බොලිවුඩයේ සුපිරි තරු වෙසක් පෝ දා නිමිත්තෙන් සිදු කළ වීඩියෝවක් නොවේ!

Update: 2024-05-28 05:56 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඉන්දීය සුපිරි නළු නිළියන් කිහිප දෙනෙකු විසින් මෙවර වෙසක් මංගල්‍ය සඳහා බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇතුළත් කරමින් වෙසක් පණිවිඩ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව වෙත මෙරට ජනතාවගේ ආකර්ශනය, ආදරය හිමි වුණා. බොහෝ දෙනෙකු මේ පිළිබඳ කෘතඥතාවයෙන් යුතුව ඇගයූ අතර බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය වේදිකාවේ මෙම වීඩියෝව බහුලව හුවමාරු කර ගනු ලැබුවා. නමුත් මෙම වීඩියෝවේ සත්‍ය පසුබිම කුමක් ද? එය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

‘උතුම් වෙසක් මංගල්‍යය වෙනුවෙන් බොලිවුඩ් සුපිරි තරු ගෙනෙන පණිවිඩ’ යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සංසරණය වුණා. මෙම වීඩියෝවේ ඉන්දීය සුපිරි රංගන ශිල්පීන් වන ශාරුක් කාන්, සල්මාන් කාන්, අමීර් කාන්, රන්බීර් කපූර්, විකී කෞශාල්, ආලියා බාත්, කන්ගනා රනාවුත්, සහ සෝනම් කපූර් විසින් බුදුන් රජාණන් වහන්සේ විසින් වදාළ කරුණු කිහිපයක් වෙසක් මංගල්‍ය වෙනුවෙන් මතකාවර්ජනා කරන බවටයි ඉන් අඟවා තිබුණේ. එම වීඩියෝව පහතින්.

Full View

Facebook

එමෙන් ම මේ ලොවක් ආදරය කරන බොලිවුඩ් තරු කිහිපයකට බුදුදහම දැනුනු ආකාරය​ යනුවෙන් පවසමින් ද, මෙම වීඩියෝව සංසරණය වූයේ මෙලෙසින්. Archived Link

එම පණිවිඩයන් මෙසේ ය.

  1. මා හිංසාවට විරුද්ධයි. මන්ද ඉන් ලැබෙන්නා වූ සතුට, සමාදානය බොහෝ තාවකාලිකයි. එහෙත් ඉන් හට ගන්නා වෛරය සදාකාලිකයි.
  2. දුබලයාට කිසිදා සමාව දිය නොහැක. සමාව දීම ශක්තිමත් අයගේ ගුණාංගයයි.
  3. තමා හට තමාව හඳුනාගත හැකි සුදුසුම මග නම් තමාව අනුන්ගේ සේවාව වෙනුවෙන් කැප කිරීමයි.
  4. මම මරණයට සූදානම් එහෙත් යමෙක් මැරීමට සූදානම් වීමට එබඳු කිසිදු හේතුවක් මා හට නෑ. 
  5. පුද්ගලයෙකු ගොඩ නැගෙන්නේ, ඔහුගේ විනිශ්චය මත. ඔහු සිතන්නේ යම් සේද, ඒ අනුව ඔහු සැකසෙනවා.
  6. ඔබ සිතන්නාවූ, කියන්නා වූ කරන්නාවූ දේ එකක් වූ විට ඔබට සතුට ලැබෙනු ඇත.
  7. ඔබ මනුෂ්‍යත්වය සතු විශ්වාසය නැති කර ගන්න එපා. මනුෂ්‍යත්වය ත් සාගරය වගේ. සාගරෙන් ගත් එක් පැන්පොදක් අපවිත්‍ර වුණා කියලා මුළු සාගරය ම අපවිත්‍ර වෙන්නේ නෑ. 

සැබවින් ම මෙම කියමන් බුදු රජාණන් වහන්සේ වදාළ ප්‍රකාශයන් ද යන්න මෙම වීඩියෝව වෙසක් මංගල්‍ය වෙනුවෙන් සිදු කරන ලද වීඩියෝවක් ද,යන්න විමර්ශනය කිරීමට අප කටයුතු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සඳහන් ප්‍රකාශයන් හි කරුණු එකින් එක වෙත අපගේ අවධානය යොමු කරනු ලැබුවා. ඒ අනුව ඉහත ප්‍රකාශයන් සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ කළ පරීක්ෂාවේදී පෙනී ගියේ, ඉහත සඳහන් ප්‍රකාශයන් ට සමාන අයුරින් බුදු රජාණන් වහන්සේ විසින් ද, බොහෝ කරුණු දේශනා කර ඇති මුත් එම ප්‍රකාශයන් අවිහිංසාවාදයේ පියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉන්දීය නිදහස් සටනේ පියා ලෙස ගෞරවයට පත් වූ මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි නොහොත් මහත්මා ගාන්ධි විසින් සිදු කරන ලද ප්‍රකාශයන් බවයි

ඉහත පළ වන ප්‍රකාශය වන “I object to violence because when it appears to do good, the good is only temporary; the evil it does is permanent.” මහත්මා ගාන්ධි විසින් සිදු කළ ප්‍රකාශයක් වේ. ඒ සම්බන්ධයෙන් පළ වූ UN වාර්තාවක් මෙතනින්.

