මහාචාර්යවරයාගේ මතය වූයේ.

කෙසේ වෙතත් අන්තර්ජාලය පරීක්ෂා කිරීමේදී මිනිසුන්ට සමානකමක් දක්වන දත් පිහිටි මසුන්ගේ ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් අපට දැකගැනීමට අපට හැකිවුණා. මෙහිදී විශේෂයෙන්ම පෙන්වා දී තිබුනේ Sheepshead නම් මත්ස්‍ය වර්ගය පිළිබඳවයි. North Carolina ප්‍රදේශයෙන් වාර්තා වී තිබු මෙම මත්ස්‍ය විශේෂය පිලිබඳ වීඩියෝවක් පහතින්.

https://youtu.be/gwxE2wiABH0

තවත් වීඩියෝවක් මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප සිදුකළ කරණු විමර්ශනයට අනුව තහවුරු වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුප පෙළේ දැක්වෙන බව Trigger Fish මත්ස්‍ය විශේෂයට සාමාන්‍යයෙන් මෙම ඡායරුපයේ දැක්වෙන ආකාරයේ දත් පිහිටීමක් නොමැති බව මෙම විෂය සම්බන්ධ දෙස් විදෙස් විද්වතුන් බොහෝ දෙනෙකුගේ අදහස බවයි.

ඒ අනුව මෙම සමාජ ජාල ඔස්සේ හුවමාරුවන මත්ස්‍යාගේ ගේ රූපය, ඇතැම් විට ජාන විකෘතියකට ලක්වූ මත්ස්‍යයෙකුගේ ඡායාරූපයක් විය හැකියි. එසේ නොමැති නම් ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති ඡායාරුපයක් විය හැකියි. ඉතා තියුණු හැපීමේ ශක්තියක් පවතින Trigger Fish විශේෂයට ආවේණික විශාල උල් දත් කටේ ඉදිරි ප්‍රදේශයේ පවතින අතර මෙය මිනිස් දත් පිහිටීමට සමාන වන්නේ නැත.

තව ද Sheepshead වැනි මිනිස් දත් පිහිටීමට යම්කිසි සමනාතාවක් දක්වන මත්ස්‍ය විශේෂ ගැන ද ලොව විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ට්‍රිගර් ෆිෂ් මත්ස්‍යයින්ට මිනිසුන්ට සමාන දත් තිබේද?

Fact Check By: Kalana Krishantha

Result: Missing Context

Tags:    

Similar News