FACT CHECK: මැණිකේ මගේ හිතේ ගීතය යූටියුබ් හි බ්ලොක් කළාද?

Update: 2021-10-19 15:57 GMT

‘මැණිකේ මගේ හි‍තේ’ ගීතය හරහා මුළු ලොවක් වසඟයට පත් කළ යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා මේ වන විට ශ්‍රී ලාංකේය ගායන ඉතිහාසයේ විශාල පෙරළියක් කළ ගායිකාවක් බවට පත් වී තිබෙනවා. පසුගිය දා ඉන්දියාවේ ප්‍රසංග සඳහා ඇරයුම් ලැබූ යොහානි, අතිශය ජනප්‍රිය ඉන්දීය සිනමා තරු හා ආයතන සමග කටයුතු කරනවා දැක ගන්නට ලැබෙනවා. මේ අතර ඉන්දීය ජනප්‍රිය සංගීත ආයතනයක් මගින් “මැණිකේ මගේ හිතේ” ගීතයේ අයිතිය ලබා ගත් බවටත් ඒ ඔස්සේ අති විශාල නැරඹුම්වාර ගණනාවක් ඔස්සේ වාර්තා පිට වාර්තා තැබූ එම ගීතය මේ වන විට යූ ටියුබ්හි ඉවත් කර ඇති බවට ද පළ වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

යොහානි තමන්ගේ ජාත්‍යන්තරය ජයගත් ජනප්‍රිය මැණිකේ මගේ හිතේ ගීතයේ පූර්ණ අයිතිය පසුගියදා ඉන්දියාවේ T-සීරිස් ආයතනයට පැවරුවා.

දැන් ඇයගේ යූටියුබ් නාළිකාවේ තිබුණු එම පැරණී ගීතය T-සීරිස් ආයතනය විසින් බ්ලොක් කරලා.

බ්ලොක් කරන්න කලින් ඒ ගීතය මිලියන 160 කට අධික ප්‍රමාණයක් නරඹා තිබීමත් විශේෂත්වයක්. ” යනුවෙන් සඳහන් කරමින් ෆෙස්බුක් සටහනක් පළ කර තිබුණා.

Facebook | Archived Link

එමෙන්ම මේ සම්බන්ධයෙන් පළ වූ තවත් ෆේස්බුක් සටහනක් පහතින්.

Facebook | Archived Link

එම සටහන් වෙනත් ෆේස්බුක් පිටු සහ සමුහ කිහිපයකම හුවමාරු වී තිබු අයුරු මෙලෙසින්.

මෙහි සත්‍ය කරුණු පිළිබඳ විමසීමක් අප සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මැණිකේ මගේ හිතේ ගීතයේ ප්‍රතිගායනය හරහා ජනප්‍රියත්වයේ හිනි පෙත්තට නැගි යොහානි ද සිල්වා යොවුන් ගායිකාවට මේ වන විට ජාත්‍යන්තරයේද, ඇතැම් ප්‍රසිද්ධ ආයතන සමග ගිවිසුම්ගතව කටයුතු කරනු ලබනවා. එම ගීතය හරහා ඇයට අවස්ථාවන් රැසක දොරගුළු විවෘත වූ බවට පසුගියදා ඉන්දීය සංචාරය නිම වී ලංකාවට පැමිණිමෙන් අනතුරුව යොහානි ද සිල්වා විසින් මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවා. එම මාධ්‍ය සාකච්ඡාව මෙතනින්.

ඉන්දියාව තුළ ඇයට නොයෙකුත් අවස්ථාවන් රැසක් හිමිවූ අතර සුප්‍රසිද්ධ වේදිකා වලදී ඉන්දියාවේ සුප්‍රසිද්ධ චරිත විසින් මෙහෙය වූ වැඩ සටහන් වලටද සහභාගී වීමට ඇයට හැකි වුණා. ජනප්‍රිය රංගන ශිල්පී සල්මාන් විසින් මෙහෙයවපු Big Boss වැඩසටහනේදී යොහානි ද සිල්වා සහභාගී වූ අවස්ථාව මෙතනින්. ජනප්‍රිය නළු රන්වීර් සිං විසින් මෙහෙයවූ වැඩ සටහනේ යොහානිගේ සහභාගී වීම මෙතනින්. එසේම T-Series සහ Maddock Films නිෂ්පාදන සමාගම විසින් එළි දැක්වූ නවතම හින්දි චිත්‍රපටයක් වූ ‘Shiddat’ චිත්‍රපටයේ තේමා ගීතයේ කාන්තා අනුවාදය ද හින්දි භාෂාවෙන් ගායනා කිරීමට එම ආයතනය විසින් මෙරට ගායිකා යොහානිව යොදා ගත් අතර එම ගීතය එළි දැක්වුයේ මෙලෙසින්.

