Last updated on February 21st, 2022 at 07:00 am

සම්පූර්ණ ශ්‍රී ලංකාවට බල පවත්වන පරිදී පුරා මාසයක කාලයක් මුළුල්ලේ පැවැති ඇඳිරිනීතිය බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලට ලිහිල් කිරීමට පසුගියදා රජය විසින් තීරණය ගන්නා ලදී. එම තීරණයට අනුව අවදානම් කලාපයෙන් බැහැර එකී දිස්ත්‍රික්කවල උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ ඇඳිරි නීති තත්වය ලිහිල් කරනු තිබූ අතර දිවයිනේ විවිධ පළාත්වල ජනතාව තම දෛනික කටයුතු සහ වෙළඳාම් කටයුතු වල යෙදෙන ආකාරය පිළිබඳ දර්ශන මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණි
මෙවන් පසුබිමක සමාජ දුරස්ථභාවය රඳවාගනිමින් වෙළඳාම් කරන අයුරු පෙන්වන ඡායාරූපයක් Asanka Vithanage නැමැත්තෙකු විසින් “පේනවද අපේ කන්තලේ මිනිසුන්ගේ හැදියාව😂😂😂.මේවා බලලවත් හැදියල්ලා.අපි හැදුනොත් රටම හදන්න පුළුවන් ….” යන වදන් සහිතව පළකර තිබු අතර තිබූ ඉතා කෙටි කලක් තුළ 3000 කටත් වැඩි පිරිසක් අතර මෙම සටහන හුවමාරු වී තිබුනේ මෙලෙසිනි
Link | Archived Link |

එසේ හුවමාරු වූ තවත් සටහනක් මෙලෙසින්.
FB Link | Archived Link |

තවත් මෙවැනි සටහන් කිහිපයක්ම දක්නට ලැබුණු අතර මේ සඳහා ලැබුණු ප්‍රතිචාර අතර කිහිපදෙනකු විසින් නම ශ්‍රී ලංකාවේ දර්ශනයක් නොවන බව පවසා තිබූ අතර ඇතැම් පිරිස් මෙය පිලිපීනයේ වෙළඳපලක් ද තවත් සමහරු මෙය මියන්මාරයෙන් වෙළඳ පොලක දර්ශනයක් බව ද සඳහන් කර තිබූ බැවින් මේ පිළිබඳව තරුණ විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු.
මෙම සටහන ම ඉන්දියාවේද විවිධ නගරවලට ආදේශ කරමින් වුව මාරු වී තිබෙනු අපට දැකගැනීමට හැකිවිය
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා අදාල ඡායාරූපය google reverse image සෙවුමකට ලක් කෙරුණු අතර එහිදී මේ සම්බන්ධ පළ කිරීම් කිහිපයක්ම දැක ගැනීමට ලැබුණි. එහිදී මෙම ඡායාරූපය ලොව විවිධ ප්‍රදේශවල පසුගිය පැය 24ක කාලය තුළ භාවිතා වී තිබු අයුරු පැහැදිලි විය.
එම සටහන් අතර පිලිපීනයේ වෙබ් අඩවියක “Myanmar Social Distancing In Markets Lauded By Netizens” යන තේමාව යටතේ එම ඡායාරූපය සහිත වාර්තාවක් පළ කර තිබුණේ මෙලෙසිනි
Link | Archived Link |

වාර්තාවේ සඳහන් වී තිබුණේ පිලිපීනයේ වෙළඳපලවල් ජනාකීර්ණව පැවතුනද මියන්මාරය විසින් සමාජ දුරස්ථ භාවය රඳවා ගැනීම සඳහා සරළ විසඳුමක් යොදාගෙන තිබුණු අයුරු යනුවෙනි
මේ වෙතත් මෙම දර්ශන ඇත්ත වශයෙන්ම මියන්මාරයේ ද යන්න සොයා බැලීම සඳහා අප Factcrescnedo Myanmar සමග සම්බන්ධ වූ අතර එහිදී අපට දැනගන්නට ලැබුණේ මේ ඇත්තවශයෙන්ම මියන්මාරයේ ෂාන් ප්‍රාන්තයේ “කලව්” නම් නගරයක (“Kalaw” Township in Shan State) තාවකාලික වෙළඳපොලක් බවයි
මධ්‍යම මියන්මාරයෙන් ඒ සුන්දර නගරයක් වන Kalaw නගරයේ බලධාරීන් විසින් මෙසේ සමාජ දුරස්ථභාවය යොදාගනිමින් වෙළඳ කටයුතු සිදු කරගෙන යෑමට ඉඩ සැලසීම පිළිබඳව වාර්තා රැසක් මියන්මාරයේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසිනි

කෙසේ වෙතත් මේ පිළිබඳව නිල වාර්තාවක් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මියන්මාරයේ ආයෝජන හා විදේශ කටයුතු සම්බන්ධතා අමාත්‍ය සහ COVID-19 එරට ආර්ථිකයට සිදු කරන බලපෑම පිළිබඳව කමිටුවේ සභාපති Thaung Tun මහතා විසින් පළ කරන ලද පහත Twitter සටහන දැක ගැනීමට හැකි විය
“Social distancing in practice! Hats off to Kalaw authorities and people” යනුවෙන් පලවී තිබු එම සටහනේ සිනල අරුත් “ සමාජ දුරස්ථභාවය ක්‍රියාවට නැංවූ Kalaw ප්‍රදේශයේ බලධාරීන්ට සහ වැසියනට මාගේ ප්‍රණාමය” යන්නයි
Conclusion (අවසාන නිගමනය)
මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ කන්තලේ ප්‍රදේශයේ වෙළඳපල යනුවෙන් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා තුල හුවමාරුවන ඡායාරූපය ශ්‍රී ලංකාවේ ඡායාරූපයක් නොවන බවයි. එම ඡායාරූපය මීට දින කිහිපයකට පෙර මියන්මාරයේ Kalaw නම් ග්‍රාමයේ සමාජ දුරස්ථ භාවය රඳවා ගනිමින් ක්‍රියාත්මක වූ තාවකාලික වෙළඳපොලක දර්ශනයකි.

Title:කන්තලේ වෙළෙඳපොළක් ලෙස හුවමාරු වූ මියන්මාරයේ වෙළඳපොලක ඡායාරුපයක්!
Fact Check By: Sahan PereraResult: False
