කීර්තිමත් පුද්ගලයන්, නළු නිළියන් අළලා සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් සහ ප්‍රවාත්ති විටින් විට ඉදිරිපත්වේ. ලංකාවේ සුප්‍රසිද්ධ නිළියක්වන යශෝධා විමලධර්මගේ ඡායාරූප කිහිපයක් සංකලනය කර, "සුප්‍රසිද්ධ හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් හි යශෝධා විමලධර්ම නමින් තාරුවක් වෙන් වේ. වෝක් ඔෆ් ෆේම් හි මෙසේ තරුවක් වෙන්වූ පලමු ශ්‍රී ලාංකික කලාකරුවා ඇයයි. Yashodha Wimaladharma became the first Sri Lankan artiste to have a star named after her on the famous Hollywood Walk of Fame.” යන වදන් පෙළත් සමඟ සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනා.

Link

Archived

Link

Archived

එසේම ලෝකය හමුවේ අපේ පුංචි රටේ නමත් බබළවන ඇය යශෝධා විමලධර්ම. 2018 සිට ඇගේ නමත් හොලිවුඩ් තරු මාවතේ. ඔබට කලා ලොවේ ඉහලටම යන්න සුභ පැතුම් යන වදන් රෝපනය කර, Gossip-Lanka News ප්‍රවාත්ති වෙබ් අඩවියක ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබු සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 500කට අධික සංඛ්‍යාවක් අතර සංසරනය වී, ප්‍රතිචාරද රැසක් හිමිව තිබුණි.

Link

Archived Link

මෙවැනි

සටහන් ෆේස්බුක් පිටු සහ සමුහ රැසක ඉදිරිපත්වී තිබෙණු දක්නට ලැබුණු අතර මෙම සටහන් වලට

ප්‍රතිචාර ලබාදෙමින් බොහෝ පිරිස් ඇයට සුභ පතා තිබෙනු දක්නට ලැබුණු අතර මේ පිලිබඳ විමර්ෂණ

සිදුකල පිරිස් මෙහි කිසිඳු සත්‍යතාවක් නොමැති බව පවසා තිබෙනුද අපට දැකගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප මෙම සටහන පීළිබඳව කරුණු තහවුරු කර ගැනීමට යශෝදා විමලධර්මගේ සමාජ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා සමග දුරකථනයෙන් සම්බන්ධ වීමු. ඇය 2018 හොලිවුඩ් නගරයේ සංචාරයක නිරතවු අවස්ථාවේ Hollywood Walk of Fame හි සිහිවටනයක් හිස් තරුවක් අසල නම යොදා ඡායාරූපයක් ගැනීමට තිබු ස්ථානයකදි ඡායාරූප කිහිපයක් ගෙන යොදා තිබු සටහනක්, උපුටා ගෙන මෙම සටහන් ඉදිරිපත් කර ඇති බවත්, මෙය ඇයගේ අනුදැණුමකින් තොරව කවුරුන් හෝ කළ ක්‍රියාවක් බවත් පැවසීය. අප යශෝධා විමලධර්මගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළවිට 2018 අගෝස්තු මස 28 දින යොදා තිබු පහත සටහන පරිදි දක්නට ලැබුණි.

Link

Archived Link

ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් පුද්ගලයන්ගේ නම් රැගත්, මුණත් පහකින් යුතු තරුවක් සහිත පිත්තල සහ ටෙරාසෝ ගඩොලින් නිමවා, හොලිවුඩ් නගරයේ Hollywood Boulevard සහ Vine Street යන වීදිවල පදික වේදිකාවේ ඔබ්බවා ඇති සුප්‍රසිද්ධ සංචාරක ආකර්ශණයක් වන Hollywood Walk of Fame හි යශොධාගේ නම ඇත්දැයි, එහි වෙබ් අඩවියේ W සහ Y අක්ෂර යටතේ ඇයගේ නම පරීක්ෂා කර බැලුවෙමු. එහෙත් එහි ඇයගේ නම නොවීය.

Link for Letter W

Link for Letter Y

ඛාණ්ඩ

කිහිපයක් යටතේ මෙසේ පිරිනැමෙන Hollywood Walk of Fame හි 2021

වසර සඳහා අනුමත වී ඇති නාම ලේඛනයද නිකුත්ව තිබු නමුත් එහිද ඇයගේ නම අන්තර්ගත වී

නොතිබුණි.

Link

Archived Link

YouTube Link

සුප්‍රසිද්ධ

හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් හි නම ඇතුලත් කිරීම අදියර කිහිපයකින් පසු පමණක් සිදුවන අතර

චිත්‍රපට, රුපවාහිනී , රේඩියෝ , වේදිකා නාට්‍ය සහ සජීවී

ඉදිරිපත්කිරීම් , සංගීතය ආදී කාණ්ඩ යටතේ අදාළ නම යෝජනා විය යුතු අතර එය කමිටුවක් මඟින්

අනුමත කිරීමෙන් පසුව ඇමරිකානු ඩොලර් 50,000 මුදලක් ගෙවීමෙන් පසුව මෙම තරුවේ නිර්මාණ කටයුතු ආරම්භ

වෙයි.

එසේම

ආසියානු සම්භවයක් ඇති පුද්ගලයින් අතලොස්සක් පමණක් මෙම ගෞරවයට පාත්‍ර වී ඇති අතර ප්‍රසිද්ධ

සටන් කළා නිලි ලුසී ලූ (Lucy Liu) මෙසේ

තරුවක් ලබාගත් ආසියානු සම්භවයක් ඇති දෙවැනි ඇමරිකානු කාන්තාව වශයෙන් පසුගිය වසරේ වාර්තා වී තිබුනා.

සංචාරක ආකර්ෂණයක් වන මෙම වීථියේ හිස් තරුවක යශෝධා

විමලධර්ම මහත්මිය 2018 දී ලබාගත් පරිදි තමා කැමති නමක් යොදා ඡායාරුප ගැනීම බොහෝ සංචාරකයින්

ප්‍රිය කරන අංගයක් බවද අපට දැකගන්නට ලැබුනා. Tripadvisor

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2018 වසරේදී යශෝධා විමලධර්ම ඇමරිකාවේ සංචාරයක නියැළුනු විට සිහිවටනයක් සේ ගත් ඡායාරූප කිහිපයක් උපුටා ගනිමින් ඇයගේ නමින් Hollywood Walk of Fame හි තරුවක් ඇති බවට පලවී ඇති නොමඟ යවනසුලු සටහන් පෙළක් බවයි

Avatar

Title:Fact Check: Hollywood Walk of Fame හි යශෝධා විමලධර්ම නමින් තරුවක් වෙන්වී නොමැත!

Fact Check By: Sahan Parera

Result: Misleading