ඉන්දියාවේ හයිද්‍රබාද් පොලීසිය ඉබෝලා වෛරසය ඇතුළත් කර ඇති සිසිල් බීම සම්බන්ධයෙන් දැනුවත් කළ නිවේදනයේ ඇත්ත කතාව!

Update: 2024-01-12 10:23 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

කොවිඩ් වසංගතය තත්වයත් සමඟ දරුණු වෛරස සම්බන්ධයෙන් ලොවපුරා ජනතාව සිටින්නේ ඉතා විමසිල්ලෙන්. මේ හේතුවෙන්ම අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් නොයෙකුත් වාසි ගැනීමට සමාජයේ විවිධ පාර්ශව උත්සහ කරනවා. එලෙසින් ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු නොමග යන සුළු සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ඉන්දියාවේ හයිද්‍රාබාද් මහ නගර සංස්ථාවේ, නගර සැලසුම් කිරීමේ අංශය විසින් යොමු කරන ලද නිවේදනයක් ලෙසට දක්වමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වූවා.

මෙහි සඳහන් කර තිබුණේ, ඉදිරි දින කිහිපය තුළ Maaza, Fanta, 7 up, Coca Cola, Mountain Deo, Pepsi වැනි සිසිල් බීම කිසිවක් පානය නොකරන ලෙසයි. ඊට හේතුව වන්නේ, එම සමාගමේ Ebola නම් භයානක වෛරසය වැළදුණු සේවකයෙකු විසින් ඔහුගේ රුධිරය එම සිසිල් බීම වලට මිශ්‍ර කර ඇති බැවිනි.

මෙම තොරතුරු හයිද්‍රාබාද් පොලීසිය විසින් ලබා දී ඇති බවත්, මෙම පුවත පසුගියදා NDTV නාලිකාවේ ද පළ වූ බවත්, හැකි ඉක්මනින් මෙම පණිවිඩය සියලු දෙනා දැනුවත් කිරීම සඳහා යොමු කරන ලෙසත් ඉල්ලා තිබු මෙම කෙටි පණිවුඩය ලංකාවේ ද WhatsApp පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link FB

මෙම සටහන් YouTube ඔස්සේ ද හුවමාරු වී තිබුණි.

මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ පිළිබඳ ව විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවේ මෙලෙසින් ජනතාව දැනුවත් කිරීමක් ඉන්දීය මාධ්‍ය විසින් සිදු කර තිබුණේ ද, යන්නයි. නමු ත් අපට එවැනි පුවතක් ඉන්දීය ප්‍රධාන මාධ්‍ය මෙන් ම මෙරට ප්‍රධාන මාධ්‍ය විසින් ද, දැනුවත් කිරීමක් සම්බන්ධයෙන් පුවත් වාර්තා වී නොමැති බව දැක ගන්නට ලැබුණා.

එමෙන් ම ඉහත සටහනේ පෙන්වා දෙන පරිදි මෑතකදී NDTV මාධ්‍ය ආයතනය විසින් හෝ එවැනි පුවතක් විකාශය කළ බව ට හෝ එවැනි වාර්තාවක් මීට පෙර හෝ වාර්තා කළ බව ට හෝ දැක ගන්නට නොලැබුණි.

මෙම සටහන් 2023 පසුගිය වසරේද, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවට අප ට නිරීක්ෂණ වුණා. Archived Link

ඒ අනුව මෙම සටහනේ දැක්වෙන තොරතුරු සම්බන්ධයෙන් කළ වැඩිදුර නිරීක්ෂණයේදී අනාවරණය වූයේ 2019 ජූලි 13 වන දා හයිද්‍රාබාද් පොලීසිය විසින් ඔවුන්ගේ ෆේස්බුක් සටහනේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර ඇති බවයි.

එහි දැක්වෙන්නේ, සිසිල් බීම සම්බන්ධයෙන් හයිද්‍රාබාද් නගර පොලිසියෙන් අනතුරු ඇඟවීමක් කළ ඇති බවට පළ වන සටහන් ව්‍යාජ බවත්, හයිද්‍රාබාද් නගර පොලීසිය විසින් මේ පිළිබඳ ව කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවයි.

Full View

Archived Link

මේ සම්බන්ධයෙන් එම පොලීසිය ‘X’ (Twitter) හි පළ කළ පණවිඩය මෙතනින්.

එමෙන් ම FactCrescendo අප ඉන්දීය කණ්ඩායම ද, ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන තොරතුරු අසත්‍ය බව ට තහවුරු කළ අතර මේ සම්බන්ධයෙන් අප ඉන්දීය කණ්ඩායම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කළ කරුණු විමර්ශනය මෙතනින්.

