දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෑතකදී ඕස්ට්‍රේලියා සංචාරයක නිරතවුණා. එය අවසන් කර දිවයිනට පැමිණි ඔහු, වත්තල පැවති ආසන්න බල මණ්ඩල රැස්වීමකදී පැවසු කරුණු අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ කරුණක් වුයේ, ඕස්ට්‍රේලියාවේදී යම්කිසි පුද්ගලයෙකු ගිලන් රථයක සේවය ඉල්ලා සිටිය විට, එක් ගිලන් රථයක් යම් දෝෂයකට ලක්වීමේ අවදානම ඇති බැවින්, රෝගියෙකු සඳහා ගිලන් රථ දෙකක් පැමිණෙන බවට දැක්වූ ප්‍රකාශයක්.

සමාජ ජාලා සටහන්

මිනිසුන්ගේ ජිවිත වටිනාමක් පිළිබඳව ලොව බොහෝ රටවල් උනන්දු වී කටයුතු කරන බව පවසමින් මෙහිදී අනුර කුමාර පවසා තිබුනේ එක් ගිලන් රථයකට කතා කළ විට ඕස්ට්‍රේලියාවේ දී ගිලන් රථ දෙකක් පැමිණෙන බවට තමාට එරට දී දැනගන්නට ලැබුණු බවයි. එම අදහස් දැක්වීම පහතින්

Facebook | Archived

ඒ කතාව පදනම් කරගෙන සැකසුනු එක සමාජ ජාලා සටහනක් පහතින්.

FB | Archived

WhatsApp ඔස්සේ ද, මෙය සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මේ පිළිබද කරුණු විමසා බැලීමක් සිදුකිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම මෙහි මුල් වීඩියෝව වෙත අවධානය යොමු කළා. එය ජවිපෙ නායක අනුර කුමාරගේ නිල ෆේස්බුක් පිටුවේ පළව තිබෙන බව සහ එහි 7 වන මිනිත්තුවේ 30 වන තත්පරයේ සිට සමාජ ජාලාවල බහුලව පැතිර ගිය වීඩියෝවේදී ඔහු පවසන කරුණු සදහන්ව තිබෙනවා.

අනුර කුමාර දිසානායකගේ නිල ෆේස්බුක් පිටුවේ ඇති වීඩියෝවට පිවිසිය හැකියි පහතින්.

මෙම සම්පුර්ණ කතාවම අප ශ්‍රවණය කල අතර , එහි සඳහන් වන්නේ ඔවුන් දේශපාලනික වශයෙන් පළ කරන අදහස් බැවින් ඒ පිලිබදව අප විශ්ලේෂණය කිරීමට උත්සාහ දරන්නේ නැහැ.

එමෙන්ම පිළිගතහැකි අන්තර්ජාල මූලාශ්‍ර ඔස්සේද අප මේ පිලිබදව කරුණු විමසා බැලුවා.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශය , රාජ්‍ය සහ පුද්ගලික අංශ දෙකේම මැදිහත්වීම මත පවත්වාගෙන යන ක්‍රමවේදයක්. Medicare ලෙස රජය මගින් පවත්වාගෙන යන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය ඔස්සේ නොමිලේ හෝ අඩු මිලට සෞඛ්‍ය සේවා ලබාගත හැකි අතර තම කැමැත්ත පරිදි පුද්ගලික සෞක්‍ය රක්ෂණ ක්‍රමවේද සදහා ලියාපදිංචිවී ඒ ඔස්සේද සෞඛ්‍ය සේවා ලබාගත හැකියි. ඒ සම්බන්ධ වැඩි විස්තර මෙතනින්. Archived

කෙසේ නමුත්, අප ඕස්ට්‍රේලියාවේ ජිවත්වන ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසකගෙන් මේ පිලිබදව විමසා බැලු අතර ඔවුන් සියලු දෙනාම අප සමග පවසා සිටියේ එක ගිලන් රථයකට කතා කල විට , ගිලන් රථ දෙකක් පැමිණීමේ සම්ප්‍රදායක් ඕස්ට්‍රේලියාවේ නොමැති බවයි.

