පූසෙකුගේ මුහුණකට සමාන මල් වර්ගයක්?

Update: 2024-07-03 05:38 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

AI තාක්ෂණය නැතිනම් කෘත්‍රිම බුද්ධිය මේ වන විට සෑම රටකම පාහේ බහුලව භාවිත වන, ඵලදායී දෙයක්. ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල මිනිසුන් සෑහෙන දුරට මේ පිළිබඳව දැනුවත්. ඒ කෙසේවෙතත්, තවමත් ඇතැම් AI ඡායාරූප, වීඩියෝ ආදිය අවභාවිත කොට මිනිසුන්ව මුලා කරන අවස්ථා වාර්තා වෙනවා. මීට පෙර ද කිහිප වරක්ම අප එවැනි අන්තර්ගතයන් පිළිබඳව කතාබහ කළා. මෙවරත් අපේ අවදානයට යොමු වුණේ එවැන්නක්.

සමාජ මාධ්‍ය සටහන් :

පසුගිය දිනක ප්‍රධාන Facebook පිටුවක පල වූ සටහනක තරමක් වෙනස් මල් වර්ගයක් පෙන්වා දී තිබූ අතර එහි ශීර්ෂපාඨය ලෙස දක්වා තිබුණේ “ලස්සනයි, නමුත් නාඳුනන මලක්. ඔයාලටත් බලන්න බෙදාහැරියා ඉතිම්.” යනුවෙනුයි.

Facebook | Archived

මෙම සටහන විශාල පරිශීලක ආකර්ෂණයක් ලබා ඇති බවත් පෙනී ගියා. මෙම සටහන 9000කට ආසන්න පිරිසක් අතර හුවමාරු වී තිබුණා. එමෙන් ම මේ සටහන සඳහා දක්වා තිබූ Emoji ප්‍රතිචාර වලින් පෙනී යන්නේ, බොහෝ පිරිසක් මෙම ඡායාරූප සත්‍ය බවට විශ්වාස කර ඇති බවයි.

මේ සටහනට විවිධ ආකාරයේ ප්‍රතිචාර ලැබී තිබුණා. එයින් බහුතරයක් මෙම සටහන සත්‍යක් බවට විස්වාස කර තම අදහස් දක්වා තිබුණා. කිහිප දෙනෙක් පමණක් මෙය අසත්‍ය, නිර්මාණය කළ ඡායාරූපයක් බවට පෙන්වා දීමට උත්සාහ දරා තිබුණා.

විදෙස් රටවල සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර ද, මෙම ඡායාරූපය පළ වූ අවස්ථාවන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව, මේ පිළිබඳව තොරතුරු විමසා බලා පැහැදිළි කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

මෙම සටහනේ පරිශීලක අදහස්වල ඇති පූස් මල් පිළිබඳව අපි සොයා බැලුවා. නමුත්, පූස් මල් යනුවෙන් කිසිම මලක් ලෝකයේ ඇති බවට දැනට පිළිගත හැකි සාධක පවතින්නේ නැහැ. එමෙන්ම කිසිඳු නිල සහ විද්‍යාත්මක දත්තයක් ඔස්සේ පූසෙකුගේ මුහුණට සමාන මල් ඇතිබවට සොයාගෙන නැහැ.

මෙම මලේ පෙනුම Google Image Search යෙදවුමට යෙදවීමේදී ඊට වඩාත්ම සමාන දෙය ලෙස පෙන්වන්නේ පර්ශියන් පූස් විශේෂයයි. ඒ අනුව මෙම මල බොහෝදුරට, කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන්, පර්ශියන් පූසන්ට සමාන වන ලෙස නිර්මාණය කළ එකක් විය හැකි බවට පෙනී යනවා.

මෙම දැක්වෙන ඡායාරූපයම හැර, වෙනත් ලෙසකට ලබාගත් මේ සමාන මලක ඡායාරූපවත් අන්තර්ජාලයේ පවතින්නේ නැහැ.

AI තාක්ෂණය ඔස්සේ සිදු කළ නිර්මාණයක්

මේ හේතුවෙන් අප මෙම ඡායාරූපය AI තාක්ෂණය උපයෝගී කළ එකක් දැයි තහවුරු කරගැනීමට එය AI ඡායාරූප හඳුනාගන්නා යෙදවුමකට එක් කළා. එහිදී පෙනී ගියේ මෙම ඡායාරූපය එලෙස නිර්මාණය කළ එකක් වීමට ඇති සම්භාවිතාව ඉහළ බවයි.

නමුත් මෙලෙසම පූසන් වැනි සතුන්ගේ මුහුණුවලට සමානව පවතින නිර්මාණය කළ රූප බවට පෙනී යන බොහෝ ඡායාරූප සොයාගැනීමට අපට හැකි වුණා. එවැනි රූප කිහිපයක් පහතින්.

‘Cat Face Flowers’ ශාකවල බීජ ලොව පුරා, online ක්‍රමය ඔස්සේ අලෙවි වෙයි

මෙහි භයානකම පැතිකඩ වන්නේ, AI තාක්ෂණය ඔස්සේ නිපදවා ඇති බවට පෙනී යන, විද්‍යාත්මකව කිසිඳු සොයාගැනීමක් සිදු වී නොමැති පූස් මල්, නොඑසේ නම් Cat Face Flowers’ ශාකවල බීජ ලොව පුරා, online ක්‍රමය ඔස්සේ අලෙවි වීමයි.

එම අන්තර්ජාල පිටුවල මෙම ශාක වගා කළ යුතු පරිසර තත්ත්ව, වගා කළ යුතු අන්දම පිළිබඳව පවා සටහන් පල වෙනවා. මෙවැනි එක් වෙබ් පිටු සටහනක් මෙතනින්.

තවත් මෙවැනි පූස් මල් ශාකවල බීජ අලෙවි කරන මාර්ගගත වෙබ් පිටුවක සටහන මෙතනින්.

Cat’s eye flower (පූස් ඇස් මල්)

මෙලෙස සටහන් වූ එක් වාර්තාවක පෙන්වා දී තිබුණේ මෙම පැළෑටි පූස් ඇස් මල් (Cat’s eye flower) නම් වන බවයි. එය විද්‍යාත්මකව Cryptanthus bivittatus ලෙස නම් කර ඇතිබව එම සටහනේ පෙන්වා දී තිබුණා. එම සටහන මෙතනින්. Archived

එම විද්‍යාත්මක නාමය ඔස්සේ සොයා යන විට පෙනී ගියේ එම නම සත්‍ය නමක් වන නමුත්, ඒ මෙම ශාකය නොවන බවයි. Cryptanthus bivittatus ගෙවතු අලංකරණය සඳහා වගා කරන තරමක ඝණකම් පත්‍රයකින් යුත් කුඩා ශාක විශේෂයක්. එහි ඡායාරූපයක් පහතින්.

ඒ අනුව, මෙම නොමඟ යැවීම මූලික කරගෙන සිදුකෙරෙන වංචාද ලෝකයේ පවතින බව පෙනී යනවා. මෙම නොමඟ යැවීම් පිළිබඳව විවිධ වෙබ් අඩවි ඔස්සේ සිදු කළ හෙලිදරවු කිරීම් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. මෙම සටහන් ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මීට පෙර සිටම විවිධ මෘ දුකාංග භාවිතයෙන් වෙනස් කළ ඡායාරූප ඔස්සේ මෙලොව නොපවතින ශාක පිළිබඳව විස්තර කර, එම ශාක පැළ කිරීමට අවශ්‍ය බීජ යැයි කියමින් බීජ විකිණීමේ වංචාවක් පැවති බවයි. මේ වන විට AI තාක්ෂණය වැනි දියුණු සහ භාවිතයට පහසු මෘ දුකාංග සමඟ ඔවුන්ගේ මෙම ජාවාරම තවදුරටත් පහසු වී ඇති බවයි.

Monkey Flower(වඳුරු මල්)

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ පල වූ සමාජ මාධ්‍ය සටහනේ එක් පරිශීලක අදහසක අන්තර්ගත වුණේ මෙම මල් වඳුරු මල් විය හැකි බවයි.

මේ පිළිබඳව විමසා බලන විට අපට පෙනී ගියේ තවත් මෙවැනි සත්ත්ව මුහුණකට සමානව නිර්මාණය වූ රූපයක් හිමාලයේ වසර 20කට වරක් පිපෙන වඳුරු මල් (Monkey Flower) කියමින් සටහන් මීට පෙරත් හුවමාරු වී තිබී ඇති බවයි. කෙසේ නමුත්, මෙම සටහන්ද AI තාක්ෂණය මඟින් නිර්මාණය වූ ඒවා බවට ඉන්දියාවේ කරුණු විමර්ෂක කණ්ඩායම් විසින් අණාවරණය කරගෙන තිබෙනවා. එම වීඩියෝවක් මෙතනින්.

කෙසේ වෙතත්, වඳුරු මුහුණකට සමාන මලක් පවතින ශාකයක් ලෝකයේ පවතිනවා. එය ඕකිඩ් විශේෂයක්. නමුත් එය කිසිඳු ලෙසකිනුත් ඉහත සටහන් කිසිවක දක්වා ඇති කිසිදු රූපයකට සමාන වන්නේ නැහැ. මෙම වඳුරු මුහුණු ඕකිඩ් හෙවත් Monkey faced orchid හි විද්‍යාත්මක නාමය වන්නේ Dracula simia යන්නයි. මෙම ශාකය පිළිබඳව තොරතුරු මෙතනින්.

ඒ අනුව AI තාක්ෂණයෙන් නිර්මාණය කෙරෙන ඡායාරූප ඔස්සේ නොමඟ යවන සුළු තොරතුරු සමාජගත කිරීමේ සිට මූල්‍යමය වංචා පවා සිදුවෙමින් පවතින බව පෙනී යනවා. මෙවන් තොරතුරු සමාජ ගත වීම එහි මූලික පියවර බව මෙයින් ඔප්පු වෙනවා. එනිසා තාක්ෂණය පිළිබඳව මෙන්ම එය හඳුනාගැනීමත්, අන් අයව දැනුවත් කිරීමත් තුළින් මෙවැනි දේවලට මුලාවෙන පිරිස අඩු කර ගැනීම ඉතා වැදගත්.

Also read : This Is An AI-Generated Image And NOT A Monkey-Faced Flower!

තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

පූසෙකුගේ මුහුණකට සමාන මලක් පිළිබඳව කිසිඳු තොරතුරක් විද්‍යාත්මකව සොයාගෙන නැහැ. එම සමාජ මාධ්‍ය සටහනේ දැක්වුණ ඡායාරූපය AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ එකක් බවට පෙනී යනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පූසෙකුගේ මුහුණකට සමාන මල් වර්ගයක්?

Fact Check By: Fact Crescendo Team

Result: Misleading

Tags:    

Similar News