ඉබෝලා වෛරසය

ඉබෝලා (Ebola virus disease-EVD) එහෙමත් නැතිනම් ඉබෝලා රක්තපාත උණ (Ebola hemorrhagic fever) යනු වෛරසයකින් වැළදෙන රෝගයකි. මෙහිදී රෝගය සඳහා තුඩු දෙන වෛරසය ‘ඉබෝලා වෛරසය’ ලෙසින් හැඳුන්වනු ලැබේ. ඉබෝලා රෝගය අයත් වන්නේ නිශ්චිත ප්‍රතිකාර සොයාගෙන නොමැති මිනිසා පහසුවෙන් මරණයට පත්කළ හැකි තීව්‍ර රෝග කාණ්ඩයටය. (Acute Disease)

ඉබෝලා වෛරසය පිළිබඳ ලොව පුරා දැඩි නොසංසුන්තාවක් මේ වන විට හටගෙන ඇතත් ‘ඉබෝලා’ ලොවට අලුතින් බිහිවූ රෝගයක් නොවන බව කිව යුතුය. ඉබෝලාවට ගොදුරු වූ පළමු රෝගියා හමුව ඇත්තේ මින් වසර 38 කට පමණ පෙර එනම් 1976 වසරේදී මධ්‍යම අප්‍රිකාවේ කොංගෝ රටෙනි.

කොංගෝ රාජ්‍යය මැදින් ගලා බස්නා සුන්දර ‘ඉබෝලා’ නදිය ආශ්‍රිත ගම්මානයකින් මෙම ප්‍රථම රෝගියා හමුවී ඇති බව දැක්වෙන අතර උතුරු කොංගෝවේ ‘යැම්බුකු’ නම් රෝහලට මෙම රෝගියා ඇතුළත් කිරීමත් සමග වෛරසය ආසාදිත වූ රෝගීන් 280 ක් පමණ විවිධ පළාත්වලින් සොයාගත් බවද වාර්තා වේ.

පළමුව මෙය ‘කහ උණ’ තත්ත්වයක් ලෙස අනුමාන කළද එය ඊට එහා ගිය රෝගී තත්ත්වයක් බව පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත. ඒ අනුව මෙය අලුත්ම වෛරසයක් නිසා පැතිරෙන රෝගයක් බව ඛෙල්ජියම් වෛද්‍ය කණ්ඩායමක් විසින් සොයාගනු ලැබුණි. මෙම වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක උෂ්ණ කලාපීය ක්ෂුද්‍රජීවී විශේෂඥ පීටර් පියොට් විසින් මෙම වෛරසය ‘ඉබෝලා’ යනුවෙන් නම් කර ඇති අතර එයට ආසන්නතම හේතුව වී ඇත්තේ පළමු රෝගියා ඉබෝලා නදිය ආශ්‍රිත ගම්මානයකින් හමුවීම බව පැවසේ.

ඉබෝලා ව්‍යාප්තිය

ඉබෝලා වෛරසය ශරීරගත වීම ආසාදිත පුද්ගලයකුගේ රුධිරය මගින්, සෙම් සොටු දහදිය වැනි ශ්‍රාවයන් මගින්, ආහාර පාන මගින්, ඇඳුම් පැළඳුම් හෝ රෝගියා භාවිත කළ වෙනත් උපකරණ මගින් මෙන්ම එන්නත් කටු වැනි දෑ මගින් සිදුවිය හැක. තවද මෙම වෛරසය වාතයෙනුත් පැතිර යා හැකි බව මේ වන විට පර්යේෂණවලින් තහවුරු වී ඇත.

