Starlink පෙර-ඇණවුම් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වුණේ වත්මන් ජනපති, Elon Musk හමුවීමට වසර ගණනාවකට පෙර සිටයි!

Update: 2024-05-29 11:38 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගියදා, ඉන්දුනීසියාවේ බාලි නුවර දී ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එහිදී Elon Musk හමුවුණා. මෙම හමුවෙන් පසුව, Elon Muskගේ Starlink සේවාව සහ එය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ හැකියාව පිළිබඳව විවිධ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය වුණා. කෙසේ වෙතත්, මෙම සටහන්වල අඩංගු තොරතුරු අතරින් බොහෝමයක් නොමඟ යවන සුළු සහ තහවුරු නොකරන ලද ඒවා වුවත්, තවදුරටත් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වෙන බව දැකගන්නට ලැබෙනවා.

සමාජ මාධ්‍ය සටහන්

ශ්‍රී ලංකාව තුළ Starlink අන්තර්ජාල සේවාව ලබා ගැනීම සඳහා පෙර-ඇණවුම් (Pre-orders)ලබාදීමට හැකියාව ලැබීම පසුගියදා Elon Musk සහ රනිල් වික්‍රමසිංහ ජනපතිතුමා අතර බාලිහි දී සිදුවූ හමුවේ සෘජු ප්‍රතිඵලයක් බවට පෙන්වා දෙන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යමින් පවතිනවා.

Facebook | Archived 

කෙසේ වෙතත්, ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් තර්ක කරන්නේ මෙම හමුවට පෙර සිටම ශ්‍රී ලංකාව තුළ මෙම සේවාව සඳහා පෙර-ඇණවුම් සිදුකිරීමේ හැකියාව පැවති බවයි. ඒ අනුව මේ පිළිබඳව කරුණු විමසා බැලීමට අප තීරණය කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

Starlinkහි පෙර-ඇණවුම් ශ්‍රී ලංකාවේදී ලබාගැනීමේ හැකියාව:

වත්මන් පෙර-ඇණවුම් ක්‍රියාවලිය: Newswire වාර්තා කළේ Starlinkහි අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළදී, සම්පූර්ණයෙන්ම ආපසු ගෙවන අමෙරිකානු ඩොලර් 9ක තැන්පතුවක් සමඟින් පෙර-ඇණවුම් කළ හැකි බවයි. මෙම සේවාව ඉදිරියේදී ලැබීමට නියමිත නියාමන අනුමැතිය සමඟින්, 2024 වසරේ සිට ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මීට අදාල පුවත් වාර්තාව මෙතනින්. Archived Link

මීට පෙර පැවති පෙර-ඇණවුම් ක්‍රියාවලිය:

2021 වසරේදී Starlink පෙර-ඇණවුම් සිදුකළ පාරිභෝගිකයන්ගෙන්ලද සාක්ෂි පෙන්වා දෙන්නේ මෙම සේවාව සඳහා පෙර-ඇණවුම් වසර කිහිපයක් තිස්සේම ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති බවයි. මේ අතරින් එක් පාරිභෝගිකයෙක් 2021 පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් 99ක තැන්පසුවක් සිදුකළ පසු ඔහු හට ලැබුණු තහවුරු කිරීමේ විද්‍යුත් තැපැල් පණිවිඩවල  පිටපත් කිහිපයක් අප වෙත ලබා දුන්නා. මෙම පණිවුඩ මඟින්ද පෙන්වා දුන්නේ 2022 වසර වන විට Starlink සේවාව, ශ්‍රී ලංකාව තුළ ලබාගත හැකි බවයි. කෙසේනමුත්, 2024 වසර වනවිටදීත්, තවමත් එම සේවාව රට තුළ දී ලබාගත නොහැකි අතර, තවමත් පෙර-ඇණවුම් ලබාගැනීම සිදුවෙමින් පවතිනවා.


