ගාල්ල අක්මීමන පාසල් ළමුන් පැහැර ගැනීමක් සිදුව ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

Update: 2023-05-18 17:00 GMT

Update 23/05/2023

මේ අතර එක්තරා යුවලක සේයාරුවක් සමාජ ජාලා තුළ පළකරමින් දරුවන් පැහැර ගැනීමට ඔවුන් සම්බන්ධ බවට සහ එහි සිටින පිරිමි පුද්ගලයාව දුටු සැනින් පොලිසියට දන්වන ලෙස සමාජ ජාලා සටහන් පළවෙනවා.

Facebook | Archived

මේ සම්බන්ධයෙන් අදහස් පලකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව සදහන් කලේ මෙම සමාජ ජාලා සටහන් ඒ ඒ පුද්ගලයන්ගේ පුද්ගලික ප්‍රශ්න මත පදනම්ව පළවන ඒවා මිස සැබෑ ලෙසකින් ළමයින් පැහැරගෙන යාමේ සිද්ධීන් හා සම්බන්ධතාවයක් නොමැති බවයි.එමෙන්ම මෙහි දැක්වෙන පුද්ගලයා ළමයි පැහැර ගැනීමේ සිද්ධීන් සම්බන්ධව විශේෂව අවශ්‍ය පුද්ගලයෙක් නොවන බවත් ඔහු පැවසුවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අදහස් පළකිරීම පහතින්.  (විනාඩි 2 තත්පර 40 සිට ශ්‍රවණය කරන්න )

Full View

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පාසල් සිසුන් පැහැර ගැනීමට උත්සාහ කිරීම් යනුවෙන් පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් විශේෂයෙන්ම උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයක් සම්බන්ධ කරමින් හුවමාරු වුණා. එසේම ගාල්ල , අක්මීමන ප්‍රදේශයේදී පාසල් සිසුන් පැහැර ගැනීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙන් ද සටහන් පෙළක් වේගයෙන් හුවමාරු වුණා.

මෙම සටහන් නිසා බොහෝ ප්‍රදේශවල දෙමාපියන් බියට පත්ව සිටින අතර ඇතැම් ප්‍රදේශයන්හි තත්වයන් ද නිර්මාණය වී තිබුණා. මෙහි පවතින බැරෑරුම් බව නිසාම මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප කටයුතු කළා.

සමාජ ජාලා සටහන්

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ සිසුන් පැහැර ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කළ බවත් ,රට පුරා සිටින සිසු දරු දැරියන් ,දෙමාපියන් සහ ගුරුවරුන් ,මෙම පිරිස් පිලිබදව විමසුමෙන් කටයුතු කල යුතු බව සදහන් කරමින් සමාජ ජාලා සටහන් පැතිරුණා. මෙම අනාවරණය සිදු කලේ අක්මීමන පොලිසිය මගින් බවද එහි සදහන් කරමින්වු හුවමාරු වූ ෆේස්බුක් සටහනක් පහතින්.

එම එක සමාජ ජාලා සටහනක අන්තර්ගතයයි මේ .

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් කිහිප දෙනෙක් අදහස් දක්වා තිබුණේ මෙලෙසයි

මෙම සටහන් වට්ස් ඇප් වලද පැතිර තිබෙන ආකාරයක් දැකගන්නට ලැබුණා.

මේ ආකාරයේ තවත් සමාජ ජාලා සටහනක් පැතිර ගියේ මේ අයුරින්.

Facebook | Archived

මේ පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීම පහතින්.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අප මුලින්ම මේ පිලිබදව අක්මීමන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කරුණු විමසා සිටියා. එහිදී ඔහු පැවසුවේ අක්මීමන පොලිසිය මගින් මෙවැනි ළමුන් පැහැර ගන්නා කණ්ඩායමක් පිළිබඳව කිසිඳු අනතුරු හැගවීමක් සිදු නොකළ බවයි. එමෙන්ම තම බල ප්‍රදේශය තුළ මෙවන් කිසිදු ගැටලුවක් සිදුව නොමැති බව ද පැවසූ පොලිස් ස්ථානාධිපතිවරයා, මෙම සමාජ ජාලා සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය සහ ගොතන ලද ඒවා බව තහවුරු කළා.

අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුවගෙන්ද විමසීමක් කළ අතර ඔහු ද පැවසුවේ මෙම සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි. ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳව විශේෂ තොරතුරක් ලැබී නැති බවත් ඔහු පැවසුවා. එසේම මේ දිනවල හුවමාරු වන ළමුන් පැහැරගැනීම් සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී පැහැදිලි කරමින් නිහාල් තල්දුව තවදුරටත් පවසා සිටියේ මේ දක්වා සිදුකර තිබු විමර්ෂණවලදී ළමුන් පැහැරගැනීම් සිදුවූ බවට අනාවරණය වීමක් සිදුව නොමැති බවයි.

http://srilanka.factcrescendo.com/wp-content/uploads/2023/05/05-18-POLICE-PRESS-9.mp4

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ නිල නිවේදනය මෙතනින්.

දකුණු පළාතේ අධ්‍යාපන පරිපාලනයට සම්බන්ධ නිලධාරින් ද සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව තහවුරු කරයි

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තහවුරු කරගැනීම සදහා අක්මීමන ප්‍රදේශයේ පාසල් පරිපාලන කටයුතු භාරව කටයුතු කරන ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂ වරියගෙන්ද අප කරුණු විමසා සිටියා. ඇය පැහැදිලි කර සිටියේ අක්මීමන අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් සම්බන්ධව මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි. අක්මීමන හෝ ගාල්ල අධ්‍යාපන කලාපයට අයත් කිසිදු විදුහල්පතිවරයෙක් විසින් හෝ දෙමාපියන් විසින් මෙවැන්නක් සම්බන්ධයෙන් තම කාර්යාලයට පැමිණිලි කර නොමැති බවත් ඇය පැවසුවා. වේගයෙන් පැතිරෙන සමාජ ජාලා සටහන් නිසා , තමන් ද මේ පිළිබඳව පොලිසියෙන් කරුණු විමසා සිටි බවත් එවන් සිදුවීමක් සිදුව නොමැති බවක් පොලිසියෙන් ද තහවුරු කර සිටි බවත් ඇය පැවසුවා.

මීට අමතරව අප දකුණු පළාතේ අධ්‍යාපන පරිපාලනයට සම්බන්ධ ඇතැම් නිලධාරීන්ගෙන් මෙන්ම ගාල්ල ප්‍රදේශයේ ඇතැම් පාසල් විදුහල්පතිවරුන්ගෙන් කරුණු විමසා සිටි අතර ඔවුන් පැවසුවේ සමාජ ජාලා සටහන්වල ඇති කරුණු හැරුණු කොට මෙවන් සත්‍ය සිදුවීමක් සිදුව ඇති බව ට වාර්තා නොවූ බවයි.

කෙසේ වෙතත් මෙම සමාජ ජාලා සටහන්වල ඇති සේයාරුව සම්බන්ධයෙන්ද අප විසින් අවධානය යොමුකළ අතර ,මෙය අක්මිමන, කොට්ටව දී ඇතිවූ සිදු වීමක බව පවසමින් සමාජ ජාලා ඔස්සේ පැතිර ගියත්, පසුගිය සමයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පාසල් සිසුන් පැහැර ගෙන යාම් සිදුවන බවට පවසමින් දෙමළ බසින් පලවූ බොහෝ සමාජ ජාලා සටහන් බොහොමයක ද මෙම සේයාරුව දක්නට ලැබුණා.

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් පැහැර ගෙනයාමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට මීට සති කිහිපයකට පෙර පැමිණිලි ලැබී තිබු නමුත් ඒ සම්බන්ධයෙන්වූ නිසි ආකාර සාක්ෂි සාධක සොයා ගැනීමට මෙතෙක් හැකිව නැහැ. කෙසේ වෙතත් එහි පාසල් අවට ආරක්ෂාව මේ වන විට තහවුරු කර තිබෙනවා. ඒ සම්බන්ධ වාර්තාවක් කියවිය හැකියි මෙතනින්. Archived

මෙම සමාජ ජාලා සටහන් සමග හුවමාරුවන සේයාරුව සම්බන්ධයෙන් අප මේ වන විට කරුණු විමසා බලමින් සිටින අතර ඒ සම්බන්ධ කරුණු ඉදිරි කාලයේදී යාවත්කාලින කිරීමට බලාපොරොත්තු වෙමු .

Also Read : වවුනියාවේ පාසල් දරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කරන අයුරු බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පාසල් ළමුන් පැහැරගෙන යාමට උත්සාහ කිරීමක් සිදුව ඇති බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි. ඒ බව අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරු මෙන්ම පොලිසියද තහවුරු කළා. පාසල් දරුවන් පැහැර ගෙන යාමේ සිදුවීමේ සිද්ධි පිලිබඳ පැමිණිලි, විශේෂයෙන්ම උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකින් ලැබී ඇති නමුත්, ඒ හා සම්බන්ධ කිසිදු පිළිගත හැකි සාක්ෂියක් සොයාගැනීමට මෙතෙක් හැකිව නැහැ. කෙසේ නමුත් එම ප්‍රදේශවල පාසල් අවට ආරක්ෂාව තර කර තිබෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ගාල්ල අක්මීමන පාසල් ළමුන් පැහැරගැනීමේ කණ්ඩායමක් ?

Fact Check By: Kalana Krishantha

Result: False

Tags:    

Similar News