ඉබෝලා නමැති මාරාන්තික වෛරසය පැතිර යාමට ඉවහල් වූ ප්‍රධාන කාරකයන් ලෙස හඳුනාගෙන ඇත්තේ Pteropodidae කුලයට අයත් පළතුරු වවුලන්ය. එහිදී එම වවුලන්ගෙන් ගෝරිල්ලන්, වඳුරන්, ඇන්ටිලොප් මුවන්, ඉත්තෑවන්, චිම්පන්සීන් වැනි සතුන් වෙත මෙම රෝගය පැතිර ගොස් ඇත. එම ආසාදිත සතුන්ගේ රුධිරය, ශ්‍රාවයන් හෝ ඉන්ද්‍රිය කොටස් ස්පර්ශ වීමෙන් හෝ එම සතුන්ගේ මාංශ අනුභවයෙන් හෝ මෙම වෛරසය අප්‍රිකානු ජනතාව වෙත ඇතුළු වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මේ පිළිබඳ කැනඩාවේ විනිපෙග්හි මැනිටෝබා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්ද අධ්‍යයනය කරනු ලැබ ඇති අතර එහිදී ඔවුන් විසින් වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාව පිළිබඳ හඳුනා ගැනීමට පරීක්ෂණ මෙහෙයවා ඇත. එහිදී ඌරන් හය දෙනෙකුට ඉබෝලා වෛරසය ශරීරගත කොට එම ඌරන් මැකෝ වඳුරන් හතරදෙනෙකු සිටි කූඩුවක් අසල තබා ඇත. දින 08 ක් ගත වෙත්ම මැකෝ වඳුරන් හතර දෙනාම ඉබෝලා වෛරසයට ගොදුරු වී ඇත.

මෙහිදී ඌරන්ගෙන් පිටවූ සෙම්, සොටු වැනි ශ්‍රාවයන් මගින් වඳුරන් වෙත රෝගය බෝවන්නට ඇති බව තහවුරු වුණි. මේ පර්යේෂණය මගින් ඉබෝලා වෛරසයට වාතයේ රැඳී සිටීමේ හැකියාව පවතින බව තහවුරු වී ඇත. මේ අනුව ප්‍රයිමේටා කුලයේ ඕනෑම සත්වයෙකු ඉබෝලා වෛරසයට ගොදුරු විය හැකි බව මෙහිදී තහවුරු කොටගෙන ඇත.

රෝගය පැතිර යාම ව්‍යාප්ත වීම කෙරෙහි බටහිර අප්‍රිකානු රටවල පවතින දරිද්‍රතාව, අඩු අධ්‍යාපනය, ඉදුම් හිටුම් හා නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිවීම ඛෙහෙවින් බලපා ඇති බව වාර්තා වේ. ආසාදිත වූවන් හට නිසි සනීපාරක්ෂාවක් ලබා දී එම රෝගීන් වෙන් කොට තබා ගැනීමට ඇති අවම පහසුකම් මැද රෝගය පැතිර යෑම සීඝ්‍රව සිදුවීම නොවැළැක්විය හැක්කක් බව සෞඛ්‍ය බලධාරීන්ගේද අදහස වී ඇත. විශේෂයෙන්ම රෝගියකුගේ සිරුරෙහි අඩංගු ශරීර ශ්‍රාවයන් (දහදිය වැනි) ස්පර්ශ වීමෙන් පවා මෙම රෝගය පැතිර යා හැකි අතර මේ නිසාම රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි අවදානමට ලක්ව සිටින බව කිව හැක.

රෝග ලක්ෂණ

Ebola ඉබෝලා වෛරසය ආසාදිත වූවන් අතර මුල්වරට රෝග ලක්ෂණ පහළ වීමට දින 02 සිට 21 දක්වා කාලයක් ගත වේ. මෙහිදී මැලේරියාව, උණ සන්නිපාතය (typhoid fever) ආදි උණ රෝගයන් නිසා ඇතිවන රෝග ලක්ෂණයන් හට ගැනෙන අතර ඉබෝලා වැළඳී ඇත්දැයි යන්න නිවැරදිව තහවුරු කරගත හැක්කේ එකිනෙකට වෙනස් රසායනාගාර පරීක්ෂණ පහක් හරහා රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් පමණි.

එහෙත් වෛරසය ආසාදිත වූවකු එය වැළඳුණු ප්‍රථම දින සිටම රෝගය බෝ කරන්නෙකු ලෙස කටයුතු කරයි. මෙහිදී පහළවන මුල්ම රෝග ලක්ෂණ අතර සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකදී ඇතිවන හිසරදය, හන්දිපත් වේදනාව සහ මඳ උණ ගතිය දැක්විය හැක. ඊට අමතරව උගුරේ අමාරුව, සිරුරෙහි පණ නැති ස්වභාවයද වෙනත් සෙසු රෝගාබාධයන්හිදී මතුවන සාමාන්‍ය රෝග ලක්ෂණ ලෙස ඇතිවිය හැකියි.

රෝගය උත්සන්න වන විට වමනය, පාචනය, ආහාර අරුචිය, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ වේදනාව, සමේ පැල්ලම් හා දද කුෂ්ඨ තුවාල හට ගැනීම, වකුගඩු හා අක්මාව ආශ්‍රිත ගැටලු ඇතිවීම ආදිය සිදුවිය හැක. තවද යෝනි මාර්ගය හා ගුද මාර්ගය හරහා ලේ වහනය සිදුවීමද මෙම රෝගයේ තවත් ලක්ෂණයන් වේ.

