සැල්මොනෙල්ලා බැක්ටීරියාව පිළිබඳ ඔබ දැනුවත් ද? එය ආසාදානය වී වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත් වූවාද?

Update: 2024-05-04 17:29 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සැල්මොනෙල්ලා ආසාදනය වී වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් බහුලව හුවමාරු වූ සටහන්හි සත්‍යතාවය පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත්වී තිබුණා. මෙම සිදුවීම සත්‍යක් ද, එයට හේතු කාරකය වූයේ කුමක්ද, යන්න පිළිබඳවත්, මෙම බැක්ටීරියාව පිළිබඳවත් බොහෝ දෙනෙකු විමසිලිමත් වූ අතර මෙහි නිරවද්‍යතාව සොයා සමාජය දැනුවත් කිරීමට සඳහා FactCrescendo අප සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“සැල්මොනෙල්ලා - තවත් ජීවිතයක් බිලිගනී ....ඔහුට වයස අවුරුදු 34ක් පමණයි. :, ඔහු සහ ඔහුගේ බිරිඳ ඉරිදා ගල්හින්න සිට ආපසු පැමිණි අතර, ඔවුන් ඔහුගේ මාමාගේ නිවසේ නැවතී

සිටි නිසා ඔවුන් ගෙදර ගියහ. ඇගේ දෙමාපියන් රාත්‍රී භෝජන සංග්‍රහයක සිටි නිසා ඔවුන් දෙදෙනාම චිකන් බර්ගර් ඇණවුම් කර තිබුණි. ඔහු සඳුදා රැකියාවට ගොස් සඳුදා රාත්‍රියේ අසනීප වීමට පටන් ගත්තේය. අඟහරුවාදා ඔවුන් රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය විය. ඔහුගේ සහෝදරිය වන වෛද්‍ය ෂර්මිලා පැවසුවේ සැල්මොනෙල්ලා ආසාදනය සෙප්සිස් දක්වා වර්ධනය වූ බවයි.

: එය සැල්මොනෙල්ලා නම් බැක්ටීරියාවකි, එය කුකුල් මස් රුධිරයේ ඇත. BBQ කුකුල් මස්, මම කියන්නේ හරියට උයලා නැති එක තමයි හේතුව. ඒක ලේවල තියෙනවා.” යනුවෙන් සඳහන් කළ සටහනක් සමගින් එලෙසින් ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරයාගේ ඡායාරූපයක් ද, සමගින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම සටහන WhatsApp ඔස්සේ ද, බහුල ව හුවමාරු වී තිබුණා.

ඉහත දැක්වෙන සටහනින් පෙන්වා දෙන පරිදි තාරික් හුස්නි කෆූර් නම් වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත් වූයේ ‘සැල්මොනෙල්ලා’ ආසාදිතව යන්න හා ඊට හේතුව එම වෛද්‍යවරයා විසින් ඊට පෙර දවසේ අනුභවය කළ ‘කුකුල් මස් බර්ගර්’ කෙටි ආහාරය සත්‍ය වශයෙන් ම මරණයට හේතු වී ඇත් ද යන්න පිළිබඳ විමසමින් බොහෝ පාඨකයින් පිරිසක් මේ පිළිබඳ විමර්ශනය කරන ලෙස අපගෙන් ඉල්ලීම් සිදු කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම):

අප මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න පිළිබඳ පරීක්ෂා කළ ත්, අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

අප සමාජ මාධ්‍ය හරහා සිදු කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, පසුගිය අප්‍රේල් 22 වනදා තාරික් හුස්නි ගෆූර්( Thariq Huzni Gaffoor) නමැති වෛද්‍යවරයෙක් නුවර, ගල්හින්න ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත් වූ බවට සටහන් පළ වී ඇති බවයි. එම සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link

මෙම සටහන් වල දක්වා තිබූ දුරකතන අංක දෙකක් හරහා අප එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමසීම් කළ අතර ඔවුන් සඳහන් කළේ, තාරික් හුස්නි ගෆූර් නමැති වෛද්‍යවරයා සැල්මොනෙල්ලා ආසාදිතව මරණයට පත් වූ බවත්, මරණ පරීක්ෂණ වර්තාවේද, ඔහු ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, සැල්මොනෙල්ලා ආසාදිත ව බව සඳහන් ව ඇති බවයි.

