පසුගියදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කළ බැන වැදීමක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ දර්ශන පෙළක් හුවමාරු වුණා.

ඒ සම්බන්ධයෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් සිදු කළ බවට හැඟවෙන සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

  1. “ජොන්ස්ටන් කටවහගෙන ඉන්නවකෝ තමුසේ පිස්සෙක්නේ” යනුවෙන් සටහන් කරමින් Ananmanan ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් දක්වා තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මෙලෙස පැවසූ බවටයි එම සටහනේ දැක්වුණේ.

Facebook | Archived Link

මෙලෙස බැන වැදුනා යැයි සඳහන් කළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වූ අතර එම වීඩියෝව මෙතනින්.

  1. තිළිණ ජූඩ් යන අය විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ,

“ඊබ්‍රා.හිම් සහෝදරයාගෙ දේපල රජයට පවරා ගැනීමට එරෙහිව මුස්.ලිම් ජනතාව සමග පැවති කතාබහ සාර්ථක විය.

නොබෝ දිනකින් දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම්....

_____________________________________

පා.ම. විජිත හේරත්

රටම විනාශ කල ජෙප්පෝ .. අනිවාර්යයෙන්ම මෙි රටින් අතුගා දැමිය යුතුයි. මුං විෂබිජයක්.” යනුවෙනි.

මෙම සටහනේ දක්වා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මුස්ලිම් ජාතිකයන් හමුවූ අවස්ථාවක ඡායාරූපයි.

Facebook | Archived Link

  1. හිරු පුවත් හරහා විකාශය වූ මාධ්‍ය සාකච්ඡාවක දී නලින්ද ජයතිස්ස මහතා විසින් සිදුකළ ප්‍රකාශ ලෙස පෙන්වා දෙමින් හුවමාරු වූ සටහනක පහත පුවත් ටිකර පළවූ බව දක්වා තිබුණි

“පාස්කු ප්‍රහාරයට රිශාඩ්ලා සම්බන්ධ නෑ” “රිශාඩ් අත්අඩංගුවට ගැනීම පලිගැනීමක්” “ආණ්ඩුව ජවිපෙ මැයි රැලියට බව වෙලා”

Facebook | Archived Facebook

  1. Yasith Dilshan යන අයෙක් විසින් පෝට් සිටියේ ආයතන නිසියාකාර ක්‍රියාත්මක වෙන්න නම් අපේ වෘත්තීය සමිති පිහිටුවීමට ඉඩ ලබා දිය යුතුය!යන්නෙන් සඳහන් කරමින් දක්වා තිබුණේ, වසන්ත සමරසිංහ මහතාගේ වාර්තාවක් පුවත්පතක පළ වූ ආකාරයකි.

Facebook | Archived Link

  1. තවද ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාත්‍යන්තර කම්කරු දිනය දා සැමරුම් නොපැවැත් වීමට රජය ගත් තීන්දුවට අප එකඟ නොව අතර මැයි දිනය සඳහා සැමරුම් පැවැත්වීමට අදාළව ක්‍රීඩාපිටි පවා වෙන් කර ඇති බවට සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක ඡායාරූපයක් Suresh Silva යන අය විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.

Facebook | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙහි පළමු කරුණේ සඳහන් වන අනුර කුමාර දිසානායක මහතා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට බැන වදිනවා යැයි සඳහන් කළ ෆේස්බුක් සටහනේ දැක්වෙන පරිදි “ජොන්ස්ටන් කටවහගෙන ඉන්නවකෝ තමුසේ පිස්සෙක්නේ” යනුවෙන් ජොන්ස්ටන් අමාත්‍යවරයාට බැන වදින බවක් පසුගිය අප්‍රේල් 23 වැනි දින පාර්ලිමේන්තු සජීවි දර්ශන පුරාවට නොතිබුණි.

පාර්ලිමේන්තු සජීවි දර්ශන I සහ II

මෙම පාර්ලිමේන්තු වීඩියෝවේ පැය 1 විනාඩි 52 සිට දුෂණ විරෝධී කොමිසම පිළිබඳ අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වූ අවස්ථාවේ එයට බාධා කළ අමල් චින්තක මායාදුන්න , ඩී. වීරසිංහ යනාදී මන්ත්‍රීවරුන් සමඟ උණුසුම් සංවාදයක් ඇතිවුණා. එම අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මහතා පිටුපස දෙස බලා ඔවුන්ට බැන වදින හැටි දැකගනන්ට ලැබෙනවා. එම අවස්ථාවේ වෙනත් කෝණයකින් ලබාගත් වීඩියෝ දෙකක් මෙතනින් සහ මෙතනින්

එදින සිරස ප්‍රවෘත්ති විකාශයේ පාර්ලිමේන්තු විවාද පිළිබඳ සඳහන් වූ පුවතේ එම මන්ත්‍රීවරුන් අනුරකුමාර දිසානායක මහතාට බාධා කළ අයුරු දැක්වේ. එම විඩීයෝව මෙතනින්. එහි 15.57 සිට 16.9 තෙක් ගුවන් කාලයේදී ඔබට මේ පිළිබඳව දැක ගන්නට පුළුවන්.
(මෙම කොටස පසුව යාවත්කාලීන කරන ලදී)

අමාත්‍ය ජොන්ස්ටන් මහතා මන්ත්‍රීවරුන් නිසා ඉතා අසීරුතාවයට පත් ව තිබෙන බව පමණක් අනුර කුමාර මහතා සඳහන් කරයි.

එමෙන්ම අමාත්‍ය ජොන්ස්ටන් මහතා සභා ගර්භයේ අසුන්ගෙන ඇත්තේ අනුරකුමාර දිසානායක මහතාට විරුද්ධ, රජයේ පාර්ශවයේය . එය මෙම පාර්ලිමේන්තු වීඩියෝවේ ආරම්භයේ ම 2.20 වන විනාඩියේ සිට දැකගනන්ට පුළුවන්.

