කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවන අසත්‍ය ප්‍රවෘත්ති.

Update: 2020-01-28 08:44 GMT

ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවහයෙහි ක්‍රියාකාරී පක්ෂයකි. පසුගිය දින කිහිපයේදීම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි ප්‍රධාන ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලය තුල නොයෙකුත් පුවත් සහ සටහන් ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත. මෙම සටහන් රැසක් පිළිබඳව කළ කරුණු විමර්ශනයන්ගෙන් තහවුරු වුයේ එම සටහන් බොහොමයක්ම අසත්‍ය හෝ නොමග යවන සුළු සටහන් බවයි.

චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව හට ගත් වුහාන් කෙරොනා හෙවත් 2019-nCoV ආසාදිත තත්වය මේ වනවිට වසංගතයක් බවට පත්ව ඇත. චීනය ආසන්නයේ ඇති රටවල් මෙන්ම දුරස්තර රටවල්ද සංක්‍රමණිකයන් සහ සංචාරකයන් නිසා රොගය පැතිරෙන බවට වාර්තා වී ඇත. ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් මෙම ආසාදනයේ කේන්ද්‍රයවු වුහාන් ආශ්‍රිතව අධ්‍යාපයනය ලබන බවට හෝ රැකියාවන්හි නිරතවන බව වාර්තා විය. මොවුන් පැය 48ක් ඇතුලත දිවයිනට ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් අදාල බලධාරින්ට උප‍දෙස් දුන් බවට ජනපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මෙවන් පසුබිමක ෆේස්බුක් පිටුවක “කොරෝනා වෛරසය නිසා චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම වැරදියි. වෛද්‍ය නලින්ද ජයතිස්ස” යන කෙටි සටහන සහිතව සටහනක් ඉදිරිපත්ව තිබුණේය. මෙය හා සමාන සටහන් තවත් ෆේස්බුක් පිටු කිහිපයක ම ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

Link1Link2
Archived Link1Archived Link2

කො‍‍රෝනා මාර්ගයෙන් ගොඩ යන්න හදන අපේ කාලයේ නිර්ධණ පක්ෂය....😎😎😎” යනුවෙන් බැංකු ගිණුමක අංකයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනුද නිරීකෂණය විය.

LinkArchived Link

ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එකතු වී තිබෙන ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂයක සහ එම පක්ෂයේ වගකිවයුතු තනතුරක් දරන, වෛද්‍යවරයකු වන නලින්ද ජයතිස්ස මහතා වැනි කෙනෙකුගෙන් මෙවැනි ප්‍රකාශයක් ඉදිරිපත් වීම විශ්වාස කළ නොහැකි කාරණයක් නිසා මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ප්‍රථමයෙන්ම වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අළලා තිබුණු ප්‍රකාශය සහ ජනතා විමුක්ති පෙරමුණ අලලා පළව ඇති ප්‍රකාශ පිලිබඳ විස්තර ලබාගැනීමට අප ජනතා විමුක්ති පෙරමූණේ නිල වෙබ් අඩවිය සහ නිල ෆේස්බුක් පිටුවෙහි ද මේ පිළිබඳව කිසිදු සටහනක් නොවී නොවීය. ප්‍රධාන මාධ්‍ය ධාරාව කිසිදු මාධ්‍ය ආයතනයක් විසින්ද මේ හා සම්බන්ධ පුවතක් පලකර තිබුනේද නැත.

අප වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් ගිණුමද පරීක්ෂා කළ නමුදු චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳව ඔහුගේ විරුද්ධත්වය පළකල කිසිදු සටහනක් එහි අන්තර්ගත නොවීය

JVP WebJVP Official FB

එමන්ම අප වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සැබවින්ම එවැනි ප්‍රකාශයක් මාධ්‍යයට කළේද යන්න පිළිබඳව ගූගල් සෙවීමක් කළෙමු. එහෙත් එවැනි ප්‍රකාශයක් පිළිබද වාර්තා හමු නොවීය.

Link1Link 2

මෙම සටහන් පිළිබඳව තව දුරටත් කරුණු තහවුරු කර ගැනීමේ අටියෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය හා දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. එහි මාධ්‍ය අංශයේ උපුල් රංජන් මහතා ජනතා විමුක්ති පෙරමුණට අනුයුක්ත වෛද්‍ය කණ්ඩායමක් කොරොනා ආසාදනයට ප්‍රතිජීවක ඖෂධ සෙවීම පිළිබඳව සහ එම ව්‍යාපෘතියට මහජන ආධාර සපයන මෙන් පලවන ප්‍රවෘත්තිය සම්පූණයෙන්ම අසත්‍ය පුවතක් බවට අවධාරණය ක‍ළේය. ඉන්පසු අප වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වීමු. චීනයේ සිටින ශ්‍රී ලංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීම පිලිබඳ කිසිදු ප්‍රකාශයක් නොකළ බවට ඔහුද අවධාරනය කරන ලදී.

තවද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂාකිරීමේදී “ජනාධිපති අලුත් වුවත් මඩ බලකාය නම් පරණ තාලෙටම වැඩ..දේශපාලන ප්‍රශ්න ඇත්නම් මඩින් නොව ගොඩින් එන්න..ලෝකයක් කොරෝනා වෛරසයෙන් මිනිස් ජීවිත බේරාගන්නට සටන් කරත්දී ලංකාවේ මෙවන් මඩ දේශපාලනයේ යෙදෙනවුන් මිනිසුන්ද?” යන තේමාව යටතේ ඉහත ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බව පළ කරමින් සටහනක්ද දැක ගැනීමට හැකි වුණා.

FB LinkArchived Link

අවසාන නිගමනය

අප කළ කරුණු විමර්ශනයෙන් තහවූරු වුයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමට විරුද්ධව කිසිදු ප්‍රකාශයක් නොකළ බවය. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෛද්‍ය කණඩායමක් කොරොනා ආසාදනයට ප්‍රතිජීවක ඖෂධ සෙවීමට පර්යේෂණ නොකරන බවත් එයට මහජන අධාර පතා කළ අයදුම් නොකළ බවත් තහවුරු විය. එම නිසා සමාජ මාධ්‍ය හරහා ඉහත තේමා යටතේ පළවන සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවන අසත්‍ය ප්‍රවෘත්ති.

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News