බ්‍රිතාන්‍ය නව අගමැතිවරයාගේ නැන්දනියගේ කුඩා කාලය හා සම්බන්ධ සංවේදී කතා පුවතක් ?

Update: 2022-10-31 13:23 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

එක්සත් රාජධානියේ අභිනව අග්‍රාමාත්‍ය පදිවි ප්‍රාප්ත නැන්දම්මා වන සුධා මූර්ති  කුඩාකල දුම්රිය ටිකට් පතක් නොමැතිව ගමන් කළ බවත්, දුම්රිය පරීක්ෂකවරුන්ට ඇයව හසු වීමෙන් පසුව ඌෂා නම් කථිකාචාර්යවරියක් විසින් ඇයව බේරාගත් බවට පැවසෙන කතාවක් මෙරට සමාජ ජාලා තුළ සංසරණය වෙමින් පවතී. රිෂි සුනක් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත්වීමත් සමගම මෙම කතාව ලාංකික සමාජ ජාල අවකාශය අතික්‍රමණය කරමින් සිටින බව අපට දැකගන්නට ලැබුණා. නමුත් අප විසින් මේ පිලිබදව සිදුකරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය නම් මෙම කතාව , නොමගයවන සුලු සහ වැරදි එකක් බවයි. මෙම ලිපිය මගින් එම කතාවේ සත්‍ය අසත්‍ය බව විමසා බැලීමට අප බලාපොරොත්තු වෙනවා.

සමාජ ජාලා සටහන් 

බ්‍රිතාන්‍ය නව අගමැතිවරයාගේ නැන්දනිය වන , මේ වන විට බිලියනපතිනියක් ද වන Sudha Murty සම්බන්ධකර ගනිමින් ඇයගේ ළමා කාලයේ දෙමාපිය රැකවරණයකින් තොරව ජීවත්වූ බවට සහ ඇය මුම්බායි නගරයේ සිට බැංගලෝරය වෙත ප්‍රමාණවත් මුදලක් නොමැතිව දුම්රියේ නැග යාමට උත්සාහ කිරීමේදී යම් කාන්තාවක් යම් කාන්තාවක් ඇයට උදවු කර එම ගාස්තු ගෙවූ බවට සහ ඇයට කිසිවකුගේ සහායක් /හව්හරණක් නොමැති බව කී නිසා එම කාන්තාව විසින් ඇයව රාජ්‍ය නොවන සංවිධානයකට රැකවරණය සදහා බාරදුන් බවත් පවසමින් කතාව පටන්ගෙන ඇත. ඉන් අනතුරුව එක්සත් ජනපදයේදී එම කාන්තාවට Sudha Murty ව මුණගැසෙන බව සහ ඒ වන විට බිලියනපතියෙක් වන Narayan Murty ව Sudha Murty ව විවාහ කරගෙන ඇති බවත් ඔවුන් දෙදෙනාගේ දියණිය විවාහ වී ඇත්තේ වත්මන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා වන රිෂි සුනක් ව බවටද මෙම සමාජ ජාලා සටහන්වල දැක්වෙනවා. සමාජ ජාලා සටහනක් එම සටහන පළව තිබුණේ පහත අයුරින්.

වරක් මුම්බායි සිට බැංගලෝර් බලා යන දුම්රියක රාජකාරියේ යෙදී සිටි TTE (දුම්රිය ටිකට් පරීක්ෂක) අසුනක් යට සැඟවී සිටි ගැහැණු ළමයෙකු අල්ලා ගත්තේය. ඇයගේ වයස අවුරුදු 13ක් හෝ 14ක් පමණ විය.

TTE වරයා දැරියගෙන් ඉල්ලා සිටියේ ඇයගේ ටිකට්පත ඉදිරිපත් කරන ලෙසයි. කෙල්ල දෙගිඩියාවෙන් පිළිතුරු දුන්නේ තමන් ළඟ ටිකට් නැති බවයි.

වහාම දුම්රියෙන් බැස යන ලෙස ටීටීඊ දැරියට කීවේය.

එකපාරටම පිටිපස්සෙන් ආපු කටහඬක් කිව්වා "මම එයාට ගෙවන්නම්" කියලා. ඒ වෘත්තියෙන් විද්‍යාල කථිකාචාර්යවරියක වූ ඌෂා භට්ටාචාර්ය මහත්මියගේ හඬයි. භට්ටාචාර්ය මහත්මිය දැරියගේ ටිකට් පත සඳහා මුදල් ගෙවා ඇය අසල වාඩි වන ලෙස ඉල්ලා සිටියාය.ඇය ඇගේ නම කුමක්දැයි ඇගෙන් ඇසුවාය.

