රාත්‍රි නින්දට පෙර ජංගම දුරකථන නිදන කාමරවලින් ඉවත්කර තැබිය යුතුද?

Update: 2023-03-25 17:45 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

නිදන කාමරවලින් ජංගම දුරකථන ඈත්කර තැබිය යුතු බවටත් , එයට හේතුව ලෙස විද්‍යුත් චුම්භක තරංග වලට නිරාවරණය වීම සෞඛ්‍යයට අහිතකර බවත් දක්වන මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලාවල බොහෝ කාලයක සිට සංසරණය වෙනවා. මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

සමාජ ජාලා සටහන්

නිදන කාමර තුළ ජංගම දුරකතන තබා ගැනීම මිනිස් මොලයට සහ ස්නායු පද්ධතියට හානිකර විය හැකි බැවින් රාත්‍රී නින්දට යාමට පෙර එම උපකරණ ක්‍රියා විරහිත කිරීම හෝ නිදන කාමරයෙන් ඉවත්කර තැබීම සුදුසු බව හඟවමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස මෙම සටහන් පැතිර තිබුනා.

එම නිවේදනය සහිතව මීට වසර තුනකට පෙර පළකර තිබු එවැනි එක් සටහනක් මේ වන විට තිස්දහසකටත් වැඩි වාර ගණනක් හුවමාරු වී තිබු අයුරු පහතින්.

Facebook | Archived

බොහෝ දෙනෙක් මේ වන විටත් මෙම සටහන් 2018 වසරේ සිට අදටත් ෆේස්බුක් ඔස්සේ හුවමාරු කරගෙන ඇති බව අපට නිරීක්ෂණය වුණා.

එසේම වට්ස්ඇප් වැනි සන්නිවේදන ජාලා හරහාද මෙම සටහන් ව්‍යාප්තව අතර මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප උත්සාහ කලේ මේ හේතුවෙන්.

Also Read: බ්ලූටූත් හෙඩ්ෆෝන් පිළිකා අවදානම වැඩි කරන තරංග නිකුත් කරනවාද ?

Explainer (කරුණු පැහැදිලි කිරීම):

අප මුලින්ම මෙවැනි නිවේදනයක් , 2018 වසරේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) මගින් නිකුත් කර ඇතිද යන කාරණය තහවුරු කර ගැනීමට උත්සාහ කළා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වර්තමාන අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසා සිටියේ ඉහත නිවේදනය 2018 වසරේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය මගින් නිකුත්කළ නිවේදනයක් බවත් සහ ව්‍යාජ නිර්මාණයක් නොවන බවත්ය. කෙසේ නමුත් මෙම නිවේදනය නිකුත් කරන විට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂව සිටි වෛද්‍යවරිය මේ වන විට ධුරයෙන් විශ්‍රාම ගොස් තිබෙනවා. එම නිසා මෙම නිවේදනය නිකුත් කිරීමට තුඩුදුන් හේතු හෝ එය නිකුත්කරන අවස්ථාවේ තිබු පසුබිම පිළිබඳව නිශ්චිතවම කරුණු දැනගැනීමට අපට හැකි වුවේ නැහැ.

මෙම නිවේදනයේ සදහන් දුරකථන අංකය ඔස්සේ සිදු කල විමසීමේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රචාරක නිලධාරි ජනක සුනෙත්ද මෙම නිවේදනය ව්‍යාජව සැකසු එකක් නොවන බව තහවුරු කළා.

සෞඛ්‍ ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය ලසන්ත විජේසේකර

මේ සම්බන්ධව වර්තමානයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර දැක්වුවේ මෙවන් අදහසක්.

“දශක ගණනාවක්ම යනතුරු දුම්බීම සෞඛ්‍යයට අහිතකර බව දැන සිටියේ නැහැ. නමුත් දැන් එය පාලනය කිරීමට අපහසුයි. වසරකට මිලියන 7 ක් පමණ ලෝකවාසීන් දුම් පානය මුල් කොට හටගන්නා රෝගී තත්ත්වයන් නිසා මිය යනවා. ජංගම දුරකථන නිසා හටගන්නා නිසා ඇතිවන අවදානම් තත්ත්වයන් පිළිබඳව මෙතෙක් නිශ්චිත තහවුරු කිරීම් සිදුකර නැහැ. ඒ නමුත් එම හේතුව නිසාම එය සෞඛ්‍යට අහිතකර නැති බවත් පවසන්න බැහැ. එම නිසා ජංගම දුරකතනයන්හි තරංගවලට නිරාවරණය වීම අවම කර ගැනීම සදහා පුර්වෝපායන් යොදා ගැනීම වැදගත්. කුඩා ළමුන් ඉතා පහසුවෙන් මෙම විද්‍යත් චුම්භක තරංගවලට නිරාවරණය වෙනවා. එම නිසා ජංගම දුරකතන වලින් තොර නිදන කාලයක් ගත කිරීම නිරාවරණය අවම කිරීමට පහසු මගක්. ජංගම දුරකථන හැකිතාක් අප සිරුරෙන් ඈත්කර තැබීම මගින් අහිතකර තරංගවලට නිරාවරණය වීම අවම වනවා.”.

