වසන්තර සමරසිංහ අත්අඩංගුවට ගැනීමට නියෝගයක් හෝ වරදකරු බවට B වාර්තාවේ හෝ දක්වා නැහැ!

Update: 2024-09-15 03:42 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අපේක්ෂකයින් අතර තරඟය විදහා දක්වමින් සෘජුව ඔවුන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙද්දී එම අපේක්ෂකයින්ගේ පක්ෂ වල දෙවන පෙළ නායකයින් සම්බන්ධව ද, නොමග යවන සුළු තොරතුරු දේශපාලන වේදිකාවන් වලදී ද, දේශපාලනඥයින් විසින් ප්‍රකාශ කරනු ලබයි. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළවූ අසත්‍ය තොරතුරක නිවැරදි කරුණු සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර වෘත්තීය සමිතියකට අදාළ දේපළක් වංචනිකව බදු දීමෙන් රුපියල් මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධව කොළඹ වංචා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් මත ගොනු කළ බී වාර්තාව සලකා බලමින් වසන්ත සමරසිංහ මහතා ඇතුළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන් කරමින් සටහන් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

එම තේමාවෙන් පළ වූ තව ත් සටහන් පහතින්.

 

 

මෙම සටහන් සඳහා පාදක වී තිබුණු වසන්තර සමරසිංහ මහතා, අමාලි කළුපහන ඇතුළු මහින්ද ජයසිංහ මහතා, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය විසින් වරෙන්තු නිකුත් කොට ඇති බවට පසුගිය 09 වන දා ජනහමුවකදී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය පහතින්.


Full View

මෙහි නිරවද්‍යතාව විමසමින් මේ පිළිබඳ සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම්ද, මුල් කර ගනිමින් ඉහත සටහන් සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මාධ්‍ය වාර්තා :

ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග ලබා දුන් බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර තිබුණු බවට අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට නොලැබිණි.

එමෙන් ම ඉහත පුවත සිරස නාලිකාවේ Newsfirst හි නිල ෆේස්බුක් පිටුවේ පළ වූ පුවතක් ලෙස දක්වා තිබුණ ද, එවැනි පුවතක් එදින නිල පුවත් විකාශයේ හෝ එම පිටුවේ ඔවුන් විසින් පළ කර නොතිබුණු බවට අපට නිරීක්ෂණය විය.

මේ පිළිබඳව අප එහි නව මාධ්‍ය කළමණාකරුගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, මෙවැනි පුවතක් පළ කර නොමැති අතර මෙය නිව්ස් ෆස්ට් හි පළ වූ පුවතක් ලෙසට හැඟවමීට ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති සටහනක් බවයි.

වසන්ත සමරසිංහ :

මේ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතාගෙන් අප විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දේපළ සම්බන්ධයෙන් නඩුවක් පවතින බවත්, නමුත් එහිදී තමාව හෝ මහින්ද ජයසිංහ වරදකරු කරමින් අත්අඩංගුවට ගන්න නියෝග නොකළ බවයි. එලෙසින් නියෝග කළා නම් ඒ මොහොතේම අධිකරණය විසින් තමන් අත්අඩංගුවට ගත යුතු නොවේද යන්න සඳහන් කළා.

එමෙන් ම සිරස මාධ්‍ය වෙත තමන් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වා තිබුණේ ව්‍යාජ සටහනක් බව ත්, සිරස ප්‍රවෘත්ති ජාලයට තමන් විසින් එම සටහනේ දැක්වෙන ලෙස ප්‍රකාශයක් නොකළ බව ත්, ඔහු පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඔහු විසින් මාධ්‍ය වෙතට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, වෘත්තීය සමිතියකට අදාළව දේපළ කොල්ලකෑමක් සිදුවූ කාරණයක් පිළිබඳව ඔවුන් වසර ගණනාවක් තිස්සේ පැමිණිලි කර ඇති බව ක්,. අදාළ දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් CID පැමිණිලි කර ඇති බවයි. ඉඩම් දෙකක් ව්‍යාජ ඔප්පු සාදා විකුණූ පුද්ගලයෙක් ඔවුන්ට විරුද්ධව ඔවුන්ගේ වෘත්තිය සමිතියට අදාළ දේපළක් ව්‍යාජ ලේඛන සකස් කර බදු දුන් බවට පැමිණිල්ලක් දමා ඇති බව ත්, එම පුද්ගලයාට විරුද්ධව උසාවියේ වාරණයක් තිබියදී සමාජ මාධ්‍ය තුළ දැවැන්ත බොරුවක් ප්‍රචාරය සිදුවන බවයි.


Full View

මේ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ විසින් සිදු කළ තව ත් පැහැදිලි කිරීමක් මෙතනින්.

ජාතික ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම :

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් සඳහන් කර තිබෙන්නේ, මෙම නඩුවේ ඊළඟ නඩු වාරයේදී විමර්ශනය සිදුකොට සැකකරුවන් සිටීනම් අධිකරණයට ඉදිරිපත් කිරීමට බව ත්, කිසිදු අවස්ථාවක වසන්ත සමරසිංහ හෝ මහින්ද ජයසිංහ වරදකරුවන් කළ බවට හෝ මොවුන් අත්අඩංගුවට ගත යුතු බව ට හෝ ප්‍රකාශ නොකළ බව ට සඳහන් කරමින්, එමෙන් ම මෙලෙස අසත්‍ය තොරතුරු පැතිරවූ බව ත් ඊට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ත්, සඳහන් කරමින් ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් මේ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමු මෙතනින් සහ මෙතනින්.

අධිකරණ බී වාර්තාව :

අප මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වන විට පවතින මෙම නඩුවේ බී වාර්තාව ලබා ගත් අතර එම වාර්තාව පරීක්ෂාවේදී පෙනී ගියේ, ද, මොවුන් අත්අඩංගුවට ගැනීමට හෝ වරදරකරු කර ඇති බව ට අධිකරණය විසින් නියෝග කර නොමැති බවයි.

එහි සඳහන් වී තිබුණේ, “මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර,එම දේපළ බදු දීමට අදාළ නැෂනල් වර්ක්ස් කොන්ග්‍රස් නැමැති වෘත්තීය සමිතියේ නීත්‍යානුකූල නිලධාරී මණ්ඩලයක් සිටියදී බදු දීමනාකරුවන් ලෙස වසන්ත සමරසිංහ ඇතුළු අය කටයුතු කර ඇත්ද යන්න අනාවරණය කර ගැනීමට ඇති අතර,මෙම නැෂනල් වර්ක්ස් කොන්ග්‍රස් නැමති වෘත්තීය සමිති ආයතනයට අදාළය කොළඹ අභියාචනාධිකරණයේ සහ කඩුවෙල දිසා අධිකරණයේ විභාග වන අංක 240/විශේෂ දරණ නඩුවේ වාරණ නි‍යෝග සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට ඇති බැවින් තව දුරටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කර ගරු අධිකරණය වෙත වාර්තා කිරී සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Claim :  වසන්තර සමරසිංහ අත්අඩංගුවට ගැනීමට නියෝගයක් හෝ වරදකරු බවට B වාර්තාවේ දක්වා නැහැ!
Claimed By :  Social Media User
Fact Check :  -
Tags:    

Similar News