ඉන්දු - ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය හේතුවෙන් මුළු ඉන්දියාවටම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා ද?

Update: 2023-01-10 10:44 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අදින් ඇරඹෙන තරග 3කින් සමන්විත 2023 වසරේ ඉන්දු - ශ්‍රී ලංකා එක්දින පළමු තරගාවලියේ පළමු තරඟය සඳහා ඉන්දීය රජය විසින් මුළු ඉන්දියාවටම නිවාඩු දුන් බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් නිරවද්‍යතාවය සොයා අප කළ විමසා බැලීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ඉන්දියාව එරට වැසියන්ට මැච් එක බලන්න රජයේ නිවාඩුවක් ලබාදෙන්න තරම් අපේ ටීම් එක දැන් උන්ට කොච්චර නම් අභියෝගයක් වෙලා තියෙනවා ඇතිද...” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් පරශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙය සත්‍ය ද, යන්න සහ පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත් වී තිබූ අතර, මුළු ඉන්දියාවටම මෙලෙස දිනක නිවාඩුවක් ලබා දීම විශ්වාස කිරීමට අපහසු කරුණක් බැවින් මෙම සටහන් සඳහා මුල් වූ හේතු කවරේද යන්න පිළිබඳ විමසා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර හේතුවෙනි.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

තරග 3 කින් සමන්විත ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අද (ජනවාරි 10) ඇරඹෙන්නේ ඉන්දියාවේ, ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහාටි හිදීයි.

කෙසේ වෙතත් මෙම තරඟය සම්බන්ධයෙන්, ඉන්දියාවට බලපෑ හැකි විශේෂිත සිදුවීමක් නොමැති බැවින් ඉන්දියානු රජය විසින් මුළු ඉන්දියාවට ම අද දිනයේ නිවාඩු ලබා දුන් බවට විශ්වාස කිරීමට අපහසු කරුණකි.

මේ හේතුවෙන් අප මේ පිළිබඳව ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය ධාරා වල පුවත් පළ වී ඇත්දැයි නිරීක්ෂණය කළා.

නමුත් අපට ඉන්දියානු රජය විසින් මුළු ඉන්දියාවට ම නිවාඩු ලබා දී නොතිබුණු බවත්, අද (10) දිනය එරට නිවාඩු දිනයක් නොවන බවට ත්, අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා මෙන්ම අප Fact Crescendo ඉන්දීය කණ්ඩායමෙන් ද, අප තහවුරු කර ගනු ලැබුවා.

නමුත්, ඉන්දියාව එදිරිව ශ්‍රී ලංකාව අතර ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි නුවර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟය සඳහා, ඉන්දියාවේ, ඇසෑම් රජය (Assam government) විසින් අද දින Kamrup-Metro දිස්ත්‍රික්කයේ අර්ධ දින නිවාඩුවක් (Half-day) අනුමත කර ඇති බව අපට දැක ගන්නට ලැබුණා.

ඇසැම් ආණ්ඩුකාරවරයා විසින් නිල නිවේදනයක් ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ, එම තීරණයට සතුටු බවත්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2023 ජනවාරි 10 වන දින ගුවහාටි හි Barsapara CA ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත එක්දින තරඟයට ගෞරවයක් වශයෙන් 2023 Kamrup (Metro) දිස්ත්‍රික්කයේ අර්ධ දින නිවාඩුවක් අනුමත කර ඇති බවයි.

ඒ අනුව, පස්වරු 1.00 න් පසු, Kamrup-Metro දිස්ත්‍රික්කයේ පාලනය යටතේ ඇති සියලුම ඇසෑම් රජයේ කාර්යාල සහ අධ්‍යාපන ආයතන වසා දැමිය යුතුව තිබුණි. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.

එමෙන්ම Fact Crescendo අප අසෑම් භාෂා කණ්ඩායම ද, තහුවරු කරමින් සිටියේ, එය අර්ධ නිවාඩුවක් බවයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟ නව වසරේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය මෙලෙස පැවැත්වීමට නගරයේ Barsapara CA ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම ක්‍රීඩාංගණයේ මීට පෙර අවස්ථා කිහිපයක දී ප්‍රශ්නකාරී සිදුවීම් කිහිපයක් සිදුවී තිබෙනවා. Hair Dryer යන්ත්‍ර යනාදිය යොදා ගනිමින් ක්‍රීඩා පිටියේ මතුපිට වියළීමට යොදා ගැනීමේ සිට, ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පිළිබඳ මතුවූ ප්‍රශ්න මෙන්ම නාගයෙකු ක්‍රීඩාංගණයට ඇතුළුවීම ඇතුළු සිද්ධි කිහිපයක් ම මෙම ක්‍රීඩාංගණයෙන් මීට පෙර වසරවල දී වාර්තා වී තිබෙනවා. මේ හේතු මෙන්ම 2023 වසරේ ඉන්දියාවේ පැවත්වෙන ලෝක එක්දින ක්‍රිකට් තරඟාවලියේ තරඟ පැවත්වීමට අවස්ථාවක් ලබාගැනීමේ අදහස ද ඇතිව ඇසෑම් ප්‍රාන්තයේ ක්‍රීඩා කටයුතු පිළිබඳ ඇල්මක් දක්වන ප්‍රධාන ඇමති ගේ අධීක්ෂණය ද යටතේ Assam Cricket Association (ACA) බලධාරීන්, ජනවාරි 10 වනදා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟයේ දී එවැනි ප්‍රශ්න කිසිවක් ඇති නොවීමට උත්සාහ රැසක් ගෙන තිබෙන බව වාර්තා වෙනවා. IndianExpress

Full View

මෙම ක්‍රීඩාංගණයේ පසුගිය වසරේ ද T20 ජාත්‍යන්තර තරඟ පවත්වා තිබුණ ද අවසන් වරට පන්දුවාර 50 එක්දින ජාත්‍යන්තර තරඟයක් පවත්වා තිබෙන්නේ මීට වසර 4 කටත් පෙර 2018 ඔක්තෝබර් මාසයේ දී ය. ලකුණු සැණකෙළියක් බවට පත්වූ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවති එම තරඟයේ දී , ඉන්දීය කණ්ඩායම පන්දුවාර 42 ක දී ලකුණු 322 ක ඉලක්කය පහසුවෙන් හඹායාමට සමත්වුණා.

මේ ආකාරයට ම ශ්‍රී ලංකාව සමඟ ජනවාරි 10 වනදා පැවති තරඟය ද ඉහළ ලකුණු රැස්කරන තරඟයක් බවට පත්වුණත් ඉන්දියාව ලකූණු 67 ක පහසු ජයක් ලබාගත්තා. මෙහිදී ඉන්දියාව වෙනුවෙන් විරාත් කෝලි ද ලංකාව වෙනුවෙන් නායක දසුන් ශානක ද අගනා ශතක දෙකක් වාර්තා කිරීමට ද සමත් වුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඉන්දු - ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය හේතුවෙන් මුළු ඉන්දියාවටම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා ද?

By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News