"චිත්‍රා" කෙල්ල උත්තර දුන්නා.

"ඔයා කොහෙද යන්නේ?"

"මට යන්න තැනක් නෑ." කෙල්ල කිව්වා..

"එහෙනම් මාත් එක්ක එන්න." භට්ටාචාර්ය මහත්මිය ඇයට පැවසුවාය. බැංගලෝරයට ළඟා වූ පසු, භට්ටාචාර්ය මහත්මිය දැරිය රැකබලා ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධානයකට භාර දුන්නාය. පසුව භට්ටාචාර්යා මහත්මිය දිල්ලි වෙත මාරු වූ අතර දෙදෙනා එකිනෙකා සමඟ සබඳතා නැති විය.

වසර 20කට පමණ පසු භට්ටාචාර්ය මහත්මියට සැන් ෆ්‍රැන්සිස්කෝ (ඇමරිකා එක්සත් ජනපදය) වෙත එහි විද්‍යාලයක දේශනයක් පැවැත්වීමට ආරාධනා කරන ලදී.

ඇය ආපන ශාලාවක ආහාර ගනිමින් සිටියාය. ඇය අවසන් වූ පසු බිල්පත ඉල්ලා සිටියද, බිල්පත දැනටමත් ගෙවා ඇති බව ඇයට දන්වා ඇත. ඇය ආපසු හැරී බලන විට ඇය දුටුවේ තම සැමියා සමඟ කාන්තාවක් තමා දෙස බලා සිනාසෙන ආකාරයයි. භට්ටාචාර්ය මහත්මිය යුවළගෙන් ඇසුවා, "ඇයි ඔබ මගේ බිල ගෙව්වේ?"

තරුණිය පිළිතුරු දුන්නේ, "මෑම්, මුම්බායි සිට බැංගලෝර් දක්වා එම දුම්රිය ගමන සඳහා ඔබ මට ගෙවූ ගාස්තුවට සාපේක්ෂව මා ගෙවූ බිල ඉතා අල්පය.

ගෑණු දෙන්නගෙම ඇස් වලින් කදුලු වැටුනා.

"අනේ චිත්‍රා... ඒ ඔයා තමයි..!!!" භට්ටාචාර්ය මහත්මිය සතුටින් විස්මයෙන් පැවසුවාය

ඔවුනොවුන් බදාගෙන යද්දී තරුණිය පැවසුවේ "අම්මෝ මගේ නම දැන් චිත්‍රා නෙවෙයි. මම සුධා මූර්ති. අනික මේ මගේ සැමියා... නාරායන් මූර්ති" කියාය.

පුදුම වෙන්න එපා. ඔබ කියවන්නේ Infosys Ltd හි සභාපති සුධා මූර්ති මහත්මියගේ සහ මිලියන ගණනක Infosys මෘදුකාංග සමාගම පිහිටුවූ පුද්ගලයා වන Narayan Murty මහතාගේ සත්‍ය කතාවයි.

ඔව්, ඔබ අන් අයට කරන කුඩා උපකාරය ඔවුන්ගේ මුළු ජීවිතයම වෙනස් කළ හැකිය!

"කරුණාකර විපතට පත් වූවන්ට යහපත කිරීමට ඔබට බලය ඇති විට එය වළක්වන්න එපා". ඔබට සුන්දර ප්‍රීතිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරන්න

මේ කතාවට ටිකක් ගැඹුරට ගියොත්...

අක්ෂතා මූර්ති මෙම යුවළගේ දියණිය වන අතර ඇය විවාහ වී ඇත්තේ එක්සත් රාජධානියේ අගමැති වීමට නියමිත රිෂි සුනක් සමඟයි.

Facebook | Archived

මෙම සටහන් සමාජ ජාලවල බොහෝ සෙයින් ව්‍යාප්තව තිබුණා.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අප මුලින්ම Keyword Search මගින් මෙම කතාව පිලිබදව අන්තර්ජාලයේ ඇති තොරතුරු සොයාබැලුවා. එහිදී අපට මීට යම් තරමකට සමානතාවයක් ඇති කතාවක් බ්ලොග් අඩවියක ඇති ආකාරය දක්නට ලැබුණා. එම කතාව බ්ලොග් අඩවියේ පළකර තිබුණේ 2012 වසරේදීයි.