ඉබෝලා වෛරසය ආසාදනය වූ පසු නිපදවන ග්ලයිකොප්‍රෝටීනවල එක් ආකාරයක් මගින් රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කෙරෙන අතර වෛරසය සුදු රුධිරානුවල අඩංගු මොනොසයිටයන් ආක්‍රමණය කරමින් ඒ තුළ ගුණනය වීමට පටන් ගනී. මේ හේතුවෙන් එම ෙසෙල විනාශ වන අතර එතනින් නොනවතින වෛරසය රුධිර පද්ධතිය හරහා සිරුර පුරා ගමන් කිරීමට පටන් ගනී. මෙහිදී සිදුවන හානියත් සමග අභ්‍යන්තර හා බාහිර රුධිර වහනයන් සිදුවිය හැකි අතර ප්‍රතිශක්තිකරණය බිඳ වැටී ඇති නිසා පහසුවෙන්ම සිරුරේ පටක හා අවයව එකින් එක විනාශ වීමෙන් රෝගියා මරණයට ගොදුරු විය හැක.

ප්‍රතිකාර

ඉබෝලා රෝගය සඳහා නිශ්චිත ඖෂධීය ප්‍රතිකාරයක් හෝ රෝග පාලන ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නොමැති අතර වෛරසය ශරීර ගත වූවන්ගෙන් 50%-90% අතර ප්‍රතිශතයක් මරණයට පත් වීම නොවැළැක්විය හැක්කක් බවට පත්වී ඇත.

ඉබෝලා රෝගයට ගොදුරු වූ රෝගීන් ඉතාමත් ඉක්මනින් විජලන තත්ත්වයට පත්වන බැවින් පැණි රස හා ලූණු මිශ්‍ර පාන ලබා නොදීමට වගබලා ගත යුතුයි. මන්ද යත්, එවැනි ආහාර පාන මගින් රෝගියා තව තවත් විජලනය විය හැකි බැවිනි. එබැවින් හැකිතාක් පිරිසිදු පානීය ජලය සහ සේලයින් ලබාදීම තුළින් රෝගියාගේ විජලනතාව වැළැක්වීමට කටයුතු කළ යුතුයි. රෝගය වැළඳීමෙන් පසු රෝගියා දැඩි ශාරීරික දුර්වල තත්ත්වයකට පත්වන නිසා සෑම විටම විවේකයෙන් සිටීමට සැලැස්වීම සුදුසු වේ.

මෙම රෝගය පැතිරයාමේ වේගය මෙන්ම වැළදුන පසු මිය යාමේ ප්‍රතිශතය ඉහළ රෝගයක් වන බැවින් ඉබෝලා රෝගයද මෙම සියවසේ පහළ වූ දරුණුම ව්‍යසනයක් බව කිව හැක.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉදිරි දින කිහිපය තුළ Maaza, Fanta, 7 up, Coca Cola, Mountain Deo, Pepsi වැනි සිසිල් බීම කිසිවක් පානය නොකරන ලෙස සඳහන් කරමින් එම සමාගමේ Ebola නම් භයානක වෛරසය වැළදුණු සේවකයෙකු විසින් ඔහුගේ රුධිරය එම සිසිල් බීම වලට මිශ්‍ර කර ඇති බවත්, මේ පිළිබඳව හයිද්‍රාබාද් පොලීසිය සමාජය දැනුවත් කරන ලෙසට පණිවිඩයක් යොමු කර ඇති බවට සඳහන් කරමින් පළ වූ සටහන් අසත්‍ය වෙයි. මෙය 2019 වසරේ සිට ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අසත්‍ය පණිවිඩයක් බවත්, හයිද්‍රබාද් පොලීසියි විසින් එවැනි පණිවිඩයක් යොමු කර නොමැති බවත්, එම පොලීසිය සඳහන් කරයි. එමෙන් ම ඉන්දීය කිසිදු මාධ්‍යයක් විසින් හෝ එවැනි පුවතක් ද, වාර්තා කර නොතිබුණි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඉන්දියාවේ හයිද්‍රබාද් පොලීසිය ඉබෝලා වෛරසය ඇතුළත් කර ඇති සිසිල් බීම සම්බන්ධයෙන් දැනුවත් කළ නිවේදනයේ ඇත්ත කතාව!

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News