ධනුෂ්ක ගුණතිලකට මැක්ස්වෙල්ගෙන් සහය?

Update: 2022-11-07 17:21 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දූෂණ චෝදනාවකට යටත් ව මේ වන විට ඕස්ට්‍රේලියාවේදී බන්ධනාගත කර ඇති දනුෂ්ක ගුණතිලකට සහය පළ කරන බවට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් විසින් එරට අධිකරණයේ පසුවන ශ්‍රී ලංකානු ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක බේරා ගැනීමට උපරිම සහයෝගය ලබා දෙන බවට ඔහු පැවසූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මේ පිළිබඳව පළ වූ වෙබ් වාර්තාවක් මෙතනින්. Archived Link. යූ ටියුබ් ඔස්සේ පළ වූ වීඩියෝවක් මෙතනින්.

මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ බොහෝ දෙනෙකු මෙය සත්‍යයක් බවට උපකල්පනය කර ඇති බවයි.

මෙම සටහන් TikTok ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

TikTok | Archived

එමෙන්ම මෙහි නිරවද්‍යතාවය විමසා අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ ධනුෂ්ක ගුණතිලක සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව පසුගිය 05 වන දා ඔස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත්වුණා. මේ පිළිබඳ පළ වූ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් දනුෂ්ක ගුණතිලකගේ සුවදුක් විමසීමට Sydney City පොලීසියට වෙතට ගිය බවට කිසිදු ජාත්‍යන්තර පුවතක් වාර්තා කර නොතිබූ අතර ඔස්ට්‍රේලියානු එකදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් හෝ මේ පිළිබඳව වාර්තා කර නොතිබුණු බවට අපට නිරීක්ෂණය වුණා.

ඉන් අනතුරුව මැක්ස්වෙල් සිය සමාජ මාධ්‍ය ජාලා හරහා හෝ එවන් ප්‍රකාශයක් සිදු කර ඇත්දැයි යන්න පිළිබඳව අපගේ අවධානය යොමු වූ අතර අප කළ විමර්ශනයේදී තහවුරු වූයේ ඔහු විසින් එවැනි සටහනක් හෝ වීඩියෝවක් හෝ ඔහුගේ ප්‍රකාශයක් හෝ මෙතෙක් මුදා හැර නොමැති බවයි.

එමෙන්ම 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වාර්තා කිරීමට ගිය මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින මෙරට මාධ්‍ය වේදී අසාම් අමීන්ගෙන් ද, අප මේ පිළිබඳව විමසා සිටි අතර ඔහු තහවුරු කළේ ද, එය අසත්‍ය බව ත්, එවැනි සිදුවීමක් නොවූ බවට ප්‍රත්‍යක්ෂ කළ හැකි බවයි.

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක රඳවා තිබූ බවට පැවසෙන Sydney City පොලිසියෙන් හා එරට ප්‍රධාන මාධ්‍ය ධාරාවකින් ද, විමසා ඇති අතර ඔවුන්ගේ පිළිතුරු සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

වර්තමාන තත්ත්වය

අත්අඩංගුවට ගනු ලැබු ධනුෂ්ක ගුණතිලකව Sydney City පොලිසිය විසින් ලිංගික අතවර චෝදනා 04ක් සම්බන්ධයෙන් ඊයේ පැරමටා පොලිස් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. අද දෙවන වරට සිඩ්නි පොලීසිය විසින් Downing Centre ප්‍රාදේශීය උසාවිය වෙත ඉදිරිපත් කර ඇත්තේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

Downing Centre ප්‍රදේශිය උසාවියේ මහෙස්ත්‍රාත් රොබට් විලියම් හමුවේ මෙම නඩුව කැඳවු අවස්ථාවේ ධනුෂ්ක වෙනුවෙන් නීතිඥ ආනන්ද අමරනාත් මහතා ඇප ඉල්ලීමක් සිදුකර තිබෙනවා. කෙසේවෙතත් ලිංගික අපරාධ සම්බන්ධයෙන් වන ඔස්ට්‍රේලියානු රජයේ නීති මෑතකදී දැඩි කර තිබීම සහ සැකකරු විදේශීය පුද්ගලයෙකු වීමේ පදනම යටතේ මහෙස්ත්‍රාත්වරයා විසින් ධනුෂ්කට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්පසුව ඔහුව සිඩ්නිහි Silverwwater බන්ධනාගාරය වෙත ද යොමු කර තිබෙනවා

කෙසේ වෙතත් ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් යළි ඉහළ උසාවියකට ඇප අයැදුමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ විදෙස් මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. ඒ පිළිබඳ නීතිඥ ආනන්ද අමරනාත් මහතා විදෙස් මාධ්‍ය පළ කළ අදහස් පහතින්.

https://www.youtube.com/watch?v=UVBX_O1KE0s&t=29s

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක ඇතුළත් වුවත් ඔහු ක්‍රීඩා කළේ පළමු තරගය සඳහා පමණි තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ඉතිරි තරඟ අහිමි වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇති බවයි. අදාළ ක්‍රීඩකයා සිදු කරන ලද බව කියන වරද සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ත්, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන්ට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බව ත් ය. එම නිවේදනය මෙතනින් සහ මෙතනින්. Archived Link

Update 11/08/2022 :

එමෙන්ම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තව ත් ක්‍රීඩකයන්ගේ නම් සඳහන් කරමින් ඔවුන් දනුෂ්ක ගුණතිලක බැලීමට ගිය බවට උපහාසාත්ම කෝණයෙන් ද, සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනස් සම්බන්ධ එවැනි සටහනක් පහතින්.

Facebook | Archived Link

හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකි පොන්ටින් සම්බන්ධ කරමින් ද, තව ත් සටහනක් මෙලෙසින් පළ කර තිබුණා.

Facebook | Archived Link

එමෙන්ම තව ත් සටහනක දැක්වූයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ක්‍රිකට් පාලක මණ්ඩලය අද(08) දනුෂ්ක වෙනුවෙන් ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට සූදානම් බවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇරන් ෆින්ච් පැවසූ බවට සටහනක් ද, පළ වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ මාකස් ස්ටොයිනස් හෝ රිකී පොන්ටින් විසින් හෝ දනුෂ්ක ගුණතිලක හමුවට ගිය බවට කිසිදු නිල මාධ්‍ය වාර්තාවක හෝ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා දක්වා නොමැති අතර මෙය හුදෙක් උපහාසාත්මක කෝණයෙන් පළ කර ඇති සටහන් බවට පැවසිය හැක.

එමෙන්ම රිකී පොන්ටින් සම්බන්ධ කරමින් පළ කර ඇති ඡායාරූපය 2010 වර්ෂයේදී ඔහුගේ බිරිඳ සමගින් සුපිරි වෙළඳසැලක සිට එළියට පැමිණෙන අවස්ථාවකි. එම ඡායාරූපය දැක්වෙන වාර්තා මෙතනින්. Archived Link

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇරන් ෆින්ච් විසින් හෝ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඇප අයැදුම්පත්‍රයක් ඉදිරපත් කරන බවට කිසිදු නිල නිවේදනයක් හෝ මාධ්‍ය ප්‍රකාශයක් හෝ ඉදිරිපත් කර නොමැති අතර එවැනි පුවතක් හෝ ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර නොමැත.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මේ වන විට ඔස්ට්‍රේලියාවේදී මේ වන විට බන්ධනාගත කර ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකගේ සුවදුක් විමසීමට සහ බේරා ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවට ඔහු පැවසූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය වේ. එවැනි පුවතක් කිසිදු ජාත්‍යන්තර මාධ්‍ය ධාරාවකින් වාර්තා කර නොමැත. එමෙන්ම මැක්ස්වෙල් එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට නිල වාර්තාවක් නොමැති මෙන්ම මැක්ස්වෙල්ගේ සමාජ මාධ්‍ය ජාලා වල හෝ එවැන්නක් පළ කර නොමැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දනුෂ්ක ගුණතිලකට මැක්ස්වෙල්ගෙන් සහය?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News