කොවිඩ් 19 රෝගයටත් පෙර සිට පැවති Disease X හෙවත් X රෝගය පිළිබඳව සැබෑ තත්ත්වය!

Update: 2024-01-20 05:37 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum -WEF) න්‍යාය පත්‍රයේ Disease X නම් රෝගයක් සම්බන්ධයෙන් බරපතල සාකච්ඡා සිදුවෙමින් පවතින බවට පෙන්වා දෙන සමාජ මාධ්‍ය සටහන් මාලාවක් සහ ඒවාගේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳවයි.

සමාජ මාධ්‍ය සටහන්

සමාජ මාධ්‍ය සටහන්වලින් පෙන්වා දුන්නේ මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ඩෙවෝස් හිදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහභාගීත්වයද සහිතව පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ එක් සැසියක් මීලඟට ලෝකයේ ඇතිවන වසංගත තත්ත්වය සඳහා වගකිවයුතු වනු ඇතැයි සැලකෙන Disease X නම් රෝගය සඳහා සූදානම් වීම පිළිබඳව අරමුණු කරගෙන පැවැත්වෙන බවයි. මේ පිළිබඳව දෙස් විදෙස් සමාජ මාධ්‍යවල විවිධ පලකිරීම් සිදු කෙරුණා.

Facebook| Archived

Facebook | Archived

මේ අනුව සමාජ මාධ්‍ය පරිශීලකයින් මීට පහත පරිදි ප්‍රතිචාර දක්වා තිබුණා.

මෙම පලකිරීම් හමුවේ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න කළේ ලෝක ආර්ථික සමුළුව, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ව්‍යාපාර නායකයින් එක්ව Disease X පිළිබඳව සාකච්ඡා කිරීමට හේතුව කුමක්ද යන්නයි.

ඒ අනුව Disease X පිළිබඳව මෙවැනි කතාබහක් ඇතිවීම පිළිබඳව අප කරුණු විමර්ෂණයක් සිදු කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

Disease X යනු කල්පිත තත්ත්යක් බවට පැහැදිළි කිරීම -

"Disease X" යනු සැබෑ ලෙසින්ම ලෝකයේ පවතින රෝගයක් නොවෙයි. මෙම නම යොදා ගෙන ඇත්තේ, ඉදිරියේදී දරුණු ගෝලීය වසංගත තත්ත්වයක් ඇති කිරීමට හේතු විය හැකි උපකල්පිත රෝග කාරකයක් සඳහායි. මෙවැනි රෝගයක් කිසිඳු ලෙසකින් විද්‍යාඥයින් හෝ සෞඛ්‍ය වෘත්තිකයින්වත් නොදන්නා අතර, යම් දිනක ඇතිවිය හැකි වසංගත තත්ත්වයක හේතුව මෙය විය හැකි යැයි උපකල්පනය කරගත් රෝගයක් ලෙස මෙය දැක්විය හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වසර ගණනාවක් පුරා ඉදිරි කාලයේ වසංගත තත්ත්ව උද්ගත වුවහොත් ඊට සූදානම් වී සිටීම පිළිබඳව සාකච්ඡා පවත්වනවා. 2015 දෙසැම්බර් මාසයේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් R&D Blueprint නමින් වසංගත රෝග සඳහා පෙර සූදානම් සැලැස්මක් සකස් කර තිබුණා. මෙම වසංගත රෝග සැලසුමේ දරුණු ලෙස පැතිරී යාමට ඉඩකඩ ඇති නමුත් පාලනය කිරීමට හෝ ප්‍රතිකාර කිරීමට කිසිඳු ඖෂධයක් හෝ එන්නතක් නොමැති, බෝ නොවන රෝග ලැයිස්තුවක් ඇතුළත් වුණා. මෙහි ඉබෝලා, සිකා වැනි මාරාන්තික රෝග ඇතුළත් වූ අතර, Disease X ද 2015 වසරේ එම ලැයිස්තුවේ අන්තර්ගත වුණා. මෙය මීට එක් කර තිබුණේ ලෝකයේ මේ වන තෙක් නොතිබූ නමුත්, පසුකාලීනව ඇතිවිය හැකි රෝගයක් ලෙසයි.

2017/18, වසරවලදීද Covid-19 වසංගතය මතුවීමටත් පෙර බොහෝ කලකට පෙර සිටම "Disease X" යන්න භාවිතයේ පැවතුණා. ඒ සමයේ සිටම මෙය භාවිත කළේ ඉදිරියට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා බලපෑම් එල්ල කරමින් ඉදිරි අනාගතයේදී ඇති විය හැකි ගෝලීය සෞඛ්‍ය අර්බුධයක නිරූපනයක් ලෙසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2017 දී එහි ප්‍රමුඛතා රෝග ලැයිස්තුව සඳහාද Disease X ඇතුළත් කළා.

