ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙනා යෝජනාව ආණ්ඩු පක්ෂය මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව සම්මත කළ බවට පසුගිය දා වාර්තා විය. මේ හා සමගම ජාතික ජන බලවේගයෙ සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් ගව ඝාතනයට විරුද්ධ බව හඟවන සටහන් ෆේස්බුක් ජාලය තුළ ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය.

බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, අනුර කුමාර දිසානායක සහ දීපානි සිල්වා අළලා පහත සටහන් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

ගවමස් මුස්ලිම් ජනතාවගේ ප්‍රදාන ආහාරයක්. ඔවුන්ගේ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් ගවමස් එම නිසා හරක් මැරීම තහනම් කිරීම බෞද්ධ අන්තවාදීන් සතුටු කරන්න ගත්ත ජාතිවාදී ගෝත්‍රික තීන්දුවක් සේ මා දකින්නේ. ලෙස සටහනක් බිමල් රත්නායකගේ ෆේස්බුක් පිටුවේ ඇති ආකාරයට සකසා Alu Suwa නමින් රට ඉල්ලන සැබෑ වෙනස ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් වී තිබිණී.

LinkArchived Link

හරක් මස් සහ පෝෂදායි ආහාරයක්. ගව ඝාතනය තහනම් කිරීම නිසා මුස්ලිම් ප්‍රජාවේ දරුවන් අතර මන්දපෝෂණය පැතිරයාමේ විශාල අවදානමක් තිබෙනවාවදන රෝපණය කර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සේයාරුවක් සහිත සටහනක් Ashan Sandeep Dias නමින් JVP සමග නව ගමනක් 2025 නමැති ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් වී තිබිණී.

LinkArchived Link

මස් පිණිස ගවයන් මැරීමේ ඇති වරද කුමක්ද එම තහනම තවත් ජනවර්ගයකට කරන මහත් අසාදාරණයක් වදන රෝපණය කර ඇති සේයාරුවක් සහිතව තියෙන තුනත් නැති කරගන්ඩ ඳගලනහැටි තේමාවෙන් ඒකාබද්ධ තරුණ එකමුතුව - රත්නපුර නැමැති ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබූ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් තුන්දහසකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේය

LinkArchived Link

එසේම ගව ඝාතනය තහනම් කළහොත් ජාතික ජන බලය ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව අනුර කුමාර දිසානායක පවසා සිටි බව පෙන්වන්මින් හුවමාරු වූ සහනක් මෙසේය

Link Archived

“ගව ඝාතන තහනම හරහා ආණ්ඩුව උත්සාහ කරන්නේ සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය සතුටු කිරීමට හා මුස්ලිම් සමාජය සතුටු කිරීමට” වදන රෝපණය කර රංගන ශිල්පිනි දීපානි සිල්වාගේ සේයාරුවක් සහිත සටහනක් Vindya Kahandagama නමැත්තියකගේ ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

LinkArchived Link

ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වෙමින් තිබූ මෙම සටහන් වලට හිමි වූ ප්‍රතිචාර අතර මෙම සටහන් අසත්‍ය බවත්, ඔවුන් නොකළ ප්‍රකාශයන් මෙසේ ඉදිරිපත් නොකරන ලෙස දන්වා තිබූ බැවින් මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් වල අන්තර්ගත කරුණු පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගය මාධ්‍ය අංශය සමග සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධවු මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා පැවසුවේ තම සන්ධානයේ සහ පක්ෂයේ ක්‍රියාකාරීන් අළලා ගව ඝාතන තහනම පිළිබඳව විවිධ සටහන් සමාජ මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත්ව ඇති බව ඔවුන්ට නිරීක්ෂණය වී ඇති බවත්, ගව ඝාතන තහනම පිළිබඳව තම ක්‍රියා ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් ඇති සියළුම සටහන්, ඒවා ඉදිරිපත් කළ අයගේ මනංකල්පිත සටහන් විනා තම පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ අදහස් හෝ ප්‍රකාශ නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවේ මෙන්ම තම පක්ෂයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පිළිබඳව සිය නිල ෆේස්බුක් පිටුවල සටහන් තබා ඇති බව ද ඔහු පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවේ පහත ඇති කථාංගය සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණි.

ගව ඝාතන තහනම සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් සිදුකළා යැයි කියන ප්‍රකාශයන් කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. විශේෂයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන සහෝදරයින්ගේ යැයි හැඟෙන ප්‍රකාශයන් කිහිපයක් ආණ්ඩු හිතවාදී සමාජ මාද්‍ය පරිශීලකයින් විසින් නිර්මාණය කර තිබේ.

ගව ඝාතන තහනම සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් විසින් කිසිදු ප්‍රකාශයක් මේ වන තෙක් සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ජවිපෙ යැයි පළවන සියලු ප්‍රකාශ සාවද්‍ය බවත් ප්‍රකාශ කරමු.මේ සම්බන්ධ‍‍යෙන් පළවන ව්‍යාජ පුවත් විශ්වාස නොකරන ලෙසද සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටිමු.

පසුගිය මැතිවරණ කාල සීමාවන් දෙකෙහි සිට ‍මේ වන තෙක්ම ජවිපෙ එල්ල කරගනිමින් රාජපක්ෂවාදීන් විසින් දිගින් දිගටම ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් තිබෙන අතර එයින් පෙන්වන්නේ රාජපක්ෂ කණ්ඩායමේ සහ ආණ්ඩුවේ බංකළොත් දේශපාලන භාවිතාවයි. මෙම අශිෂ්ඨ, බංකළොත් දේශපාලන භාවිතාව පරාජය කොට ශිෂ්ටසම්පන්න දේශපාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් සහ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

LinkArchived Link

එසේම අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් අද දෙරණ පුවත් ප්‍රකාශයකදී ගව ඝාතනය සම්බන්යෙන් පළවූ පුවතක් ලෙසේ හුවමාරු වී තිබු සටහනේ ඇත්ත වශයෙන්ම තිබුනේ "20 වන සංශෝධනයට විරුද්ධත්වය පළ කිරීමට ජාතික ජන බලවේගය සූදානම් - අනුර" යනුවෙන් පහත පරිදිය. එම වීඩියෝව මෙසේය.

https://youtu.be/1nrsiEk3LDE

අනුව අප වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නිල ෆේස්බුක් පිටුව පරික්ෂා කළෙමු. 2/3 ක්ම ලැබුනත් වසලකම අඩුවක් නැති රාජපක්ෂ මඩ බලකායේ නිර්මාණයකි.පහත ඇති සටහන එහි දක්නට ලැබුණි.

LinkArchived Link

බිමල් රත්නායක ද සිය ෆේස්බුක් පිටුවේ2/3 ක්ම ලැබුනත් වසලකම අඩුවක් නැති රාජපක්ෂ මඩ බලකායේ නිර්මාණයකි. මෙවැනි ප්‍රකාශයක් මා සිදු කර නොමැති අතර ජනතාව නොමග යවමින් සිදුකරන මෙවැනි ව්‍යාජ පුවත් පළකිරීම් අප හෙලාදකිමු. තේමාවෙන් සටහනක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණි.

LinkArchived Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ගව ඝාතන තහනම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීන් සහ සහාය දක්වන්නන් සිදුනොකළ ප්‍රකාශයන් ව්‍යාජ ලෙස සංස්කරණය කර විවිධ ෆේස්බුක් පිටු විසින් ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් කර ඇති අසත්‍ය සටහන් බවයි.

Avatar

Title:ගව ඝාතනය සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් අළලා සිදුකල සාවද්‍ය ප්‍රකාශ රැල්ලක්!

Written By: Sahan Perera

Result: False