FACT CHECK: පත්තෑයන් යනු මවගේ කුසේ සිට මව ආහාරයට ගනිමින් ජීවත්වන සත්ව කොට්ඨාශයක්ද?

Update: 2021-11-23 11:06 GMT

සත්ත්ව ලෝකයේ විවිධාකාරයේ අරුම පුදුම දනවන තතු අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ නිසාම ඇතැම් අවස්ථාවලදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වල සතුන් පිළිබඳව පළවන සටහන් අසත්‍ය හෝ නොමග යවන සුලු වෙනවා. මේ එවන් වැරදි සහගත සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පිටුවක් මගින් පෝස්ටුවක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත දැක්වෙන සටහනද සමගින්.

“මේ රුදුරු බියකරු සසරේ ස්වාභාවය දැන්වත් වටහා ගන්න. තම මවගේ කුසේ සිට මව ආහාරයට ගනිමින් වැඩෙන සත්ව කොට්ඨාසයක් තමයි පැත්තෑවයන් කියන්නේ.ඔවුන් මෙලොව එළිය දකින්නේ තම මවට මරණය උදාකරමින්.මෙවන් වූ රුදුරු සසරකට නම් නැවත එන්නට පතන්න එපා.නොපමාව කුසල් කර නිවන් මඟ විවර කර ගන්න..”

“බලන්න මේ සසරේ ස්වභාවය .තම මවගේ මස් මාංශ අනුභව කරමින් වැඩෙන සත්ත්වයින්.අපි මගේ කිය කිය ගමන් කරන්නේ මෙවැනි සසරක නේද ?”

Facebook | Archived

මේ හා සමාන සටහන් ෆේස්බුක් අවකාශයේ පැතිර පැවතියේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කළේ මෙලෙසින්.

සත්‍ය තොරතුරු විමසා බැලීම - Fact Check

පත්තෑයන් යනු අප කවුරුත් දන්නා හඳුනන සත්ත්ව විශේෂයක්. කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලීන් පිළිබඳ තොරතුරු එතරම් ප්‍රකට නැහැ.

පත්තෑයන් අයත් වන්නේ සන්ධි පාදකයන් අයත් ආත්‍රෝපෝඩා වංශයටයි. ඔවුන් අයත් සත්ව විද්‍යාත්මක කාණ්ඩය වන්නේ Chilopoda යි. මෙම කාණ්ඩයට අයත් පත්තෑ විශේෂ, උප විශේෂ විශාල ගණනක් තිබෙනවා(3000 ක් පමණ). පත්තෑයන් මාංශ භක්ෂක සත්ව කාණ්ඩයක්. ඔවුන් වඩාත් සක්‍රීය වන්නේ රාත්‍රී කාලයේදීයි. පත්තෑයන් පිළිබඳ වැඩි දුර විස්තර මෙතනින්.Archived.

ඉන්පසුව අප අවධානය යොමුකලේ පත්තෑයන් ප්‍රජනනය සිදු කරන ආකාරය පිළිබඳවයි. පත්තෑයන් ලිංගිකව මෙන්ම අලිංගිකවත් ප්‍රජනනය සිදු කරනවා. ලිංගික ප්‍රජනනයේදී පත්තෑයන් අතර ලිංගික සංසර්ගයක් (Sexual Intercourse) සිදුවන්නේ නැහැ. පිරිමි සතුන් විසින් සිරුරෙන් බාහිරට ශුක්‍රානුධානියක් නිපදවන අතර ගැහැණු සතුන් විසින් එහි ඇති ශුක්‍රාණු තම සිරුරට යොමු කර ගන්නවා. ඇතැම් අවස්ථාවලදී තමන් සතු ශුක්‍රානුධානියේ ඇති ශුක්‍රාණු සිරුරට එක් කර ගැනීම සඳහා පිරිමි සතුන් ගැහැණු සතුන්ව පොළඹවන අතර ඇතැම් අවස්ථාවලදී පිරිමි සතුන් ශුක්‍රානුධානියක පරිසරයට මුදාහැර නික්ම යනවා.

ඇතැම් විට ලිංගික ප්‍රජනනයෙදී ගැහැණු සතුන් , පිරිමි සතුන්ව ආකර්ශණය කර ගන්නේ අවට පරිසරයට පෙරමෝන (pheromones) නම් රසායනික ද්‍රව්‍ය නිදහස් කිරීමෙන්. මේ පිළිබඳව සහ පත්තෑවන්ගේ ප්‍රජනන චක්‍රය පිළිබඳව වැඩිදුර විස්තර මෙතනින්.Archived. එසේම බොහෝදුරට බිත්තර මඟින් පැටවුන් බිහිකිරීම සිදුවුව ද ඇතැම් පත්තෑ විශේෂ ඉන් බැහැරව ද පැටවුන් බිහිකරන බවත් සඳහන්.

