සිය නිදහස ඉල්ලා ජිවිත තර්ජන නොතකමින් නැගී සිට ගීත ගායනා කරනා අරාබි කාන්තාවක්ද?

Update: 2023-04-25 10:21 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මැදපෙරදිග කලාපයේ කාන්තා අයිතීන් පමණක් නොව මුලික මානව හිමිකම් ද කඩවන අවස්ථා පිලිබඳ නොයෙක් අවස්ථාවල දී වාර්තා වෙනවා. එම නිසා බොහෝ සංවිධාන මෙන්ම පුද්ගලයන් තනි තනිව පවා සිය අයිතීන් සහ පුද්ගල නිදහස දිනාගැනීම වෙනුවෙන් නැගී සිට තිබෙන අතර ඒ අතරින් ඇතැමුන්ට සිය ජිවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුව තිබෙනවා. කෙසේ නමුත් සමහර අවස්ථාවලදී අසත්‍ය සහ නොමගයවන සුලු සටහන්ද මේ සම්බන්ධව පැතිර යනවා. අපි මේ අවධානය යොමු කරන්නේ එවන් නොමගයවන සුලු සටහනක් සම්බන්ධයෙන්.

සමාජ ජාලා සටහන් 

කාන්තාවක විසින් එළිමහන් සංගීත සංදර්ශනයක , ගීතයක් ගායනා කරන ආකාරය සහිත වීඩියෝවක් පළකර තිබුණේ පහත වාක්‍ය ඛණ්ඩයන් ද සමගින්.

“අරාබි කාන්තාවක් ඔවුන්ගේ කාන්තා නිදහස වෙනුවෙන් එලියට ඇවිත් ගායනා කරන ගීත.. මරණතර්ජන කොතෙකුත් කලත් ඇයට.. එය නොතකා කාන්තාවන්ගේ නිදහස වෙනුවෙන්ම ගායනා කරන්නේය... දැඩි ආරක්ෂාවක් ඇයට හා නිදහස වෙනුවෙන් පෙනීසිටින අනිත් කාන්තාවටත්.....”

Full View

Facebook | Archived 

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

අපි ඒ සම්බන්ධ කරුණු විමසීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)

අප මුලින්ම Invid- We Verify ඔස්සේ ඉහත වීඩියෝව පිළිබඳව සොයා බැලුවා. එහිදී අපට අනාවරණය වුයේ මෙම දර්ශන මඟින් පෙන්නුම් කරන්නේ අරාබි / මැදපෙරදිග කාන්තාවක්, විමුක්තිය උදෙසා ගීත ගායනා කරන අවස්ථාවක් නොව, මධ්‍යම ආසියානු රටක් වන තජිකිස්ථානයේ වෙසෙන, ප්‍රකට ගායිකාවක වන Noziya Karomatullo බවයි.

නොසියා මෙම අවස්ථාවේදී  හින්දි , පර්සියානු, තජික් ගීත පෙළක් ද ගායනා කරන අතර එම ප්‍රසංගය පවත්වා තිබුනේ තජිකිස්ත්නායේ ප්‍රධානතම අංගනයක් වන Istaravshan ක්‍රීඩාංගනයේ දී බව  මේ  පිලිබඳව 2014 වසරේ දී යුටියුබ් ඔස්සේ පළවූ වීඩියෝවක දැක ගන්නට ලැබුනේ පහත පරිද්දෙන්.

https://youtu.be/qhXF0PiMONc

තවත් වීඩියෝවක් මෙතනින් එහි මුලින්ම ඇය ගායනා කරන්නේ ප්‍රකට ‘Sholay’ නමැති හින්දි චිත්‍රපටයේ ගීතයකි

Noziya Karomatullo ගායිකාව පිලිබඳ විස්තර

Nago Nago ගීතය හරහා ලංකාවේ ප්‍රේක්ෂකයින් අතරට ද සමීප වූ Noziya Karamatullo යනු සිය මව් භාෂාව වන තජික් බසින් පමණක් නොව, පර්සියානු, හින්දි බසින් ද ගීත ගායනට ප්‍රසිද්ධියක් ලබා සිටින තජිකිස්ඨාන ගායිකාවක්.

1988 වසරේ උපත ලද Noziyaගේ පියා වුයේ Karomatullo Qurbonov නම් ප්‍රකට තජිකිස්ථාන සංගීත ශිල්පියායි. වයස අවුරුදු 4 ක් දී ඇයගේ පියා ඝාතනයට ලක්වන්නේ Popular Front ලෙස හැදින්වූ කොම්යුනිස්ට් වාදයට ලැදි මිලිටරි කල්ලියක් මගින් එල්ල කල ප්‍රහාරයකින්. ඒ තජිකිස්ථාන සිවිල් යුද්ධය පැවති වකවානුවෙයි. පසුකාලීනව මෙම මිලිටරි කල්ලිය සහ රජය අතර පැවති එදිරිවාදිකම්, සාම ගිවිසුමකින් අවසන් කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දීය කළා ආයතනයකින් ශාස්ත්‍රීය වශයෙන් සංගීතය හදාරන ලද මෙම ගායිකාව 2010 වසරේදී සිය පළමු සංගීත ප්‍රසංගය පවත්වා තිබෙනවා.ඒ සම්බන්ධ විස්තර මෙතනින්. Archived

එසේම Noziyaගේ සමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂා කිරීමේ දී ද ඇය මෑතක දී ද ප්‍රසිද්ධියේ ප්‍රසංග පවත්වා තිබෙන බව දැක ගන්නට ලැබෙනවා. 2023 වසරේ දී ඇය මේ අයුරින් ඉදිරිපත් කර තිබු ගායනයක් මෙතනින්. එසේම තජිකිස්තානයේ ක්ෂය රෝගය පිටුදැකීමට ද නොසියා මුලිකත්වය ගෙන කටයුතු කරන අතර තවත් කලාකරුවන් සමඟ මීට දින කිහිපයකට පෙර ද ප්‍රසංගයක් පවත්වා තිබුණා. එසේම ඉන්දියානු ආබසයත්, හින්දි ගීත ගයනට ඇති හැකියාවත් සමඟ නොසියා අනාගතයේ දී බෝලොවුඩයට ද එක්ව කටයුතු කරනු ඇති බවට බොහෝ දෙනා බලාපොරොත්තු තබාගෙන සිටිනවා.

