ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනීකා (Oxford-AstraZeneca) එන්නත් ඒකක ලක්ෂ පහක ප්‍රදානයක්, ඉන්දීය රජයෙන් ලංකාවට ලැබිණි. ඒ හා සමගම ලංකාවේ එන්නත් ක්‍රියාදාමය ආරම්භවු බවට මාධ්‍ය වාර්තා කළේය.

රජයෙන් ලබා දෙන කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වසරක් තුළ දී ශරීරය දුර්වල වී මිය යන බවත්, කොරෝනා යනු මැලේරියාව වැනි වෛරස් රෝගයක් බවත්, මස් මාංශ අනුභවයෙන් වැළකී කොස් දෙල් මයියොක්කා සහ පලා වර්ග ආහාරයට ගැනීමෙන්ද, දිනකට තෙවරක් ඉඟුරු කොත්තමල්ලි වැනි දේශීය ඖෂධීය පානයක් ගැනීම සහ නිරන්තරයෙන් උණු වතුර පානය කිරීමෙන් සහ ක්‍රියාශීලි වීමෙන් රෝගය ආසාදනය වීම වලක්වා ගත හැකි බවට සහ සුවවන බවට ෆේස්බුක් ජාලය ඔස්සේ සංසරණය වන සටහන් සනාථ නොවු නොමඟ යවන සුළු සටහන් බව අපගේ කරුණු විමර්ශනයේදී තහවුරු විය.

සමාජ මාධ්‍ය සටහන් :

“මිනීමරු කොරෝනා එන්නත ගන්නට එපා. කොරෝනා එන්නත හෝ කෝවිඩ්-19 එන්නත යන නමින් රජයෙන් ලබාදෙන එන්නත ගන්නා සියලු දෙනාගේ ශරීරය ක්‍රමයෙන් දුර්වල වී අවුරුද්දක් ඇතුළත මරනයට පත්වෙයි. අපේ ශ්‍රී ලංකාව විදේශිකයන්හට විකිණීමේ කුමන්ත්‍රනයේ කොටසකි මේ එන්නත.

කොරෝනා යනු මැලේරියාව වාගේ වෛරස් උණකි. දිනකට තුන් වරක් ඉඟුරු සහ කොත්තමල්ලි බීමෙන් කොරෝනා සුව වෙයි. මස් මාලු කරවල උම්බලකඩ වැනි සියලුම සත්ව මාංශ ආහාරයට ගැනීම වහාම නවත්වන්න. පැයකට වරක් උණු වතුර කෝප්ප භාගයක් පානය කරන්න. වස විස නැති කොස්, දෙල්, මන්ඤොක්කා, කොළ වර්ග හැකි තරම් ආහාරයට ගන්න. නිදි වැරීමෙන් සහ අධික ලෙස මහන්සිවීමෙන් වලකින්න.

දිනපතා අඩුම වශයෙන් පැයක් ශරීරය වෙහෙස කරන වැඩක නිරතවන්න. ගෙවතු වගාව, අතුගෑම, ඇවිදීම ව්‍යායාම ඉතාම හොඳයි. තමුන් අදහන ආගමට පව් කිරීමෙන් වලකින්න. හැකි තරම් පින් කරගන්න. මෛත්‍රී භාවනාව වඩවන්න. සෑම දෙනාටම උදව් උපකාර කරන්න. මත්පැන් සහ දුම්පානයෙන් වලකින්න”

යනුවෙන් දීර්ඝ කථාංගයක් සමඟින් හෙළ රාක්ෂයා නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබූ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි.

FacebookArchived Link

මෙම සටහන් බොහෝ දෙනෙකු අතර හුවමාරු වී තිබු අතර මේ වන විට කිහිප දෙනෙකුම එම සටහන් ඉවත් කරගෙන තිබු අයුරක් ද නිරීක්ෂණය වුවා.

