පේශල මනෝජ් යනු ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නමක් දිනා ඇති කලාකරුවෙක්. ඔහු තබ්ලා ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක් වශයෙන්ද කටයුතු කරන අතර විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙසත් කටයුතු කරනවා.පසුගිය දිනක පලවුනු පුවතකින් පේශල මනෝජ් මහතා මිය ගිය බවට හැඟවෙන ඡායාරූප පෙලක් ඉදිරිපත් කර තිබුනා.Mawitha Lowak මවිත ලොවක් නම් ෆේස්බුක් පි‍ටුවකින් ජුලි මස 8 වන දින පල කල එම පුවත සටහන් ව තිබුනේ “හදිසි අනතුරකින් මිය ගිය පේෂල අයියාට නිවාන් සුව!” ලෙසින්.එම පුවත් සටහන පහතින්

Original Post Archived PostOriginal Archived

තවත් ෆේස්බුක් පි‍ටු සහ සමුහ රැසක් එම තේමාව යටතේම සටහන් රැසක් හුවමාරු කරගෙන් තිබුනේ මෙලෙසින්

මෙම සටහන් සඳහා බොහෝ දෙනෙක් උපහාසාත්මකව ප්‍රතිචාර දක්වා තිබුණද සැබෑ ලෙසම මෙවැන්නක් සිදු විනි දැයි ඇතැම් අය විසින් ප්‍රශ්න කර කොමෙන්ට් කර තිබු බැවින් මේ පිලිබඳ කෙටි විමර්ශනයක් සිදුකළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

මෙම පුවත දෙස බැලූ බැල්මටම ව්‍යාජ එකක් බවට එම ඡායාරුප පෙල දෙස බැලීමේදී නිරීක්ශනය කල හැකියි.එම චායාරුප පෙලෙහි එකක අව් කන්නාඩියක් ද පැලඳ සිටින ඡයරුපක් දැකගත හැකියි.එමෙන්ම ඔරලෝසුවක් ද බැඳ ඇති බව මෙම ඡායාරුප පෙල නිරීක්ශනයේදී දැකගත හැකියි.එමෙන්ම මෙම ඡායාරුප පෙලෙහි මුහුනේ ස්වරූපය එකිනෙකට වෙනස් වන බවද සියුම්ව නිරීක්ශනය කිරීමේදී පෙනී යයි.

මේ පිලිබඳව වැඩිදුරටත් සොයා බැලීම සඳහා අප පේශල මනෝජ් මහතාගේ ෆේස්බුක් ගිනුම පරීක්ශා කර බැලුවා. අද දින (ජුලි 9) ඔහුගේ මුහුනු පොතට සටහනක් එකතු කර තිබෙනවා. Link

"වඳුරෙකුට දිව්‍යලෝකයේදී කෙසෙල් ගෙඩි සීයක් දෙන පොරොන්දුව පිට උගේ අතේ ඇති කෙසෙල් ගෙඩියක් ඉල්ලා ගත නොහැක. නමුත් මිනිසුන් එසේ ‍රැවටෙනු ඇත"ලෙසින් සටහන්ව ඇති සටහනක් ඔහු මුහු පොතට එකතු කර ඇති අතර යම් යම් දැ සඳහා ‍රැවටෙන මිනිසුන් ගැන දැක්වෙන අදහසක් එයින් දක්වා ඇති බවක් පෙන්නුම් කරයි.

කෙසේ වෙතත් මෙම පුවතට පාදක වූ තොරතුරු දැන ගැනීම සඳහා අප පේෂල මනෝජ් මහතා සමඟ දුරකතනයෙන් සම්බන්ධ වූ විට දැනගන්නට ලැබුනේ මෙම ඡායාරුප පෙළ මෑතකදී සිදුකල පටිගත කිරීමකදී ලබාගත් ඡායාරුප බවයි.

එබැවින් පේෂල මනෝජ් සහභාගී වන වැඩසටහන් පරීක්ෂා කිරීමේදී දෙරණ Champion Stars Unlimited වැඩසටහනේ මෙම ඉරිදා නිකුත්වීමට නියමිත වැඩසටහන පිළිබඳ ඉඟියක් පළකමින් නිකුත් කර තිබු වීඩියෝවේ මෙම මිනී පෙට්ටියක් සහිත පහත දර්ශන පෙළ දක්ගනන්ට හැකිවිය

https://www.facebook.com/tvderanaofficial/videos/1538520506355356/?__xts__%5B0%5D=68.ARDL_wChKkXk8dFl-OmO3nE9zK-FCZwoaxSB90Eh58jnZZNeACS17CgyeiZECSzOMBp-VfAy8bCUsyZunrG6X__rXm8xIdGyUHSiIdiNyuyNCeBhoI1NRLryuK516_V8cSGuJNgLzjW6yJKMMxbQw1oZ1vAyLTK5oyrT_5p90yf-Y58a0FNLvcYi219oKNeBFX6KqWm3Wr7E8ggdl1LVK3DkyIOxYVVo_kuBqaAA-cgp4bhMnUPMVuq5wQwoZuzZyvYkvlG9myPD6EzpfoAJpWQp_dxMQaGABupiI1BZ2aWHmrUKE69cERpVXW8g4TlkUep-xaYGhwdk1BZZsQp4UFeXT1WAYw&__tn__=-R

පේෂල් මනෝජ් ගේ හුවමාරු වූ ඡායාරුපය සහ දෙරණ වැඩසටහනේ ඡායාරූප සංසන්දනයෙදී ඔහු එකම කමිසයක් පැළඳ සිටි බවද මෙසේ පෙනෙන්ට විය

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු මත පදනම්ව පේශල මනෝජ් මහතා මිය ගිය බවට හැඟවෙන පරිදි ඔහු මිනී පෙට්ටියක වැතිරී සිටිනා ඡායාරුප පෙළ දෙරණ Champion Stars Unlimited වැඩසටහනේ පටිගත කිරීම අතරතුරදී ලබාගත් බව පැහැදිලිය. 

Avatar

Title:පටිගත කිරීමක් අතරතුරදී ලබාගත් ඡායාරුප යොදාගනිමින් පේශල මනෝජ් මියගිය බවට උපහාසාත්මක කෝණයකින් පළවූ සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: Misleading