දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

නොයෙකුත් සංවත්සර සඳහා ත්‍යාග ලබා දෙන බවට සහ ෆ්‍රී ඩේටා ලබා දෙන බවට පවසමින්, සමාජ මාධ්‍ය හරහා වරින් වර පණිවුඩ සංසරණය වීම බහුලව දැක ගන්නට ලැබෙනවා. කෙසේනමුත් බොහෝ අවස්ථාවල මෙම පණිවුඩ ව්‍යාජ නිර්මාණයි. මෙවැනි වංචාවන් පිලිබඳ නිතර දනුවන් කිරීම් සිදු වුවත්, ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන මේ ආකාරයේ පණිවුඩ හේතුවෙන් බොහෝ දෙනෙක් නොමඟ යාමට ලක්වෙනවා.

මේ හේතුවෙන් එවැනි ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් Fact Crescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. 

සමාජ මාධ්‍ය සටහන් :

Claim 1 :

රාමදාන් සමයේ ත්‍යාග ලබා දෙන බවට පවසමින් තරඟවලට සහභාගීවන ලෙස ට පවසමින් සමාජ WhatsApp ඔස්සේ පණිවිඩයක් සංසරණය වුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත පණිවිඩයේ දක්වා ඇති සබැඳියට පිවිසීමේදී ම නිරීක්ෂණය වන්නේ එය කිසිදු අයුරකින් Cargills Food City හා සම්බන්ධ නිල වෙබ් අඩවියකට පිවිසීමක් සිදු නොවන බවයි. මෙවැනි ව්‍යාජ සබැඳි ක්ලික් කර ඔබගේ දත්ත හෝ හිතවතුන් සමඟ හුවමාරු කිරීමෙන් වැළකිය යුතු අතර, මෙම සබැඳිය පරීක්ෂා කිරීමේ අරමුණින් මෙහි ඉදිරියට යාමේදී අවසාන වශයෙන් දැකගන්නට ලැබුනේ එය ක්‍රිප්ටෝ සිමියුලේටර් යෙදුමක් භාගත කිරීමක් වෙත පිවිසෙනු බවයි.

ඒ අනුව පැහැදිලි වන්නේ මෙම තරඟය අදාළ ආයතනය විසින් පවත්වන තරඟයක් නොවන බවත්, මෙය ව්‍යාජ ලෙස ක්‍රිප්ටෝ ට්‍රේඩින් වෙත පිවිසීමට නිර්මාණය කරන සබැඳියක් බවයි.

Also Read: Bitcoin mining ව්‍යාජ ආයෝජන පණිවිඩ වලට ඔබත් රැවටුනාද?

එමෙන් ම මෙවැනි තරඟයක් හෝ ත්‍යාග ලබා දීමක් සිදු නොවන බවත්, පාරිභෝගිකයන්ගේ පුද්ගලික තොරතුරු ඉල්ලමින් සමීක්ෂණයකට සහභාගී වන ලෙස ඉල්ලීමක් සිදු කර නොමැති බවත් සඳහන් කරමින්, ඉහත ව්‍යාජ පණිවිඩය සම්බන්ධයෙන් Cargills ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්.

Claim 2 :

“🎁 Loans වලින් ණය ගත්ත නොගත්ත සියලු දෙනාටම පෝන් පිරෙන්න 50GB දක්වා නොමිලේ ඩේටා ලබාගන්න. ඉක්මන් කරන්න මෙම දීමනාව අප්‍රේල් 14 වෙනකල් විතරයි” ලෙස සඳහන් කරමින් සබැඳියක් ද, සඳහන් කළ පණිවිඩයක් WhatsApp ඔස්සේ බහුලව සංසරණය වුණා.

එය ෆේස්බුක් සටහන් ලෙස ද, පළ වූයේ මේ අයුරින්. Facebook | Archived Link

එසේම මෙවැනි සටහන් ව්‍යාජ බවත් මෙවැනි පණිවුඩ නිතරම හුවමාරු කර ගන්නා පුද්ගලයින් උපහාසයට ලක්කරමින් ද ෆේස්බුක් සටහන් කිහිපයක් ද නිර්මාණ වී තිබුණා.

ඩයලොග් සිම් කාඩ් නොමිලේ ඩේටා පිරි නමන බවට සඳහන් කරමින් තව ත් ෆේස්බුක් සටහනක් පළ වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

එම පණිවිඩය WhatsApp ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව විමසමින් බොහෝ දෙනෙකු අපගෙන් කළ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ පිළිබඳව විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත දක්වා ඇති සබැඳිය ක්ලික් කිරීමෙන් පසු එය සත්‍ය බවට හැඟවීමට ෆ්‍රී ඩේටා ලැබුණු බවට ව්‍යාජ ලෙස එක් කළ ප්‍රතිචාර අපට දැක ගන්නට ලැබේ. Archived Link

Free Data, Free Gifts ලබාදෙන බවට පවසමින් කලින් කලට කරළියට පැමිණෙන, අදාළ නිල සමාගම් මඟින් ප්‍රචාරය නොකෙරෙන, මෙවැනි පණිවිඩ සියල්ලක්ම ව්‍යාජ පණිවිඩ වේ. මෙම පණිවිඩ සමග ලබා දෙන බවට කියන ත්‍යාග පිළිබඳ හෝ විස්තර පිළිබඳ තොරතුරු ඇතුළත් බවට පවසමින් දක්වන සබැඳි(Web links)ඔස්සේ ඒවා ක්ලික් කිරීමෙන් ඇතැම් විට ඔබ නොදැනුවත්වම ඇතැම් සේවාවන් සක්‍රීය වී ඔබගේ ජංගම දුරකතනයේ ඇති ක්‍රෙඩිට් කපා ගැනීම පවා සිදු විය හැක, (උදා: ජංගම දුරකථන Games වැනි විවිධ Apps). 

එමෙන්ම එම ත්‍යාග ලබා ගැනීම සඳහා ඔබගේ වටිනා දත්ත ඉල්ලා සිටින අතර, එම සබැඳිවලිට පිවිස අයදුම්පත් පිරිවීම මඟින්, ඔබගේ විද්‍යුත් තැපැල් ලිපින (Email Addresses) , දුරකතන අංක, ඔබගේ රුචි අරුචිකම් ඇතුළු විවිධ තොරතුරු ලබාගෙන ඒවා Digital Marketing වැනි දත්ත ප්‍රවර්ධන සිදුකරන ආයතන ආදියට විකිණීම සිදුවිය හැකි අතර ඊටත් වඩා භයානක දේ පවා සිදුවිය හැකියි.

එසේම ඇතැම් වෙබ් අඩවිවලට ඇතුළුවන පරිශීලකයන් වැඩි කර ගැනීම මගින් මුදල් උපයාගැනීම(Click Baits) ආදී කටයුතුත් මේ මේ හරහා සිදුවෙනවා.

මෙහි ඇති වඩාත්ම බරපතල තත්ත්වයක් වන්නේ නම් මෙම ලින්ක්ස් හරහා විවිධ වෙබ් අඩවිවලට ඇතුල්වීමේදී පරිගණක වෛරස වලට නිරාවරණය වීම ඔස්සේ, ඔබගේ උපාංග සතු දත්ත දත්ත සොරා ගැනීම ආදියද සිදුවීමට ඇති හැකියාවයි.

මේ නිසා කලයුතු වඩාත්ම සුදුසුම දෙය නම් නොදන්නා, තහවුරු නොකළ ලින්ක්ස් හරහා තෑගි ලබාදෙන බවට පවසන විවිධ වෙබ් අඩවිවලට පිවිසීමෙන් වැළකි සිටීමයි.

මෙම තෑගි ලබාදෙන බවට පවසන පණිවිඩ බහුලව හුවමාරු වන්නේ , සිංහල අවුරුදු, නත්තල් ආදී උත්සව සමය ඉලක්ක කරගනිමින් වන අතර ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධ සමාගම් වල සංවත්සර ඉලක්ක ගත කරගනිමින් ද මෙවැනි දේ පැතිරෙනවා.

Also Read : සීතල නත්තලේදී 50GB දත්ත දිනාගත හැකි බවට පළවන නොමගයවන සුලු ව්‍යාජ පණිවුඩයක් !

කිසියම් ප්‍රසිද්ධ සමාගමක් හෝ ආයතනයක් මගින් තෑගි ආදිය ලබදෙනවානම් ඒ සම්බන්ධයෙන් ඔවුන් ජනතාව දැනුවත් කරන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා හෝ නිල සමාජ ජාලා පිටු හරහා පමණක් වන අතර ව්‍යාජ සමාජ ජාලා පිටු, ව්‍යාජ වෙබ් අඩවි හරහා සිදුවන්නේ විවිධ කූට අරමුණු වෙනුවෙන් ඔබගේ තොරතුරු ලබාගැනීමයි.

එවැනි සාංවස්තරික දිනුම් අදිම4 මඟින් ත්‍යාග ලබා දෙන බවට හුවමාරු වූ ව්‍යාජ පණිවුඩ කිහිපයක් පිලිබඳ අප ඉංග්‍රීසි සිදුකළ විමර්ශණ කිහිපයක් මෙතනින්. සිංහල කරුණු පරීක්ෂාවක් මෙතනින්

මේවා අපි පොදුවේ SCAM ලෙස හඳුන්වන අතර මෙවැනි පණිවිඩ තවත් අය හා බෙදා ගැනීමට පෙර සැළකිළිමත් වන මෙන් අප ඉල්ලා සිටින අතර ඔබ ද, මෙවැනි ව්‍යාජ පණිවිඩ වලට නොරැවටෙන ලෙස අප ඉල්ලා සිටිනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:SCAM Alert! තහවුරු නොකළ, නොදන්නා සබැඳි වෙත පිවිසීමෙන් වැළකී සිටින්න!

Fact Check By: Pavithra Sandamali

Result: False