Noziya Karamatullo ට මරණ තර්ජන එල්ලවීමක් සම්බන්ධව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් විශේෂයෙන් වාර්තා කර තිබුනේ නැති වුවද තජිකිස්ථානයේ ඇතැම් පිරිස් ඇයගේ මේ ආකාරයේ ගායනා සඳහා එතරම්ම ප්‍රසාදයෙන් පසුවන්නේ නැහැ.

එසේම ඉස්ලාම් රාජ්‍යයක් වන තජිකිස්තානයේ ද කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින්නේ එතරම් යහපත් තත්ත්වයක් නොවේ. ඒ අසල රාජ්‍යයක් වන, කාන්තාවන්ට දැඩි සීමා පැනවීම් තිබෙන, ඇෆ්ගනිස්තානයේ අප FactCrescendo ඇෆ්ඝන් කණ්ඩායමද එම තොරතුරු තහවුරු කළා.

පුරුෂාධිපත්‍ය මත පදනම්වූ සමාජයක ජිවත් වුවත් ,තජිකිස්ථානු කාන්තාවන්ගේ සාක්ෂරතාව පවතින්නේ ඉතා ඉහළ තත්ත්වයක. උපත් පාලනය අවම මට්ටමක පැවතියත් එක කාන්තාවක් මගින් වඩන දරුවන් ප්‍රමාණය බොහෝවිට 2-3 දෙනෙකුට සීමාවී පැවතෙනවා. තජිකිස්ථාන කාන්තාවන්ගෙන් අති බහුතරයක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වෙනවා. පුරුෂාධිපත්‍ය මත පදනම්වූ එම සමාජයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සැලකෙන්නේ පවුල තුළ සිදුවන පුද්ගලික දෙයක් ලෙසයි. එම නිසා එම තත්ත්වයන් අවම කිරීම සදහා රජය මැදහත් වන්නේ නැහැ. සිය සැමියාගෙන් කායික ,මානසික සහ ලිංගික හිංසනයට ලක්වන තජිකිස්ථාන කාන්තාවන් බොහොමයි. සාක්ෂරතාව අතින් පොහොසත් වුවත් තජිකිස්තාන් කාන්තාවන් වෘත්තීය කුසලතාවන්ගෙන් අවමයි. එම හේතුව නිසා සහ සමාජයේ ආචීර්ණ කල්පිත අදහස් නිසා ගෙදර දොර වැඩ කටයුතු පමණක් සිදු කරන බහුතර තජිකිස්ථාන කාන්තාවන් රැකියාවක් කරන්නේ නැහැ. මේ සම්බන්ධ වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

2017 වසරේදී කාන්තා ඇදුම් සම්බන්ධ නීතියක් තජිකිස්තාන් බලධාරීන් සම්මත කරගත්තා.එමගින් කාන්තාවන්ට තජිකිස්තාන් සාම්ප්‍රදායික ඇදුම් හැදීම අනිවාර්ය කර තිබුණා. එහි අරමුණ වී තිබුණේ හිජාබය,බුර්කාව වැනි අරාබි රටවල භාවිතාවන ඇදුම් පැළදුම් තජිකිස්තාන් කාන්තාවන් අතර පැතිරීම වැළැක්වීමයි. එමෙන්ම හිස් ආවරණ ,මුහුණු ආවරණ සහිත අරාබි සංස්කෘතික ඇදුම් භාවිතයද නීති මගින් අධෛර්යමත් කර තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර මෙතනින්. Archived.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

අවසාන නිගමනය ( Conclusion) 

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමෙන් තහවුරු වන කාරණය නම් ඉහත වීඩියෝව මගින් නිරුපණය වන්නේ කාන්තා අයිතින් ඉල්ලා ගීත ගයන අරාබි කාන්තාවක් නොව Noziya Karamatullo නම් ප්‍රකට තජිකිස්ථාන ජාතික ගායිකාවයි. මධ්‍යම ආසියානු රාජ්‍යක් වන තජිකිස්ථාන, අරාබි /මැදපෙරදිග රටක් නොවේ. ඉස්ලාම් ආගම මුල්කරගත් රටක් වුවත් තජිකිස්ථානයේ ඇත්තේ අරාබි සංස්කෘතිය නොව තජිකිස්තාන් සංස්කෘතියයි. අරාබි සංස්කෘතිය එහි පැතිරීම වැළැක්වීම සදහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග පවා එරට රජය මගින් ගෙන ඇත. නමුත් කාන්තා අයිතීන් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි කාරණා සලකා බැලු කල තජිකිස්ථානයේ කාන්තාවන් සම්බන්ධ තත්ත්වයද එතරම් යහපත් නොවේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සිය නිදහස ඉල්ලා ජිවිත තර්ජන නොතකමින් නැගී සිට ගීත ගායනා කරනා අරාබි කාන්තාවක්ද?

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News