අගමැතිනි හරිනි අමරසූරිය ඔවුන්ට රට ගොඩනැගීමේ අත්දැකීම් නොමැති බවක් පැවසුවාද ?

Update: 2024-09-25 10:25 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.


පසුගියදා පැවති ජනපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන්ගේ රජයත් පිහිටුවා ගැනුණා .ඒ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ නායකයන් ජයග්‍රහණයෙන් පසු සිදුකරන ප්‍රකාශ විවිධ ප්‍රචාර සමාජ ජාලාවල පැතිරෙනවා.සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.මේ ,ආචාර්ය හරිණි අමරසුරිය සිදුකල ප්‍රකාශයක් යයි පවසමින් පැතිරෙන සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක් .

සමාජ මාධ්‍ය පළ කිරීම්

පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණයෙන් පසු මාධ්‍යවේදීන් සමග කතාබහකදී ,තම පක්ෂයට රට ගොඩනැගීමේ අත්දැකීම් නොමැති නමුත් එය ඉදිරි කාලය තුල අත්දැකීමෙන් ඉගෙන ගන්නා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී අගමැතිනි හරිනි අමරසූරිය පැවසූ බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශයක් පැතිර යමින් තිබේ.

“අපිට රට හදන එක ගැන අත්දැකීම් නැහැ, නමුත් අපි අනාගතයේදී අත්දැකීම් ලබාගන්නවා” යනුවෙන් හරීනි අමරසූරිය ප්‍රකාශ කර ඇති බව සමාජ මාධ්‍ය ජාලාවල බෙහෙවින් ව්‍යාප්තවේ . ඇය සැබවින්ම එවැනි ප්‍රකාශයක් සිදු කර ඇතිද ....?මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.



කරුණු පරීක්ෂා කිරීම

මෙම ප්‍රකාශයේ මූලාරම්භය සොයා ගැනීමට අපට හැකි විය . අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් ටික වේලාවකට පසුව හරිනි අමරසූරිය විදේශීය මාධ්‍යවේදියෙකු (ස්කයි නිවුස්) සමඟ කළ කෙටි සංවාදයක් මූලික කරගෙන මෙම සමාජ ජාලා සටහන් පැතිර තිබේ . මෙම කෙටි සංවාදය ස්කයි නිව්ස් සහ ඩේලි මිරර් ඔන්ලයින් වෙබ් අවකාශයන් වල පලවී බොහෝසේ පැතිර ඇත . ස්කයි නිව්ස් වාර්තාවට පිවිසිය හැකියි මෙතනින් .

ඩේලි මිරර් වීඩියෝව පහතින්.

Full View


එම සම්මුඛ සාකච්ඡාවේදී අමරසූරිය දේශපාලන අත්දැකීම් සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කළේය. ඇය මෙසේ ප්‍රකාශ කළාය.

"රට බංකොලොත් කිරීම ගැන ස්ථිර වශයෙන්ම අපට අත්දැකීම් නැත, නමුත් අපට අත්දැකීම් තිබේ, රට ගොඩනැගීමේ අත්දැකීම් ඉදිරියේදී අපට ලැබෙනු ඇත."

මෙම ප්‍රකාශය ජාතික ජන බලවේගය පෙර පරිපාලනයට වඩා වෙනස් ලෙස පාලනය කිරීමට අදහස් කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැදගත් ප්‍රකාශයකි . රටේ ආර්ථීක අර්බුදයට තුඩු දුන් ආකාරයේ වැරදි කළමනාකරණයක් සම්බන්ධයෙන් පක්ෂයට අත්දැකීම් නොතිබිය හැකි නමුත්, ඵලදායී ලෙස රට පාලනය කිරීමට සහ ජාතිය ගොඩනැගීමට ඔවුන්ට ඇති හැකියාව පිළිබඳ විශ්වාසයක් ඇති බව හරිනි අමරසූරිය අවධාරණය කළාය.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

නිගමනය

රට ගොඩනැගීමේ අත්දැකීම් අඩු බවත් හරිනි අමරසූරිය පැවසූ බවට පැතිර යන ප්‍රකාශය අසත්‍ය සහ නොමඟ යවන සුළුය. ඇය පවසන්නේ NPP හට අත්දැකීම් ඇතී බවයි රට වැරදි ලෙස කළමනාකරණය කිරීමේ අත්දැකීමක් නොමැති නමුත් ඵලදායී ලෙස නායකත්වය දීමට සහ ජාතිය ගොඩනැගීමේ වැඩිදුර අත්දැකීම් ලබා ගැනීමට පූර්ණ සූදානමින් සිටින බවයි අමරසුරිය පැහැදිලි කරන්නේ .


 



Claim :  අපිට රට හදා අත්දැකීම් නැහැ --හරිනි අමරසුරිය
Claimed By :  Social Media Users
Fact Check :  MISLEADING
Tags:    

Similar News