ගැහැණු සතුන් වරකදී බිත්තර දමන්නේ බොහෝ දුරට පස් අංශු අතරයි. වරකට බිත්තර 10-60 අතර ප්‍රමාණයක් දමනවා. ඇතැම් විශේෂ වල ගැහැණු සතුන් බිත්තර පස් වලින් වසා ඒවා අතහැර දමා නික්ම යනවා. තවත් විශේෂවල පැටවුන් බිත්තර වලින් ජනිතයන් එළියට එන තෙක් ඒවා ආරක්ෂා කරනවා. තවත් පත්තෑ විශේෂ බිත්තර වලින් එලියට එන සත්ත්වයන් තරුණ වයසට පැමිණෙන තෙක් ඔවුන්ට අවශ්‍ය රැකවරණය සපයනවා. මේ පිළිබඳව වැඩි දුර විස්තර ලබාගත හැකියි මෙතනින්.Archived.

බොහෝ අවස්ථාවලදී , පත්තෑ විශේෂ වල ප්‍රජනනය සඳහා ලිංගික ප්‍රජනනය භාවිතා වුවද, ඇතැම් අවස්ථාවලදී සංසේචනය නොවූ ඩිම්බ සෛල වලින් ජනිතයින් නිපදවීමේ අලිංගික ප්‍රජනන ක්‍රමවේදය ද ඇතැම් පත්තෑ විශේෂ භාවිතා කරයි. ඒ මගින් බිහිකල හැක්කේ මව්ජීවියාට සර්වසම වූ ගැහැණු සතුන් පමණයි.ඒ පිළිබඳව විස්තර මෙතනින්. Archived.

බොහෝ විශේෂවල පත්තෑ ගැහැණු සතුන් බිත්තර දැමීමෙන් පසු ඒවා ආරක්ෂා කරනවා.ඇතැම් අවස්ථාවලදී, ඇතැම් පත්තෑ විශේෂවල ගැහැණු සතුන් බිත්තරවලින් ජනිතයින් පිටතට පැමිණි විට ඔවුන්ට සිය ශරීරය ආහාරය සඳහා ලබාදෙන අවස්ථාද තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විස්තර මෙතනින්.Archived.

එසේම සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබෙන්නේ බොහෝදුරට Giant scolopendra වැනි පත්තෑ විශේෂයක් වන අතර එහිදී මව සිය පැවවුන් ආරක්ෂා කරන බවත් පසුව වර්ධනය වීමත් සමඟ ඔවුන්ගෙන් ඉවත් වන බවත් සඳහන්. එපමණක් නොව ඇතැම් විටකදී විශාල පැටවුන් කුඩා පැටවුන් ආහාරයට ගැනීමක් පවා මෙහිදී සිදුවිය හැකි බවත් සඳහන්. ඒ පිලිබඳ වාර්තාවක් පහතින්

Link | Archived

කෙසේනමුත් (Matriphagy or mother-eating) තම මව ආහාරයට ගන්නා සත්ව විශේෂ අතරේ පත්තෑයන් පිලිබඳ සුවිශේෂී සඳහනක් දැක්වෙන්නේ නැහැ. කෙසේනමුත් තම මව ආහාරයට ගන්නා සත්ව විශේෂ අතර කෘමීන්, ගෝනුස්සන්, නෙමටෝඩා පණුවන් සහ මකුළු විශේෂ වැඩිපුරම සඳහන් වෙනවා.

අප මේ පිළිබඳව ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිනිය වන මෙගා ගනේෂන්ගෙන් විමසූ විට ඇය පැවසුවේ සමාජ ජාලා සටහනේ දැක්වෙන ආකාරයට මව් ජීවියාව ජනිතයින් විසින් ආහාර ගැනීම ඇතැම් පත්තෑ විශේෂ අතරේ සිදුවිය හැකි වුවත් එය සියලු පත්තෑයින්ට පොදු නොවන සහ සුලබ නොවන බවයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ සමාජ ජාලා සටහනේ පත්තෑයන් පිළිබඳව පළව ඇති සටහන නොමග යවන සුලු බවයි. සමාජ ජාලා සටහනේ ආකාරයට ජනිතයින් විසින් පත්තෑ විශේෂ අතරින් සුළු ප්‍රමාණයක් පමණක් මවගේ කුස හරහා බිහිවන අතර බොහෝ විශේෂ ප්‍රමාණයක් බිහිවන්නේ මව විසින් පිටතට දමන ලද බිත්තර හරහායි.

මෙසේ බිහිවන පැටවුන්ගෙන් ඇතැම් සුළු විශේෂ කිහිපයක් පමණක් මවගේ සිරුරේ කොටස් ආහාරයට ගැනීමක් සිදු වුව ද එය සියලු පත්තෑයින්ට පොදු නොවන සහ සුලබ නොවන කරුණකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පත්තෑයන් යනු මවගේ කුසේ සිට මව ආහාරයට ගනිමින් ජීවත්වන සත්ව කොට්ඨාශයක්ද?

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News