එමෙන් ම, සැල්මොනෙල්ලා ආසාදනය වීමට හේතු ව වන්නේ ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරයා විසින් අනුභව කළ පැවසෙන ‘චිකන් බර්ගර්’ කෙටි ආහාරය බවට තහවුරු වූවාද යන්න පිළිබඳ අප කළ විමසීමේදී ඔවුන් පැවසුවේ, මරණයට හේතුව වෛද්‍යවරයා අනුභව කළ කුමන ආහාරයක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත්, වෛද්‍ය හුසේන් මහතාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ, සැල්මොනෙල්ලා සක්‍රීය නොවී සති දෙකක් පමණ මිනිස් සිරුරේ පැවතිය හැකි බැවින්, සති දෙකක කාලයක් තුළ හුසේන් වෛද්‍යවරයා අනුභව කළ ඕනෑම ආහාරයක් හේතුවෙන් සැල්මොනෙල්ලා ආසාදනය විය හැකි බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - පූජාපිටිය

මෙම වෛද්‍යවරයා ජීවත් වූ ගල්හින්න ප්‍රදේශයට අයත් පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ද, අප විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, තාරික් හුස්නි ගෆූර් නමැති වෛද්‍යවරයා සැල්මොනෙල්ලා ආසාදනය වී ජීවිතක්ෂය ට පත් වී ඇති බවයි.

සෞඛ්‍යය හා ආහාර සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ

සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආහාර සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාගෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් කළ අතර, ඒ මහතා පැවසූවේ, ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන වෛද්‍යවරයා සැල්මොනෙල්ලා ආසාදනයෙන් මිය ගිය බවට තහවුරු වී ඇති බවයි.

එමෙන් ම එලෙස මිය ගියේ කුමන ආහාරයක් අනුභව කිරීමෙන් ද, යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත්, එම වෛද්‍යවරයා පසුගිය දින කිහිපයේ විවිධ ස්ථාන වලින් ආහාර ගෙන ඇති බවත්, වෛද්‍යවරයා’ බර්ගර්’ කෙටි ආහාරය ලබා ගත් ස්ථානයෙන් ආහාර ලබා ගත් අනෙක් පිරිසට කිසිදු අසනීප තත්ත්වයක් ඇති නොවී ඇති බවට තහවුරු වී ඇති අතර එම ආහාරය ලබා ගත් වේලාවේ සිට සැල්මොනෙල්ලා බැක්ටීරියාව ක්‍රියාත්මක වී මරණයට පත් වීමට කාලය නොමැති බවත්, කෙසේ වෙතත් මේ සඳහා සිදු කරන රසායනාගාර ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බව ත, ඉන් පසු ඒ සම්බන්ධයෙන් නිසියාකාර ව තහවුරු කිරීමට හැකි බවයි වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා වැඩි දුරටත් පැවසුවේ.

සැල්මොනෙල්ලා යනු?

සැල්මොනෙල්ලා යනු මිනිසුන් රෝගී කරන බැක්ටීරියාවකි.

සැල්මොනෙල්ලා ආසාදනයෙන් මිනිසුන්ට ඇති වන රෝග මොනවාද?

සැල්මොනෙල්ලා වර්ග බොහොමයක් සැල්මොනෙලෝසිස් නම් රෝගයක් ඇති කරයි, තවත් සමහර සැල්මොනෙල්ලා වර්ග උණ සන්නිපාතය හෝ paratyphoid උණ(උණ සන්නිපාතයට සමාන උණක්) ඇති කරයි.

සැල්මොනෙල්ලා ආසාදන රෝග ලක්ෂණ මොනවාද?

සැල්මොනෙල්ලා ආසාදනය ඇති බොහෝ දෙනෙකුට පාචනය, උණ සහ බඩේ කැක්කුම ඇති වේ.

රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සැල්මොනෙල්ලා ආසාදනය වීමෙන් පැය හයේ සිට දින හය දක්වා ආරම්භ වන අතර දින හතරක් හෝ හතක් පවතී. කෙසේ වෙතත්, සමහර පුද්ගලයින් ආසාදනය වී සති කිහිපයක් යනතුරු රෝග ලක්ෂණ නොපෙන්වන අතර තවත් සමහරු සති කිහිපයක් රෝග ලක්ෂණ අත්විඳිති.

සැල්මොනෙල්ලා වික්‍රියා සමහර විට මුත්‍රා, රුධිරය, අස්ථි, සන්ධි හෝ ස්නායු පද්ධතියේ (කොඳු ඇට පෙළේ තරලය සහ මොළය) ආසාදන ඇති කරන අතර දරුණු රෝග ඇති කළ හැකිය.

සැල්මොනෙල්ලා ආසාදනය හඳුනා ගන්නේ කෙසේද?