අප සමග කතාබහ කල ලාංකිකයන් පැවසුවේ ඉහත සදහන් කල සෞඛ්‍ය රක්ෂණයක් නොමැතිව ගිලන් රථයක සහාය ලබාගැනීමට නම් විශාල මුදලක් ගෙවීමට සිදුවන බවයි.

2020-21 කොරෝනා වසංගතය පැවති කාල සමයේදී ඕස්ට්‍රේලියානු රජය විසින් සෞඛ්‍ය වෙනුවෙන් ඩොලර් බිලියන 156 ක් වැය කර ඇති අතර පුද්ගලික අංශයෙන් සෞඛ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා පුරවැසියන් විසින් වැය කර ඇති මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 64.9 ක් වෙනවා. සමස්ත වියදම ඩොලර් බිලියන 220.9 ක්. ඒ අනුව එක පුද්ගලයෙක් සෞඛ්‍ය වෙනුවෙන් වැයකර ඇති ඩොලර් ප්‍රමාණය 8617ක් පමණ වෙනවා. ඒ පිළිබද වැඩිදුර විස්තර මෙතනින්. Archived

ඕස්ට්‍රේලියානු රජයේ ගිලන් රථ සේවා ක්‍රියාත්මක වන්නේ මූලික තේමා 4 ක් ඔස්සේයි. ඒ , නිසි වේලාවට සේවය ලබාදීම , රෝගීන්ගේ අවශ්‍යතා නිසි ආකාරව ඉටු කිරීම ,ඉහළ ගුණාත්මක බව යන සංකල්ප බව රජයේ නිල අදහසයි.

ඕස්ට්‍රේලියානු ගිලන් රථ සේවාවල ජාතික වශයෙන් පුර්ණ කාලීනව සේවය කරන ඒවායේ මෙහෙයුම් කටයුතුබාර වැටුප් ලබන සේවකයන් 16,742 ක්, ලියාපදිංචි අතුරු වෛද්‍ය(Paramedics) සේවකයන් 21,177 ක් වශයෙන් 2020-21 වකවානුව අතර කටයුතු කර ඇති අතර , මෙහෙයුම් කටයුතු බාර ස්වෙච්චා සේවකයන් 7,428 ක් ද එම කාලය තුළ කටයුතු කර තිබුණි. ක්ෂණික ප්‍රතිචාර දක්වන ස්වෙච්චා සේවකයන්(අතුරුවෛද්‍ය) 6716 කි.

මෙම අතුරු වෛද්‍ය සේවකයන්ගේ කාර්යභාරය වන්නේ ගිලන් රථය පැමිණීමට පෙර එම රෝගියා වෙත ළඟාවීමට හැකි නම්, එසේ ළඟාවී ජීවිතාරක්ෂාවට අදාළ පියවර ගැනීමයි. කෙසේ වෙතත් ඔවුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පහසුකම් ලබාදීමක් සිදුවන්නේ නැත .මේ සම්බන්ධ වැඩි විස්තර ඕස්ට්‍රේලියානු රජයට අයත් වෙබ් අඩවියකින් මෙතනින් .Archived

කෙසේ වෙතත් එක ගිලන් රථයකට කතා කල විට ගිලන් රථ දෙකක් පැමිණෙන බවට කිසිදු පිළිගත හැකි මුලාශ්‍රයක සදහන් වන්නේ නැහැ.

එසේම ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා බොහොමයක සදහන් වන්නේ ඕස්ට්‍රේලියාවේ ගිලන් රථ හිගයක් සහ පුහුණු කාර්ය මණ්ඩල හිඟයක් මෙන්ම රෝගියෙක්ව රෝහලකට ගෙනයාම සදහා ගිලන් රථයකට කතා කල විට පැමිණීමට පැය ඉතා දිගු කාලයක් ගැනීම වැනි ප්‍රශ්න රාශියක් ද පවතින බවයි.

