ඔස්ට්‍රේලියාවේ වැසි සමය පටන් ගත්තා ද?

Update: 2020-01-09 15:09 GMT

පුරා මාස හතරකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාව පුරා පැතිර යන, තවමත් පාලනය කරගත නොහැකි වූ, ලැව්ගිනි නිසා, එරටට මහත් ආර්ථික සහ පාරිසරික හානියක් සිදු වී ඇති නිසා, මුළු ලෝකයේම අවධානය එරට දෙසට යොමු වී පවතී. දැනට ඒ රටට බලපාන වියළි කාලගුණික තත්ත්වය නැතිවී ගොස් වැසි තත්වයක් ඇති වුවහොත් මෙම ලැව්ගිනි පාලනය කරගත හැකි බවට ඕස්ට්‍රේලියානු ගිනි නිවන සේවාවේ මතය වී තිබේ.

මෙම තත්වය කරණකොටගෙන, ඔස්ට්‍රේලියාවේ කාලගුණික තත්ත්වය පිළිබඳව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති වාර්තා ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී ඇත. පසුබිම මෙලෙස පැවති සමයක ඩුබායි දුඹුරු ලමිස්සි නැමැති ෆේස්බුක් පිටුවක “දෙවියන්ට ස්තූතියි 🙏 එහෙට වැස්ස” තේමාව යටතේ  වීඩියෝ පටියක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබුණේය. වැස්සක් ආරම්භවීමත් සමග ප්‍රීතියෙන් උද්දාම වන සිවිල් වැසියකු සහ ගිනි නිවන භටයින් කීපදෙනකු නටනා අන්දම වීඩියෝ පටිය තුළින් දැක්විණි. 

Facebook LinkArchived LinkArchived Video

ඕස්ට්‍රේලියාවේ කාලගුණික තත්ත්වය පිළිබඳව සහ ලැව්ගිනි තත්ත්වය පිළිබඳව මින් පෙර පළවූ වීඩියෝ පට සහ සටහන් පිලිබඳ කරුණු විමර්ශනය කිරීමේදී ඒවා මේ දිනවල ලැව්ගිනි හා සම්බන්ධ දර්ශන නොවන බව තහවුරු වීම නිසා මෙම සටහන පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

මෙම වීඩියෝ පටයේ නිශ්චල රූප රාමුවක් ගෙන එය google reverse image සෙවීමකට යොමු කළෙමු. එම රූප රාමුව අඩංගු වාර්තා මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුල පැතිර යන සටහන් රාශියක් නිරීක්ෂණය විය.

Google Reverse Image Search 

එහි මුලින්ම දක්නට ලැබුණු Ozzy Man Reviews වෙබ් අඩවියේ “Aussie Firefighters breaks into dance after rain falls onto bushfire area” තේමාව යටතේ වූ වාර්තාව අධ්‍යයනය කළෙමු. නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ Roland Plains නම් නගරයේ ලැව් ගිනි ඇති  ප්‍රදේශයකට පතිතවූ වර්ෂාවෙන් උද්දාමයට පත් Leongatha ගිනි සේවා ඒකකයේ භටයින් පිරිසක් සතුට පත්වූ අන්දම ලෙස එය විස්තර කර තිබිණි.

LinkArchived Link

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස Leongatha Fire Brigade නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. 2019 නොවැම්බර් මස 26 දින ඔවුන් සටහනක් ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අසල්වැසි ප්‍රදේශයක ඇති වූ ලැව් ගින්නක් මැඩ පැවැත්වීමට උත්සාහ කරමින් සිටියදි, එම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාව නිසා ප්‍රීතියට පත් වූ ඔවුන්, සතුටෙන් උද්දාමයට පත්ව ඒ පිළිබඳව කෙටි වීඩියෝ පටියක් නිපදවූ බවට කථාංශයක් ඇතුළත් කර තිබුණි. මෙහිදී එම ගිනි නිවන කණ්ඩායම සමඟ සතුටෙන් නැටුමක යෙදෙන්නේ Sue Manchester Regan නමැති කාන්තාවක් බවද තවදුරටත් දක්වා තිබුණි. 

Facebook VideoArchived Link

මෙම සිදුවීම අන්තර්ජාලයේ විශාල වශයෙන් හුවමාරු වී ඇති බව ඉහත සටහනින් සනත් වන අතර එම සිද්ධිය තවත් වෙබ් අඩවියකින් විස්තරාත්මකව මෙලෙසින් වාර්තාකර තිබුණි.

අප සිදු කළ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ 2019 වසරේ නොවැම්බර් මස අග භාගයේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි සේවා ඒකකයක් ලැව්ගින්නක් මැඩ පවත්වමින් සිටි ප්‍රදේශයකට ඇදහැළුණු වර්ෂාවක් විනා, මෙම වීඩියෝව මඟින් වර්තමාන ඔස්ට්‍ර්ලේයියානු ගින්නක් අතරතුර ඇදහැළුණු වැස්සක් නිරුපණයනොවන බවයි.

ඕස්ට්‍රේලියාවේ වර්තමාන ලැව්ගිනි තත්ත්වය පිළිබඳව අප ගූගල් සෙවීමක් කළෙමු. එම  සිතියම් අනුව තවමත් ඕස්ට්‍රේලියාවේ විශාල ප්‍රදේශයක ලැව්ගිනි ඇති බවද තහවුරු විය

අවසාන නිගමනය

අප කළ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ ප්‍රාදේශීය වශයෙන් සුළු වර්ෂාපතනයක් ඇති වූවද, සමස්තයක් වශයෙන් ලැව්ගින්න මැඩලීමට තරම් තද වර්ෂාපතනයක් ඕස්ට්‍රේලියාවට ලැබි නොමැති බවය.

එබැවින් ඩුබායි දුඹුරු ලමිස්සි නැමැති ෆේස්බුක් පිටුවක “දෙවියන්ට ස්තූතියි 🙏 එහෙට වැස්ස” තේමාව යටතේ  වීඩියෝ පටියක් සහිත සටහන නොමඟ යවන සුළු අර්ධ සත්‍ය ප්‍රවෘත්ති සටහනක් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඔස්ට්‍රේලියාවේ වැසි සමය පටන් ගත්තා ද?

Fact Check By: Sahan Perera

Result: Partly False

Tags:    

Similar News