සේවා ප්‍රවර්ග: Starlink වෙබ් අඩවිය, රටවල් කාණ්ඩ 3කට වර්ග කර තිබෙනවා; “Available” (තිබෙනවා), “Waitlist” (පොරොත්තු ලැයිස්තුව) සහ “Coming Soon” (ඉක්මනින් පැමිණෙනවා). ශ්‍රී ලංකාව මෙම කාණ්ඩ අතරින් “Coming Soon” හෙවත් ‘ඉක්මනින් පැමිණෙනවා’ යන කාණ්ඩය යටතේ “Service Data is Unknown at this time” (මේ මොහොතේ සේවා දත්ත නොදනී) යන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඊට ප්‍රතිවිරුද්ධව, ඉන්දියාවද “Coming Soon” කාණ්ඩය යටතේම පැවතියත්, මේ වන විට ඉන්දියාව ඒ යටතේ “Pending regulatory approval” (පොරොත්තු නියාමන අනුමැතිය) යන තත්ත්වයේ පවතිමින්, එය තවදුරත් ක්‍රියාවලියේ පවතින බවට පෙන්නුම් කරනවා. දැනට “Coming Soon” ප්‍රවර්ග කාණ්ඩය යටතේ “Service Data is Unknown at this time” තත්ත්වයේ පවතින රටවලට පමණක් ඇමෙරිකානු ඩොලර් 9කට පෙර-ඇණවුම් සිදුකිරීමේ පහසුව ලබාදී තිබෙනවා.

නිල ප්‍රකාශ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්

දිනොක් කොළඹගේ මහතාගේ X පණිවුඩය: ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව අධ්‍යක්ෂ, දිනොක් කොළඹගේ, මුලින්ම ට්විටර් සටහනක් පලකරමින් පෙන්වා දුන්නේ, Elon Musk සමඟ ජනපතිවරයාගේ හමුවීමෙන් පසු Starlink හි පෙර-ඇණවුම් ශ්‍රී ලංකාව තුළ ලබාගත හැකි වූ බවයි. කෙසේනමුත්, පසුව ඔහු එම ට්විටර් පණිවුඩය ඉවත් කර, ඒ වෙනුවට පෙර-ඇණවුම් විකල්පය යම් කාලයක් සිට පැවති බව පිළිගත්තා. බාලිහි පැවති හමුවෙන් පසු, මෙම වසර තුළ සේවාව දියත් කිරීම සඳහා නියාමන අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා රජය අරමුණු කරගත් බව ඔහු තවදුරටත් පැහැදිලි කර තිබුණා.

Twitter | Achieved

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ X පණිවුඩය: බාලිහිදී Elon Musk සමඟ ජනාධිපතිතුමා සිදුකළ සාකච්ඡාව පිළිබඳව X පණිවුඩයක් නිකුත් කරමින්, Starlink වෙතින් ශ්‍රී ලංකාවර ඇතිවිය හැකි ප්‍රතිලාභ ඉස්මතු කර තිබුණා.

Twitter | Achieved

Elon Musk මහතාගේ ප්‍රතිචාරය: මෙම X සටහනට ප්‍රතිචාර දක්වමින් Elon Musk මහතා පෙන්වා දී තිබුණේ, මෙම හමුව ගෞරවයක් වූ බවයි. නමුත්, මෙම හමුව ශ්‍රී ලංකාව තුළ Starlink සේවාව හඳුන්වාදීම සහ එහි වර්ධනයන් පිළිබඳව අදාල වූ බවට කිසිඳු සටහනක් මෙහි දක්වා තිබුණේ නැහැ.

Analysis (විශ්ලේෂණය):

පෙර සිට පැවති පෙර-ඇණවුම් කිරීමේ හැකියාව: සාක්ෂි ඔස්සේ පෙන්වා දෙන්නේ පසුගිය දා බාලිහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ Elon Musk අතර සිදුවූ හමුවට පෙර සිටම Starlink පෙර-ඇණවුම් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ පැවති බවයි. මෙය තහවුරු කිරීම සඳහා 2021 මුල් භාගය තුළ දී බවට ඔප්පු කළ හැකි පාරිභෝගික වාර්තා සහ විද්‍යුත් තැපැල් පනිවුඩ දායක වෙනවා.

නියාමන අනුමැතිය: ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ Elon Musk අතර හමුව දෙපාර්ශ්වය අතර ධනාත්මක සබඳතාවක් වර්ධනය කර ඇති අතර, ඇතැම් විට මෙම හමුව හේතුවෙන් නියාමන අනුමත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් විය හැකි නමුත්, එය ශ්‍රී ලංකාව තුළ Starlink පෙර-ඇණවුම් භාර ගැනීම ආරම්භ වීමට හේතුවූ සිදුවීමක් නොවේ . පෙර ඇණවුම් බාරගැනීම බොහෝ කලකට පෙර සිදුවූවක්.කෙසේ නමුත් දිනොක් කොළඹගේ මහතාගේ X සටහනත් සමඥ මෙම නියාමන අනුමැති ක්‍රියාවලිය කඩිනම් කිරීම රජයේ අභිප්‍රාය බව පෙනී යනවා.

