රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සහ ඒවායේ මිල ගණන් පිළිබඳව පසුගිය දින කිහිපයේදී බොහෝ කතාබහක් ඇතිවූ අතර ලංකාවේ ඇතැම් රෝහල් මඟින් විශාල මුදලක් අයකළ බවට ද ලැබුණු චෝදනා මත පාරිභෝගික අධිකාරිය විසින් එහි උපරිම මිල රු.2000 ලෙස මිල පාලනය කිරීමට තීරණය කර තිබුණා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සටහන් රැසක් පළවී තිබූ අතර එසේ පළවූ ව්‍යාජ සටහනක් පිළිබඳ අපගේ කරුණු විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රැපිඩ් අන්ටිජන් කට්ටලය යන තේමාවෙන් PrimaCOVID නම් සන්නාමය යටතේ පවතින රැපිඩ් අන්ටිජන් කට්ටලයක ඒකකයක් රු. 80 වැනි මුදලකට ලබාගත හැකි බව දක්වමින් සටහනක් හුවමාරු වී තිබුණා. මේ ආකාරයේ කට්ටල 5ක් නිවසටම ගෙන්වා ගැනීමට ඇමතිය යුතු අංකය ලෙස ජංගම දුරකතන අංකයක් ද ලබා දී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Facebook | Archived

මෙම සටහන් ඉතා කෙටි කාලයක් තුළ දහස් ගණනක් පිරිස අතර හුවමාරු වී තිබූ ආකාරයක් ද අපට දැක ගන්නට ලැබුණා. එසේ හුවමාරු වූ තිබු සටහන් පෙළක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් සඳහා යොදාගෙන තිබු සන්නාමය වන Primacovid covid19 antigen rapid test පිළිබඳ අප සිදුකළ විමර්ශනයේ දී දැක ගන්නට ලැබුනේ මෙම සන්නාමය අයත්වන්නේ ස්විට්සර්ලන්තයේ ආයතනයකට බවයි. එහි මිල පිළිබඳ එහි විස්තර දක්වා තිබුණේ නැහැ.

About Us | Archived

එසේම ඉහත සටහනේ දැක්වෙන දුරකතන අංකය ජවිපෙ සාමාජික වසන්ත සමරසිංහ මහතාගේ දුරකතන අංකය බවත් මෙය ව්‍යාජ ලෙස නිර්මාණය කළ සටහනක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ලේකම්වරයා අප සමඟ තහවුරු කර සිටියා.

එසේම මීට පෙර රු.80 ට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් දිලිත් ජයවීර මහතා විසින් ලංකාවට ගෙනැවිත්, රු.2000කට විකුණන බවට මෙවැනි අසත්‍ය සටහන් පෙළක් හුවමාරු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. එම සටහන් ලංකාවේ රු.80ට මෙම පරීක්ෂණ කට්ටල ලබාගත හැකි බවට සටහන් නිර්මාණය වන්නට මුල් වන්නට ඇතැයි අනුමාන කළ හැක.

Archived

අප මීට දින කිහිපයකට පෙර ලංකාවේ රැපිඩ් අන්ටිජන් කට්ටල ගෙන්වන සමාගම් සම්බන්ධයෙන් සහ මිල ගණන් සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් පළකළ අතර එහිදී පෙන්වා දුන්නේ දැනට මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන සමාගම් සඳහා එක් ඒකකයක් රු.1100,1142 වැනි අගයකට රෝහල් වෙත අලෙවි කිරීමටත් රෝහල් මඟින් එම පරීක්ෂණයක් රු. 2000 කට සිදුකළ යුතු බවටත් මිල ගණන් රජය විසින් මිල නියාමනයක් සිදුකර ඇති බවයි. එසේම ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේ තවත් සමාගම් කිහිපයකට ද අනුමැතිය ලබාදීම පිළිබඳ සලකා බලමින් සිටින බවත් මේ සියල්ලම විදෙස් රටවලින් ආනයනක කෙරෙන රැපිඩ් ඇන්ටිජන් සන්නාම බවත්ය. එසේම දැනට ලංකාවේදී මෙම පරීක්ෂණ කට්ටල පුද්ගලිකව මිලදී ගෙන තමන්ටම මෙම පරීක්ෂණ කරගැනීමේ හැකියාවක් ලබා දී නැහැ. මේ පිළිබඳ සම්පුර්ණ වාර්තාව මෙතනින්

ගන්න අපේ දේ - Ganna Ape De ෆේස්බුක් පිටුව මඟින් ද පළකර තිබු සටහන දක්වා තිබුනේ මව්බිම ලංකා පදනමේ ලංජනය සහිතව ප්‍රචාරය වන්නේ ව්‍යාජ දැන්වීමක් බවත් මෙවැනි නිෂ්පාදනයක් සදහා සූර්ය සිංහ ලාංඡනය පුධානය කර නොමැති බවත්ය. එම සටහන පහතින්.

https://www.facebook.com/infomlp/posts/4156171461162253?cft[0]=AZU-EHF8ya6Hl7EJ6MPw0ZawOX8URRpuE9h_TpFKz8S-_m9PiPBB6pboblV5htnprMwkVThMq1O75akYs92SgCUr5Z_ofAyPYi9Ca5_wd3FJCUod2TS9SfG5UlxRju3Xsr-mXwn4OOzD8Fq3e2Nr9UlU&tn=%2CO%2CP-R

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ශනයෙන් පැහැදලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට රු.80 කට මිලට දැනට මෙරටම නිෂ්පාදිත රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ කට්ටල ලබාගත හැකි බවට හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම ව්‍යාජ සටහන් පෙළක් බවයි.

එම සටහන් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහමහතාගේ දුරකතන අංකය යොදා ගෙන තිබුණි. මෙහි දක්වා ඇති සන්නාමය ලංකාවේ නිෂ්පාදනයක් ද නොවේ.

මෙසේ මහජනතාවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිල දී ගැනීමේ හැකියාවක්, ලංකාවේ දැනට පවතින්නේ නැහැ. මෙම පරීක්ෂණ රෝහලක් ඔස්සේ පුහුණුවක් ලබා ඇති අයෙකු හරහා සිදුවිය යුතු බවටත් එහි මිල රු.2000ක් බවටත් රජය විසින් නියාමනය කර තිබේ.

Avatar

Title:ලංකාවේ නිෂ්පාදිත ඇන්ටිජන් කට්ටලයක් දැන් රු.80 කට?

Fact Check By: Sara Gunaratne

Result: False