යම්කිසි කෙනෙකුගේ අසනීප තත්ත්වයන්ට ආශිර්වාද ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව රෝගාබාධ සහිත පුද්ගලයන් බවට දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි සටහන් ඇතැම් අවස්ථාවන් වලදී සත්‍ය වන අතර ඇතැම් අවස්ථාවලදී අසත්‍ය වන්නේ ඒ සඳහා භාවිතා කරනු ලබන ඡායාරූප වල දැක්වෙන්නේ කුමක්ද යන්න පිළිබඳ කරුණු හරි හැටි අවබෝධ කර නොගැනීම හේතුවෙනි. එවැනි ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“අහක බලන් යන්න එපා... සමහර කර්ම උප්පත්තියේ දිම පදිසම් දෙනු ලැබේ

නොපමාව කුසල් රැස් කර ගන්න...”

යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් වෙත එක් කර තිබුණා. එම සටහනින් පැවසෙන්නේ යහපත් අවවාදයක් වුවද, ඒ සඳහා භාවිතා කර තිබූ ඡායාරූපයෙන් හඟවා තිබුණේ, මෙම ඡායාරූපයේ දැක්වෙන දරුවා උප්පත්තියේදීම යම්කිසි ආබාධයකින් පෙළෙන බැවින් අවාසනාවන්ත තත්වයක සිටින බවයි.

Facebook | Archived Link

එම සටහන සංසරණය කරගෙන තිබූ තවත් අවස්ථාවක් මෙතනින්. Archived Link

තවද යම්කිසි උපකරණයක් ආධාරයෙන් සිටින බව ද එමඟින් ඒත්තු ගන්වා තිබු අතර මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද බොහොමයක් ෆේස්බුක් පරිශීලිකයින් නොමග ගොස් ඇති බවට දැකගන්නට ලැබුණේ මෙලෙසින්.

මීට පෙර ද අවස්ථා කිහිපයක දී මෙම කුඩා දරුවාගේ ඡායාරුපය ඉහත ආකාරයේම අර්ථකතනයන් සමඟ හුවමාරු වූ අවස්ථා කිහිපයක් පහතින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත දැක්වෙන ඡායාරූපයේ නිරවද්‍යතාවය සෙවීම සඳහා අප ප්‍රථමයෙන්ම එම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව එම ඡායාරූපයේ පසුබිම් කතාව වන්නේ, කුඩා දරුවන්ගේ පපු ප්‍රදේශයේ X-ray ඡායාරූප ලබා ගැනීමට ඉතාමත් අපහසු බැවින් X-ray ලබා ගැනීමේදී ඔවුන් චලනය වීමට වැළැක්වීම සඳහා Pigg-O-Stat නමැති උපකරණය භාවිතා කරන බවයි.

Pigg-O-Stat උපකරණයට යොමු කළ දරුවන්ගේ ඉරියව්ව හාස්‍ය මුසු ස්වරූපයෙන් පෙනුනද, මෙය ඉතා පහසුවෙන් කුඩා දරුවන්ගේ x-ray ඡායාරූප ලබා ගැනීමට උපකාර වන බවත්, මෙය 1960 ගණන්වල සිට වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා නිෂ්පාදනය කරන ලද එක්සත් ජනපදයේ ආරම්භ වූ පරීක්ෂණ උපකරණයකි. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඉහත ඡායාරූපය සමගින් කුඩා දරුවන්ගේ X-ray ලබා ගැනීම සම්බන්ධයෙන් පළ වූ ෆේස්බුක් සටහනක් පහතින්.

Facebook | Archived Link

එම ඡායාරූපය සම්බන්ධයෙන් පළ වූ ට්විටර් සටහනක් මෙතනින්.

Pigg-O-Stat උපකරණය භාවිතා කරමින් කුඩා දරුවන්ගේ X-ray ලබා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින්.

https://www.youtube.com/watch?v=08gOiUuPy9k

Pigg-O-Stat වෙබ් අඩවියට අනුව කුඩා දරුවන් සැලකිය යුතු සංකූලතාවයකින් තොරව සුදුසු X-ray සඳහා ළදරුවන් සහ කුඩා දරුවන් ස්ථානගත කිරීම සඳහා නිර්මාණය කර ඇති ළමා ප්‍රතිශක්තිකරණ උපකරණයක් ලෙස විස්තර කරනු ලබයි.

ඔවුන්ගේ වෙබ් අඩවිය පැහැදිලි කරන්නේ එය ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර මත රඳා නොපවතින නිසා, X-ray කාර්මික ශිල්පීන් සහ ළමා රෝග විශේෂඥයින් හට සැකසීම පිළිබඳ පූර්ණ පාලනය ඇති බවයි.

උපකරණය භාවිතා කරන විට ළමයින් තම නැපි පැළඳ සිටිය යුත්තේ ඔවුන්ගේ නැපිය පමණක් වන අතර යමෙකු නිවැරදි මට්ටමේ ආසනය මත තබා සිටින විට ඔවුන්ගේ දෑත් ඉහළට ඔසවා තැබිය යුතු ද, වෙයි.

එමෙන්ම මෙය ආරක්ෂිත බවද, සහතික කරනු ලබයි. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, යම්කිසි ආබාධ තත්ත්වයක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබූ ඡායාරූපයේ ඇත්ත වශයෙන්ම දැක්වෙන්නේ, කුඩා දරුවන්ගේ පපු ප්‍රදේශයේ  X-ray ඡායාරූප ලබා ගැනීමට ඉතාමත් අපහසු බැවින් X-ray ලබා ගැනීමේදී ඔවුන් චලනය වීමට වැළැක්වීම සඳහා Pigg-O-Stat නමැති උපකරණය භාවිතා කරන ආකාරයේ ඡායාරූපයක් බවයි.

Avatar

Title:උත්පත්තියේදී ආබාධ ඇතිව ඉපදුණු දරුවෙකුගේ ඡායාරූපයක්ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading