රඹුක්කන පොලිස් ස්ථානාධිපතිගේ ඡායාරූපයක් ද?

Update: 2022-04-20 16:53 GMT

රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් ඊයේ(19) ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවයේදී විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් සිදු කළ පහර දීම සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය යොමු වුණා. මෙම සිදුවීමට මූලික වූ බවට රඹුක්කන පොලිස් ස්ථානාධිපති බවට සඳහන් කරමින් ඔහුගේ සහ ඔහුගේ පවුලේ ඡායාරූප බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන් වල දැක්වෙන්නේ සත්‍ය වශයෙන්ම මෙම සිදුවීම වන විට සේවයේ අනුයුක්තව සිටි වර්තමාන පොලිස් ස්ථානාධිපති වරයාද? මේ ඒ පිළබඳව අප කළ විමර්ශනයයි.

සමාජ මාධ්‍ය සටහන් :

රඹුක්කන සිද්දියට මූලික උන පොලිස් කාරයා, මුලු පවුලටම සාප වේවා

කොල්ලට වෙ@#$%%ඩි තියන්න.. ඕඩර් දුන්න රඹුක්කන OIC 0718591419 ,වෙ@#$%&ඩි තිබ්බේ ඇයි කියලම අහන්න..” යනුවෙන් සඳහන් කරමින් රඹුක්කන ස්ථානාධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප ලෙස හඟවමින් ඡායාරූප ද ඇතුළත් කර තිබූ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link

රඹුක්කන ස්ථානාධිපති බවට සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ මෙම පුද්ගලයාගේ ඡායාරූප බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

එමෙන්ම ඇතැම් සටහන් වල දැක්වුණේ මෙහි සිටින රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාගේ නම Elmo Malcom pate බවයි. එවැනි සටහනක් මෙතනින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉන්ධන මිල වැඩි කිරීම හා, ඉන්ධන හිඟය හේතුවෙන් පීඩාවට පත් වී ඇති බවට පවසමින් රඹුක්කන නගරයේ සියලු පිවිසුම් මාර්ග අවහිර කරමින් ඊයේ(19) පෙරවරුවේ රඹුක්කනදී විරෝධතාවයක් පැවැතිණි. මෙහිදී විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක්ද ජීවිතක්ෂයට පත් වුණා.

Also Read : රඹුක්කන විරෝධතාවයේදී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ ඡායාරූප ද?

මෙම වෙඩි තැබීමට අණ දුන් බවට පවසමින් රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත සමාජ මාධ්‍ය ඔස්සේ එම ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක තිබූ අතර ස්ථානාධිපතිවරයා බවට පවසමින් Elmo Malcom pate නමැති පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ඉහත දක්වා තිබු පරිදි සංසරණය වුණා.

මේ පිළිබඳව සිදු කළ නිරික්ෂණයේදී අපගේ අවධානය යොමු වුණේ, නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබූ ෆේස්බුක් සටහනක් වෙතටයි.

එහිදී දැක්වුණේ, රඹුක්කන ස්ථානාධිපති ලෙසට පවසමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ දැක්වෙන්නේ මීට පෙර රඹුක්කන පොලිසියේ සිටි ස්ථානාධිපතිවරයෙක් බවත්, ඔහු මේ වන විට වෙනත් පොලිස් ස්ථානයක සේවය කරන බවත් ය.

Facebook | Archived Link

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තිබූ ඡායාරූපයේ දැක්වෙන මැල්කම් පේට් නමැති මෙම ස්ථානාධිපතිවරයා විසින් API RAMBUKKANA (අපි රඹුක්කන) නම් ෆේස්බුක් සමූහයක් ‍වෙත එක් කර තිබූ සටහනක් වෙත අපගේ අවධානය යොමු වුණා. එහිදී ඔහු සඳහන් කර තිබුණේ, තමන් මසක පමණ කාලයක සිට මඩකලපුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන බවයි.

Facebook | Archived Link

එමෙන්ම මේ පිළබඳව පළ වූ තවත් සටහනක් මෙතනින් | Archived Link

මෙහි නිරවද්‍යාතාවය විමසීම සඳහා අප සමාජ මාධ්‍ය සටහන් හි දැක්වෙන දුරකථන අංකය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එයින් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මඩකලපුව, කල්කුඩා - පාසිකුඩා පොලිස් ස්ථානයෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, මැල්කම් පේට් නමැති පොලිස් ස්ථානාධිපතිවරයා මසක පමණ සිට පාසිකුඩා සංචාරක පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කරන බවයි. ඔවුන්ගේ මැල්කම් පේට් මහතාගේ දුරකතන අංකය ලබා ගනිමින් අප ඒ මහතා සම්බන්ධ කර ගනු ලැබුවා.