ප්‍රමුඛතාව සහ සූදානම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෘෂ්ඨිය -

2022 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ, වෛද්‍ය මයිකල් රයන් මහතා Lead Stories වෙත පැහැදිලි කළේ, වසංගත තත්ත්ව සඳහා ඵලදායීව ප්‍රතිචාර දැක්වීමට වඩාත් සාර්ථක පර්‍යේෂණ සහ පර්‍යේෂණ සංවර්ධන කටයුතු මෙහෙයවීම සඳහා, රෝගකාරක සහ වෛරස් ආදියට ප්‍රමුඛතාව ලබාදීම ඉතා වැදගත් බවයි. මෙලෙස ප්‍රමුඛතාව ලබාදීම සඳහා රෝග තෝරාගන්නා විට එම රෝගයේ විද්‍යාත්මක, මහජන සෞඛ්‍ය බලපෑම, සමාජ ආර්ථික බලපෑම, ළඟාවීමේ හැකියාව ආදී නිර්ණායක භාවිත කෙරෙනවා. වැඩිදුර පර්‍යේෂණ සදහා ආයෝජන අවශ්‍ය වන ප්‍රමුඛ රෝග ඇති කරන ව්‍යාධිජනක බැක්ටීරියා, වෛරස් සහ Disease X පිළිබඳව විමසා බැලීම සඳහා බොහෝ විශේෂඥයින් කටයුතු කරනවා.

මේ සම්බන්ධව ලෝක ආර්ථික සමුළුවේ නවතම තත්ත්වය -

ජනවාරි 17 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ලෝක ආර්ථික සමුළුවේදී ‘Disease X සඳහා සූදානම් වීම’ යන තේමාව යටතේ විද්වත් සාකච්ඡාවක් පැවැත්වුණා. ගෞරවණීය විද්වත් මණ්ඩලයක්ද ඇතුළත් වූ මෙම සාකච්ඡාවේදී හදිසි වසංගත තත්ත්වයකදී ගෝලීය සහයෝගීතාවය පවත්වා ගැනීම, අනාගතයේ එලඹෙන ඕනෑම හදිසි වෛද්‍ය අවස්ථාවකට මුහුණ දීමට සෞඛ්‍ය පද්ධති ශක්තිමත් වීමේ වැදගත්කම සහ පසුගිය සමයේ ලද අත්දැකීම් ඔස්සේ අනාගතයේ උද්ගතවන හදිසි සෞඛ්‍ය තත්ත්වයකට මුහුණ දීමට ඉගෙනගත යුතු අන්දම පිළිබඳව කතා කෙරුණා. WEF web

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරල් වන ටෙඩ්‍රෝස් අධනොම් ගෙබ්‍රියේසස් මහතා, නොදන්නා රෝගයක් හැඳින්වීම සඳහා යොදාගන්නා උපකල්පිත නමක් ලෙස Disease X යන නම මීට ලබාදී ඇති බවත්, එය අලුත් අදහසක් නොවන බවත් පෙන්වා දුන්නා. මෙම යෙදුම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2017/18 සිට භාවිත කළ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. ඒ අනුව අප මුළින්ම මුහුණ දුන් Disease X රෝගය වන්නේ කොවිඩ් 19 රෝගය බව එතුමා පැහැදිළි කළා. එතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කොවිඩ් 19 හා සමාන තවත් Disease X රෝගයක් නැවත ලෝකයේ පැතිර යාමට අනාගතයේදී අවස්ථාව පවතින බවයි. එවැනි නොදන්නා වසංගතයකට කල්තියා සූදානම් වී සිටීම ලෝකයේ සෞඛ්‍ය සේවා පද්ධති සඳහා වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නා. සම්පූර්ණ සාකච්ඡාව පහතින් නරඹන්න.

https://youtu.be/0O4n5Cf75ZM?t=225

පසුගිය වසරවලදී, ලෝක ආර්ථික සමුළුව සහ එහි ක්‍රියාවලිය ඉලක්ක කර විවිධ නොමඟ යවනසුළු පලකිරීම්වල වර්ධනයක් සමාජ මාධ්‍ය තුළදී අපට නිරීක්ෂණය වුණා.

Also Read: Did WEF Mandate that Humans Must Eat Faeces and Drink Urine to Fight Climate Change?

News about WEF`s Water Rationing System Is False

Follow us and stay up to date with our latest fact checks.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව, ලෝක ආර්ථික සමුළුව, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව නව වසංගත තත්ත්වයක් හදුන්වාදීමක් පිළිබඳව විවිධ සාකච්ඡා සිදුකරන බවට දැක්වෙන සටහන් අසත්‍යයි. ඉදිරි සමයේදී ලෝකයට යම් හෙයකින් වසංගත තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි සලකා එම වසංගත රෝගය Disease X ලෙස මෙහිදී නම් කර තිබෙනවා. මෙසේ වසංගත තත්ත්වයක් කරා ඉදිරි අනාගතයේදී ගමන් කර, Disease X බවට පත් වීමට වඩාත් ම හැකියාව සහිත රෝග පිළිබඳව සලකා එම රෝගයන් පිළිබඳව වැඩිදුර පර්‍යේෂණ සහ ආයෝජන සිදු කරමින්, ඉදිරි අනාගතයේ ඇතිවන සෞඛ්‍ය ව්‍යසනයන්ට මුහුණ දීම සඳහා ගෝලීය සූදානමක් සහ උපාය මාර්ග ඇති කිරීම පිළිබඳව මෙම සැසියේදී අවදානය යොමු කර තිබෙනවා.

සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ මෙම සැසිය පිළිබඳව වැරදි ලෙස අර්ථ කතනය කර තිබූ බව මෙයින් පෙනී යනවා. අනාගත වසංගත තත්ත්ව සඳහා ලෝකය කල් ඇතුව සූදානම් කිරීමක් ලෙස මෙම සැසිය පැවැත්වුණු බවට මෙහිදී පෙනී යනවා,

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කොවිඩ් 19 රෝගයටත් පෙර සිට පැවති Disease X හෙවත් X රෝගය පිළිබඳව සැබෑ තත්ත්වය!

Written By: Fact Crescendo Team

Result: Misleading

Tags:    

Similar News