Fact Check: කොරෝනා මර්දනය කිරීමට සමත් ඖෂධයක් ඉන්දියානු සිසුවෙකු සොයා ගත්තේ තැන!

කොරෝනා ආසාදන තත්වය ලංකාවේද මේ දිනවල නැවත වරක් තීව්‍ර වීමත් සමඟම  පසුගිය වසරේ හුවමාරු වූ දුර්මත සහ බොරු බලාපොරොත්තුව ඇතිකරන ආකාරයේ ව්‍යාජ සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැකගන්නට ලැබෙනවා.  මේ අයුරුන් නිවසේ දී සාදාගත හැකි පිළියම් පිලිබඳ සටහන් රැසක් ද හුවමාරු වන අතර පසුගිය වසරේ ඉන්දියාවේ හුමාරු වූ ව්‍යාජ පණිවුඩයක් සිංහල බසින් මේ […]

Continue Reading

Fact Check: කොවිඩ්19 ආසාදනය සම්බන්ධයෙන් පළවූ දුර්මත ඇතුළත් නොමඟ යවන සුළු සටහනක්!

කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා පැතිර යාමට පටන් ගත් මුල් අවධියේම හුවමාරු වී තිබූ දුර්මත කිහිපයක් ඇතුළත් එකතු කරමින් ලොව පුරා හුවමාරු වූ සටහනක සිංහල පරිවර්තනයක් පසුගිය දින කිහිපයේදී ලංකාවේද හුවමාරු වෙනු අපට දැකගන්නට ලැබුණා මෙහි දක්වා තිබූ කරුණු අතර කොවිඩ්19 ආසාදනය සඳහා 5G විකිරණ බලපාන බවත් එය වෛරසයක් නොව බැක්ටීරියාවක් බවත් සඳහන්. එසේම කොවිඩ්19 […]

Continue Reading

FACT CHECK : රත්මලාන බොරුපන ප්‍රදේශයේ නිවසක මියගිය මුස්ලිම් කාන්තවකගේ PCR වාර්තා වෙනස් කර භූමිදානය කළාද?

ශ්‍රී ලංකාවේ සිදුවන කොවිඩ්-19 ආසාදිත මළසිරුරු ආදාහනය කළ යුතු බවට මෙරට කොරෝනා රෝග ව්‍යාප්තියේ පළමු රැල්ල අවධියේම සෞඛ්‍ය බලධාරින් තීරණය කළා. කොවිඩ්-19 ආසාදිත මළ සිරුරු භුමදානය කිරීම හෝ ආදාහනය කිරීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් පසුගිය දිනවල ද ඇති වුණා. කෙසේ නමුත් කොවිඩ්19 ආසාදිත මළසිරුරු භූමදානය සඳහා රජය විසින් නිල අවසරවක් මෙතෙක් ලබාදී නැති අතර පසුගිය දා […]

Continue Reading

FACT CHECK: වසංගත තත්වය නිසා රේගුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වූ අඟල් 82 Samsung රුපවාහිනී යන්ත්‍ර රුපියල් 13,500කට?

කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීමත් සමඟම මෙරට රේගු කටයුතු වලද යම් ප්‍රමාදයන් ඇති වී තිබෙන බව පසු ගිය දින වල වාර්තා වුනා. නැව් විශාල ප්‍රමාණයක් තම වාරය එන තුරු කොලඹ වරාය සීමාවේ ‍රැඳී සිටින අයුරුද මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.කෙසේවෙතත් මේ සතිය ඇතුළත කොළඹ වරාය කටයුතු ක්‍රමයෙන් යථා තත්වයට ගෙන ඒමට හැකිවනු ඇති බව වරාය අධිකාරියේ […]

Continue Reading

FACT CHECK : කොරෝනා ආසදිතව මියයන මුස්ලිම් මෘතදේහ භූමිදානය කිරීමට රජය අවසර ලබා දුන්නා ද?

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමිදානය නොකර ආදාහනය කිරීමට ගත් තීරණය, මෙරට කොරෝනා රෝගය මුලින්ම පැතිර යන අවස්ථාවේද විශාල කතා බහකට ලක්විය. කෙසේ නමුත් මෙරට සෞඛ්‍ය අංශ වල නිර්දේශ මත කොරෝනා රෝගය වැලඳීමෙන් සිදුවන මරණ සියල්ලක්ම ආදාහනය කිරීමට එම අවධියේදී තීරණය කෙරුණු අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආදාහනයට මෙන්ම භුමිදානය සඳහා […]

Continue Reading

FACT CHECK: අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැන් කලය මුදා හළ අවස්ථාවේ පාර වසා තිබුණාද?

කොරෝනා වසංගතය හේතුවෙන් එහි පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් රජය වැඩපිළිවෙලවල් ගණවනාවක් ගෙන ඇති අතර ඒ වෙනුවෙන් ආරක්ශක අංශ සහ සෞඛ්‍ය අංශ වෙහෙස වී ක්‍රියාත්මක වන අයුරු අපට දකින්නට පුලුවන්.රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීමට බටහිර වෛද්‍ය ක්‍රම වලට අමතරව දේශීය වෛද්‍ය ක්‍රමද හඳුන්වා දීමේ ඉදිරි පියවර සලකා බැලෙන බවට ද වාර්තා පළවී තිබුණි. මේ අතර කොරෝනා රෝගයෙන් […]

Continue Reading

FACT CHECK: නිරෝදායනය වන පවුල් සදහා ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුක් කල නිවේදනයක් ද?

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම බලපැවැත්වුණු නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 9 වැනිදා ඉවත් කිරීමට රජය විසින් තීරණය කරනු ලැබුවද ඇතැම් තවදුරටත් හුදකලා කරන ලද ප්‍රදේශ ලෙස  ක්‍රියාත්මක වන බව මෙසේ නිවේදනය කර තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද මේ පිලිබඳ පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා මේ අතර ශ්‍රී ලංකා පොලිසියේ නිල නිවේදනයක් […]

Continue Reading

FACT CHECK : මෙම ඡායාරුප සියල්ලක්ම මීට වසර 101කට පෙර පැවතුනු වසංගතයක් ආශ්‍රිත ඒවාද?

ලෝව පුරා මිලියන හතලිස් හයකටත් අධික සංඛ්‍යාවක් ආසාදිතයන් බවට පත්කරමින් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට ලක්ෂ 12 කටත් අධික ජීවිත සංඛ්‍යාවක් අහිමි වී හමාරය. දරුණු වසංගත තත්ත්වයකට ලෝකය මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, මීට සියවසකට පමණ පෙර ඇතිවූ Spanish Flu නම් වසංගත තත්වය සමග මෙය සංසන්දනය කරමින් සටහන්ද පළවී තිබුණා. 1918 […]

Continue Reading

FACT CHECK: සුදර්ශන පැනිය ලොවපුරා රටවල් රැසකට බෙදා හැරීම අරඹා ඇති බවට උපහාසාත්මක කෝණයකින් ව්‍යාජ සටහනක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් බලයට පැමිණියේ සෞභාග්‍යයේ දැක්ම තේමාවෙන් ඉදිරිපත් කළ වැඩ වැඩසටහන් පෙළක් ද එළිදක්වමිනි. දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අංගයක් විය. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ සුදර්ශන නම් ආයුර්වේද පැණියක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ද ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගිය සතියේ මාධ්‍ය හමුවකදී පැවසීය. මේ […]

Continue Reading

FACT CHECK: කොළඹ නගරය තුල සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු වුනාද?

කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් දිවයින පුරා ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම, සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ  මේ පිළිබඳව නොයෙකුත් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබුණා. මින් සමහර සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා නොමඟ යවන සුළු හෝ සාවද්‍ය සටහන් බවයි. කොළඹ නගරය තුල සිදුකළ අහඹු පරීක්ෂණ වලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු බවට […]

Continue Reading

FACT CHECK : IDH රෝහලෙන් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් කොරෝනා වෛරසයේ pH අගය ගැන නිවේදනයක් නිකුත් කලේ නැත!

කොරෝනා රෝගය මෙරට තුල පැතීරීමේ වර්ධනයත් සමග රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා පිළිපැදිය යුතු සෞඛ්‍ය පිලිවෙත් යන තේමාවන්ගෙන් විවිධාකාරයේ තොරතුරු  ඇතුළත් සටහන් හුවමාරු වන බවක් අපට පෙනී යනවා. විශේෂයෙන්ම දේශීය බෙහෙත් වට්ටෝරුව මේ අතර බොහෝ වශයෙන් හුවමාරු වුවද කොවිඩ්19 ආසාදනය සඳහා මේ වන තෙක් කිසිඳු ඖෂධයක් සොයාගෙන නැති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයන නිර්දේශ කරන්නේ […]

Continue Reading

FACT CHECK: විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ බවට පළවූ අසත්‍ය සටහනක්!

විමල් වීරවංශ අමාත්‍යවරයාට කොරෝනා වෛරස් රෝගය වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පසුගියදා පළවූ සටහනක් පිළිබඳව සිදුකළ කරුණු විමර්ශනයනයකදී අපට අනාවරණය වූයේ ඔහු මේ වන තෙක් මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් එය අසත්‍ය පුවතක් බවත්ය. “විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇත. ජාත්‍යන්තර කුමන්ත්‍රණ ද මන්දා” වදන් රැගත් සටහනක් Dilshan Silva නමැත්තෙකුගේ ෆේස්බුක් […]

Continue Reading

FACT CHECK: උණු වතුර සමඟ ලුණු හෝ විනාකිරි එකතු කර උගුර සේදීම මඟින් කොරෝනා ආසදනයනේ මිදිය නොහැක!

