දුර්ලබ ‘රෝස ඩොල්ෆින්’ මත්ස්‍යයෙකුගේ ඡායාරූපයක් ද?
රෝස පැහැති ඩොල්ෆින් මත්ස්‍යයකුගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලා තුළ බහුල වශයෙන් සංසරණය වෙමින් පසුගිය සමාජයේ අවධානයට ලක්වුණා. මෙම පින්තූරයේ ඇති ඩොල්ෆින්ගේ ඡායාරූපය සත්‍ය අවස්ථාවක ඡායාරූප පෙළක් ද, යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනය පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
ශාන්ත එන්සී වෙරල තීරයේ දුර්ලබ රෝස ඩොල්ෆින් කෙනෙකු දැකගත හැකි අවස්තාවක්, ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.
මෙම ඡායාරූප සටහන බහුලව ෆේස්බුක් පිටු අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
Twitter ඔස්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වූ පණිවුඩයක දැක්වුණේ, උතුරු කැරොලිනාවේ සිටින දුර්ලභ රෝස ඩොල්ෆින් මත්ස්‍යයෙකු එම ඡායාරූප වල දැක්වෙන බවයි.
මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ප්‍රථමයෙන් ම අප ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හරහා උතුරු කැරොලිනාවේ රෝස ඩොල්ෆින් මත්ස්‍යයෙක් හමු වී ඇති බව වාර්තා වන් ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂා කළ ත්, අපට කිසිදු විශ්වසනීය මූලාශ්‍රයකින් ඒ පිළිබඳ වාර්තා කර ඇති බව ට දැක ගන්නට නොලැබුණි.
කෙසේ වෙතත්, මෙම ඡායාරූප සමීපව පරීක්ෂා කිරීමේදී, එය සැබෑ සතෙකුට වඩා ප්ලාස්ටික් සෙල්ලම් බඩුවක් ආකාරයෙන් අසාමාන්‍ය පෙනුමකින් යුක්ත වේ.
බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද, එම පින්තූරවල සත්‍යතාව ප්‍රශ්න කරමින්, ඒවා කෘතිම බුද්ධිය ඔස්සේ (AI) ජනනය කරන ලද ඡායාරූප හෝ ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බවට සැක පළ කරමින් ප්‍රතිචාර ද, දක්වා තිබුණි.
මෙම ඡායාරූප AI ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප ද, නැත්නම් සත්‍ය ඡායාරූපයක් ද, යන්න පිළිබඳ පරීක්ෂා කළ අතර එහි ප්‍රතිඵල පෙන්වා දුන්නේ ඉහත රෝස පැහැති ඩොල්ෆින් ඡායාරූප AI තාක්ෂණය ජනනය වූ බවට ඉහළ සම්භාවිතාවක් ඇති බවයි.