මැල්කම් පේට් මහතා සඳහන් කළේ පසුගිය වසරේ තමන් රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ බවත් පසුගිය දෙසැම්බර් මස තමන්ට හඟුරන්කෙත පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලැබුණු බවත් ඉන් අනතුරුව නැවතත් පාසිකුඩා සංචාරක පොලිස් ඒකකයේ පැවති පුරප්පාඩුවකට ඉල්ලුම් කර ඒ සඳහා තේරී පත්වී වර්තමානයේ එහි සේවයේ අනුයුක්ත බවයි. තමන්ගේ සහ සිය පවුලේ ඡායාරූපය අවභාවිත කරමින් ඊයේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාකළේ තමන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවයි, ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

පෙට් මහතාගේ ෆේස්බුක් ගුණුමේ ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු ඔහුගේ සහ පවුලේ ඡායාරුප දා අපට මෙලෙස දැක ගන්නට ලැබුණි. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ලෙස සංසරණය වූ ඔහු රාජකාරි ඇඳුමින් සිටින අවස්ථාවේ ඡායාරුපය ඔහුගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමේ දැක්වුණේ මෙලෙසින්

එසේම පසුගිය 2021 වසරේ ඔත්තෝම්බර් මස ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් ලිපියකද එවකට හිටපු රඹුක්කන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේට්ගේ නම පළ වී තිබූ අවස්ථාවක් මෙතනින්.

එමෙන්ම අප කළ වැඩි දුර විමර්ශනයේදී , පසුගිය මාස කිහිපයක සිට රඹුක්කන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරනු ලබන්නේ, ප්‍රධාන පොලිස් පරීක්ෂක කිංස්ලි හේරත් මහතා බවට මෑතකදී පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වල ද දක්වා තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වලද රඹුක්කන පොලීසියේ ස්ථානාධිපති වන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කිංස්ලි හේරත් බවට සඳහන් කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

එමෙන්ම ඊයේ රඹුක්කන සිදුවීමේදී ද, මාධ්‍ය මගින් නිකුත් කළ වීඩියෝවේද, වර්තමාන රඹුක්කන පොලිස් ස්ථානාධිපති, කිංස්ලි හේරත් ජනතාව කතා බහ කරන අයුරු සඳහන් වී තිබුණේ මෙලෙසින්. (06.06)

2022 පෙබරවාරි මස රඹුක්කන පොලිසිය සම්බන්ධ වූ කොටවෙහෙර රජමහා විහාරයේ සොරකම පිළිබඳ විමර්ෂණ ආශ්‍රිත දර්ශන වල ද කිංස්ලි හේරත් මහතා මෙලෙසින් දැක ගන්නට ලැබෙනවා

කෙසේවෙතත් මේ පිළබඳව විමසීමට අප රඹුක්කන පොලිස් ස්ථානය සම්බන්ධ කර ගැනීමට කිහිප අවස්ථාවකම උත්සහ කළත් එම අවස්ථාව ව්‍යර්ථ විය. රඹුක්කන පොලිසියේ පිළිතුරත් තමග අප මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

එසේම පොලිස් නිල වෙබ් අඩවියේ, මේ වන විටත් රඹුක්කන පොලිස් ස්තානධිපතිවරයාගේ දුරකථන අංකය ලෙස දැක්වෙන්නේ, හිටපු ස්ථානාධිපති මැල්කම් පේට් මහතා භාවිතා කරන දුරකථන අංකයයි. මේ හේතුවෙන් බොහෝ සටහන් සඳහා එම දුරකථන අංකය, වර්තමාන රඹුක්කන ස්ථානාධිපතිගෙ දුරකථන අංකය ලෙස භාවිතා කර තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ රඹුක්කන පොලිස් ස්ථානාධිපති ලෙස සංසරණය වී තිබූ ඡායාරූපයේ සිටින්නේ පසුගිය වසරේ රඹුක්කන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ Elmo Malcom pate නමැති හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා වන අතර ඔහු 2021 දෙසැම්බර් මස ස්ථාන මාරුවක් ලබා ඇති අතර දැනට මසක පමණ කලක සිට මේ වන විටත් පාසිකුඩා සංචාරක පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කරන බවයි. රඹුක්කන විරෝධතාවය පැවති ඊයේ දිනය වන විට රඹුක්කන පොලිස් ස්ථානාධිපති වරයා ලෙසින් අනුයුක්තව සේවය කරනු ලැබුවේ රඹුක්කන පොලීසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිංස්ලි හේරත් වේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රඹුක්කන පොලිස් ස්ථානාධිපතිගේ ඡායාරූපයක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News