පළාත් අතර වෙනත් පළාතක වාහනයක් ධාවනය කිරීමට නොහැකි බවට පොලිස් නිලධාරිනිය පැවසුවාද?

Update: 2024-05-23 11:59 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවලදී සත්‍ය තොරතුරු නොමග යවනසුළු අර්ථ කථනයෙන් පළ කරනු ලබනවා. ඇතැම් අවස්ථා වලදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ, ඡායාරූප නැරඹීමේදී ප්‍රේක්ෂකයන් වුවද, එහි දැක්වෙන සත්‍ය තොරතුරු ග්‍රහණය කර නොගැනීම හේතුවෙන් නොමග යනු ලබයි. එලෙසින් සංසරණය වූ වීඩියෝවක සත්‍ය තොරතුරු සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“පළාත් අතර වාහන පදින්න බෑ. ලංකාවේ නීති” යන පාඨය සඳහන් කරමින් කෙටි වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා. මෙම වීඩියෝවේ දැක්වූයේ පොලීසිය විසින් නවත්වනු ලැබූ වාහනයක රියැදුරු විසින් එම අවස්ථාවේ සිටි පොලිස් නිලධාරිනියකගෙන්, තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හේතුව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයුරුයි.

මෙහිදී නඩු පවරන පුද්ගලයා විසින් සඳහන් කරන්නේ වෙනත් පළාතක වාහනයක් ලියාපදිංචි කළ පුද්ගලයෙකුට තවත් පළාතකට වාහනය ධාවනය කළ නොහැකි බවත්, ඒ හේතුව ඔස්සේ තමන්ට නඩු පැවරීම සිදු කරන බවත් ය.

Full View

Facebook

මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කරනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පළාත් අතර වාහන වලට හුවමාරු වීමට නොහැකි බව ට පොලිස් නිලධාරිනියක් පවසන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත වීඩියෝව පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, එම පොලිස් නිලධාරිනිය විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකරන බවයි.

එමෙන් ම පොලිස් නිලධාරිනිය විසින් අදාළ පුද්ගලයාට නඩු පැවරීම සිදු කරනු ලබන්නේ, වෙනත් පළාතක වාහනයක් ලියාපදිංචි කළ පුද්ගලයෙකුට තවත් පළාතකට වාහනය ධාවනය කිරීමට එරෙහිව නොව, වාහනය සන්තකයේ පවරා නොගැනීම යන වරදට බව එම නිලධාරිනිය සඳහන් කරනු කරනු ලබයි.

කෙසේවෙතත් මෙහිදී මෙම වීඩියෝව පටිගත කරන, නඩු පැවරීමකට ලක්වන පුද්ගලයා විසින් තමන්ට එරෙහිව නඩු පැවරීමට හේතුව ලෙස දක්වන්නේ, වෙනත් පළාතක වාහනයක්, තවත් පළාතකට ධාවනය කිරීම නිසා බවට පෙන්වා දී තිබුණා. නමුත් පොලිස් නිලධාරිනිය විසින් එවැනි ප්‍රකාශයක් සිදු කරන බවට දැක ගනන්ට නොලැබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා මාධ්‍ය හමුවකදී පැහැදිලි කිරීමක් සිදු කළේ මෙලෙසින්.

කෑගල්ල පොලිස් කොට්ඨාශයේ පින්දෙනිය පෙලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අවිස්සාවේල්ල සිට ගලිගමුවට ගමන් කරන මාර්ගයේ රාජකාරි යෙදමින් මාර්ගයේ ගමන් කරන වාහන පරීක්ෂා කරමින් සිටින අතරතුර ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේදී මෙම ගැටලුව ඇති වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ මෙම අවස්ථාවේ දී සිදු කළ පරීක්ෂාවේදී ත්‍රී රෝද රථයේ ආදායම් බලපත්‍රය එක් පුද්ගලයෙකුගේ නමට තිබී ඇති අතර එහි රක්ෂණ සහතිකය තවත් පුද්ගලයෙකුගේ නමට තිබී ඇත. රියැදුරා වශයෙන් කටයුතු කර ඇත්තේ මෙම නම් දෙකම සඳහන් පුද්ගලයෙකු නොවේ. ඒ වගේ ම ප්‍රදේශ තුනක ආදායම් බලපත්‍රය එක් ප්‍රදේශයක ලිපිනයක්, රක්ෂණ සහතිකය තවත් ප්‍රදේශයක ලිපිනයක්, එම අවස්ථාවේ රිය පදවන රියැදුරා සිටින්නේ තව ත් ප්‍රදේශයක බවත්, එහි දැක්වේ.

ත්‍රී රෝද රථයේ අයිතිය හා ධාවනය කිරීමට අවශ්‍ය ලේඛන, මේ ආකාරයට නම් කිහිපයකින් තිබීම සහ ත්‍රී රෝද රථයේ අයිතිකාර පුද්ගලයාට කිසිම ලේඛනයක් නොතිබීම හේතුවෙන් ඇති වූ සැකය මත, අදාළ පොලිස් නිලධාරිනිය විසින් නඩුව ගොනු කර තිබෙනවා.

