Frank Hoogerbeets , ලංකාවේ භුමිකම්පා සහ අනුමාන !!

Update: 2023-02-24 05:51 GMT

තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාව හා සමගම භූමිකම්පා ගැන විශාල කතිකාවතක් සමාජය තුළ නිර්මාණය වුණා.ශ්‍රී ලංකාවේ බුක්තල ආදී ප්‍රදේශ ගණනාවක සුලු භූ චලනද ඇතිවුයේ මේ වකවානුවේදීයි .මේ අතර Frank Hoogerbeets නම් නෙදර්ලන්ත ජාතික පර්යේෂකයා විසින් භූ කම්පන පිලිබදව පවසන අනාවැකි මෙන්ම භූ කම්පා කලින් අනාවරණය කර ගත හැකිද සහ ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටා ඇති විශාල ජලාශවල බැමි වලට භූ චලන මගින් හානි සිදුවිය හැකිද යනාදී කරුණු කාරණා පිලිබදව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමකි මේ .

සමාජ ජාලා සටහන්

භූ චලන ආදිය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ සිංහල බසින් බොහෝ සමාජ ජාලා සටහන් පැතිර තිබෙන බවක් නිරීක්ෂණය වුණා.

බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති මාතෘකාවක් නිසා මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Explanation

“Solar System Geometric Survey”(SSGEOS) යන නමින් තමන්ව හදුනවාගන්නා සංවිධානයක් මගින් සිය ට්විටර් ගිණුම හරහා ට්වීට් පළකරමින් මෙන්ම Frank Hoogerbeets නම් ඕලන්ද ජාතික ආන්දෝලනාත්මක පර්යේෂකයා විසින් පවසන ලද අදහස් සමගින් දිගින් දිගටම ට්විටර් පණිවිඩ පළ කරමින් ඒ ඒ ප්‍රදේශවලට භූමිකම්පා ඇතිවන බවට වන අනතුරු ඇගවීම් පළකරනවා .තුර්කි සිරියානු දරුණු භූමිකම්පාවට පෙර ඔවුන් විසින් පළකර තිබුණු අනතුරු හැගවීම් කිහිපයක් පහතින්.

https://twitter.com/ssgeos/status/1619828792612257792

Archived

තවත් අනතුරු හැගවීමක් මෙලෙසින්.

https://twitter.com/ssgeos/status/1621131329126699009

Archived

මේ තවත් පුරෝකතනයක් .

https://twitter.com/hogrbe/status/1621479563720118273

Archived

ඉහත අනාවැකිය පළකරන Frank Hoogerbeets ද SSGEOS සංවිධානය සමග සම්බන්ධ පර්යේෂකයෙක් ලෙසයි පැවසෙන්නේ .

SSGEOS සංවිධානය භූ කම්පන පිලිබදව සිය පුරෝකථන ඉදිරිපත් කරන්නේ ප්‍රධාන වශයෙන්ම පෘථීවියේ මෙන්ම අනෙත් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තුන්ගේ භ්‍රමණය ,ඒවා පිහිටන ස්ථාන ආදිය මත පදනම්ව බව ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් වනවා.එමෙන්ම ඔවුන් ඒ සදහා මෘදුකාංගයක් සකසා ඇති බවද සදහන් .කෙසේ නමුත් අනෙත් සියලු ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයන් මෙන්ම පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන වෙනස්වීම් සහ භූ තැටිවල සිදුවන චලන භුමිකම්පාවලට ප්‍රධාන වශයෙන් හේතුපාදක වන බව ඔවුන්ගේ අදහසයි.නමුත් සිදුවන විශාල භුමි කම්පාවනට සමගාමිව ග්‍රහ වස්තුන්ගේ භ්‍රමණයන්ගේ යම් වෙනස්වීම් නිරීක්ෂණය කල හැකි බව පවසන ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ග්‍රහ වස්තුන්වල චලිතයේ සහ පෘථිවි භ්‍රමණයේ ඒ ඒ පිහිටීම් භූමිකම්පාවක් සිදුවීමේ පුර්ව අනතුරු හැගවීම් ලෙස යොදාගත හැකි බවයි.ඒ සදහා උදාහරණයක් ලෙස ඔවුන් දක්වන්නේ භුමි කම්පාවක් සිදුවන සෑම අවස්ථාවකම පාහේ සුනාමි අනතුරු හැගවීම් නිකුත් කලත් ඒ සෑම අවස්ථාවකම සුනාමියක් හට නොගන්නා බවයි.එවිට අනතුරු හගවිම්ද නිශ්චිත අවදානම් කාලයකට පසු අත් හිටවයි.ඒ ආකාරයටම අනතුරුදායක ලෙස ග්‍රහ වස්තුන් පිහිටන කාල සීමාවල ඒ ඒ කලාපවල ජනතාවට භූමිකම්පාවක් සිදුවීමේ හැකියාව පිලිබදව අනතුරු හැගවීම් නිකුත්කර අදාළ ග්‍රහ වස්තුන්ගේ පිහිටීම පහවගිය පසු අදාළ අනතුරු හැගවීම් ඉවත්කරගත හැකි බව එම සංවිධානයේ මතයයි.ඒ සම්බන්ධ වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්.Archived