සේවා ප්‍රවර්ග සහ තත්ත්ව: Starlink වෙබ් අඩවියේ පෙන්වා දෙන්නේ වර්ගීකරණය යටතේ ශ්‍රී ලංකාව “Coming Soon” කාණ්ඩයේ “Service Data is Unknown at this time” තත්ත්වය යටතේ පවතින නිසාවෙන්, ඇමෙරිකානු ඩොලර් 9ක තැන්පතු මුදලකට පෙර-ඇණවුම් සිදු කළ හැකි බවයි. ඉන්දියාව සමඟ සංසන්දනයේදී, ඉන්දියාව ද “Coming Soon” කාණ්ඩයේම වෙනත් තත්ත්වයක, එනම් “Pending regulatory approval” තත්ත්වය යටතේ පවතින නමුත්, දැනට එහි පෙර-ඇණවුම් සඳහා ඉඩ ලබාදී නැහැ. මෙයි පෙනී යන්නේ ඉන්දියාව නියාමන ප්‍රගතියෙන් සාපේක්ෂව ඉදිරියෙන් සිටින අතර, ශ්‍රී ලංකාව තුළදී දැනට අනාගත සේවා සඳහා තැන්පතු සිදු කරමින් පෙර-ඇණවුම් කිරීම පමණක් සිදු කළ හැකි බවයි.

සේවා හඳුන්වාදීමේ ප්‍රමාදය: 2022 වන විටදී ශ්‍රී ලංකාව තුළ Starlink සේවාව භාවිත කළ හැකිවනු ඇති බවට පෙන්වා දෙමින් 2021 දී Starlink විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්හට මූලික සන්නිවේදනයක් කර තිබුණත්, තවමත් (2024 වන විටත්) මෙම සේවාව ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමක් සිදු කර නැහැ. සේවාව හඳුන්වාදීමේ ප්‍රමාදයන් පිළිබඳව සඳහන් කරමින් මේ වන විට පෙර-ඇණවුම් භාර ගැනීම පමණක් සිදු වෙමින් පවතිනවා.

තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

Starlink ශ්‍රී ලංකාව සඳහා පෙර-ඇණවුම් බාර ගැනීම ජනාධිපති වික්‍රමසිංහ සහ Elon Musk අතර හමුවෙහි සෘජු ප්‍රතිඵලයක් බවට පළ වන වාර්තා නොමඟ යවන සුළුය. අවම වශයෙන් 2021 වසරේ සිට Starlink සේවාව සඳහා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට පෙර-ඇණවුම් කිරීමේ හැකියාව තීබී ඇත. කෙසේ වෙතත්, මෙම හමුවී​ම කඩිනම් නියාමන අනුමැතිය සඳහා සහ ශ්‍රී ලංකාව තුළ Starlink සේවාව භාවිතා කළ හැකි පරිදි හඳුන්වාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට දායක විය හැකිය. මේ අනුව, අදාළ හමුව Starlink ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ කාලරාමුවට ධනාත්මක ලෙස බලපානු ඇති නමුත් සේවාව පෙර-ඇණවුම් කිරීමේ හැකියාව සඳහා මෙම හමුවේ සම්බන්ධයක් නොමැත. මීට අමතරව, පෙරදී 2022 වර්ශයේදී මෙම සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීම ඉලක්ක කර තිබුනත්, සේවාව සැලකිය යුතු ප්‍රමාදයකට මුහුණ දීමේ හේතුව නිසා දැන් 2024 දී හඳුන්වාදෙන බවට සඳහන් කර ඇ​ත. ‍ෙ

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Starlink පෙර-ඇණවුම් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වුණේ වත්මන් ජනපති, Elon Musk හමුවීමට වසර ගණනාවකට පෙර සිටයි!

Fact Check By: Fact Crescendo Team

Result: Misleading

Tags:    

Similar News