දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
නුදුරු අනාගතයේ ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. මෙවන් මැතිවරණ උණුසුම තියෙන සමයක , ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම නායකයින්, ඉදිරි මැතිවරණයක දී ලබාගන්නා ප්‍රතිඵල බවට දක්වමින් සමීක්ෂණ වාර්තා රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙනවා.
සමාජ මාධ්‍ය සටහන් :
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුණේ, එළැඹෙන ජනාධිපතිවරණ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඉදිරියෙන්ම සිටින බවට යුරෝපා සංගමය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූ බවයි. එම සටහන්හි වැඩි වශයෙන් දක්වා තිබුණේ සමගි ජන බලවේගය සහ පොදුජන පෙරමුණ මෙහිදී පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන ලබාගනු ඇති බවත් එම ප්‍රතිශත ඉතා පහළ මට්ටමක රැඳී ඇති බවත්ය.
සැබවින්ම මෙවැනි සමීක්ෂණයක් යුරෝපා සංගමය විසින් සිදුකළා ද යන්න පිළිබඳව අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අපි ප්‍රථමයෙන් ම යුරෝපා සංගමයේ සහ මෙරට යුරෝපා සංගම් නියෝජිත නිල වෙබ් අඩවි සහ නිල සමාජ මාධ්‍ය පිටු පරීක්ෂාවට ලක් කර ත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට අදාළ කිසිදු සමීක්ෂණයක් ගැන සඳහනක් එම සංගමය විසින් සිදු කළ බවට දැක ගන්නට නොලැබුණි.
මීට පෙර අවස්ථාවක දී හෝ යුරෝපා සංගමය මේ ආකාරයේ සමීක්ෂණ සිදු කර ඇති බවට කිසදු සඳහනක් දැක ගන්නට නොලැබුණු බැවින්, මේ පිළිබඳ නිවැරදි තොරතුරක් දැන ගැනීමට අප ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය හා සම්බන්ධ වුණා.
එහිදී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ලාර්ස් බ්‍රෙඩල් ගෙන් (Lars BREDAL) අප විමසීමක් කල අතර, ඔහු සඳහන් කර සිටියේ ලංකාවේ මැතිවරණ සම්බන්ධ යුරෝපීය සංගමය විසින් කිසිදු සමීක්ෂණයක් සිදු කර නොමැති බව ත්, සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම ව්‍යාජ පුවතක් බවයි.
ඒ පිළිබඳව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සිය නිල X ගිණුම හරහාත් නිවේදනයක් සිදු කරල තිබුණේ මෙන්න මෙහෙමයි.