ඉන්පසු ඔහුට එරෙහිව නියමිත ලියාදිංචි අයිතිකාරීත්වය පවරා නොගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදු කර තිබෙනවා.

පසුව සිදු කළ වැඩි දුර පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, මෙම ත්‍රී රෝද රථය ඔහු විසින් භාවිත කරන, ඔහු විසින් මුදල් ගෙවා මිලදී ගත් ත්‍රී රෝද රථයක් බවත්, නමුත් එම රථය ඔහුගේ නමට ලියාපදිංචිය හරවගෙන නොමැති බව ත් ය. ඒ හේතුවෙන් අදළා නඩුවට ඔහු ඉදිරිපත් කර ඇති අතර අධිකරණයේදී එහිදී පුද්ගලයා විසින් වරද පිළිගෙන තිබෙනවා. අධිකරණය මගින් රු. 5000ක දඩයක් ද නියම කර තිබේ.

තව ද නිහාල් තල්දූව මහතා අවධාරණය කර සිටියේ, පසුගිය කාල සීමාව තුළ විවිධාකාරයේ වාහන මංකොල්ලකෑම්, ත්‍රී රෝද රථ සොරකම් කිරීම් විශාල වශයෙන් වාර්තා වූ අතර පසුගිය වර්ෂයේ 1400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූයේ වාහන සොරකම් කිරීම් සම්බන්ධයෙන් බවත්, මේ තත්ත්වය මත විශේෂයෙන් ම ‘යුක්තිය’ මෙහෙයුම යටතේ වාහන පරීක්ෂා කිරීමට නිරන්තරයෙන් උපදෙස් ලබා දී තිබෙන බැවින් ඒ පිළිබඳව නිරන්තරයෙන් පරීක්ෂා කරන බවත්, ඒ අනුව සිදු කළ පරීක්ෂාවක් අතරතුර දී මෙම සිදුවීම වාර්තාවී තිබෙන බවත්, මේ ආකාරයේ සැක සහිත සිදුවීමක දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය බැඳී සිටින බවයි.

වෙනත් කෙනෙකුගේ වාහනයක් ධාවනය කරනවා නම් ඒ කෙනාගේ වාහනයේ ලියාපදිංචි පොත රැගෙන යා යුතු ද? වාහනයක් ගෙන යන රියැදුරෙකු සතුව තිබිය යුතු ලියකියවිලි මොනවාද?

එසේම ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ එක් අවස්ථාවක දී පොලිස් නිලධාරිනිය විසින් පවසන්නේ වාහනයේ ලියාපදිංචි ලේඛනය (පොත) ද වාහනයේ තිබිය යුතු බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මෙම තත්වය මීට වසර කිහිපකයකට පෙර හදිසි නිතිය යටතේ අනිවාර්ය වී තිබුණ ද මේ මොහොතේ දී අතවශ්‍ය ලෙස රියදුරෙකු සතුව තිබුය යුතු ලේඛන වන්නේ, වාහනයේ වලංගු ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය සහ රියදුරු බලපත්‍රයක් යන්නයි.

එමෙන් ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරන්නේ, එම වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා සඳහන් කරන්නේ, පළාතින් පළාතට ගෙනි යන්න බැහැ කියන කාරණය. වැරදි පණිවිඩයක් සමාජ ගත කරන්න උත්සහ දරන අවස්ථාවක් ඒක. සත්‍ය වශයෙන් ම හිමි කාරිත්වය පවරා නොගෙනීම යි ඔහුට එල්ල වූ චෝදනාව. එමෙන් ම ඊට ඔහු වැරදි කරු වී තිබෙනවා.

පළාතෙන් පළාතට වෙනත් පළාතක ලියාපදිංචි වූ වාහනයක් ධාවනය කිරීමට නොහැකිද?

වාහනයකට පළාතෙන් පළාතට ධාවනය කිරීම සඳහා විශේෂ බලපත්‍රයක් හෝ විශේෂ නීතියක් අවශ්‍ය නැහැ. ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට තමා සතු හෝ තමාගේ අනුදැනුම යටතේ, අදාළ වාහනය ධාවනය කිරීමේ අයිතිය, වාහනේ හිමිකරුට හෝ ධාවනය කරමින් සිටින රියැදුරාට තිබෙනවා. නමුත් පොලිස් නිලධාරියෙකු විසින් වාහනය නවතා අදාළ ලේඛන විමසා සිටිය දී ඒවා ලබාදීමටත් එහි හිමිකාරිත්වය හෝ හිමිකාරිත්වය සමඟ ඇති සම්බන්ධතාවය පෙන්වීමට රියදුරු බැඳී සිටිනවා.