කොවිඩ් එන්නත්කරණය ලංකාවේ ක්‍රියාත්මක වීම ආරම්භ වූ අවධියක මෙබඳු ප්‍රකාශයක් හුවමාරු වීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනයක් සිදු කරන මෙන් අප වෙත ඉල්ලීම් කිහිපයක්ම ලැබී තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් පළවන දේශීය මාධ්‍ය වර්තා:

ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා සිය අනුමැතිය ලබා දී තිබු බවට පළවූ වාර්තාවක් මෙතනින්

“එන්නත් කිරීමේ වැඩසටහන සාර්ථකව අඛණ්ඩව සිදු වන බවත්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් අය මෙතෙක් විශාල අතුරු ආබාධ වාර්තා කර නොමැති බව සහ පළමු මාත්‍රාව ලබාගත් අයට සති හතරකින් දෙවැන්න ගත හැකි බවට” ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉංග්‍රීසි බසින් පලවන The Island පුවත්පතට පවසා තිබුණි.

මේ පිලිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දැක්වූ අදහස් මෙලෙසින්

“කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත ලබාදීමෙන් පසුව වැඩියෙන්ම අපහසුතා දැනෙන්නේ තරුණ අයට බවත්, එය බියවීමට කරුණක් නොවන බවත්, එන්නත ලබාදීමෙන් පසුව උණ, ඇඟපත වේදනාව, සිරුරේ අප්‍රාණිකගතිය, වමනය, එන්නත් කළ ස්ථානයේ රිදීම් හා රතුවීම් වැනි සුළු අසාත්මිකතා ඇතිවිය හැකි බවට සහ ඉදිරියේදී එන්නත් ලබාදීමේදී වයස අවුරුදු 40-60 වයස් කාණ්ඩයේ පසුවන්නන්ට ප්‍රමුඛත්වය ලබාදීමටත්, දෙවනුව වයස අවුරුදු 20-30ත් අතර පසුවන්නන්ටත්, තෙවනුව වයස අවුරුදු 60 ඉක්ම ගිය පුද්ගලයන්ට ලබාදීමටත් කටයුතු කරන බව” සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා අරුණ පුවත්පතට පවසා තිබුණි.

වැඩිදුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව තිබු සටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා වෙත යොමු කර ඔහුගේ අදහස විමසුවෙමු.

විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් :

මැලේරියාව වෛරස් රෝගයක් නොවන අතර එම රෝගය පැතිරෙන්නේ පරපෝෂිතයකු මඟින් බවත්, ලංකාවෙන් මැලේරියාව සාර්ථකව පාලනය කිරීමට හැකිවුයේ සෞඛ්‍යය අමාත්‍යාංශය මැලේරියා මර්දන ව්‍යාපාරය හරහා අඛන්ඩව කරගෙන ගිය ක්‍රියාදාමය තුලින් බවත්, ලංකාව තුල බොහෝ රෝග පාලනය කිරීමට හැකිවුයේ රටතුල ක්‍රියාත්මක වන එන්නත් ක්‍රියාවලිය හේතුවෙන් බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා එන්නත දෙනු ලබන්නේ ආසත්මිකතාවයකට ප්‍රතිකාර පහසුකම් අත රෝහල් මගින් පමණක් බවත්, ඕනෑම එන්තක් ගැනිමේදී සමහර පුද්ගලයන්ට සුළු ආසාත්මිකතාවන් ඇතිවන බවත්, උදාහරණ වශයෙන් BCG එන්නත ලබාදීමන් පසු ළදරුවන්ගේ ශරීර උෂ්ණත්වය ඉහළ යන බවත් පැවසීය.

මෙම ෆේස්බුක් සටහනේ අඩංගු බොහෝ කරුණු සාවද්‍ය බවත්, විශේෂයෙන්ම ශරීරය දුර්වලවී වසරක් තුළ එන්නත ලබා ගත් පුද්ගලයා මිය යාම හිතළුවක් බවත්, ලොව රටවල් රැසක්ම කොරෝනා එන්නත් ව්‍යාපාරය දියත් කරමින් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදෙන බවත් අවධාරනය කළේය.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව:

ලෝක සෞඛ්‍යය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවෙන් ද අප එන්නත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විවිධාකාරයේ ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් විමසීමක් කළෙමු.

කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් නිතර අසනු ලබන ප්‍රශ්න නුදුරු කාලයේදී යාවත්කාලීන කිරීමට බලොපොරොත්තු වන බව පවසමින් පහත කරුණු දැක්වීම අපට ලබාදුන්නා.

එන්නත්කරණ ක්‍රියාදමය ඉතා වදගත් වන නමුත් එමගින්ම පමණක් වසංගතය අවසන් කළ නොහැක. කෝවිඩ්-19 එන්නත් කිහිපයක ඉහළ කාර්යක්ෂමතාවයක් ඇති බව පෙනෙන්නට තිබුණද කිසිදු එන්නතක් 100% ආරක්ෂිත නොවන බැවින් මිනිසුන්ගෙන් සුළු ප්‍රතිශතයක්, ඔවුන්ගේ ජාන-ජීව විද්‍යාත්මක ලක්ෂණ නිසා කෝවිඩ් -19 එන්නත ලැබීමෙන් පසු අපේක්ෂිත පරිදි කොවිඩ් සඳහා ආරක්ෂාව වර්ධනය නොවී තිබිය හැක.

මෙම එන්නත් වඩාත් ඵලදායීවීමට සහ එන්නතක් සංවර්ධනය කිරීම සඳහා එන්නත් අඛණ්ඩව භාවිතා කිරීම සහ ඇගයීම ඉතා වැදගත් වේ. මෙම ක්‍රියාවලිය එන්නත් සංවර්ධන ජීවන චක්‍රයේ සාමාන්‍ය අංගයක් වන අතර එන්නත් සහ ඒවායේ භාවිතය වැඩි දියුණු කිරීම සඳහා අපි දිගටම සහතික වෙමු. මේවා නව එන්නත් වන බැවින් ඒවා කෝවිඩ් -19 ට එරෙහිව දිගු කාලීන ප්‍රතිශක්තියක් ලබා දෙයිදැයි අපි තවමත් නොදනිමු.

ගෝලීය වශයෙන් එන්නත් නිපදවන විට, වෛරසය පැතිරීම හා වැඩි මරණ ප්‍රමාණයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගත යුතුය. මේ දක්වා, එන්නත් මඟින් රෝගය වර්ධනය වීමට එරෙහිව කාර්යක්ෂම බව පෙනෙන, නමුත් සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා ඒවායේ බලපෑම අපි නොදනිමු. මේ පිළිබඳව අපට තවත් සාක්ෂි අවශ්‍ය වන අතර, අඛණ්ඩ අධ්‍යයනයන් මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උපකාරී වේ.

සෑම කෙනෙකුම ආරක්ෂා කිරීම සඳහා, මුළු ජනගහන ප්‍රතිශක්තිය ලබා ගන්නා තෙක්, එන්නත ලබා ගන්නා සෑම කෙනෙකුම අඛණ්ඩව ආරක්ෂාකාරි පියවර ගැනීම, ඉතා වැදගත් වේ. මෙයින් අදහස් කරන්නේ ශාරීරික දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම, වාතාශ්‍රය වැඩි කිරීම, සෙනග ගැවසීම වළක්වා ගැනීම, මතුපිට විෂබීජ නාශක කිරීම සහ නිවසේ රැඳී සිටීමය.”

එන්නත්කරණය පිලිබඳ ජාත්‍යන්තර වාර්තා සහ දුර්මත:

නෝර්වේහි කොවිඩ් -19 ට එරෙහිව එන්නතක් ලබා ගත් මහලු අය අතර මරණ 23 ක් වාර්තා වී ඇති බව සමාජ මාධ්‍ය තුල සහ ප්‍රධාන මාධ්‍ය කිහිපයක වාර්තා කර තිබුණි. ඒ පිළිබඳව කරුණු විමර්ශනයක කළ faktisk.no නමැති නොර්වීජයානු වෙබ් අඩවිය නිගමනය කර ඇත්තේ මෙම මරණවලට හේතුව කෝවිඩ්-19 එන්නත බව සනාථ වී නොමැති අතර අතර මහළුවිය හා ශරීර දුර්වලතා ඇතුළු සාමාන්‍ය සෞඛ්‍යය හේතුන් බොහොමයක් එයට මුල්විය හැකිව තිබු බවයි. ඔවුන්ගේ වාර්තාවේ සම්පිණ්ඩනක් පහත ඇත.

බරපතල නිධන්ගත රෝග පවතින පුද්ගලයන් ද ඇතුළුව සත්කාර නිවාසවල පදිංචිකරුවන්ට නෝර්වේ සෞඛ්‍ය අංශවලින් එන්නත ලබා දෙමින් තිබේ. ජනවාරි 18 වෙනිදා වන විට වාර්තා වූ මරණ 23 න් 13 ක්ම නෝර්වීජියානු මහජන සෞඛ්‍ය ආයතනයේ විමර්ශනයට ලක්වූ අතර එයට කොරෝනාවෛරස එන්නත් සම්බන්ධ බවට නිගමනය කර නොමැත. නොර්වේ හි සාත්තු නිවාසවල සහ දිගු කාලීන සත්කාරක මධ්‍යස්ථානවල සාමාන්‍යයෙන් සතියකට පුද්ගලයින් 400 ක් පමණ මිය යති. මෙම පුද්ගලයන්ගෙන් සමහරු එන්නත ලබා ගැනීමෙන් පසු ඒ හා සම්බන්ධ නොවූ හේතූන් නිසා මිය යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනවාරි 18 වෙනිදා වන විට වාර්තා වූ මරණ 23 න් 13 ක්ම නෝර්වීජියානු මහජන සෞඛ්‍ය ආයතනයේ විමර්ශනයට ලක්වූ අතර එයට කොරෝනාවෛරස එන්නත් සම්බන්ධ බවට නිගමනය කර නොමැත. එම ආයතනයේ ප්‍රධානී කැමිලා ස්ටොල්ටන්බර්ග් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, “මොවුන් ඉතා වයස්ගත, දුර්වල හා බරපතල රෝග ඇති අයයි... මේවා හදිසියේ සිදු වූවක් හෝ වැඩිපුර සිදු වූ මරණ ලෙස ගණනය කරන්න බැහැ.

බී.බී.සී වෙබ් අඩවියේ ද “සමාජ මාධ්‍යජාලවල 'රජයන' කොරෝනා වෛරස එන්නත ගැන ව්‍යාජ පුවත්” සිරස්තලයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර වශයෙන් හුවමාරු වී තිබු අසත්‍ය සහ නොමඟ යවන සුළු පුවත් පිලිබඳ වාර්තාවක් පළකර තිබුණා. එම වාර්තාව මෙතනින් කියවන්න.

කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් පළවූ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පිලිබඳ අප විසින් සිදුකර තිබු කරුණු විමර්ෂණ කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලංකාවේ ක්‍රියාත්මක වන කෝවිඩ්-19 එන්නත ගන්නා සියලු දෙනාගේ ශරීරය ක්‍රමයෙන් දුර්වල වී අවුරුද්දක් ඇතුළත මරණයට පත්වන බවට සමාජ‍ මාධ්‍යය තුල පැතිරෙන සටහන සනාථ නොවු කරුණු මත පදනම් වූ ව්‍යාජ සටහනක් බවයි.

එන්නත්කරණ වැඩපිළිවෙල මඟින් පමණක් වසංගත තත්වය මර්දනය කල නොහැකි බවත් වසංගත තත්වය පාලනය කරගැනීමට එන්නත් ලබාගැනීමට සමගාමීව පෙර පරිදිම යහපත් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් ප්‍රතිශක්තිකරණය වර්දනය වන ආකාරයේ ආහාර ලබාගනිමින් නිසි ව්‍යායාම සහ අවශ්‍ය පරිදි විවේක ලබාගනිමින් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගතකිරීම වැදගත් බව තවදුරටත් වෛද්‍ය මතයයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:රජය මඟින් ලබාදෙන කොරෝනා එන්නත ලබාගන්නා සියලුදෙනාම ශරීරය දුර්වල වී වසරකින් මරණයට?

Fact Check By: Sahan Perera

Result: Misleading