ඉන්පසුව අප මේ පිලිබදව ඇති ජාත්‍යන්තර පර්යේෂණ ආදිය පිළිබදවද අවධානය යොමු කළා.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ඖෂධ සහ ආහාර පරිපාලන ආයතනය (FDA) හා විදෙස් විද්වතුන්ගේ අදහස්

ඇමෙරිකා එක්සත් ජනපද FDA ආයතනයට අනුව එහි ෆෙඩරල් සන්නිවේදන කොමිසම මගින් නියම කර ඇති සීමාවන් තුළ හෝ ඉන් පහළ ප්‍රමාණවලින් විද්‍යුත් චුම්භක තරංග නිකුත් කරන ජංගම දුරකථන වලින් නිකුත්වන කිරණ හරහා පිළිකා හෝ කිසිදු සෞඛ්‍යමය අවදානමක් ඇති බවට මෙතෙක් සිදුකර ඇති පර්යේෂණවලින් තහවුරුව නැහැ .

ජංගම දුරකථන වලින් නිකුත් කරන්නේ සාපේක්ෂව අවම සංඛ්‍යාතවලින් යුත් රේඩියෝ තරංග වන අතර එම තරංගවල අයනීකාරක හැකියාවක් නොමැත. දැනට ඇති විද්‍යාත්මක දත්ත අනුව ජංගම දුරකථන වලින් නිකුත් කරන රේඩියෝ තරංග වලට නිරාවරණය වීම නිසා දරුණු සෞඛ්‍ය ගැටළු වලට හේතුවක් නොවන අතර , කෙසේ නමුත් මෙලෙස අධිකව නිරාවරණය තුලින් සිරුරේ පටකවල උණුසුම ඉහල යාම සිදුවිය හැකියි. මේ පිලිබදව ඇමරිකා එක්සත් ජනපද පිළිකා ආයතනය මගින්ද සදහන් කර තිබෙනවා.

එක්සත් ජනපද මහජන සෞඛ්‍ය වාර්තාවලට අනුව සෞඛ්‍ය ගැටළු සහ ජංගම දුරකතන තරංගවලට නිරාවරණය වීම අතර සම්බන්ධතාවයක් මෙතෙක් සොයාගෙන නැහැ. දැනට වසර 30 ක කාලයක පමණ සිට එක්සත් ජනපද පර්යේෂකයන් විසින් මේ පිළිබඳව වන කරුණු විමසා බැලීම් සිදු කරනවා. මේ සම්බන්ධ FDA වාර්තාවට පිවිසිය හැකියි මෙතනින්. Archived

කෙසේනමුත් මෑතක දී පළකර තිබු මීයන් වර්ගයක් යොදාගනිමින් සිදුකළ පරික්ෂාවක දී අනාවරණ වී තිබුනේ ඔවුන්ගේ මොළයේ ඇතැම් කොටස්වලට 4G සංඛ්‍යාත මඟින් බලපාමන්ක් ඇතිවිය හැකි නමුත් මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයන සිදුකිරීමක් අවශ්‍ය බවයි.

එසේම නව යොවුන් වියේ දරුවන්ගේ මතකයේ ක්‍රියාකාරිත්වයට, ජංගම දුරකථන සංඛ්‍යාත මඟින්, විශේෂයෙන්ම ජංගම දුරකථන ජාලයේ සිග්නල් අඩු අවස්ථාවන්හි දී යම්කිසි බලපෑම් කළ හැකි බවට ඇතැම් අධ්‍යයන මඟින් පෙනී ගොස් තිබුණ ද, මේ පිලිබඳ කාලයක් තිස්සේ නිර්ක්ෂණය කරන Switzerland Tropical and Public Health ආයතනයෙහි පාරිසරික නිරාවරණ සහ සෞඛ්‍ය ප්‍රධානී Martin Röösli පවසන්නේ දැනට ජංගම දුරකථන විකිරණ මඟින් සෞඛ්‍යම බලපෑමක් ඇතිවන බවට පැවසීමට තරම් සාධක නොමැති බවයි. ඔහු පවසන්නේ, නව යොවුන් වියේ දරුවන්, රාත්‍රී කාලයේ අඩු ආලෝකයේ ජංගම දුරකථන භාවිතය වැනි ක්‍රියාකරකම් හේතුවෙන් නිසි පරිදි නින්ද ලබාගැනීමේ චක්‍රයන්ට බාධා ඇතිවීම වැනි සෞඛ්‍යමය අවදානම් පිළිබඳව සැලකිලිමත් වීම, ඊට වඩා වැදගත් බවයි.

ලංකාවේ තොරතුරු තාක්ෂණ විද්වතුන් දෙදෙනෙකුගේ අදහස්

මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූ මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු සන්නිවේදන පිඨයේ කථිකාචාර්ය ආචාර්ය ලොචන්දක රණතුංග සදහන් කලේ ශ්‍රී ලංකාවේ 3G සන්නිවේදන තාක්ෂනය සදහා භාවිතා කරන්නේ බොහෝ දුරට සංඛ්‍යාත පරාස 800-2100 MHz සහ 4G සන්නිවේදන තාක්ෂණය සදහා 800-2300 Mhz සංඛ්‍යාත පරාසයන් භාවිතා කරන බවයි. විද්‍යුත් චුම්භක තරංග වර්ණාවලියේ රේඩියෝ තරංග පරාසයට අයත් මෙම තරංග සම්බන්ධව සෞඛ්‍ය අංශ යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකර ඇති බවක් ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රවීනයෙක් වන මහාචාර්ය රොහාන් සමරජීව සදහන් කලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පළකරන ලද මෙම නිවේදනයේ ඇති කරුණු සම්බන්ධයෙන් ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැති බව පැහැදිලිව පෙනී යන බවයි.

“බොහෝ පර්යේෂණ පත්‍රිකා වලින් ඉදිරිපත් කර ඇති සාක්ෂි ජංගම දුරකථනවලට නිරාවරණය වීම සෞඛ්‍යයට අහිතකර බවට කිසියම් අඛන්ඩ රටාවක් (Consistency) ලබාදෙන්නේ නැහැ. ජංගම දුරකතන වල අහිතකර විපාක ලෙස මාර්ග රථවාහන අනතුරු සමඟ රිය පැදවීමේදී ජංගම දුරකථන භාවිතය සම්බන්ධ කරන අධ්‍යයනයන් සහ පුද්ගලික හෝ රෝහල් වෛද්‍ය විද්‍යුත් උපාංගවල ක්‍රියාකාරිත්වයට විද්‍යුත් චුම්භක තරංගවල බලපෑම මැදිහත්වීම් විමර්ශනය කරන අධ්‍යයනයන් බොහෝ විට අඛණ්ඩ ප්‍රතිඵල පෙන්වනවා. ළමුන් සම්බන්ධයෙන්, දැනට ජංගම දුරකථන භාවිතය සහ පිළිකා අවදානම ඇතුළු සෞඛ්‍ය බලපෑම් පිළිබඳ දත්ත ඉතා අල්පයි. මෙතෙක් ජංගම දුරකථන පිළිබඳ අධ්‍යයනයන්හි ඇති විවිධ මතවාද පිළිබද කරුණු සෙවීම සඳහා වැඩිදුර පර්යේෂණාත්මක අධ්‍යයනයන් අවශ්‍යයි. මෙම අධ්‍යයනයන් ජංගම දුරකථන විකිරණ නිරාවරණ තක්සේරුව සඳහා ජංගම දුරකථන දිගුකාලීන භාවිතයේ (වසර 10කට වැඩි) බලපෑම් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම සහයෝගීතා අධ්‍යයනයන්, මොළේ පිළිකා සඳහා ජංගම දුරකථන භාවිතයේ දිගුකාලීන බලපෑම් විමර්ශනය කිරීමට මෙන්ම ළමුන් අතර ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් විමර්ශනය කිරීමට ද යොදා ගත යුතුයි.”. මහාචාර්ය සමරජීව පැවසුවා.

මහාචාර්ය සමරජීව සිය පැහැදිලි කිරීම සදහා උපයෝගී කරගත් පර්යේෂණ පත්‍රිකා 2 කට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින්.

මේ සම්බන්ධයෙන් අප අදහස් විමසු අවස්ථාවේ නම හෙළි කිරීමට අකමැතිවූ සමහර වෛද්‍යවරුන් පැවසුවේ 2018 වසරේදී නිකුත්කළ මෙම මාධ්‍ය නිවේදනයේ ප් සදහන් කරුණු සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති අතර මෙය ඒ අවධියේදී ජනතාව සතුව පැවති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පිලිබදව ඇති විශ්වාසය බිද වැටීමට හේතුවූ කරුණක් බවයි.

Also Read: ජංගම දුරකථන රිචාර්ජ් කාඩ්පත නිසා ඔබට චර්ම පිළිකා අවදානමක් නැත!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රාත්‍රි නින්දට පෙර ජංගම දුරකථන නිදන කාමරවලින් ඉවත්කර තැබිය යුතුද?

Fact Check By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News