කෙසේ වෙතත් මෙම අනතුරු හැගවීම් වල නිශ්චිත දිනයක් ඉලක්කගතව සටහන් කර නැහැ.නමුත් කලාපීය වශයෙන් කිසියම් ආසන්න යයි සැලකිය හැකි අනුමානයක් ,තුර්කි භූ චලනය හා සසදා බැලීමේදී මෙහි දක්නට ලැබෙනවා.

ඉන් අනතුරුවත් ඔවුන් විවිධ අනුමානයන් පළකරමින් පසුවෙනවා.

Hoogerbeets විසින් අතීතයේ පවසන ලද සියලු පුරෝකථන සත්‍ය හෝ අර්ධ සත්‍ය බවට පත්ව නැහැ .ඉන් සමහරක් පුරෝකථන සම්පුර්ණ වශයෙන්ම අසාර්ථක වී තිබෙනවා.උදාහරණ ලෙස 2015 වසරේ මැයි මාසයේදී ලෝකයේ භූ ගෝලීය ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන්ම වෙනස් කරන අති දැවැන්ත භූ කම්පාවක් ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍රකරගනිමින් සිදුවන බවටත් ,එහි විශාලත්වය රික්ටර් මාපාංක ඒකක 9 ඉක්මවා යනු ඇති බවටත් ඔහු පවසා තිබෙනවා.මෙහි දරුණුම හානිය සිදුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයට බවත් ඔහු පවසා තිබෙනවා.නමුත් අවම වශයෙන් රික්ටර් මාපාංක 5 ඉක්මවා ගිය හෝ භූ චලනයක් එම වකවානුවේ ඇමෙරිකාවේ සිදුවුවේ නැහැ.එය ඔහුගේ අනාවැකි වැරදි ගිය ප්‍රධාන අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.ඉන් අනතුරුව 2015 වසරේ ඔක්තෝබර මාසයේදීද ඔහු ඉදිරි පැය කිහිපය ඇතුළත රික්ටර් මාපාංක අගය 8 ඉක්මවා ගිය දැවැන්ත භූමිකම්පාවක් ලෝකයේ සිදුවන බවට පවසා මුළු ලෝකයම තැති ගැන්මකට පත්කළත් එවැන්නක් සිදුව නැහැ.මේ ආකාරයට ඔහුගේ වැරදි ගිය අනාවැකි බොහොමයි.ඒ සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින්. Archived

කෙසේ වෙතත් මෙම අනාවැකි සම්බන්ධයෙන් බොහෝ ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයන් සහ සංවිධාන සැලකිය යුතු පිරිසක් මේ වන විටත් සිය විරෝධය පළකර තිබෙනවා.ඔවුන් පවසන්නේ භූ කම්පන සම්බන්ධයෙන් නිශ්චිත අනාවැකි පළකිරීම වර්තමාන විද්‍යාත්මක දැනුම අනුව සිදුකල නොහැකි දෙයක් බවයි.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන පරිදි දන්නා කාලය තුළ ලෝකයේ කිසිම විද්‍යාඥයෙක් හෝ සංවිධානයක් විසින් භූ කම්පනයක් පිලිබදව මෙතෙක් නිශ්චිත අනාවැකියක් පවසා නොමැති බවයි.ඔවුන්ට අනුව භූ කම්පනයක් පිලිබදව අනාවැකියක තිබිය යුතු මුලික කරුණු 3 ක් පවතිනවා.