සැල්මොනෙල්ලා ආසාදනය හඳුනාගනු ලබන්නේ රසායනාගාර පරීක්ෂණයකින් පුද්ගලයෙකුගේ මළපහ, ශරීර පටක හෝ තරලවල සැල්මොනෙල්ලා බැක්ටීරියාව හඳුනා ගන්නා විටයි.

සැල්මොනෙල්ලා ආසාදනය ප්‍රතිකා කරන්නේ කෙසේද?

බොහෝ අය ප්‍රතිජීවක(Antibiotic) නොමැතිව දින හතරක් හෝ හතක් ඇතුළත සැල්මොනෙල්ලා ආසාදනයෙන් සුවය ලබයි. සැල්මොනෙල්ලා ආසාදනයෙන් පෙළෙන පුද්ගලයින් පාචනය පවතින තාක් අමතර දියර පානය කළ යුතුය.

ප්‍රතිජීවක ප්‍රතිකාර සඳහා නිර්දේශ කරනු ලබන්නේ :

  • දරුණු රෝග ඇති පුද්ගලයින්.
  • HIV ආසාදනය හෝ රසායනික චිකිත්සක ප්‍රතිකාර වැනි දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්.
  • හෘද රෝග වැනි වෛද්‍ය ගැටලු ඇති වයස අවුරුදු 50 ට වැඩි වැඩිහිටියන්.
  • ළදරුවන් (මාස 12 ට අඩු ළමුන්).
  • වයස අවුරුදු 65 හෝ ඊට වැඩි වැඩිහිටියන්.

ආසාදනය දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිද?

සැල්මොනෙල්ලා නිසා ඇති වන පාචනය ඇති බොහෝ පුද්ගලයින් සම්පූර්ණයෙන්ම සුවය ලබයි, නමුත් සමහර පුද්ගලයින්ගේ බඩවැල් (සංඛ්‍යාතය සහ මලපහයේ අනුකූලතාව) මාස කිහිපයකට යථා තත්ත්වයට පත් නොවිය හැකිය.

සැල්මොනෙල්ලා ආසාදනයෙන් පෙළෙන සමහර පුද්ගලයින් ආසාදනය අවසන් වූ පසු ප්‍රතික්‍රියාශීලී ආතරයිටිස් ලෙස හඳුන්වන ඔවුන්ගේ සන්ධිවල වේදනාව වර්ධනය වේ. ප්‍රතික්‍රියාශීලී ආතරයිටිස් මාස හෝ වසර ගණනාවක් පැවතිය හැකි අතර ප්රතිකාර කිරීමට අපහසු විය හැක. ප්‍රතික්‍රියාශීලී ආතරයිටිස් ඇති සමහර පුද්ගලයන්ට මුත්‍රා කිරීමේදී ඇස් කැසීමක් සහ වේදනාවක් ඇති වේ.

මිනිසුන්ට ආසාදනය වන්නේ කෙසේද?

සැල්මොනෙල්ලා මිනිසුන්ගේ සහ සතුන්ගේ බඩවැල්වල ජීවත් වේ. විවිධ ප්‍රභවයන්ගෙන් මිනිසුන්ට සැල්මොනෙල්ලා ආසාදනය විය හැක. එමෙන් ම දූෂිත ආහාර අනුභව කිරීම හෝ දූෂිත ජලය පානය කිරීම, ආසාදිත සතුන්, ඔවුන්ගේ අසූචි හෝ ඔවුන්ගේ වාසස්ථාන ස්පර්ශ කිරීමෙන්.

ආසාදන හා දරුණු රෝගාබාධවලට ගොදුරු වීමට වැඩි ඉඩක් ඇත්තේ කාටද?

  • සැල්මොනෙල්ලා ආසාදනයට ගොදුරු වීමේ වැඩි ඉඩක් ඇත්තේ අවුරුදු 5 ට අඩු දරුවන් ය.
  • මව්කිරි නොදෙන ළදරුවන්ට (මාස 12 ට අඩු ළමයින්) සැල්මොනෙල්ලා ආසාදනය වීමේ සම්භාවිතාව වැඩිය.
  • ළදරුවන්, වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් දරුණු ආසාදනවලට ගොදුරු වීමේ වැඩි ඉඩක් ඇත.
  • සමහර ඖෂධ ලබා ගන්නා පුද්ගලයින් (උදාහරණයක් ලෙස, ආමාශයේ අම්ල අඩු කරන්නන්) ආසාදනය වීමේ අවදානම වැඩි වේ.

ක්ෂුද්ර ජීවී ප්‍රතිරෝධය සහ සැල්මොනෙල්ලා ගැන ඔබ දැනගත යුත්තේ කුමක්ද?

ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය ඇති වන්නේ බැක්ටීරියා සහ දිලීර වැනි විෂබීජ ඒවා විනාශ කිරීමට සැලසුම් කර ඇති ඖෂධ පරාජය කිරීමේ හැකියාව වර්ධනය කරන විටය. එනම් විසබීජ මැරෙන්නේ නැහැ, දිගටම වැඩෙනවා. සැල්මොනෙල්ලා හි අත්‍යවශ්‍ය ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධය වැඩි වෙමින් පවතින අතර එමඟින් දරුණු ආසාදන ඇති පුද්ගලයින් සඳහා ප්‍රතිකාර විකල්ප සීමා කළ හැකිය. ප්‍රතිජීවක ප්‍රතිරෝධය වර්ධනය වීම මන්දගාමී කිරීමට එක් ක්‍රමයක් වන්නේ ප්‍රතිජීවක නිසි ලෙස භාවිතා කිරීමයි.

සැල්මොනෙල්ලා ආසාදනය කෙතරම් සුලභද?

රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) ඇස්තමේන්තු කර ඇති පරිදි සැල්මොනෙල්ලා සෑම වසරකම එක්සත් ජනපදයේ මිලියන 1.35 රෝගාබාධ, 26,500 රෝහල්ගත කිරීම් සහ මරණ 420 ක් පමණ ඇති වී තිබේ. මූලාශ්‍ර : CDC

ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය(MRI)

දුරකතන මාර්ගයෙන් අප ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, සහකාර රස පරීක්ෂක, වෛද්‍ය සුජාතා පතිරගේ මහත්මියගෙන් මේ පිළිබඳ විමසීමක් කළා.

“සැල්මොනෙල්ලා ජාති දෙකක් තියෙනවා. උණසන්නිපාතය ඇති කරන සැල්මොනෙල්ලා වර්ග 4ක් තිබෙනවා. එමෙන් ම උණ සන්නිපාතය ඇති නොකරන අනෙක් සැල්මොනෙල්ලා වර්ග 3000ක් පමණ පවතිනවා.”

  • උණසන්නිපාතය ඇති කරන සැල්මොනෙල්ලා වර්ගය (Typhoidal Salmonella)

උණසන්නිපාතය වැළඳුණු රෝගියෙකුගේ අසූචි වලින්, වැසිකිළියට ගොස් නිසියාකාරව අත් සෝදා නොගෙනීමෙන් වෙනත් කෙනෙකු ස්පර්ශය කිරීමෙන්, ඔවුන් අතින් ස්පර්ශ වූ ආහාර හරහා, අසූචි මිශ්‍ර වූ ජලය තුළින් අමු වෙන් කන පළා වර්ග වැනි ආහාර වලට මිශ්‍ර වී එම ආහාර ලබා ගන්නා පුද්ගලයන්ට මෙම බැක්ටීරියාව ආසාදනය වීමේ හැකියාවක් පවතී.

  • උණසන්නිපාතය නොමැතිව සිදු වන සැල්මොනෙල්ලා ආසාදනය(Salmonella -non-typhoidal)

ඉහත සටහනේ සඳහන් වන වෛද්‍යවරයාගේ තත්ත්වය උණසන්නිපාත තත්ත්වයකින් තොරව සෑදුනු සැල්මොනෙල්ලා ආසාදනයක් බවත්, සැල්මොනෙල්ලා ලේ වලට මිශ්‍ර වී ඇති බ ත්, මෙම සැල්මොනෙල්ලා වර්ගය සෑමතැනම තිබෙන්නට පුළුවන් බව ත්, කුකුළන් වැනි සත්ත්වයන්ට, කුකුල් මස්වල, ඒවා අංශක 60කට වැඩි උෂ්ණත්වයක් යටතේ සකසා නොමැතිනම්, සැල්මොනෙල්ලා බැක්ටීරියාව මැරී නොමැති නම් ඒවා ආහාර වීදියට ලබා ගැනීම සැල්මොනෙල්ලා ආසාදනය විය හැකි.

ඒ අනුව ඉහත සඳහන් ආකාරයට ‘චිකන් බර්ගර්’ එකක් වුවද නිසි උෂ්ණත්වය යටතේ පිස නොමැති නම් සැල්මොනෙල්ලා බැක්ටීරියා ඒ තුළ පැවතීමේ හැකියාව මත එය ආසාදනය විය හැකි බව ත්, වෙනත් ඕනෑම ආහාරයක් තුළින් මෙය ආසාදනය විය හැකි බවයි වෛද්‍ය සුජාතා පතිරගේ මහත්මිය පෙන්වා දෙන්නේ.