දෙවන ප්‍රකාශය “The weak can never forgive. Forgiveness is the attribute of the strong” ද, මහත්මා ගාන්ධි විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බව ට සනාථ කරන Times of India පුවත් ලිපිය මෙතනින්.

තුන්වන ප්‍රකාශය වන “The best way to find yourself is to lose yourself in service of others” එය ද, මහත්මා ගාන්ධි විසින් සිදු කරන බවට පළ වූ Times of India පුවත් වාර්තාව මෙතනින්.

“I am prepared to die, but there is no cause for which I am prepared to kill” සිව්වන ප්‍රකාශය ද, මහත්මා ගාන්ධිගේ ප්‍රකාශයක් වේ.

පස්වන ප්‍රකාශය ලෙස දක්වා ඇති “A man is but the product of his thoughts, what he thinks he becomes” කියමනද, මහත්මා ගාන්ධි විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බවට සනාථ කරන වාර්තාවන් මෙතනින් සහ මෙතනින්.

“Happiness is when what you think, what you say, and what you do are in harmony.” යනුවෙන් ඉහත සය වන කරුණ ලෙස සඳහන් සිදු කරන ලද ප්‍රකාශය ද, මහත්මා ගාන්ධි විසින් සිදු කළ ප්‍රකාශයක් වේ. ඒ සම්බන්ධ වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

ඉහත හත් වන ප්‍රකාශය වන “You must not lose faith in humanity. Humanity is an ocean; if a few drops of the ocean are dirty, the ocean does not become dirty” ද, මහත්මා ගාන්ධිගේ ප්‍රකාශයක් වේ. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව පැහැදිලි වන්නේ, ඉහත ප්‍රකාශයන් ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් වදාළ ප්‍රකාශයන් නොවන බවයි.

ඉහත වීඩියෝව සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයේදී අනාවරණය වූයේ එය මෙවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් නිර්මාණය කරන ලද වීඩියෝවක් නොව, 2019 වසරේ මහත්මා ගාන්ධිගේ 150 වන සැමරුම උදෙසා ඔහුට උපහාර දැක්වීම පිණිස බොලිවුඩ් ප්‍රධාන තරු එක් කර ගනිමින් රාජ්කුමාර් හිරානි විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන ලද ගාන්ධිගේ ඉගැන්වීම් ආවර්ජනය කරන මිනිත්තු දෙකක වීඩියෝවක් බවයි.

https://www.youtube.com/watch?v=SLWOMrBHTsY

හිංදි භාෂාවන් පළ වූ එම වීඩියෝව මෙතනින්. මේ සම්බන්ධයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබුණු අවස්ථාවක වීඩියෝවක් මෙතනින්.

එමෙන් ම මෙම මුල් වීඩියෝවේ පසුබිම බුදු රජාණන් වහන්සේගේ ඡායාරූපයක් ද දැක ගන්නට නොලැබෙන අතර මෙරට සංසරණය වූ සමාජ මාධ්‍ය වීඩියෝවේ පසුබිමින් බුදු රුවක් දැක ගන්න ට ලැබෙන අතර ඉන් පැහැදිලි වන්නේ, හිතාමතාම සමාජය නොමග යැවීම සඳහා බුදුරුව ඇතුළත් කළ වීඩියෝව සංස්කරණය කොට එය බොලිවුඩ් රංගන ශිල්පියන් විසින් වෙසක් මංගල්‍ය උදෙසා බුදු රජාණන් වහන්සේ විසින් වදාළ ප්‍රකාශයක් මතකාවර්ජනය කොට වෙසක් සුබ පැතුම් එක්කොට ඇති බවට හැඟවීමට කළ සංස්කරණයක් බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

බොලිවුඩ් තරු විසින් මෙවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් එක් කළ පණිවිඩ ලෙසට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වීඩියෝව නොමග යන සුළු වේ. මෙම වීඩියෝව 2019 වසරේ මහත්මා ගාන්දි තුමාගේ 150 වන සැමරුම වෙනුවෙන් නිර්මාණය කරන ලද වීඩියෝවක් වේ. එමෙන් ම මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් ලෙස මෙම පණිවිඩ දක්වා තිබුණ ද, එය සත්‍ය වශයෙන් ම මහත්මා ගාන්ධි විසින් සිදු කළ ප්‍රකාශයන් වේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:බොලිවුඩයේ සුපිරි තරු වෙසක් පෝ දා නිමිත්තෙන් සිදු කළ වීඩියෝවක් නොවේ!

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News