එනම් ,

  1. දිනය සහ වෙලාව
  2. භුමි කම්පාවේ විශාලත්වය
  3. භුමි කම්පාව සිදුවන ස්ථානය

ඔවුන්ට අනුව මෙම කරුණු 3 සම්පුර්ණ නොවන්නේ නම් එය භූ කම්පන පිලිබදව වන අනාවැකියක් ලෙස හැදින්විය නොහැකියි.එමෙන්ම ලෝකයේ සිදුවූ කිසිදු ප්‍රධාන භූමිකම්පාවක් ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ හෝ වෙනත් කිසිදු භූ විද්‍යා ආයතනයක් හෝ පර්යේෂකයෙක් නිශ්චිතවම අනුමාන කර නැහැ.ඔවුනට අනුව මෙතෙක් දියුණුව ඇති විද්‍යාව සහ තාක්ෂනය අනුව සිදුකල හැක්කේ යම් භූගෝලීය ප්‍රදේශයක ,නිශ්චිත කාලරාමුවක් තුළ භූ කම්පනයක් ඇතිවීමට ඇති හැකියාව පිළිබදව හෙවත් සම්භාවිතාවය පිලිබදව යම් අදහසක් පළ කිරීමයි.ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

ප්‍රකට විද්‍යා සහ ඉංජිනේරු ආයතනයක් වන කැල්ටෙක් ආයතනය විසින් සදහන් කර සිටින්නේ වර්තමාන තාක්ෂනය අනුව භූමිකම්පාවක් සිදුවන්නේ කවර ස්ථානයක ,කුමන වෙලාවක් තුළ ,කුමන විශාලත්වයකින්ද යන්න අනුමාන කල නොහැකි බව සදහන් කරනවා.ඒ සම්බන්ධ විස්තර මෙතනින්.Archived

Hoogerbeets ගේ ප්‍රකාශ ,ලංකාවේ භූ කම්පන, ඒවායෙන් වැව් බැමිවලට හානි සිදුවෙන ප්‍රවණතා පවතීද යන කරුණු පිළිබද විස්තර දැනගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබද හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ව සම්බන්ධ කර ගැනීමට අපට හැකියාව ලැබුණා.

අප හා සමග අදහස් දැක්වූ මහාචාර්යවරයා පැවසුවේ භුමි කම්පා සිදුවන ආකාරය පිලිබදව නිශ්චිතව අනුමාන කල හැකි ක්‍රමයක් පිලිබදව පර්යේෂණ කරමින් සිටින පර්යේෂකයන් විශාල පිරිසක් අතර තමන්ද එක් අයෙකු බවයි.භූ කම්පන සිදුවීමේ යම් රටාවක් පවතින බව හදුනා ගැනීමට තමන්ටද හැකියාව ලැබුණු බව ඔහු පැවසුවා.

භුමි කම්පා සිදුවන ප්‍රදේශ සහ කාල වකවානු අතර යම් පුනරාවර්තනිය රටාවක් (Recurrence ) දක්නට ලැබුණු බවත් සදහන් කල මහාචාර්යවරයා පැවසුවේ ,මේ සම්බන්ධයෙන් යම් පෘථිවි භ්‍රමණයේ සහ ග්‍රහ වස්තූන් සහ පොදුවේ සැලකු විට යම් විශ්වීය චලනයන්ගේ බලපෑමක් ඇති බව සිතීමට සිදුවන බවයි .යම් සුර්යග්‍රහණ ,චන්ද්‍රග්‍රහණ ආදිය සිදුවූ අවස්ථාවලදී සිදුවූ භූ චලන ආදී සංසිද්ධි නිරීක්ෂණය කිරීමෙන් මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වන බවත් ඔහු පැවසුවා.

නමුත් මෙම සියලු තත්ත්වයන් සලකා බලා යම් සමීකරණයක් තුලින් භූමිකම්පාවක් නිශ්චිතවම සිදුවන කාලයක් තීරණය කිරීමට මෙතෙක් කිසිදු පර්යේෂකයෙක් සමත්ව නොමැති බව තමන්ගේ අදහස බවයි ඔහු පැවසුවේ. Hoogerbeets ගේ අනුමාන සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ මහාචාර්යවරයා පැවසුවේ තමන්ද ඒ සම්බන්ධයෙන් අසා ඇති බවයි.නමුත් යම් සාර්ථක පුරෝකථනයන් ලෙස හැදින්වීම සදහා පුරෝකථන 10 ක් පවසින විට ඉන් 7 ක් හෝ 8 ක් සාර්ථක විය යුතු බවත් සාර්ථක වන්නේ අනාවැකි 5 ක් හෝ අඩු ප්‍රමාණයක් නම් එය සාර්ථක පුරෝකථනයන් ලෙස අර්ථ දැක්විය නොහැකි බවයි මහාචාර්යවරයා ගේ අදහස .

භූමිකම්පා නිශ්චිතවම පුරෝකථනය කළ හැකි ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නැති වුවත් අනාගතයේදී එවන් ක්‍රමයක් සොයාගැනීමට හැකියාවක් පවතින බව අතුල සේනාරත්න මහාචාර්යවරයා පැවසුවා.

ඉන් අනතුරුව අප ඔහුගෙන් විමසා බැලුවේ ශ්‍රී ලංකාවේ සිදුවන කුඩා භූ චලන මාලාව පිලිබදවයි.

දැනට වසර මිලියන සිය ගණනකට පෙර පෘථීවියේ භූ විෂමතාව වර්තමානයේ පවතින ස්වරූපයට වඩා සම්පුර්ණයෙන් වෙනස් ස්වරුපයක පැවතුණු බව පැවසූ මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ කාලයේ සක්‍රීයව පැවති මේ වන විට අක්‍රීයව පවතින භූ තල මායිමක් ( Dead Plate Margin) රේඛාවක් දිගටම මෙම කුඩා භූ චලන ,බුත්තල ,වැල්ලවාය ආදී ප්‍රදේශවල පසුගිය දශක කිහිපයක දෙස අවධානය යොමු කිරීමේදී සිදුවන බවයි.මෙම රේඛාව ත්‍රිකුණාමලය සිට උස්සන්ගොඩ දක්වා බුත්තල වැල්ලවාය ආදී ප්‍රදේශ හරහා වැටී ඇති බවත් ඔහු පැවසුවා.කෙසේ වෙතත් මෙම රේඛාව ,මේ වන විට මුලික වශයෙන් අක්‍රීය තත්ත්වයක පවතින නිසා මේ තුළ රික්ටර් මාපාංක 2-3-4 ට වඩා ඉහල වඩාත් විශාල භූ චලන ඇතිවීමේ හැකියාව ඉතා අවම තත්ත්වයක ඇති බවත් ඔහු පැවසුවා.

මීට අමතරව පැරණි භූ පැලුම් තල මධ්‍යම කදුකරයේ රන්දෙනිගල, වික්ටෝරියා ආදී ප්‍රදේශවල පවතින බවත් පැවසූ අතුල සේනාරත්න මහාචාර්යවරයා එම කෙසේ නමුත් එම ප්‍රදේශවලද විශාල භූමිකම්පා ඇතිවීමට ඇති ඉඩකඩ අවම බවත් පැවසුවා.

