T20 කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත් කළාද?

Update: 2020-01-23 10:29 GMT

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව බලාධිකාරිය වේ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ප්‍රතිපත්තිමය වැඩසටහන් හඳුන්වා දීම, සමාජ මට්ටමෙන් තරගාවලි පැවැත්වීම, කුසලතා ඇති ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් ජාතික සංචිතයට කැඳවා ගෙන ඔවුන්ගේ කුසලතා ඔප් නැංවීම, ටෙස්ට් වරම් හිමි අනෙකුත් රටවල් සමග තරගාවලිය සංවිධානය කිරීම වැනි නොයෙකුත් ක්‍රියාදාමයන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති වලට යටත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලැබේ.

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද විශාල පරිහානියකට මුහුණ දී සිටින අතර විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ ජාත්‍යන්තර තරඟාවලි රැසකින් පරාජය ලැබූ අතර පුහුණු කරුවන්, නායකයින් මෙන්ම ක්‍රීඩකයින් තරඟාවලියෙන් තරගාවලියකට මාරු කිරීමක්ද දක්නට ලැබුණි.

මෙවන් පසුබිමක Yakku Talks නමැති ෆේස්බුක් පිටුවක “20යි 20 නව නායකත්වය දසුන් ශානකට…සුබ පැතුම් දස්සෝ...” යන තේමාව යටතේ සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived Link

දසුන් ශානක ට සුබ පතමින් එවූ ප්‍රතිචාර සටහන් රැසක් සමග මෙවැනි සටහන් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීමට ආරම්භ වී තිබුණි. T20 නායකත්වය වෙනස් වීමක් පිළිබඳව කිසිදු ප්‍රවෘත්තියක් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයන්හි පළ නොවීම නිසා මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

ශ්‍රී ලංකා ජේෂ්ඨ ක්‍රීඩකයින් පසුගිය වසරේ පකිස්තානය තරඟාවලියට සහභාගී නොවන බව දැන්ව සිටි බැවින් දසුන් ශානක නමැති තරුණ ක්‍රීඩකයෙකුගේ නායකත්වයෙන් නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් පාකිස්තානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරන ලදී. එම තරඟාවලියේ දී පාකිස්තානු කණ්ඩායම 3-0 ලෙස පැරදවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. මෙම ජයග්‍රහණයෙන් පසු දසුන් ශානක T20 කණ්ඩායමේ නායකත්වයට පත් කළ යුතු බවට ප්‍රකාශ රැසක් පලවි තිබුණි.

පාකිස්තාන සංචාරයෙන් පසුව පැවති ජාත්‍යන්තර T20 තරඟාවලි කිහිපයක්ම ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ අන්ත පරාජයකට මුහුණ දුන් පසු නායකත්වයේ වෙනසක් ඇතිවීම පිළිබඳව නැවතත් කරළියට ඇදී ආවේය. විශේෂයෙන්ම ඉන්දියාවේ මුල් පෙළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහභාගී නොවූ T20 තරගාවලියේ ලද දැඩි පරාජයෙන් පසුව නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට හඬක් නැගෙන්නට විය.

එම තරගාවලියේ පරාජයෙන් පසු දිවයිනට පැමිණෙන අවස්ථාවේදී ලසිත් මාලිංග සමග සිදුකරන සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ තමාගේ පන්දුයැවීම ඇතුළත්ව කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇති දුර්වලතා මත මෙම පරාජය අත්වූ බවයි. පරාජය සඳහා නායකයා වගකිවයුතු යැයි විශ්වාස කොට නායකත්ව වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්නම් තමා ඕනෑම අවස්ථාවක එයට සූදානම් බවත්ය. එම වීඩියෝව පහතින්.

https://youtu.be/f4giBrzZws4?t=449

එම සම්මුඛ සාකච්ඡාවේ සඳහන් වූ කරුණු පාදක කරගනිමින් ලසිත් මාලිංග T20 නායකත්වයෙන් සමු ගැනීමට සූදානම් බව පෙන්වා දෙමින් දෙස් විදෙස් මාධ්‍ය රැසක් ප්‍රවෘත්ති වාර්තා කර තිබෙනු අපට පහත පරිදි දැක ගැනීමටද හැකි වූ අතර ඉහත පරිදි දසුන් චානක එම නායකත්වය පිරිනැමීමේ පුවත නිර්මාණය වන්නට එය බොහෝදුරට හේතු වන්නට ඇතැයි ද සිතිය හැක.

Lasith Malinga Related Recent News

T20 තරඟ සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුකළ යුතු බවට කිසිදු නිල පුවතක් අපට දැක ගැනීමට නොහැකි වූ බැවින් මේ පිළිබඳව නිල තොරතුරක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් කළෙමු. ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 කණ්ඩායම් නායකත්වයේ කිසිදු වෙනසක් කිරීමට දැනට අදහසක් නොමැති බවත්, යම් වෙනසක් සිදු වුවහොත් ඒ පිළිබඳව නිල නිවේදනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍යයන් වෙත ඉදිරිපත් කරන බවද ඔහු අවධාරණය කළේය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ T20 කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම පිළිබඳව පැතිර යන ආරංචි සියල්ලම විවිධ පුද්ගලයින්ගේ අදහස් මත නිර්මාණය වූවන් බවයි.

අවසාන නිගමනය

අප කළ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායකත්ව වෙනසක් දැනට සිදුනොවන බවයි. එනිසා Yakku Talks නමැති ෆේස්බුක් පිටුවක 20යි 20 නව නායකත්වය දසුන් ශානකට තේමාව යටතේ ඉදිරිපත්වු සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහනක් බව නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:T20 කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත් කළාද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News