මව්වරුන්ගේ දිනය දවසේ ඉන්දීය සමාජ මාධ්‍ය අතර බහුලව හුවමාරු වූ ඡායාරූප පෙලක් උපුටා දක්වමින් සංජීව මනතුංග නම් ලාංකික ෆේස්බුක් ගිනුම් හිමියෙක් මුහුනුපොතට සටහනක් එක් කර තිබුනා. එහි දැක්වුනේ එල දෙනක් සහ දිවියෙක් ඉතා කුලුපගව එකට සිටින ආකාරයේ පින්තූර පෙලක්.ඉන්දීය සමාජ මාධ්‍ය හරහා බොහෝ වශයෙන් හුවමාරු වූ මේ පුවතේ කතාව පිලිබඳ මෙම පුද්ගලයා සටහනක් පහත පරිදි එකතු කර තිබුනා.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගමක පුද්ගලයෙක් ඈත ගමකින් එල දෙනක් මිලට ගෙන ඇති කරන අතරේ රාත්‍රියට එම ගමට බල්ලන් බුරන ශබ්ද නිතර අසන්නට ලැබෙන බැවින් සී සී ටී වී සවි කර බලන විට මෙම කැමරා වල මෙසේ එල දෙන සහ දිවියා එකිනෙකාට සමීපව කුලුපගව සිටින ආකාරය පටිගතව ඇති බවක් දර්ශනය වී තිබු බවයි.

එම සටහනට අනුව රාත්‍රියේ එළදෙන සමග හුරතල් වෙමින්, කිරි බොමින් මුළු රාත්‍රියම ගතකර පාන්දර එම දිවියා ආපසු කැළයට යන බවත් මෙම කරුන නිරාකරනය කර ගැනීමට ගමේ අය එල දෙන කලින් මිලට දුන් මුල් අයිතිකරුවන් සොයා මේ පිලිබඳව විමසා තිබෙනවා.එහිදී එම දිවියාගේ මව මියගොස් පැටවා කැලේ තනිව සිටියදී දිවි පැටියාව ගෙදරට ගෙනත් ඇති බවත් එදා පටන් දිවි පැටියාව මෙම එල දෙන පැටවෙක් ලෙස බලා ගත් බවත් , එම එලදෙන විකිනූ පසු වුවද දිවියා එලදෙනව සොයාගෙන මුන ගැසී ඇති බවත් එම සටහනේ ඇතුලත්.

එහි සම්පුර්ණ පුවත පහතින්

LinkArchived Link

මෙම පුවත ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් 600කට අධික ප්‍රමානයක් හුවමාරු කරගෙන තිබුනා. පසුගිය මැයි මස ලෝක මව්වරුන්ගේ දිනයට සමගාමීව ඉන්දියාවේ බොහෝ සෙයින් සමාජ මාධ්‍ය අතර හුවමාරු වී තිබු පහත අයුරුන් පළවූ සටහන් මෙසේ ලංකාවේද එම සටහන පසුව හුවමාරු වන්නට හේතු වන්නට ඇතැයි පෙනී ගියා.

LinkArchived Link

මෙවැනි සුවිශේෂී පුවතක් පසුගිය දින ජාත්‍යන්තර මාධ්‍ය හරහා නිරීක්ෂණය නොවු හෙයින් සැබැවින්ම මෙම කතාවට අදාල සිදුවීම සත්‍ය එකක් ද යන්න සොයා බැලීමට අප කටයුතු කලා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප පළමුවෙන්ම එම ඡායාරුපය ගූගල්හි ප්‍රතිලෝම රූප සෙවීමකට (Google Reverse Image Search) යොමු කලා.එහි දී අපට මෙම ඡායාරූප සහිත විස්තරයක් onforest.com නම් වෙබ් අඩවියක පලවී තිබෙනු දක්ගනන්ට හැකි වූ අතර එහි සඳහන් වී තිබුනේ එම සිද්ධිය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවියේ 2002 වසරේදී පලවූවක් බවයි.

ඒ අනුව ඉන්දියාවේ මව් වරුන්ගේ දිනයට සමගාමීව මෙම පින්තූර පෙල පල පසුගිය මැයි මාසයේ මුලින්ම පළකර තිබුණද මෙම සිදුවීම 2002 වසරේ දී සිදු වූ බව වාර්තා වෙනවා.එමෙන්ම මෙම සිදුවීම ඉන්දියාවේ ඇසැම් ප්‍රාන්තයේ සිදුවූවක් බව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් වල දක්වා තිබුනද මෙම සිදුවීම සැබැවින්ම සිදුව ඇත්තේ ගුජරාටයේ වඩෝදරා දිස්ත්‍රික්කයේය

ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියේ පලවූ වාර්තාව පහතින්.

සමාජ මාධ්‍ය වල පළව තිබු සටහනේ ඡායාරුප අන්තර්ගතව ඉහත සිද්ධිය පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් onforest.com නම් වෙබ් අඩවියක්ද වාර්තා කර තිබුණි. එසේම එම ඡායාරුප සහිත සටහනක් 2016 වසරේ ෆේස්බුක් සටහනක් දැක්වුණේ පහත අයුරින්

https://www.facebook.com/europaagainsttorodelavega/posts/1242541929091020?__xts__%5B0%5D=68.ARBeh1IqxlGVR1zs9zDJlDvw1ilx021fi_tBZ344XJ7bI9EhhLK7DUgg0AulirO_dQXNDuNJGyUvxuA6mIuSF0JO4aLAkssWFbEHyZZRrHOiyb0xtBu9B5Kl5rHroLJL1oJSYliYeXAIVwZvTKyPgrtLkoJyJnX7OvmmAWNJoMK957GvodRZlBLXUT_hqBUtaxGeKEEzMXyBGFKMKlm0QRLDz6T33VmnoMB0kTtzBg6rw4gTQvKNf7ohdTNaFRwZPaeE2Q2TWIs6hBnK7cVkQoS7YbYJUt3_XhjhxpMfCajzGngHGZv8IqCi7DY-JmhQlbgkPIy3mvEnZiruRThpo58m0w&__tn__=-R

සමාජ මාධ්‍ය වල බෙදාගෙන ඇති ඡායාරූපයෙහි, පුද්ගලයෙකු වෙනත් ගමකින් එම එළදෙන මිලදී ගෙන ඇති කල බව සටහන්ව තිබුනා. එමෙන්ම දිවියාගේ මව පැටියෙකු ලෙස සිටියදී ඝාතනය වී තිබු බවත්, මව අහිමි වූ දිවි පටවා ගෙදර ගෙන ආ බවත්, එළදෙන විසින් පැටවාට කිරි ලබා දී ඇති බවත්, එම නිසා ඔවුන් සතුව මෙම සුවිශේෂී සම්බන්ධතාවය ඇති බවත් එහි වැඩිදුරටත් දක්වා තිබුනා.

නමුත් මෙම සිද්ධිය වාර්තා කරන කිසිඳු පිළිගත හැකි ලිපියක එවැනි විස්තරයක් ලබා දී ඇත්තේ නෑ.කෙසේ නමුත් එල දෙන සහ දිවියා එකට සමීපව සිටින කරුන පමනක් මෙම සටහනට අනුව සත්‍ය වන බවත් අනෙක් කරුනු ගොතන ලද ඒවා බවත් අපට තහවුරු වුනා.

මෙවැනි කිසියම් හෝ සිද්ධියක් ඉන්දියවේ ඇසෑම් ප්‍රාන්තයේ සිදිවුණි දැයි අප ආයතනයේ ඇසෑම් ප්‍රාන්තයේ කතෘවරියගෙන් විමසීමේදී ද මෙවැනි කිසිඳු සිද්ධියක් සිදු නොවූ බව තහවුරු කල අතර ඒ පිළිබඳව ව්‍යාජ සටහන් පෙළක් ලෝක මව්වරුන්ගේ දිනයට සමගාමිව එම ප්‍රදේශයේද හුවමාරු වූ බව දැනගන්නට ලැබුණු අතර ඒ පිළිබඳව ඇසෑමීස් භාෂාවෙන් සිදුකල විමර්ශනයක් මෙසේය.

තවද ඉන්දියවේ tribune පුවත්පතේ ආන්තර්ජාල අඩවියේ මේ පිලිබඳ ඡායාරුප සහිත සටහනක් 2003 වසරේදී මෙසේ පළකර තිබුණි.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව බලන කල එල දෙනක් සහ දිවියෙක් සමීපව ගත කරන ආකාරයේ ඡායරූපයන්ට අදාලව දක්වා ඇති සටහනේ ඇති තොරතුරු බොහොමයක් වැරදි ඒවා බව අපට නිගමනය කල හැකියි. එම සිද්ධිය ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ 2002 වසරේ ඉන්දියාවේ ගුජරාටයේ ප්‍රාන්තයේ, වඩෝදරා දිස්ත්‍රික්කයේය

Avatar

Title:දිවියෙක් සහ එල දෙනක් කුළුපගව සිටින ඡායාරූප පෙලක් ගැන වැරදි අර්ථකතනයක්

Fact Check By: Sahan Perera

Result: Misleading