මධ්‍යම කදුකරයේ ඉදිකර ඇති විශාල ජලාශවල බැමි වලට සහ එහි ආරක්ෂිත ස්වභාවයන්ට මෙම භුමි කම්පා වලින් හානියක් වේද යන්න බොහෝ දෙනාගේ සිතට නැගෙන කරුණක්.අප මේ පිළිබදවද මහාචාර්ය අතුල සේනාරත්නගෙන් විමසා බැලුවා.එහිදී අප සමග මේ පිලිබදව අදහස් දැක්වූ මහාචාර්යවරයා පැවසුවේ මෙම කුඩා චලන නිසා ජලාශ බැමි වලට හානියක් සිදු වීමට ඇති ප්‍රවනතාවයක් නැති තරම් බවයි.1970 දශකයෙන් පමණ පසුව ඉදි කිරීම් කරන ලද ප්‍රධාන ධාරාවේ ජලාශ බොහොමයක් විදෙස් තාක්ෂණික දායකත්වයද සහිතව ජාත්‍යන්තර නිර්ණායකවලට අනුව ඉදිකර ඇති නිසා අවම රික්ටර් මාපාංක 3.5 ක භූ චලනයක් වුවත් දරාගැනීමට හැකියාවක් පවතින බවයි.තමන් ඇතුළු පර්යේෂකයන් විසින් මධ්‍යම කදුකරයේ භූ චලන වලට ලක්වන ප්‍රදේශවලට කම්පනමාන ලබාදී ඒවා නිසි පරිදි ස්ථාපනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බවත් ඊට ඉතා යහපත් ප්‍රතිචාර දක්වමින් රජය මේ වන විට ඒවා ස්ථාපනය කරමින් පවතින බවත් මහාචාර්යවරයා පැවසුවා.

ජලාශවලට සිදුවිය හැකි හානි පිලිබදව විස්තර වැඩිදුරටත් විමසීම සදහා අප වික්ටෝරියා ජලාශය බාරව කටයුතු කරන මහවැලි අධිකාරිය හා අනුබද්ධව කටයුතු කරන සිවිල් ඉංජිනේරුවරයෙක් වන උදිත් ඒකනායක සමග සංවාදයක යෙදුණා .ඔහු සදහන් කර සිටියේ කුඩා භූ චලන වලින් මෙතෙක් වේල්ලට හෝ ආසන්න ප්‍රදේශවල පිහිටි රන්දෙනිගල ,කොත්මලේ වැනි අනෙත් වේලිවලට හානි සිදුවී නොමැති බවයි.කම්පන සංවේදී උපකරණ වික්ටෝරියා වේල්ලේ සවිකර ඇති බව පැවසූ ඔහු ඒවායෙන් ලබාගත් දත්ත මත සහ අනෙකුත් උපකරණ වලින් ලබාගත් දත්ත මත (Instrumental Reading) පැහැදිලි වන කාරණය නම් බුත්තල ,වැල්ලවාය ආදී ප්‍රදේශවල සිදුවූ භූ චලන නිසා වේල්ලට කිසිදු හානියක් සිදුව නොමැති බවයි.පැය 24 පුරාම ක්‍රියාත්මක වන Real Time Monitoring ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව අවධාරණය කල ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසුවේ ඕනෑම අවස්ථාවකට මුහුණදීම සදහා හදිසි ක්‍රියාකාරිත්ව සැලැස්මක් (Emergency Action Plan) පවතින බවයි.ඒ අනුව කිසියම්ම හෝ ආකාරයකින් ජලාශවල වේලි වලට හානි වුවහොත්, අදාළ රාජ්‍ය ආයතන,ජනමාධ්‍ය වහ වහා සම්බන්ධ කර ගනිමින් ජනතාව දැනුවත් කරමින් ජලයෙන් යට වන ප්‍රදේශවල ජනතාව ඔවුන් සිටින ස්ථාන වලින් ඉවත් විය යුතු ආකාරය ආදිය සම්බන්ධ පැහැදිලි සැලැස්මක් ඇති බව ඔහු පැවසුවා.එමෙන්ම යම් හෙයකින් ජලාශවල වේලි බිදී යාමක් සිදු වුවහොත් ජනතාවට ගමන් කල යුතු ආරක්‍ෂිත කවරක්ද යන්න සම්බන්ධයෙන් පවා දැනුවත් කර ඇති බව ඔහු පැවසුවා.පොල්ගොල්ල ජලාශය කේන්ද්‍රකර ගනිමින් මෙම විශේෂිත ආරක්‍ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි ඔහු අනාවරණය කළේ .

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Frank Hoogerbeets , ලංකාවේ භුමිකම්පා සහ අනුමාන !!

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News