Rip Currents දිය වැල් පිළිබඳව ඔබ දැන සිටියා ද ?

Update: 2023-12-28 05:31 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

වසර අවසාන දෙසැම්බර් නිවාඩුව ගතකරන බොහෝ දෙනෙක්, මුහුදු වෙරළ ආශ්‍රිතව පිහිනීම ආදී ආදී කටයුතුවල යෙදෙමින් කාලය ගතකරනවා. සාගර දියවැල් වලින් ආරක්ෂා වෙමින් පිහිනීම් කටයුතු සිදුකරන්නේ කෙලෙසද ආදී වශයෙන් විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන්ද පැතිරෙනවා. ඒ සම්බන්ධව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.

සමාජ මාධ්‍ය පළ කිරීම: 

මේ දිනවල සංසරණය වන  Facebook සටහනක් මගින් හෙට සිට ට්‍රිප් යන අයට

මුහුදේ නාන්න යන අය වරක් බැසීමට පෙර දෙවරක් සිතන්න...’ලෙස අනතුරු හැගවීමක් සිදු කොට ඇත. මෙම සටහන සමාජ මාධ්‍ය තුළ දැනට සංසරණය වන අතර එය බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්ව ඇති බව පෙනේ. 

Facebook | Archived

මෙම ලිපිය ඇති කරුණු සම්බන්ධයෙන් සහ ඉන් ඔබ්බට , අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් පහතින් .

ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයන්  දේශීය මෙන්ම විදේශීය සන්චාරකයන්ගේ ආකර්ශණයට ලක් වන ගමනාන්තයක් බව රහසක් නොවේ. මේ අතර සාගරයේ දිය නෑම ඉතා ජනප්‍රිය ක්‍රියාකාරමක් වේ. ගණන් බලා ඇති ආකාරයට, ශ්‍රී ලංකාවේ සෑම වසරකම සාමාන්‍යයෙන් මිනිසුන් 1,100 ක් පමණ ගංගා, වැව් සහ සාගර ආශ්‍රිතව අනතුරු වලට මුහුණ දෙයි. දිය වැළ් සහ මේ අතර ඇති සම්බන්දය කුමක් ද? 

මේ පිළිබද සවිස්තරාත්මක කරුණු පහතින් .

දිය වැල් (Current) යනු කුමක්ද?

අඛණ්ඩ ,අනුමාන කළහැකි ආකාරයට දිශානතියකින් යුක්තව, ගුරුත්වය ,සුළඟ හෝ විවිධ සාධකයන්ගේ බලපෑමක් ඇතිව සාගර ජලය ගමන් කිරීම, දියවැල් ලෙස හැදින්වේ. මේ පිළිබද විස්තර මෙතනින් .

අපි මේ වැඩි දුරටත් කරුණු දැන ගැනීම සදහා රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා මහාචාර්‍යවරයෙකු වන මහාචාර්‍ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙන් විමසීමක් කලෙමු. 

මහාචාර්‍ය ටර්නි ප්‍රදීප් කුමාර

‘සාගරයේ tidal currents, long shore currents, rip currents ලෙස currents කිහිපයක් හදුනා ගත හැකි අතර මින් rip currents සාමාන්‍යයෙන් ගල් පර නොමැති විවෘත වෙරළ ආශ්‍රිතව 100m / 200m දුරින් සුලභව ඇති වන්නකි.

ශ්‍රී ලංකාවේ පොල්හේන වැනි ගල් පර බහුල වෙරළවල මෙම තත්ත්වය සුළභ නොවේ, නමුත් වැල්ලමඩම, ගල්කිස්ස, හම්බන්තොට, මීගමුව වැනි විවෘත වෙරළවල මෙම තත්ත්වය ඇති වීම පහසුය. මෙම තත්ත්වය ඇති වීම සදහා සුළගේ වේගයේ, උදම් රළ, රළ ගැඹුර වැනි සාධක  බොහෝමයක් බලපායි.   

මෙවැනි ඕනෑම විව්‍රත වෙරළ සහිත ප්‍රදේශයක නෑමට යාමේදී වඩාත්ම නුවණැති ක්‍රියාව නම් ඒ ආශ්‍රිතව වෙරළ ස්වභාවය හොදින් හඳුනන ප්‍රජාවගෙන් එවැනි තත්ත්වයන් සාමාන්‍යයෙන් ඇති වන්නේ දැයි යන්න විමසීමයි.

කෙසේ වෙතත් ඕනෑම තැනක පිහිනීමේදී ඉන උස පමණ දක්වා පමනක් පිහිනීම වඩාත් ආරක්ශාකාරී වේ. දිය රළක් දුටු විට එම පෙදෙසින් ඉවත් වීම වඩාත් සුදුසු අතර දිය රළකට හසු වුවහොත් කළබල නොවී, රළ සමග පා වීමට උත්සාහ කිරීම ප්‍රතිඵල දායකය. මෙහිදී දිය රළට එරෙහිව ගොඩබිමට පිහිනීමට උත්සාහ නොකරන්න.’ 