සැල්මොනෙල්ලා බැක්ටීරියාව ආසාදනය වන මිනිසුන් මෙරට සිටින බව ත්, අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් සුව වන බව ත්, මරණීය තත්ත්වයන් ද, මෙරටින් වාර්තා වී ඇති අතර එය තව ත් රෝග කාරකයක් හා සම්බන්ධ වීමෙන් සිදු වන බව ත් ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥවරිය පෙන්වා දෙනවා.

වළක්වා ගත හැකි ක්‍රම

පොදුවේ ආහාර මගින් බෝවෙන රෝග වළක්වා ගැනීම සඳහා ගන්නා පියවර අනුගමනය කළ යුතු බව ඒ මහත්මිය සඳහන් කරනවා.

ආහාර පිසීම සඳහා භාවිත කරන ජලය පිරිසිදු මූලාශ්‍රයකින් ලැබිය යුතුයි. මස් වර්ග මිලදී ගැනීමේ එම මිලදී ගන්නා ස්ථාන වල අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ අනුගමනය කිරීම, ගුණාත්මකභාවය උදාහරණයක ලෙස එම මස් වර්ග කපන පිහිය, එය බහලන තැටියේ සිට පවා සැලකිලිමත් විය යුතු අතර ඒවා ආහාර පිළියෙළ කිරීම තෙක් පිරිසිදුව තබා ගැනීම වැනි බොහෝ ක්‍රියා ගැන සැලකිලිමත් විය යුතු බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක - ඩබ්.ජී.එල්. සසංක

නිවසේදී කුකුල් මස් පරිභෝජනයේදී සැලකිළිමත් වන අයුරු සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා සඳහන් කළ එම සටහන මෙතනින්.

කුකුල් මස් වල ස්වාභාවික වශයෙන්ම සැල්මොනෙල්ලා බැක්ටීරියාව බහුල ලෙස පවතින අතර එදිනෙදා පරිහෝජනයේදී නොසැලකිල්ල හේතුවෙන් මෙම බැක්ටීරියාව මුළුතැන්ගෙය පුරා මෙන්ම අපගේ ශරීරයටද ඇතුළු වෙයි. මෙම බැක්ටීරියාව ශරීර ගතවු පසු බඩේ අමාරැ,වමනය හා ඇතැම් අවස්ථා වල දරැණු රෝග කරා වර්ධනය විය හැක.වෙළෙඳ පොලෙන් මිලදී ගත් අවස්ථාවෙ සිට මුළුතැන්ගෙය් පරිභෝජනය කරන අවස්ථාව දක්වා පහත කරැණු පිළිබඳ සැලකිළිමත් වෙමු.

  • වෙළෙඳ පොලෙන් මිලදී ගත් පසු ඔබ මිලදී ගත් වෙනත් පිසූ හෝ අර්ධ ලෙස පිසූ ආහාර සමග නොතබා වෙනම තබා ගැනීමට සැලකිළිමත් වන්න.මෙමගින් හරස් දූෂණය/cross contamination වීම වළක්වා ගත හැක.
  • නිවසට රැගෙන එමෙන් පසු බහාලන ලද පොලිතින් ආදිය ක්රමවත්ව ඉවත්කරන්න.නැවත භාවිතයට නොගන්න.
  • කැබලි කිරීමට ප්රථමයෙන් සම ඉවත් කර නොමැතිනම් එය අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුය.සේදීමට සින්ක් එක හෝ භාවිතා කළ භාජන හා ඔබගේ දෑත් අනෙක් ආහාර සකස් කිරීමට පෙර සබන් දමා සෝදන්න.
  • මස් කැපීමට හා අනෙක් ආහාර කැපීමට වෙන වෙනම ලෑලි දෙකක් තබාගැනීමට අනිවාර්යයෙන්ම සැලකිළිමත් වන්න. කැපීමට පෙර හා පසු ඒවා හොදින් පිරිසිදු කර තබන්න.
  • පිසගැනීමේදී හොදින් පූර්ණ ලෙසින් තැමිබී ඇතිදැයි සැලකිළිමත් වන්න.

ඉහත කරැණු අනුගමනය කිරීම මගින් සැල්මොනෙල්ලා ඇතුළු විශබීජ පැතිරයාම වළක්වා ගත හැකි බව ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, සහකාර රස පරීක්ෂක, වෛද්‍ය සුජාතා පතිරගේ මහත්මිය ද, තහවුරු කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok|WhatsApp

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සැල්මොනෙල්ලා බැක්ටීරියාව පිළිබඳ ඔබ දැනුවත් ද? එය ආසාදානය වී වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත් වූවාද?

Written By: Pavithra Sandamali

Result: Insight

Tags:    

Similar News