Forsten’s Cat Snake හෙවත් නාග මාපිලා/ලේ මාපිලා අතිශයින් විෂ සහිත හෝ මාරාන්තික සර්ප විශේෂයක් නොවෙයි!

Update: 2024-04-15 17:36 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සර්පයන් නිසා මිනිසුන්ට සිදුවිය හැකි අනතුරු නිසා මිනිසුන් ඔවුන්ගෙන් ආරක්ෂා විය යුතු බව අප දන්නා දෙයක්. කෙසේ වෙතත්, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ විවිධ සර්පයින් පිළිබඳව සහ ඔවුන්ගේ විෂ ප්‍රමාණය පිළිබඳව තොරතුරු යම් තාක් දුරට වෙනස් කර හෝ අතිශෝක්තියට නංවා දැක්වීමේ ඉඩකඩක් පවතිනවා. මෙවැනි තොරතුරු බොහෝ විට සාමාන්‍ය ජනතාව අතර අනවශ්‍ය බියක් ඇතිකිරීමට දායක විය හැකියි.

සමාජ මාධ්‍ය සටහන්

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආන්දෝලනාත්මක වීඩියෝවක දක්වෙන්නේ මිනිසුන් පිරිසක් සර්පයෙකුව වටකරගෙන සිටින අන්දමක් දැක්වෙනවා. මෙහි පසුබිම් හඬකින් කියා සිටින්නේ එම වීඩියෝවේ දැක්වෙන සර්පයාගේ දෂ්ඨනයෙන් මිනිසෙකු විනාඩි 20ක් තුළ මරණයට පත් විය හැකි බවයි.

Full View

Facebook | Archived

ඒ අනුව මේ පිළිබඳව කරුණු විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

මෙම වීඩියෝවේ දැක්වෙන සර්පයා Forsten’s Cat Snake ලෙස හැඳින්වෙන බවත්, ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය ව්‍යවහාරයේදී නාග මාපිලා හෙවත් ලේ මාපිලා ලෙසින් හැඳින්වෙන බව අන්තර්ජාලයේ සර්පයන්ගේ අදාල වීඩියෝ සහ පින්තූර පිළිබඳව සිදුකළ විමර්ශනයකදී අපට පෙනී ගියා. ඒ සම්බන්ධ වීඩියෝවක් මෙතනින්.

මෙම සර්පයාගේ හඳුනාගැනීමේ ලක්ෂන පිළිබඳව තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අප ක්ෂේත්‍රයේ ප්‍රවීන සර්ප විද්‍යාඥයෙකු වන රුචිර සෝමවීර මහතාගෙන් අදහස් විමසා සිටියා. එතුමා ශ්‍රී ලංකාවේ උපන් සර්ප විද්‍යා විශේෂඥයෙකු වන අතර මේ වන විට ඔස්ට්‍රේලියාවේ ස්ටැන්ටෙක් නම් ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ තනතුර හොබවනවා. ඒ අනුව, ක්ෂේත්‍රය සම්බන්ධව එතුමාගේ ඇති පුළුල් දැනුම හා පළපුරුද්ද ඔස්සේ තහවුරු කර දුන්නේ ද මෙම වීඩියෝවේ සිටින සර්පයා Forsten’s Cat Snake හෙවත් Boiga forsteni බවයි.

Forsten’s cat Snake හෙවත් Boiga forsteni සර්පයාගේ (නාග මාපිලා/ලේ මාපිලා)

ලක්ෂණ - මාපිල් විශේෂ අතුරෙන් විශාලත්වයෙන් වැඩිම මාපිලන් විශේෂය මොවුන් ලෙස සැලකෙන අතර පූසෙකුගේ මෙන් විශාල ඇස් සහ ඇසේ මැද සිරස් කණිකාවක් පිහිටා ඇත. එය මොවුනට ඉංග්රීසි බසින් " Cat Snake " යන නාමය ලැබීමටද හේතු වී ඇත. මෙම සර්පයන්ගේ ඉතා සුලබව හමුවන වර්ණ ප්‍රභේදය වන්නේ කළු සහ සුදු වර්ණය සහිත ප්‍රභේදයයි. හොඳින් වැඩුණු නාග මාපිලුන් දිගින් අඩි 6කටත් වඩා වැඩි වෙනවා.

වාසස්ථාන: නාග මාපිලා හෙවත් ලේ මාපිලා, ඉන්දියාව, නේපාලය, ලංකාව වැනි දකුණු ආසියාතික රටවලට ආවේණික විශේෂයක්. ලංකාවේ පහතරට වනාන්තර සහ කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්‍රිත වාසස්ථානවලට මෙම මාපිල් විශේෂය වැඩි කැමැත්තක් දක්වන අතර තෙත්, වියළි හා අතරමැදි යන කලාප තුනේම දැක ගන්න පුළුවන්.

