ඇෆ්ගනිස්තාන ජනපති රට හැර පලා යෑම සහ ඉන්පසු ඇමරිකානු හමුදාව ද ඇෆ්ගනිස්තානයෙන් ඉවත්මේ සංවේදී දර්ශනත් හමුවේ පසුගිය දා තලෙයිබාන් සටන්කාමීන් විසින් කාබුල් නගරය අත්පත් කරගැනීමට සමත්වුණා. මෙවන් පසුබිමක තලෙයිබාන් නායකයින් සිය පාලන බලය ස්ථාපිත කිරීමට සැරසෙන ආකාරය පිළිබඳව ද නොයෙකුත් වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා.

මෙවන් පසුබිමක, තලෙයිබාන් සටන්කාමීන් සිය ජයග්‍රහණය සමරමින් තාප්ප සිතුවම් කර තිබූ ආකාරය යනුවෙන් සඳහන් කරමින් හුවමාරු වූ ඡායාරුප සටහන් පෙළක් පිලිබඳ ව අප Factcrescendo කණ්ඩායමේ කරුණු විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

ඇෆ්ගන් තලෛබාන් තරුණයින් තාප්ප සිතුවම් කරමින් ලැබූ ජයග්‍රහණය සමරන අයුරු...!යන තේමාවෙන් හුවමාරු වූ ඡායාරුපයක් කෙටි කාලයක් තුළ දහසකට වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබෙනු දැක ගන්නට ලැබුනේ මෙලෙසින්.

Facebook | Archived

එම සිතුවමේ දක්වා තිබෙන්නේ පොහොට්ටුවක් ද යන්න උපහාසාත්මකව විමසා තිබු තවත් අවස්ථාවක් පහතින්.

Facebook | Archived

මේ ආකාරයෙන් හුවමාරු වූ තවත් සටහන් පෙළක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරුපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එම අවස්ථාවේදී නිරීක්ෂණය වුණේ එය මීට වසර දෙකකට ඉහත දී ඇෆ්ගනිස්ථානයේ දී ලබාගත් ඡායාරුපයක් බවයි. එනම් AP පුවත් සේවය වෙනුවන් Nishanuddin Khan විසින් මෙම ඡායාරුපය 2019 වසරේ අගෝස්තු මස ලබාගෙන තිබුණා.

මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ඇෆ්ගනිස්ථානයේ කාබුල් හි පිපිරුම් මඟින් වන හානිය අවම කිරීමට තනා තිබු කොන්ක්‍රීට් බිත්ති (Blast Walls) මත ස්වාධීන ඇෆ්ගනිස්ථානු කලාකරුවන් ටියුලිප් මල් චිත්‍රයට නගා තිබූ අවස්ථාවක් යනුවෙනි. සිය රටේ ඉරණම රහසිගතව සාකච්ඡා කෙරෙන එක්සත් ජනපදය නියෝජිතයන් හා තලේබාන් සටන් කාමීන් දෙස  මිලියන 30 කට වැඩි ඇෆ්ගනිස්ථාන වැසියන් අවුරුද්දකට ආසන්න කාලයක් අපහසුවෙන් බලා සිටි බවද එහි සඳහන් කර තිබුණේ මෙලෙසින්.(7 වන ඡායාරූපය)

Apnews | Archived

මෙම ඡායාරුපය රැගත් පුවත් වාර්තා කිහිපයක් පහතින්

The star | Military times | Insider

ඒ වන විට අවුරුදු 18කට ආසන්නේ කාලයක් පුරා පැවති යුද්ධ කටයුතුවලදී මියගිය සිවිල් වැසියන් සංකේතවත් කිරීමට මෙසේ ඇෆ්ගනිස්තාන ජාතික පුෂ්පය වන ටියුලිප් මල් දස දහස් ගණනක් චිත්‍රයට නඟා තිබු බව ද එම පුවත් වර්තාවක සඳහන් වී තිබුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය හා AP පුවත් සේවය වාර්තාකර තිබු මුල් ඡායාරූපයේ සංසදන්දනය පහතින්.

මෙහි චිත්‍රයට නඟා තිබු ටියුලිප් මල ඇෆ්ගනිස්ථානයේ ජාතික පුෂ්පයයි. අතීත රජ දවස සිටම ටියුලිප් මල මධ්‍යම ආසියාවේ ඇතුළු ඇෆ්ගනිස්තාන වැසියන්ගේ ද ගෞරවාදරයට හිමිවූ අතර එරට බහුලව දක්නව ලැබෙන පුෂ්පයක් වන අතර එරට සංස්කෘතික හා සම්ප්‍රදායික අංගවල සුවිශේශී තැනක් හිමිවේ.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

මේ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, තලෙයිබාන් සටන්කාමීන් කාබුල් නගරය අත්පත් කරගත් පසු තලෛබාන් තරුණයින් තාප්ප සිතුවම් කරමින් තමන් ලද ජයග්‍රහණය සැමරූ බවට පළ වන ඡායාරූප වල දැක්වෙන්නේ මීට වසර දෙකකට පෙර, එනම් 2019 වර්ෂයේ ලබා ගත් ඡායාරූපයක් බවයි.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් හි පිපිරුම් මඟින් වන හානිය අවම කිරීමට තනා තිබු කොන්ක්‍රීට් බිත්ති Blast Walls මත මත ස්වාධීන ඇෆ්ගනිස්ථානු කලාකරුවන් විසින් ඔවුන්ගේ ජාතික පුෂ්පය වන ටියුලිප් මල් දස දහස් ගණනක් 2019 වසරේ දී මෙසේ චිත්‍රයට නගා තිබුනේ, ඒ වන විටත් අවුරුදු 18ක් පුරා පැවති යුද්ධය හේතුවෙන් අහිමි වූ සිවිල් වැසියන් සංකේතවක් කිරීමටයි.

Avatar

Title:තලෛබාන් තරුණයින් තාප්ප සිතුවම් කරමින් තමන් ලද ජයග්‍රහණය සැමරුවාද?

Fact Check By: Pavithra Sandamali

Result: False