පිහිනීමේ හැකියාව වර්ධනය කර ගැනීම, ආරක්ශාව සදහා ඉතාම වැදගත් බවද එතුමා වැඩි දුරටත් අවධාරණය කළේය.

මහාචාර්යවරයා විසින් සදහන් කල Rip Current පිලිබදව අවධානය යොමු කරමු.

ගැඹුරේ සිට නොගැඹුරු ජලය දක්වා ගමන් කරන විට, වෙරළ තීරයේ දී මුහුදු රළ බිඳ වැටීමෙන් පසු, ජලය නැවත මුහුදට පිටවීමක් සොයමින්, පටු, බලවත් ප්‍රවාහයන් සාදයි. මේවා Rip Current ලෙස හැදින්වෙන අතර, මෙම දිය වැල්  බොහෝ විට වැලි තීරු අතර ගැඹුරු නාලිකා වල දක්නට ලැබේ.

මේවා බලවත් දිය පහරවල් ලෙස නැවත මුහුද දෙසට ගමන් කරයි. ඒවා 'දිය යට ගංගා' යන අන්වර්ථ නාමයෙන් ද හැදින්වෙන අතර බැලූ බැල්මට ඉතා සන්සුන් ජල තලයක් සේ දිස් වන නියා නොසැලකිලිමත්ව මේ ප්‍රදේශවලට යාම අනතුරු සහගත විය හැකිය. 

දිය වැල් වල ද්විත්ව ස්වභාවය

විශේෂයෙන්ම පිහිනීමට කැමති අයට දිය වැළ් ආශීර්වාදයක් මෙන්ම අභියෝගයක් විය හැකිය. මෙම දිය වැල්  හඳුනා ගැනීම ඔබේ අත්දැකීම් වැඩිදියුණු කිරීමට හා ආරක්ෂාව සහතික කිරීමට වැදගත් වේ. එනම් දිය වැල්  ඔබට පිහිනීමේදී ශක්තිය ඉතිරි කර ගැනීමට උපකාර කිරීම වැනි වාසි ලබා දෙන අතර, ජලයේ අත්දැකීම් අඩු අයට සැලකිය යුතු අනතුරු ඇති කළ හැකිය.

දිය වැල් හදුනා ගැනීම

වෙරළින් පිටතට පිහිනීමට බලාපොරොත්තු වන කෙනෙකුට, රිප් ධාරා විශේෂයෙන් සහයක් විය හැකිය. නමුත්, නොදැනුවත්කමින් අයෙකු මේ දසට යාම, අනතුරු දායක වේ. මෙයට හේතුව, මෙම නාලිකාවල තරංග කැඩී යාම අඩුවෙන් සිදු වන නිසා එය වැඩි උත්සාහයකින් තොරව මුහුද දෙසට ඔබව ගෙන යාමයි. 

මේ නිසා රිප් ධාරාවක් හඳුනා ගැනීම ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වේ.

මෙම දිය වැල් වර්ග තුනක් ඇත, 'ස්ථාවර ධාරා' වඩාත් සුලභ වේ. ඒවා කැඩෙන රළ අතර වෙරළට විහිදෙන අඳුරු, සන්සුන් ප්‍රදේශ ලෙස දිස්වේ.

  • බොහෝ විට මෙම ප්‍රදේශයන්, බිඳෙන තරංග නොමැතිකම නිසා සාපේක්ශව සන්සුන් අයුරකින් දිස් වේ.
  • වටපිටාවට වඩා වෙනස් පැහැයක් ඇති බව පෙනෙන හෝ පෙණ වැඩි බව පෙනෙන ජලය තිබිය හැක.
  • ප්ලාස්ටික් වැනි පාවෙන සුන්බුන් විවෘත මුහුදට ඇදගෙන යාමක් නිරීක්ෂණය කල හැක.

කෙසේ වෙතත් රිප් ධාරා සෑම විටම සෘජු දිශාවකට ගමන් නොකරන අතර සමහර අවස්ථාවලදී, ඒවාට කෝණික මාර්ගයක් තිබිය හැක.

දිගු වෙරළ තීරයක, සාමාන්‍යයෙන් සෑම මීටර් 200 කට වරක් රිප් ප්‍රවාහයන් ඇති විය හැක. මෙම ප්‍රවාහයන්ට පිහිනන්නන් මුහුදට වේගයෙන් ගෙන යා හැකි අතර සමහර විටක මිනිත්තුවකට අඩු කාලයකදී අඩි 300ක් දක්වා ඈතකට ගෙන යයි. 

