හදවත් රෝගී දරුවන් සඳහා කරාපිටිය රෝහලේ සැත්කම් කිරීමට ලියාපදිංචි වන ලෙස සඳහන් පණිවිඩයේ ඇත්ත කතාව!

Update: 2024-09-09 16:03 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජයට වැදගත් යැයි සැලකෙන පණවිඩ වුවද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීමට පෙර ඒ පිළිබඳව හොඳින් සොයා බලා පළ කිරීම සිදු කළ යුතු බව ට යළි යළිත් මතක් කරනු ලබන්නේ, ඒ ඔස්සේ බොහෝ පිරිසක් නොමග යවන සුළු බැවින්.

කරාපිටිය රෝහලේ හදවත් රෝගී දරුවන් සඳහා සැත්කම් සිදු කරන බව ත්, ඒ සඳහා නම් ලියාපදිංචිය සිදු කරන බව ට පළ වූ සටහනක සත්‍ය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

කරාපිටිය මහ ‍රෝහලෙන් දැනුම් දීමක් ලෙසින් සඳහන් කරමින් හදවතේ සිදුරු ඇති ළමුන් සඳහා සතියක් ඇතුළත නොමිලයේ ශල්‍යකර්ම සිදු කරන බව ත් ඒ සඳහා එවැනි දැරුවන් සිටී නම් හැකිතාක් ඉක්මනින් නම් භාර දෙන මෙන් ද, විදෙස් කණ්ඩායමක් විසින් මෙලෙසින් ශල්‍යකර්ම සිදු කරනු බව ද, එම පණිවිඩයේ සඳහන්.

මෙම සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

 

 

 

 

 

 

සත්‍ය වශයෙන් ම හදවත් රෝගී දරුවන් සඳහා ඉහත සඳහන් ලෙස ශල්‍යකර්ම සිදු කරනවා ද යන්න සහ එලෙසින් සිදු වෙනවා නම්, දරුවන්ගේ නම් ලියාපදිංචිය සිදු කරන්නේ කෙලෙසද යන්න පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

කරාපිටිය රෝහලේ මෙලෙසින් නොමිලේ දරුවන් සඳහා හදවත් සැත්කම් සතියක් ඇතුළත සිදු කෙරෙන බැවින් එවැනි දරුවන්ගේ නම් ලියාපදිංචි කරන මෙන් එම රෝහලේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ දැනුවත් කිරීම සිදු කර ඇත්ද යන්න අප පරික්ෂා කළ ත්, එලෙසින් කිසිදු දැනුවත් කිරීමක් දැක ගන්නට නොලැබුණි.

කරාපිටිය රෝහලේ පැහැදිලි කිරීම

මේ හේතුවෙන් අප කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඩී.යු.එම් රංග මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන නමුත් ඒ සඳහා දැනටමත් ශල්‍යකර්ම සඳහා දරුවන් තෝරාගෙන අවසන් ඇති බව ත්.

මෙම ව්‍යාපෘතිය භාර ළමා හෘද රෝග ඒකකයේ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය රනිල් විතානගේ මහතා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය එංගලන්තයේ Guy's රෝහලේ කණ්ඩායමක් හා විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා එක්ව වාර්ශිකව සිදුකරන වැඩසටහනක් බව ත්, එය සම්බන්ධීකරණය කරන්නේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගීත් සූරියසේන මහතා විසින් බව ත් ය.

මෙහිදී සිදු කරන්නේ සංකීර්ණ සංජානීය හෘද රෝග පමණක් වන අතර දැනටමත් ලියාපදිංචි ඒ රෝගීන් තෝරා ගෙන අවසන් වන අතර ලබන සතියේ සිට සති දෙකක් ඔවුන් සැත්කම් සිදු කිරීමට නියමිත බවයි.

එමෙන් ම මෙහිදි සැලකිල්ලට ගත යුතු කාරණය නම් කරාපිටිය රෝහලේ හෘද රෝග සඳහා සායන වලට පැමිණ ඊට අදාළ පරීක්ෂාවන්ට භාජනය කොට ප්‍රතිකාර ගන්නා, දරුවන්ගේ වාර්තා එම එංගලන්තයේ Guy's රෝහලේ කණ්ඩායමට යොමු කරන අතර එහිදී ඔවුන් විසින් එම සැත්කම සිදු කළ යුතු දරුවන් තෝරා ගන්නා අතර මෙය හදිසියේ කළ තෝරා ගැනීමක් නොවන බව ත් පවසා සිටියා.

කෙසේ වෙතත් මෙලෙසින් හදවත් රෝගීන් දරුවන් ලියාපදිංචි කිරීම කරාපිටිය රෝහලේ මේ දිනවල සිදු වන බවට රෝහලින් සමාජය දැනුවත් කරමින් පණිවිඩයක් යොමු නොකළ අතර, එය නොමග යන සුළු තොරතුරක් බවයි එම වෛද්‍යවරයා පෙන්වා දුන්නේ. මේ හේතුවෙන් බොහෝ පිරිසක් අපහසුතාවයට පත් වී ඇති බව ද, නමුත් මේ සඳහා විශාල වශයෙන් පරීක්ෂාවන්, ඇගයීම් සිදු කොට කඩිනමින් ශල්‍යකර්ම සිදු කිරීමට ඇති ළමුන් තෝරාගෙන අවසන් බව ත් නැවතත් තහවුරු කරමින් වෛද්‍යවරයා තව දුරටත් පැවසුවේ, සංකීර්ණ සංජානීය හෘද රෝග ශල්‍යකර්ම සිදු කරන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පමණක් වන අතර එංගලන්තයේ Guy's රෝහලේ කණ්ඩායම ඊට උපකාරයක් වශයෙන් වාර්ශිකව මෙලෙසින් කරාපිටිය රෝහලේදී සැත්කම් සිදු කරන බවයි.

නමුත් යම් හෘද රෝග සහිත දරුවන් ට කරාපිටිය රෝහලේ සායනයට යොමු විය හැකි බව ත්, සෑම අඟහරුවාදා , බදාදා , බ්‍රහස්පතින්දා දිනයන් හි උදේ වරුවේ සායන පැවැත්වෙන බව ත් වෛද්‍ය රනිල් විතානගේ මහතා සඳහන් කළා.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Claim :  හදවතේ සිදුරු ඇති ළමුන්, කරාපිටිය රෝහලේ සැත්කම් කිරීමට ඉක්මණින් ලියාපදිංචි වන්න!
Claimed By :  Social Media User
Fact Check :  MISLEADING
Tags:    

Similar News