එහි සදහන් වන්නේ එම කතාව උපුටාගෙන ඇත්තේ The Day I Stopped Drinking Milk නමින් හැදින්වෙන Sudha Murty විසින් රචනා කරන ලද පොතක ඇති Bombay to Bangalore නම් කතාවේ සාරය ඇසුරින් බවයි.

එම බ්ලොග් සටහන්වල දැක්වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ සැබෑ ජිවිත අත්දැකීම් උකහා ගනිමින් කතා නිර්මාණය කිරීමට මෙහි කතුවරිය දක්ෂ බවයි.

සමාජ ජාලා සටහන්වල මෙම කතාව තිබුණේ ප්‍රථම පුරුෂ රචනා ශෛලියකින් වුවත් මෙහිදී එම කතාව විස්තර කර තිබුණේ ප්‍රථම පුරුෂ රචනා ශෛලියකින්. එමෙන්ම එහි කතා අන්තර්ගතයද තරමක් වෙනස් . එනම් බැලු බැල්මට එම කතාව දිස්වන්නේ කතුවරයා විසින් සිය පුද්ගලික අත්දැකීමක් බෙදාහදාගත් ආකාරයක්.

බ්ලොග් අඩවියේ තිබු කතාවේ සාරාංශය මෙපරිදියි.

“බොම්බායේ සිට බැංගලෝරය දක්වා දුම්රියෙන් යමින් සිටි මා  හට එහි අනවසරයෙන් ගමන් කිරීමේ වරදට හසු වී දුම්රිය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ලක් කිරීමට නියමිත චිත්‍රා නම් දැරියක් මුණ ගැසුණා . දුම්රිය ටිකට් පතට අදාල මුදල ගෙවා චිත්‍රාව මුදවා ගන්නා මම ඇගේ දුක්ඛිත පවුල් පරිසරය ගැන දැන ගත්තා . ඉන් අනතුරුව අප  විසින් පවත්වාගෙන යන Infosys පදනම මගින් පාලනය වන ළමා නිවාසයකට ඇයව යොමු කළා. පසු කලෙක මෘදුකාංග ඉංජිනේරුවරියක් වන ඇය  සිය පළමු වැටුපෙන් සාරියක් සහ රස කැවිලි ගෙන මාව  බැලීමට පැමිණියා . ඉන්පසුව චිත්‍රා රැකියාව සඳහා ඇමරිකාවේ එක්සත් ජනපදය වෙත ගියා .ඉන් පසුවද ඇය මා වෙත වෙත විටින් විට පණිවිඩ එවා සුවදුක් විමසුවා 

වසර ගණනාවකට පසුව සැන් ෆ්‍රැන්සිස්කෝහි දේශනයක් සඳහා ගොස් සිටි මා  ලැගුම්ගෙන සිටිහෝටලයේ බිල්පත ගෙවීමට යෑමේ දී දැනගන්නේ එම බිල්පත ඒ වන විටත් ගෙවා ඇති බවයි. ඒ පිළිබඳව පිළිගැනීමේ නිලධාරිනියගෙන් විමසීමේ දී ඇය තවත් සුන්දර කාන්තාවක් පෙන්වා  බිල්පත ගෙව්වේ ඇය විසින් බව පැවසුවා . මා  ඉදිරියට පැමිණෙන චිත්‍රා මාව වැළඳගෙන මට වැඳ වැටුණා . අතිශයින් සතුටට පත්වන මම චිත්‍රා සමග සල්ලාපයේ යෙදෙන අතර විමසන්නේ මගේ  හෝටල්  බිල ගෙව්වේ මොකටද කියාය. එම ප්‍රශ්නයට නැවත වරක් මාව  වැළඳ ගනිමින් චිත්‍රා පවසන්නේ ඒ ඔයා මට බොම්බේ  බැංග්ලෝර් ටිකට් එකක් ගත්ත නිසා" කියාය.

ඉහත සදහන් කල බ්ලොග් අඩවි ලිපියට පිවිසිය හැකියි මෙතනින්. Archived

ඉන් අනතුරුව අප මෙහි සදහන් කල පොත වන The Day I Stopped Drinking Milk නම් ග්‍රන්ථය පිලිබදව සහ එහි Bombay to Bangalore නම් කතාපුවතක් ඇතිද යන්න පිලිබදව විමසා බැලුවා. එහිදී අපට එම පොත අන්තර්ජාලය හරහා නොමිලේ බාගත කර ගැනීමේ හැකියාව ලැබුණු අතර එහි Bombay to Bangalore නමින් හැදින්වෙන කතාවක් ඇති බවත් තහවුරු වුණා. එමෙන්ම අපට දැකගන්නට ලැබුණේ 2012 බ්ලොග් අඩවි සටහනේ ඇති එම කතාවේ සාරාංශය ද නිවැරදි බවයි. ඔබටත් The Day I Stopped Drinking Milk නම් පොත බාගත කරගත හැකියි මෙතනින්. Archived

