දසුන් ශානක විසින් දිමුත් කරුණාරත්න විවේචනය කරමින් ප්‍රකාශයක් කළා ද?

Update: 2023-07-22 11:45 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක දසුන් ශානක විසින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුකළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ඇත්තටම දිමුත් කියන්නෙ හොඳ නායකයෙක් නමුත් ඔහු අනෙකුත් ක්‍රීඩකයන්ට සලකන්නෙ නිකන්ම නිකන් ක්‍රීඩකයන් විදියට පමනයි, සහෝදර ප්‍රේමය කියන එක ගෑවිලාකත් නෑ.. මම දැක්ක දෙයක් තමයි 11 දෙනා අතර කිසිම සමගියක් නෑ, මේ වැරදි ටිකම ඉක්මනට හදාගන්න - Dasun Shanaka, New York, USA” යනුවෙන් සඳහන් කරමින් දසුන් ශානක විසින් සිදු කළ ප්‍රකාශයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වුණා.

Facebook | Archived Link

මෙම සටහන WhatsApp ඔස්සේ ද, හුවමාරු වූයේ මෙලෙසින්.

මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළකරන ෆේස්බුක් පිටුවක පළවූ සටහනක් වුව ද, එය පසුව WhatsApp ඇතුළු වෙනත් මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම නිසා ද බොහෝ දෙනෙකු විසින් දසුන් ශානක මෙවන් ප්‍රකාශයක් සිදු කළාද යන්න පිළිබඳව විමසිලිමත් වී තිබු බවයි.

මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම:

අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂාවක් සිදු කළේ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක දසුන් ශානක විසින් අමෙරිකාවේ දී මාධ්‍ය වෙත ඉහත සටහනේ සඳහන් ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පිළිබඳ එවන් ප්‍රකාශයක් සිදු කළා ද යන්නයි. නමුත් එලෙසින්, මෙරට මාධ්‍යධාරා මෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය ධාරා ද, වාර්තා කර නොතිබුණි.

අප මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාධ්‍ය කළමණාකරු ප්‍රසන්න රොද්‍රිගෝ මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඔහු පවසා සිටියේ, දසුන් ශානක විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

දසුන් ශානක මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය මූලික කර ගනිමින් ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන Major League Cricket (MLC) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී ඇති අතර ඔහු මෙවන් ප්‍රකාශයක් එහිදී හෝ සඳහන් කර නොතිබුණු බවට අප ක්‍රීඩා මාධ්‍යවේදීන් හරහා ද, තහුවරු කරගනු ලැබුවා.

පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව නායකත්වයෙන් ඉවත්වීමේ තීරණය සම්බන්ධව තේරීම් කමිටුව සමඟ යළිත් සාකච්ඡා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පසුගියදා පැවසීය. කණ්ඩායමේ නායකත්වයට සමුදෙන්නේ පිතිකරුවෙක් ලෙස පූර්ණ අවධානය යොමු කිරීමට බවත්, පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගය කඩුලු 4කින් පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දිමුත් කරුණාරත්න වැඩි දුරටත් පැහැදිලි කළේ මෙලෙසින්.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ස්ථානය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බව හිටපු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කරනවා. දසුන් ශානක ලකුණු අතරට නොපැමිණෙන්නේ නම් ඔහුගේ කණ්ඩායමේ ස්ථානය පිළිබඳ ගැටලුවක් ඇති වීමේ ඉඩක් ඇති බවද මාලිංග පෙන්වා දෙනවා.

පසුගිය තරග කිහිපය තුළදීම් දසුන් ශානක තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගත් බවත් ඔහුගේ වගකීම වන්නේ තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන තමන්ගේ පිතිකරණ දක්ෂතාවය පෙන්නුම් කිරීම බවත් ඔහු සඳහන් කර තිබුණේ මෙලෙසින්.

නායකයා වූ පමණින් කණ්ඩායමේ රැඳීමට හැකියාවක් නැති බවත් කණ්ඩායමේ රැදෙන්නේ හැකියාව දක්ෂතාවය මත පමණක් බවත් ඔහු පසුගිය දා සඳහන් කර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක දසුන් ශානක විසින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පිළිබඳ ඉහත සඳහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන ලෙස ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දසුන් ශානක විසින් දිමුත් කරුණාරත්න ගැන ප්‍රකාශයක් කළා ද?

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News