හැසිරීම: ඔවුන් රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් ක්‍රියාකාරීවන සර්ප විශේෂයෙක්. එමෙන්ම මොවුන් ගස් උඩ වැඩිවශයෙන් වශයෙන් ජීවත් වෙනවා.

ආහාර: කටුස්සන්, කුඩා සර්පයන්, කුරුල්ලන්, වවුලන් සහ මීයන් වැනි සත්වයින් මොවුන් ආහාර ලෙස ලබා ගන්නවා. මේ පිළිබඳව වැඩි විස්තර මෙතනින්.

විෂ සහ වෛද්‍යමය වැදගත්කම -

ලේ මාපිලා හෙවත් නාග මාපිලා මෙන්ම Boiga කුලයට අයත් අනෙකුත් සර්පයන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම අඩු සර්පයින් යටතට ගැනෙනවා. ඔවුන්ගේ දෂ්ඨනය සාමාන්‍යයෙන් දෂ්ඨනයට ලක්වූ ස්ථානයේ වේදනාව සහ ඉදිමීමක් වැනි සාමාන්‍ය බලපෑමක් ඇති කරනවා.

වැඩිහිටියන් හය දෙනෙක් සහ එක් දරුවෙක් ඇතුළුව ලංකාවේ සිදුවූ මාපිල් දෂ්ඨන සිද්ධීන් 7ක් යොදාගෙන සිදුකළ පර්‍යේෂණයකින් ඔප්පු වූයේ ඒ අතරින් 5දෙනෙකුට සරල බලපෑමක් පමණක් ඇතිවූ බවයි. ඒ අතරම, අනෙක් දෙදෙනා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැහැ. කිසිදු අතුරු අබාධයක් ඇතිවූයේත් නැහැ. ඒ පිළිබඳව පර්‍යේෂණ වාර්තාව මෙතනින්.

නාග මාපිලාට අමතරව මාපිලා/ගැරඬි මාපිලා (Boiga trigonata) සහ තවත් ලංකාවටම ආවේණික මාපිල් විශේෂ 3ක් ද මෙරටින් හමුවෙනවා. ලංකාවට ආවේණික විශේෂ තුන වන්නේ පඳුරු මාපිලා (Boiga barnesii), කහ මාපිලා (Boiga ranawanei) සහ නිදි මාපිලා (Boiga ceylonensis)යි. කෙසේවෙතත් ලංකාවේ හමුවන මාපිල් විශේෂ 5 ම සුළු විෂ සර්පයන් කොටසක් වන අතර, මිනිසකුට හානියක් කිරීමට තරම් ප්‍රබල විෂක් ඔවුන් සතුව නොමැත. මේ පිලිබඳ විස්තර මෙතනින්.

ලංකාවේ හමුවන මරණයක් සිදු කළ හැකි උග්‍ර විෂ සහිත සර්ප විශේෂ ගණන 06ක් පමණ වන අතර තෙල් කරවලා, මුදු කරවලා, නයා, තිත් පොළඟා සහ කුණකටුවන් විශේෂ දෙකක් අයත්වෙන බව උරග හා උභයජීවී විද්‍යාඥ, මෙන්ඩිස් වික්‍රමසිංහ පවසා තිබුනේ මෙලෙසින්.

Read in English: Forsten`s cat snake is not extremely venious or deadly!

තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

මෙම වීඩියෝවේ දැක්වෙන නාග මාපිලා ඉතා විෂ සහිත සර්පයෙක් බවට සහ උගේ දෂ්ඨනයෙන් විනාඩි 20ක් තුළ දී මරණයට පත්විය හැකි බවට දැක්වෙන ප්‍රකාශය අසත්‍යකි. මොවුන්ගෙන් ඇති වන්නේ සුළු බලපෑම් පමණයි. ඒ අනුව ලේ මාපිලා යනු සුළු විෂ සහිත සර්පයෙක්. සාමාන්‍යයෙන් සර්පයින් හමුවේදී තරමක් ප්‍රවේශම් විය යුතු වුවද, ඔවුන්ගේ විෂ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නෑ. එමෙන්ම එවැනි වැරදි මත සමඟ එම සර්පයින් නිකරුණේ මරාදැමීමද සුදුසු වන්නේ නැහැ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Forsten’s Cat Snake හෙවත් නාග මාපිලා/ලේ මාපිලා අතිශයින් විෂ සහිත හෝ මාරාන්තික සර්ප විශේෂයක් නොවෙයි!

Written By: Fact Crescendo Team

Result: Misleading

Tags:    

Similar News