වෙනත් අයෙකුගේ වාහනයක් තවත් කෙනෙකු මිලදී ගැනීමේදී වාහනයේ ලියාපදිංචි පොත පැවරීම සිදු කරන්නේ කෙසේ ද?

වාහනයක් යම්කිසි ආකාරයකට විකිණීමේදී මෝටර් වාහන පනත අනුව අදාළ ලේඛනය සම්පූර්ණ කළ යුතු වෙනවා. එහි පිටපත් දෙපාර්ශවයට ම ලැබෙනවා. ( වාහනය මිලදී ගන්න පුද්ගලයා ට මෙන් ම වාහනය විකුණන පුද්ගලයාට) විකුණන පුද්ගලයාට ලැබෙන පිටපතක් ඔහු භාරයේ තබා ගත යුතු වෙනවා. ඒ වගේ ම ඉතිරි පිටපත ඔහු විසින් යොමු කළ යුතු වෙනවා මෝටර් ප්‍රවාහන රථ වාහන කොමසාරිස් වරයා වෙත. ඒ තමා සතු වාහනය විකුණුවා කියන කාරණය දැනුම් දීම සඳහා.

ඒ වගේම වාහනය මිලදී ගන්නා පුද්ගලයා, දින 14ක් ඇතුළත, එම වාහනය තමාගේ නමට පවරා ගෙනා ලියාපදිංචි කිරීම සඳහා මෝටර් රථ වාහන කොමසාරිස් වරයා වෙත යොමු කළ යුතුයි. මෝටර් ප්‍රවාහන පනත අනුව, වෙනත් කෙනෙකුගේ වාහනයක් තමන්ගේ නමින් දීර්ඝ කාලීනව භාවිත කිරීහේ හැකියාවක් නැහැ.

ඒ අනුව තමා විසින් වාහනයක් මිලදී ගෙන තිබනෙවා නම්, එය අනිවාර්යෙන් ම එම පුද්ගලයාගේ නමට පවරා ගත යුතුයි. තමා සතු වාහනය තමාගේ නමට පවරා ගත යුතු වෙනවා.

ඕනෑම රියෙදුරෙකුට ඕනෑම වාහනයක් ධාවනය කිරීමට හැකියාව තියෙනවා. නමුත් අනතුරක් ඇතිවුණ අවස්ථාවක, එම වාහනයේ හිමිකරුට, යම්කිසි ආකාරයකට බැඳීමක් තියෙනවා, විශේෂයන්ම යම්කිසි ආකාරයක වැරැද්දක් කරලා තියෙනවානම්. වි

ශේෂයෙන් ම වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැති කෙනෙකුට වාහනය ධාවනය කිරීමට ඉඩ ලබා දුන්නොත්, වාහනයේ හිමිකරු ඒ වගකීමෙන් බැඳෙනවා. එවැනි දේවල් හැරෙන්නට වාහනයක් ධාවනය කිරීමේ හැකියාව තියෙනවා රියැදුරු බලපත්‍රයක් තියෙන කෙනෙකුට. නමුත් අදාළ ලේඛන තිබිය යුතු වෙනවා.

රථ වාහන නීති සම්බන්ධ හසුරුවන්නේ රථ වාහන නිලධාරීන් පමණක් ද?

ඒක සමාජයේ තියෙන මතයක්. මෝටර් ප්‍රවාහන රථ පනතේ බලය තියෙන්නේ පොලීස් නිලධාරීන්ට. ඒ කියන්නේ නිල ඇඳුම ඇඳගත් පොලිස් නිලධාරීන්ට තමයි බලය තියෙන්නේ. එහිදී කොහෙවත් රථ වාහන නිලධාරීන් කියලා වෙන ම කොටසක් නැහැ. නමුත් පොලිස් නිලධාරීන් අතරින් අපි සාමාන්‍යයෙන් විශේෂයෙන් රථ වාහන පුහුණුව ලබා දෙනවා සමහර නිලධාරීන් කොටසකට ඒ නිසා ඒ පිරිස වැඩිපුර රථවාහන රාජකාරි සඳහා යෙදවීමක් කරනවා. එය පොලීසියේ තියෙන අභ්‍යන්තර පරිපාලන ක්‍රම වේදයක් හැරෙන්න ට කිසිම පොලිස් නිලධාරියෙකුට රථ වාහන නඩුවක් ලබා ගැනීමට රථ වාහන සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිල ඇඳුම ඇඳගත් ඕනෑම පොලිස් නිලධාරියෙකුට ඒ කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා.

https://srilanka.factcrescendo.com/wp-content/uploads/2024/05/police-full-cut.mp4

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

https://srilanka.factcrescendo.com/2020/09/14/fact-check-false-claims-on-police-officers-legal-provisions

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පළාත් අතර වෙනත් පළාතක වාහනයක් ධාවනය කිරීමට නොහැකි බවට පොලිස් නිලධාරිනිය පැවසුවාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News