අප විසින් ඉහත සිදුකල ගවේෂණය මගින් පැහැදිලි කරගත හැකි කාරණය වන්නේ Sudha Murty ව කුඩා දැරියක්ව අසරණව සිටියදී දුම්රියේ සිටි කාන්තාවක් විසින් රැගෙන ගොස බැංගලෝරයේ පිහිටි රාජ්‍ය නොවන සංවිධානයකට බාරදුන් බවට සහ ඉන් ඉදිරියට සිදුවූ දේ පිලිබදව වන කතා පුවත සම්පුර්ණ ගොතන ලද එකක් මිස සත්‍ය කතා පුවතක් නොවන බවයි. එම ගොතන ලද පුවත සකසා ඇත්තේ ඇය විසින් ම පළ කරන කෘතියක ඇති කතාවක් අවබාවිත කිරීමෙන් බව ඉහත පළ කරන ලද කරුණු නිරීක්ෂණය කිරීමේදී පැහැදිලියි.

Sudha Murty ගේ ජිවිත කතාව සහ ඇයගේ කුඩා කාලය කෙබදුද ? ඒ පිලිබදව විස්තර කරන සංවාදයකදී ඇය විසින් සිය දෙමාපියන්ට සහ ගුරුවරුන්ට කෘතවේදී වන බව ඇය පවසා සිටිනවා. එමෙන්ම කර්ණාටක ප්‍රාන්තයේ පරිගණක ඉංජිනේරු තාක්ෂනය ඉගෙන ගැනීම පිලිබදවත් ඇය පැහැදිලි කරනවා. නමුත් සමාජ ජාලා සටහන්වල දැක්වෙන ආකාරයේ දුෂ්කර ළමා වියක් පිලිබදව ඇය පැහැදිලි කරන්නේ නැහැ. බැංගලෝරයේ රාජ්‍ය නොවන සංවිධානයක් පිලිබදව ඇය පැහැදිලි කරන්නේ නැහැ. ඒ අනුව සමාජ ජාලාවල පලකරන ලද තොරතුරු අසත්‍ය බව හෙළිවෙනවා. එම වීඩියෝ සංවාදයට සවන්දිය හැකියි පහතින්.

https://youtu.be/KwXtalUuhLc

ඉන්පසුව ඇතිවන ගැටලුව වන්නේ ඉහත ග්‍රන්ථයේ Bombay to Bangalore නම් කතාවේ “මම ,” ලෙස උත්තම පුරුෂ වචනයෙන් දක්වා ඇත්තේ කතුවරියමද ,ඇයගේ පුද්ගලික අත්දැකීමක්ද සහ ඇය විසින් දැරියකට උදවු කරන ලද අවස්ථාවක් පිළිබදවද යන්නයි.

නමුත් The Day I Stopped Drinking Milk නම් ග්‍රන්ථයේ පටුන කියවා බැලීම මගින් ඒත්තු ගැන්වෙන්නේ මෙම ග්‍රන්ථය රචනා කර ඇත්තේ සාමාන්‍ය මිනිසුන් විසින් ඇයට පවසන ලද ජිවිත කතා ප්‍රතිනිර්මාණය කිරීමෙන් වන බවයි.

One may wonder why I am writing about the personal lives of many people who have confided in me about their problems. Isn’t it unethical to do so? However, most of the people I have written about requested me to change their names and use their problems as case studies. Some like Vishnu and Portado encouraged me to tell their stories so

that others should not become like them. I thank all these people wholeheartedly and am grateful for their strength and kindness that has allowed me to share their stories with you.

කෙසේ නමුත් ඒ පිලිබදව නිශ්චිතවම තොරතුරක් තහවුරු කරගැනීම සදහා අප විසින් Sudha Murty ගෙන් මේ පිලිබදව විමසා මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නැන්දනිය වන බිලියනපති ව්‍යාපාර හිමිකාරියක වන Sudha Murty සම්බන්ධකරගනිමින් සමාජ ජාලා වල පැතිරුණු කතාව ගොතන ලද කතාවක් වන අතර සහ සත්‍ය නොවන බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:බ්‍රිතාන්‍ය නව අගමැතිවරයාගේ නැන්දනියගේ කුඩා කාලය හා සම්බන්ධ සංවේදී කතා පුවතක් ??

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News