පසුගියදා අභ්‍යන්තර ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මීගමු කලපුවේ භූමියක ක්‍රීඩා පිටියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක සමාලෝචන රැස්වීමකදී , පවතින නීති රාමුව යටතේ, කඩොලාන පද්ධතිය කපා ඉවත්කර, ක්‍රීඩා පිටියක් තැනීමට අවසර නොමැති බව, ගම්පහ දිසා වන නිළධාරිනි දේවානි ජයතිලක මහත්මිය විසින් තරයේම ප්‍රකාශ කිරීමේ සිද්ධිය විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. දේශපාලන අධිකාරියේ බලයට හිස නොනවමින්, ඇය ගත් මෙම ස්ථාවරය පරිසර හිතකාමීන් මෙන්ම බොහොමයක් මහජන ප්‍රසාදයටද හේතු විය. මේ පිළිබඳව වූ වීඩියෝ පටය රැගත් ප්‍රවෘත්ති සටහන් සමාජ මාධ්‍ය ජාලා මෙන්ම, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය තුලද දක්නට ලැබුණේය.

මෙවන් පසුබිමක් යටතේ, HeadlineNews.lk වෙබ් අඩවිය “දේවානීට ගම්පහින් යන්න කියයි..” සිරස්තලයෙන් සේයාරුවක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂනය විය.

LinkArchived Link

සෙනෙහසින් කියන්නම් නැමති ෆේස්බුක් පිටුවකද, “ජනාදිපතිතුමනි,ඇයි ඔබ නිහඩ? ඔබ මේව අනුමත කරනවාද???” තේමාව යටතේ සේයාරුවක් සහිත සටහනක් දක්නට ලැබුණේය. සේයාරුවට යටින් “උපන් නූපන් පරපුරේ උරුමය ගැන කතා කළ දේවානිට ස්ථානමාරුවක්. ඇය කළ වරද ඔබ මා වෙනුවෙන් පෙනී සිටීම නම්, ඔබට මට ඇය වෙනුවෙන් පෙනී සිටීමට යුතුකමක් ඇත. දේවානිගේ ස්ථාන මාරුව වහා අහෝසි කරනු. යුතුකමේ වගකීම ඉටුකිරීමට රටේ මහා රැල්ලක් හදමු” යන වදන් රෝපනය කර තිබුණි.

Link1Link2
Archived Link1Archived Link2

මේ හා සමාන සටහන් රැගත් ෆේස්බුක් සටහන් රැසක්ද නිරීක්ෂණය වීම හේතුවෙන් මේ පිලිබඳ විමර්ශනයක් සිදුකරන බොහෝ පිරිස් ඉල්ලා තිබෙනුද දක්නට ලැබුණි.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

ඉහත සටහන් පාදක කරගෙන තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩවි වන නිලධාරිනි ලෙස කටයුතු කරන දේවානි ජයතිලක මහත්මියට රාජකාරි ස්ථානයෙන් මාරු කිරීම සඳහා සූදානමක් ඇතැයි හිටපු පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පාර්ලිමන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් ලෙස සඳහන් වී තිබුණි. පහතින් දක්වා තිබෙන්නේ එම වීඩියෝවයි.

https://youtu.be/JPo1AaUjfSo?t=1207

නමුත් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ, එවැනි නිර්භීත නිලධාරීන් ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා, අගමැතිතුමා, කැබිනට් මණ්ඩලය ඇතුළු සම්පූර්ණ රජය ඉදිරිපත් වී සිටින බවයි.

https://youtu.be/AMU2NsqEOmA?t=46

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිනියට එරෙහිව, ඉහත සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු පරීක්ෂණයක් සිදුනොවන අතර ඇය සමඟ සිටිමින් ඇගේ ස්ථාවරයට සහාය දෙන බව වන වනජීවී අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාද පවසා තිබෙනු දක්නට ලැබුණි

Article Link | Archived Link

තවදුරටත් ඉහත සටහන් පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් W.A.C. වේරගොඩ මහතාට දුරකථන ඇමතුමක් ලබා ගතිමු. දේවානි ජයතිලක මහත්මියට ස්ථාන මාරුවක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී නොමැති බවත්, ඇය ගම්පහ දිසා වන නිලධාරී ලෙස තවදුරටත් සේවය කරන බවත් ඔහු අවධාරණය කළේය.

මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ දිසා කාර්යාලයට දුරකථන ඇමතුමක් ගත්තෙමු. අප හා දුරකථනයෙන් සම්බන්ධ වූ දේවානි ජයතිලක මහත්මිය පැවසුවේද ඇයට ඉහත සිද්ධියෙන් පසුව ස්ථාන මාරුවක් ලැබී හෝ ඒ පිළිබඳ කිසිඳු සඳහනක් සිදුකර නොමැති බවයි. තමාගේ නීතියට පිටින් ක්‍රියා නොකිරීමේ ක්‍රියා කලාපයට විරුද්ධ පිරිස් විසින් මීට පෙරද තමාට විරුද්ධව මෙවැනි කටයුතු කිරීමට උත්සාහ දරා තිබුණු අතර තමා එම සෑම අවස්ථාවකම ජයගත්තේ නිත්‍යානුකුලව කටයුතු කිරීම හේතුවෙන් බවද ඇය තවදුරටත් පවසා සිටියා.

දේවානි ජයතිලක පිළිබඳ මව්බිම පුවත්පතේ පළවූ වාර්තාවක් මෙසේය. Mawbima Article

අවසාන නිගමනය

අප කළ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ දිසා වන සංරක්ෂණ නිලධාරිනිය ලෙස සේවය කරන දේවානි ජයතිලක මහත්මියට මෑතකදී ස්ථාන මාරුවක් ලැබී නොමැති අතර එබඳු කිසියම් ආකාරයේ දැනුම්දීමක් හෝ සිදුකර නොමැති බවය.

ඒ අනුව ගම්පහ දිසා වන වනසංරක්ෂණ නිලධාරිනිය ලෙස සේවය කරන දේවාලය ජයතිලක මහත්මියට ස්ථාන මාරුවක් ලැබී ඇති බවට පළ වන සියලුම ෆේස්බුක් සටහන් නොමඟ යවන සුළු සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ගම්පහ දිසා වන නිලධාරි දේවානි ජයතිලක මහත්මියට ස්ථානමාරුවක් ලැබුණේ ද?

Fact Check By: Sahan Perera

Result: False