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශයේ වර්තමාන තත්ත්වය පිලිබදව අදහස් දක්වමින් Medical Republic නම් වෛද්‍ය කටයුතු පිලිබදව කරුණු පැහැදිලි කිරීම් සිදුකරන ඩිජිටල් අවකාශයේ ලිපියක් පලකරන, වෛද්‍යවරියක් පවසන්නේ, ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශය සියලු දෙනාම බලා සිටියදීම පරිහානිය කරා ගමන් කරමින් තිබෙන බවයි. එහි සෑම ප්‍රාන්තයකින්ම පාහේ ගිලන් රථ සදහා ඇමතුම් ලබාදුන් විට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමාදයන් සිදුවන අතර ,ගිලන් රථ ඉල්ලා ඇමතුම් ලබාදුන් විට ඒවාට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාණයක් සේවකයන් නොමැති බවද පෙන්වා දෙනවා. එබැවින් ගිලන් රථයක් ඉල්ලා ඇමතුම් ලබාගත් විට කිහිප වතාවක්ම කතා කිරීමට සිදුවෙනවා. ගිලන් රථයක සහාය ලබාගැනීමට හැකි වුවත් ,රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ලබාදෙන වාට්ටුවලට ඇතුලත් කිරීමට පැය ගණනක් ගතවන බවටද චෝදනා එල්ලවෙනවා.මේ සම්බන්ධ විස්තර මෙතනින්. Archived

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රාන්තයක් වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල අතුරු වෛද්‍ය සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ හිගයක් ගැන මාධ්‍ය වාර්තා පළව තිබුණා.මෙම මාධ්‍ය වාර්තාවලට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින්.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ,ගිලන් රථයක් සදහා ඇමතුම් ලබාගත් විට , කිහිප විටක් ඇමතුම් ලබාගැනීමට සිදුවීම සහ පැය ගණනක් ,ගිලන් රථයක් පැමිණෙන තෙක් බලා සිටීමට සිදුවන නිසා ප්‍රාන්ත වැසියන් දැඩි පිඩාවට පත්ව සිටිනවා.ප්‍රාන්ත රජය විසින් සෞඛ්‍ය සදහා වෙන්කරන මුදල් ප්‍රමාණය වැඩි කලත්, සෞඛ්‍ය අංශයේ එතරම් වර්ධනයක් සිදුව නොමැති බව ,එරට ප්‍රධාන පුවත් සේවයක් වාර්තා කරන ආකාරය මෙම වීඩියෝවෙන්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ, ඔස්ට්‍රේලියාවේදී දුරකථන ඇමතුමක් ලබාදී ගිලන් රථයක සහාය ඉල්ලා සිටි විට, ගිලන් රථ දෙකක් පැමිණෙන බවට, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් වත්තල ආසන බල මණ්ඩලයේදී පවසන ලද ප්‍රකාශය සාවද්‍ය බවයි. ඒ බව ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් මෙන්ම එහි මාධ්‍ය වාර්තා නිරීක්ෂණයෙන් ද තහවුරු වෙනවා.

ගිලන් රථ 2 ක් හෝ කිහිපයක් පැමිණීම සිදුවිය හැක්කේ, වෙනත් බොහෝ රථවල පරිදිම, වැඩි පිරිසක් විපතට පත්ව ඇති අනතුරකදී හෝ ගින්නක් හෝ වැනි හදිසි අවස්ථාවකයි. මේ වන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම පවතින සත්‍ය තත්ත්වය නම් ගිලන් රථයක් පැමිණීමට බොහෝ කාලයක් ගැනීම, අතුරු වෛද්‍ය සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ අඩු බව , ගිලන් රථ සේවා දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට වැඩි කාලයක් ගැනීම නිසා ජනතාව අවස්ථා ගණනාවක දී පිඩාවට පත්ව තිබීමයි. සමහර ඕස්ට්‍රේලියානු වෛද්‍යවරුන්ද මේ සම්බන්ධව අදහස් දැක්වීම් සිදුකර තිබෙනවා.

Avatar

Title:ඕස්ට්‍රේලියාවේදී ගිලන් රථයක් කඳවු විට, ඒ සමඟ අතිරේක ගිලන් රථයක් ද පැමිණෙන්නේ නැහැ!

Written By: Fact Crescendo Team

Result: False