තවද අමල් චින්තක මායාදුන්න හා ඩබ්.ඩී. වීරසිංහ පාර්ලිමේතු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනුර කුමාර දිසානායක මහතා සිටින පැත්තේ ම පසුපස අසුන්වල සිට කරුණු දක්වන අවස්ථා මෙම පාර්ලිමේන්තු වීඩියෝවේ(I) 2 වන පැය මොහොතේ මෙන්ම මෙම වීඩියෝවේ (II) 34 වන විනාඩියේ සිට දැකගන්නට පුළුවන්. (මෙම අවස්ථා දෙකම අනුර කුමාර දිසානායක මහතාගේ අදහස් දැක්වීමෙන් පසුව සිදුවූ අවස්ථා දෙකක්)

2. වන කරුණ ලෙස දක්වා ඇති විජිත හේරත් මන්ත්‍රීවරයා ඊබ්‍රා.හිම් සහෝදරයාගෙ දේපල රජයට පවරා ගැනීමට එරෙහිව මුස්ලිම් ජනතාව සමග පැවති කතාබහ සාර්ථක විය යන්නයි

නොබෝ දිනකින් දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම්.... ලෙස දක්වමින් තිබූ සටහන පිළිබඳ නිරීක්ෂණයේදී මෙම සටහන 2017 වර්ෂයේ මාවනැල්ල උයන්වත්ත මහ පල්ලිය, කටුගහපිටිය පල්ලියේ රාමසාන් උපවාසයේ නිරත පිරිස් වෙත රටඉඳි බෙදා දීමට එක්වූ අවස්ථාවක් බව විජිත හේරත් මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

ඒ අනුව පෙනී යන්නේ මෙම හමුවීම මෑතකදී සිදු නොවුන බවයි.

3. නලින්ද ජයතිස්ස මහතා විසින් “පාස්කු ප්‍රහාරයට රිශාඩ්ලා සම්බන්ධ නෑ” “රිශාඩ් අත්අඩංගුවට ගැනීම පලිගැනීමක්” යනුවෙන් මාධ්‍ය සාකච්ඡාක කළ ප්‍රකාශයක් හිරු ප්‍රවෘත්ති විකාශයේ සඳහන් වූ බවට හඟවමින් දැක්වූ සටහන් සම්බන්ධයෙන් Fact Crescendo අප කළ විමසුමේදී අපට තහවුරු වුණේ නලින්ද ජයතිස්ස මහතා විසින් එලෙස ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් කළ 30-03-2021 වන දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළ අවස්ථාවේ වීඩියෝ රූපරාමු වල ඡායාරූප කිහිපයක් මෙම සංස්කරණය කළ සටහන සඳහා යොදාගෙන තිබුණා.

එම එක් ඡායාරූප සංසදනයක් පහතින් දක්වා තිබේ.

පොල්තෙල් වල විෂ සම්බන්ධයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ අතර මෙම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව මෙතනින්.

නිලන්ද ජයතිස්ස මහතා මෙහිදී කතා කළ විෂය සම්බන්ධයෙන් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ වූයේ මෙලෙසිනි.

4. වසන්ත සමරසිංහ මහතා විසින් ප්‍රකාශ කළා යැයි සඳහන් කරමින් පුවත්පතක පළ වූ වාර්තාව පිළිබඳ අපගේ නිරීක්ෂණයේදී තහවුරු වුණේ, සත්‍ය පුවත් වාර්තාව සංස්කරණය කර ඇති බවයි.

සත්‍ය පුවත්පතේ ශීර්ෂ පාඨය වූයේ “ සහරාන්ලා නඩත්තු කරන්න සල්ලි දුන්න මිනිස්නු බඩුත් සමග එළියට ඇවිල්ලා යනුවෙනි.” එම වාර්තාව කියවන්න මෙතනින්. (12 වන පිටුව)

එම ඡායාරූප සංසදනය පහතින් දක්වා තිබේ.

කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේද, පෝට් සිටියේ ආයතනවල වෘත්තිය සමිති පිහිටුවීමටට ඉඩ ලබා දිය යුතුයි ලෙස හෝ එම සංස්කරණය කරන ලද වාර්තාවේ දැක්වෙන පරිදි කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

5. ජනතා විමුක්ති පෙරමුණ විසින් මැයි දිනය නිමිත්තෙන් සංවිධානය කරනවා යැයි කී මැයි රැළිය සම්බන්ධයෙන් විමසීමට අප ජනතා විමුක්ති පෙරමු‍ණේ මාධ්‍ය කාර්යාලය සම්බන්ධ කර ගත්තා. ඔහු සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ලෙසට හැඟ වීමට ජනතා විමුක්ති පෙරමුණේ ආකෘතිය මෙලෙස සංස්කරණය කර ව්‍යාජ තොරතුරක් ඉදිරිපත් කර ඇති බවයි. මෙය අසත්‍ය බවට ඔහු තහවුරු කර සිටියා.

ජනතා විමුක්ති පෙරමුණේ නිල මාධ්‍ය නිවේදන කිසිවක හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක හෝ මෙම පුවත දැක ගන්නට ලැබුනේ ද නැහැ.

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව පෙනී යන්නේ ජනතාව නොමග යැවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කළ බවට සටහන්, ප්‍රකාශ සඳහන් කරමින් අසත්‍ය ප්‍රචාරය කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කොට මෙලෙස ව්‍යාජ සටහන් ඉදිරිපත් කර ඇති බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:පාර්ලිමේන්තුවේදී අනුර කුමාර, ජොන්ස්ටන්ට බැන්නද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading