Fact-Check : ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි කුඩා දරුවා බේරාගෙන?

Update: 2019-10-29 11:03 GMT

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාඩුකට්ටුපට්ටි ප්‍රදේශයේ, වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීම

සඳහා හාරන ලද, ඉතා ගැඹුරු පටු ළිඳකට වැටී

දෙහැවිරිදි සුජිත් විල්සන් (Sujith

Wilson) නමැති

කුඩාදරුවා අනතුරට පත්වන්නේ ඉකුත් සිකුරාදා (25) සවස් යාමයේ සෙල්ලම් කරමින් සිටියදී ය. දරුවා බේරා ගැනීම

සඳහා ඉන්දීය රජයද මැදිහත්වී මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක කළ ද අද උදෑසන (29) දරුවා ජීවිතක්ෂයට පත්ව රෝහල වෙත

ගෙන යන ලද ඛේදනීය පුවත දැනගන්නට ලැබුණි.

සුජිත් කුඩා දරුවාගේ ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ ශ්‍රී

ලාංකීය ප්‍රජාව ද දැඩි අවධානයෙන් සිටි බැවින් ඒ පිළිබඳ නොයෙකුත් ප්‍රකාශ සමාජ ජාලා

ඔස්සේ පළ වී තිබෙනු අපට දැකගන්නට ලැබුණා. “එයාව බේරගෙන” යන තේමාව යටතේ “පට්ට පට පට” නම්වු ෆේස්බුක් පිටුවක පළ වූ වීඩියෝ පටියක් ඉතා සුළු

කාලයක් තුළ සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කරන්නන් අධික ප්‍රමාණයක් අතර හුවමාරු විය. එම

ෆේස්බුක් සටහන පහත දක්වා ඇත.

Facebook Link

Archived Link

Archived Video

“අඩි 30ක් ගැඹුරු කුහරයක සිරවී

ජීවිතය‍ත් මරණයත් අතර සටන් වැදුනු අවුරුදු දෙකක පුංචි සුජිත්

බේරා ගැනෙයි” ලෙසින් පළවූ ට්විටර් සටහනක් පහත දක්වා ඇත.

Twitter Link

Archived Link

“ලෝකයේම අවධානය යොමු වූ

ඒ අහිංසක ජීවිතය බේරාගෙන.. සියලු දෙනාටම පිං” යනුවෙන් “මදු මාලා” යන අයෙකු විසින් තිබු

ෆේස්බුක් සටහනක්ද අපට හමුවිය.

Facebook

Link

Archived Link

Fact Check (සත් තොරතුරු විමර්ශනය කිරීම)

කුඩා දරුවා පිළිබඳව පළවී ඇති නවතම ප්‍රවෘත්ති අද උදෑසන පරීක්ෂාකිරීමේදී අපට

දැනගන්නට ලැබුණේ දින තුනකට ඉහතදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් සුජිත් විල්සන් ළදරුවා

ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. ඒ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා කිහිපයක්ම පළ වී තිබුණා.

NDTV

India

Today

මෙම අවාසනාවන්ත සිද්ධියේ විස්තර රූපමය ආකාරයෙන් thefederal.com වෙබ් අඩවිය මගින් පළ කර තිබෙනු අපට

දැකගන්නට ලැබුණා.

Infographic:

All you need to know about rescue efforts for Sujith

“එයාව බේරගෙන” යනුවෙන් ෆේස්බුක්

හරහා විශාල වශයෙන් හුවමාරු වී තිබූ වීඩියෝවේ රූපරාමු පරීක්ෂා කිරීමේදී අපට

පැහැදිලි වූයේ එම වීඩියෝව 2017 වසරේදී, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ ගුන්ටුර්

දිස්ත්‍රික්කයේ වයස අවුරුදු දෙකක ළදරුවෙක් මෙවැනිම බොර වළකට (Borewell) වැටී ගොඩ

ගැනීමේ සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන බවයි.

https://youtu.be/Jxt10V5RLMc?t=15

Video of Child Rescue in Andra

Pradesh in 2017

Archived

Video (Guntur child saved from borewell)

මෙසේ 2017 වසරේ දී පළ කරන ලද

වීඩියෝවේ නවතම කොමන්ට් පරීක්ෂා කිරීමේදී කිහිප දෙනෙක් විසින්

සුජිත් දරුවාද මෙසේ බේරාගත යුතුයි යනුවෙන් අදහස් පළකර තිබෙනු දැක ගන්නට ලැබුණා.

තවදුරටත් කරුණු සොයා බැලීමේදී අනාවරණය වුයේ, ඉන්දියාවේද වසර දෙකකට පෙර සිදුවූ ඉහත සිද්ධිය හා සබැඳි වීඩියෝව, සුජිත් විල්සන් ළදරුවා බේරා ගැනීමේ වීඩියෝව ලෙසින් විශාල හුවමාරු වන බවයි. News18 වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් ලිපියක් පළකර තිබුණා.

News18

Website

Link (Image Google translated to English)

සුජිත් ළදරුවා මෙලොවින් සමු ගැනීමේ පුවත සැලවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ අය විසින් මෙතරම් තාක්ෂණය දියුණු යුගයක වුවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම පිළිබඳව විවිධාකාරයේ මත පළකර තිබුණා. තවද ඉන්දියාවේ මීට පෙරද අවස්ථා ගණනාවක දී මෙවැනි කුඩා ළදරුවන් මියගොස් ඇති බැවින් මේ පිළිබඳව රජය විසින් දැන්වත් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයැයි, මෙම සිද්ධිය පිළිබඳ කම්පාවට පත්වූ බොහෝ පිරිස් විසින් අදහස් දක්වා තිබුණා.

Conclusion: (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි

වන්නේ “එයාව බේරගෙන” යන තේමාව යටතේ පළ වූ වීඩියෝව,

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ මීට දෙවසරකට

පෙර සිදුවීමක් බවයි. සුජිත් දරුවා අද (29) උදෑසන මෙලොවින් සමුගත්තා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Fact-Check : ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි කුඩා දරුවා බේරාගෙන?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News