දිය වැළකට හසු වූ පසුව කුමක් කළ යුතුද?

මෙහි දී, මෙම ධාරා පුද්ගලයාව දිය යටට ඇදගෙන නොයන නමුත් වේගයෙන් මුහුද දෙසට රැගෙන යයි. මේ නිසා දිය වැළකට එරෙහිව පිහිනීමට උත්සාහ කිරීම නිෂ්ඵල සහ අවදානම් වේ. ඒ වෙනුවට, සන්සුන්ව සිටින්න, වෙරළට සමාන්තරව පිහිනන්න, සහ රළ කඩා වැටෙන ප්‍රදේශ ඉලක්ක කරන්න. මෙහිදී, පාවී සිටීමට උත්සාහ ගැනීමත්, ප්‍රවාහය සමඟ පිහිනීමත්, අවශ්‍ය නම් උදව් සඳහා සංඥා කිරීමත් සිදු කරන්න.

දිය වැල් පිළිබද මිත්‍යා මත

ඕනෑම වෙරළක රිප් ධාරාවක් ඇතිවිය හැකි අතර එය හුදෙක් වෙරළෙන් ඉවතට වේගයෙන් ගමන් කරන ජල ධාරාවකි. “rip current” සහ “rip tide” බොහෝ විට වැරදි ලෙස හඳුනා ගනියි. ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) මෙම සංසිද්ධි දෙකෙහි වෙනස පැහැදිලි කර ඇත.

https://youtu.be/RJ4hcaJ91TY?feature=shared

රිප් ධාරා ඇති වීම දුලභද? රිප් ධාරා ඉතා සුලභ වන අතර පළපුරුදු පිහිනුම් කරුවන් බොහෝ විට ඒවා ගැඹුරු ජලයට යාමට භාවිතා කරයි.

ඔබ දිය වැළකට හසු වුවහොත්, ඔබ සදහටම මුහුදට ගසාගෙන යනවාද? නැත. ඔබ මුහුද දෙසට යන විට ඔබට දිගු දුරක පිහිනීමක් තිබිය හැකිය, නමුත් රිප් ධාරා යනු ජල ප්‍රවාහයේ සංවෘත පරිපථයක කොටසකි, එයින් අදහස් කරන්නේ චක්‍රයේ යම් අවස්ථාවක දී ජලය නැවත වෙරළට පැමිණීමට පටන් ගන්නා බවයි.

එසේම රිප් ධාරා පිළිබඳ තවත් පොදු වැරදි වැටහීමක් නම්, එමගින් ඔබ දිය යටට ඇද දමනු ඇති බවයි. නමුත් රිප් ධාරා ඔබව ඇද දමන්නේ වෙරළෙන් ඉවතටයි, රළ යට නොවේ.

දිය වැළක ගසා ගෙන යන අයෙකු දුටු විට කුමක් කළ යුතුද ?

ඔබේ මුල් ප්‍රතික්‍රියාව විය හැක්කේ ඔවුන් පසුපස ගොස් උදව් කිරීමය. නමුත් NOAA ප්‍රකාශ අනුව, රිප් ධාරා හේතුවෙන් දියේ ගිලීමට ගොදුරු වූවන් බොහෝමයක් ආරම්භක පුද්ගලයාට උදව් කිරීමට ඉක්මන් වූ අයයි. යමෙකු රිප් කරන්ට් එකක සිරවී සිටිනු ඔබ දුටුවහොත්, ඔබ පිහිනීම සම්බන්ධ ප්‍රවීනයෙක් නොවේනම්  ඔවුන් පසුපසින් මුහුද දෙසට නොයන්න. ජීවිතාරක්ෂකයෙකු සිටී නම් සහය ලබා ගන්න, මන්ද ඔවුන් තත්වය හැසිරවිය යුතු ආකාරය පිළිබඳව පුහුණු කරනු ඇත. ධාරාවෙන් ගැලවී යන අතරතුර ඔවුන්ට පාවී සිටීමට උපකාර කිරීම සඳහා පාවෙන උපාංගයක් ජලයට විසි කිරීමෙන්ද ඔබට උපකාර කළ හැකිය. කළ යුතු තවත්  දෙයක්  නම් උපකාර සඳහා පොලිස් හදිසි ඇමතුම් අංකය හෝ සුදුසු හදිසි සහන ලබාගැනීමේ ඇමතුම් අංකයක් අමතා ඔවුන්ගේ සහාය ලබා ගැනීමයි.

අපගේ කරුණු විමර්ෂන පිළිබඳව තොරතුරු දැනගැනීමට එක් වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දිය වැල් පිළිබද හුවමාරු වන කරුණු පිළිබඳ ඔබ නොදත් තතු !!

Written By: Fact Crescendo Team

Result: Insight

Tags:    

Similar News