එසේම ඉන්දියාවේ සුප්‍රසිද්ධ T-Series ආයතනය මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදනය ඉදිරියේ දී නිකුත් වීමට නියමිත ඉන්දීය චිත්‍රපටයක් (Thank God) සඳහා යොදා ගන්නා බවට T-Series ආයතනය අද සිය නිල ෆේස්බුක් පිටුව මගින් දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link ඒ පිළිබඳ පුවතක් මෙතනින්.

මේ අතර අද (19) දිනයේ ජාත්‍යන්තරය ජයගත් ජනප්‍රිය ‘මැණිකේ මගේ හිතේ ගීතයේ’ පූර්ණ අයිතිය පසුගියදා ඉන්දියාවේ T-සීරිස් ආයතනයට පැවරූ බවටත් ඒ හේතුවෙන් එම ආයතනය විසින් යොහානිගේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ පළවූ ගීතය ඉවත් කළ බවටද සමාජ මාධ්‍ය සටහන් ප්‍රචාරය වුණා.

මේ හේතුවෙන් එම ගීතය යොහානි ද සිල්වාගේ යූ ටියුබ් නාලිකාව හරහා අප පරීක්ෂා කළ අතර එම ගීතය මේ වන විටත් ඇයගේ යූ ටියුබ් නාලිකාවේ දක්නට ලැබුණේ මෙලෙසින්.

https://youtu.be/PgCliOxl41o?t=6

ඒ අනුව මේ වන විට මිලියන 160 කටත් වැඩි නැරඹුම් වාර ගණනක් හිමිව තිබෙන එම ගීතය අවහිර (බිලොක්) නොකර ඇති බවට සනාථ වුණි.

අප මේ සම්බන්ධයෙන් විමසීමට යොහිනි ද සිල්වා ගායිකාවගේ කළමණාකරු සම්බන්ධ කර ගන්නට උත්සහ දැරුවත් මෙතෙක් අපගේ පණවිඩ වලට ඔහු ප්‍රතිචාර නොදක්වන ලදී.

මැණිකේ මගේ හිතේ ගීතයේ සංගීත අධ්‍යක්ෂ චමත් සංගීත් ගෙන් අප මේ සම්බන්ධයෙන් දුරකතන මාර්ගයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, තාක්ෂණික කරුණක් හේතුවෙන් පැයක වැනි වේලාවක ගීතය යූ ටියුබ් හරහා දැක ගැනීමට නොහැකි වූවත් මේ වන විටත් එය යථා තත්ත්වයට පත් වී ඇති බවයි.

ඉන්දියාවේ T-Series ආයතනයට ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි අනුවාදය එම ආයතනයට හිමි වන බවත් සිංහල ගීතයේ පූර්ණ අයිතිය මෙරට සතු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

අප මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ T-Series ආයතනයෙන් ද විමසීමක් කළ අතර, ඔවුන්ගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශන අනුව පෙනී යන්නේ, යොහානි ජාත්‍යන්තරය ජයගත් ජනප්‍රිය “මැණිකේ මගේ හිතේ” ගීතයේ පූර්ණ අයිතිය පසුගියදා ඉන්දියාවේ T-සීරිස් ආයතනයට පැවරූ බවටත් ඒ ඔස්සේ යෝහානිගේ යූටියුබ් නාළිකාවේ පළකර තිබුමිලියන 160කටත් අධික නැරඹුම් වාර ගණනක් හිමිකරගෙන තිබූ එම මුල් ගීතය T-සීරිස් ආයතනය විසින් බ්ලොක් කළ බවට ත් පළ වූ සටහන් අසත්‍ය බවයි.

මේ වන විටත් එම ගීතය යොහානි ද සිල්වා ගායිකාවගේ යූ ටියුබ් නාලිකාවේ දැක ගන්නට ලැබෙන අතර එම ගීතයේ සංගීත අධ්‍යක්ෂ තහවුරු කළේ, ගීතයේ පූර්ණ අයිතිය මෙතෙක් ලංකාව සතු බවත් ඉවත් කිරීමේ කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් තාක්ෂණික කරුණක් මත පැයක පමණ කාලයක් පමණ යු ටියුබ් හි දැක ගැනීමට නොලැබුණු බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title: මැණිකේ මගේ හිතේ ගීතය යූටියුබ් හි බ්ලොක් කළාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News