Alex Hales නැවත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට බදවාගන්නා ලෙස ඉල්ලමින් එංගලන්තයේ විරෝධතා රැල්ලක් ?

Update: 2022-02-24 05:55 GMT

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු පිළිබදව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ද දක්වන්නේ අති මහත් උනන්දුවක්. එම නිසා සමාජ ජාලා වලද ඒ පිළිබදව නිරතුරු කතාබහට ලක්වෙනවා .මේ අතර ඇතැම් නොමගයවන සුලු කරුණු ද ඇතුලත් වන අතර, මේ එවන් නොමගයවන සුලු සටහනක් පිළිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පරිශීලකයෙක් විසින් එංගලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩක Alex Hales ගේ ඡායාරූපයක්ද සමග පහත සටහන අන්තර්ජාලයට එක්කර තිබුණා .

“එංගලන්ත සුපිරි පිතිකරු ඇලෙක්ස් හේල්ස් තරග තහනමෙන් පසු යළි ජාතික කණ්ඩායමට කැදවීම් නොකිරීම හා ඔහුට අසාධාරානාත්මක ලෙස සැලකිම හේතුවෙන් ,

ඔහුගේ රසිකයන් සියලු දෙනා හෙට දිනයේ එංගලන්ත ක්‍රිකට් ආයතනය වැටලීමට සංවිධානය කර ඇති බවට වාර්තා වෙයි..

විරොධතාවයෙන් පසු ඔහු යලි කණ්ඩායමට ඇතුලත් කිරීමට හැකියාව ඇති බවටද රසිකයන් පවසයි..!!

තවද එරට සමාජ මාධ්‍ය තුල #Wewonthales නමින් හෑෂ් ටැගයද එරට මේ වන විට දැඩිව ප්‍රචලිතව ඇත..!!”

Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

අප මුලින්මසොයා බැලුවේ Alex Hales ක්‍රීඩකයා පිළිබදවයි. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ප්‍රකට 33 හැවිරිදි හෙල්ස් එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් 2011 සිට 2019 වසර දක්වා ක්‍රීඩා කර තිබෙනවා. එක්දින තරග,ටෙස්ට් තරග මෙන්ම 20-20 තරග සදහාද ඔහු ක්‍රීඩා කර තිබෙනවා .කෙසේ වෙතත් විනය කරුණක් නිසා (recreational drug use - මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන්) සුලු කාලයක් සදහා, එනම් 2019 වසරේ මුල් කාලයේදී දින 21 ක තරග තහනමකට ලක්වූ අතර එම වසරේ පැවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි සංචිතයෙන්ද ඔහුව ඉවත් කර තිබුණා. එම අවස්ථාවේ සිට මේ වන තෙක් ඔහුට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ද අහිමිව ගොස් තිබෙනවා . ඔහු Nottinghamshire ප්‍රාන්ත පිළ වෙනුවෙන් දැනට ක්‍රීඩා කරන අතර ලොව පුරා T20 තරඟාවලි කිහිපයකයටම ක්‍රීඩා කර තිබෙනවා.ඒ සම්බන්ධ තොරතුරු ලබාගත හැකියි මෙතනින් .Archived.

2019 වසරේදී හේල්ස්ව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධ සිදුවීම ICC වෙබ් අඩවියද වාර්තා කර තිබුණේ මේ ආකාරයෙන් .Archived

මේ දිනවල පකිස්තානු සුපර් ලීග් තරගාවලියට සහභාගී වෙමින් ද සිටින හේල්ස් පවසන්නේ තමාව එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට නැවත එක්කර ගනී යයි සිතා තමන් ඒ පිළිබදව අපේක්ෂාවෙන් පසුවන බවයි. එම නිසා තමන් ලීග් තරගවලදී මෙන්ම ප්‍රාන්ත ක්‍රිකට් තරගවල්දීද ලකුණු ලබාගැනීම සදහා කැපවීමෙන් කටයුතු කරන බවද පවසා තිබෙනවා.ඒ සම්බන්ධ සටහනකට පිවිසීම මෙතනින්. Archived.

ඉන් අනතුරුව අප අවධානය යොමුකළේ සමාජ ජාලා සටහන්වල පැවසෙන ආකාරයේ උද්ඝෝෂණ එංගලන්ත ක්‍රිකට් ආයතනය ඉදිරිපිට හේල්ස් ව එංගලන්ත ජාතික කණ්ඩායමට බදවාගන්නා ලෙස පවසමින් පැවතියේද යන්නයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඒ ආකාර උද්ඝෝෂණ එහි පවත්වා නැති බව සහ එවැනි දෙයක් සම්බන්ධයෙන් කිසිදු මාධ්‍ය වාර්තාවක් නොමැති බවයි. එමෙන්ම හේල්ස්ව කණ්ඩායමෙන් ඉවත්කර තිබුණේ සමාජ ජාලා සටහන් මගින් හැගවීමට උත්සාහකරන පරිදි මෑතදී නොවන අතර එය මීට වසර 3 කට පමණ පෙර සිදුවූ සිදුවීමක් .

ඉන් අනතුරුව අපසොයා බැලුවේ #Wewonthales හැෂ්ටැගය සහිත සටහන් මේ දිනවල ෆේස්බුක්, ට්විටර් ආදී සමාජ ජාලාවල වේගයෙන් ව්‍යාප්ත වනවාද යන කාරණයයි.කෙසේ වෙතත් ඒ ආකාර සටහන් ව්‍යාප්තියක් දැකගැනීමට නොලැබෙන බව අප නිරීක්ෂණය කළා.

මෙම පුවතෙහි මූලාශ්‍රය ලෙස සටහන් කර තිබුණු ෆේස්බුක් පිටුව වන Daily Cricket Update With Manjana පිටුවද අප විසින් නිරීක්ෂණය කළා.එහිදී අපට දැකගන්නට ලැබුණේ එය උපහාසාත්මක දෑ පළ කරන ෆේස්බුක් පිටුවක් බවයි.

කෙසේනමුත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා නම් කෙරුණු සංචිතයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් #wewantbhanuka යන හෑෂ් ටැගය යටතේ පසුගිය දින කිහිපයේ ම සටහන් රැසක් පලවී තිබු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ද විරෝධතාවයක් දක්වා තිබුනේ මෙලෙසින්.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූයේ ඇලෙස් හේල්ස් එංගලන්ත ජාතික කණ්ඩායමට එක්කරන ලෙස උද්ඝෝෂණ පැවැත්වීමක් හෝ සමාජ ජාලා මෙහෙයුමක් මේ දිනවල ක්‍රියාත්මක නොවන බවයි. ඒ අනුව පැහැදිලි වන කාරණය වන්නේ ඉහත සමාජ ජාලා සටහන් වැරදි සහ නොමගයවන සුලු ඒවා වන බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Alex Hales නැවත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට බදවාගන්නා ලෙස ඉල්ලමින් එංගලන්තයේ විරෝධතා රැල්ලක් ?

Fact Check By: Kalana Krishantha

Result: False

Tags:    

Similar News