ගම්පහ දිස්ත්‍රික්කය මුල්කරගත් මිණුවන්ගොඩ කොවිඩ්-19 පොකුර පසුගිය දින කිහිපය පුරාවටම ක්‍රමයෙන් ව්‍යාප්ත වී මෙතෙක් ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වන විශාලතම පොකුර බවට දැන් පත්ව තිබේ. මෙසේ රෝගීන් වැඩිපුර වාර්තා වීමත් සමඟම පසුගිය කාලයේදී ගිළිහී ගිය සෞඛ්‍ය ආරක්ශිත පුරුදු අනුගමනය කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් දිගින් දිගටම මාධ්‍ය හරහා උපදෙස් ලබා දෙන අයුරු දැකගනන්ට පුළුවන්. […]

Continue Reading

FACT CHECK : හුස්ම රඳවා සිටීමේ කාලය මත කොරෝනා රෝගයට ඇති අවධානම තීරණය කල හැකි බවට පළවූ නොමඟ යවන සුළු වීඩියෝවක්!

ලංකාවේ නැවත වරක් කොරෝනා රෝගයේ අවදානම තීව්‍ර වීමත් සමඟම නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සමාජ දුරස්ත භාවය පවත්වා ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ගැන නිරන්තරයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මාධ්‍ය හරහා දැනුම් දෙනු දැකගනන්ට ලැබේ. ශරීරයේ ප්‍රතිශක්තීකරනය ඉහල අයෙකුට මෙම රෝගය ඉක්මනින් සුවවීමේ ප්‍රවනතාවයක්ද දකින්නට තිබෙන බව පැවසෙනවා. එසේම පෙනහලු ඇතුළු ශ්වසන පද්ධතියට මෙම රෝගී තත්වය යටතේ […]

Continue Reading

මෙහි දැක්වෙන්නේ කොරෝනා රෝග තත්වය යටතේ ඉන්දියාවේ සිදුකල පුජාවක් නොවේ!

බොහෝ දුරට විදෙස්ගත රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් පමණක් නව ආසාදිතයන් වශයෙන් වාර්තා වන තත්වයට කොරෝනා රෝගී තත්ත්වය මේ වන විට පාලනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වී ඇත. එහෙත් අසල්වැසි ඉන්දියාවේ දිගින් දිගටම දිනපතා විශාල කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. කොරෝන රෝගී තත්වය මුලින්ම ඉන්දියාවෙන් වාර්තා වූ අවධියේ ද […]

Continue Reading

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෛද්‍ය එලියන්ත වයිට් මහතා යටතට යනුවෙන් පළවූ පුවතක්!

ලංකාවේ මත්ද්‍රව්‍යයන්ට අබ්බැහිවුවන් ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කරනු ලබන්නේ කන්දකාඩුහි පිහිටි පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේය. මෙහි ප්‍රතිකාර ලබන රෑඳවියන්ට සහ  කාර්ය මණ්ඩලයට කොරොනා ආසාදනය වීම නිසා,  මෙම ස්ථානය වෙතසෑම දෙනාගේම අවධානය යොමුවිය. මෙවන් පසුබිමක “කන්දකාඩු එලියන්ත වයිට් යටතට” සිරස්තලයෙන් Lanka Fast News නමැති වෙබ් අඩවියක ෆේස්බුක් පිටුවෙහි පහත සටහන ඉදිරිපත්වී තිබෙණු දක්නට ලැබුණේය. “කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා […]

Continue Reading

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයෙකු IDH රෝහලෙන් පළායාමේ සිද්ධියෙන් පසු, දෙවන වරටත් කොරෝනා යයි සැක පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා ගොස් තිබේද ?

Viral fake posts claiming that coronavirus suspected patient escaped from Colombo IDH Hospital for the second time in consecutive days.

Continue Reading

කන්දකාඩු කොරොනා පොකුර පිළිබඳ අවදානම යන තේමාවෙන් පළවූ සාවද්‍ය සිතියමක්!

ලංකාවේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කර පුනරුත්ථාපනය කරනු ලබන්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති, කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේය. මෙම මධ්‍යස්ථානයේ සිටිය රැඳවියන්ට සහ කාර්ය මණ්ඩලයේ සැලකිය බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගම දිවයින පුරා නැවත කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පිලිබඳ සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබුණි. […]

Continue Reading

ගුගල් හා ඇපල් සමාගමේ කොවිඩ් Notification පිලිබඳව නොමඟ යවන සුළු පුවතක්!

කලින් කලට ජංගම දුරකථන හරහා එකම පනිවිඩයක් බොහොමයක් දෙනා අතරේ හුවමාරු වීම දකින්නට පුලුවන්.බොහෝ විට ෆේස්බුක් මැසේන්ජර් සේවාව , වයිබර් සහ වට්ස් ඇප් වැනි පනිවිඩ ලෙසින් විවිධ වූ පනිවිඩ පුද්ගලයන් අතරේ හුවමාරු වෙනවා.පසුගිය කාලයේදී එලෙස හුවමාරු වූ වට්ස් ඇප් පනිවිඩයක් වෙත අපගේ අවධානය යොමු වුනා. Google සමාගම විසින් ජංගම දුරකතන සඳහා නිකුත් කල යාවත්කාලින කිරීමක් […]

Continue Reading

ඇමරිකාව විසින් නිපදවූ කොරෝනා එන්නතක් නොවේ! දකුණු කොරියාවේ පරීක්ෂණ කට්ටලයකි.

සීඝ්‍රයෙන් ලොව දස දෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ආසාදනය මාර්තු 29 වන විට ජීවිත 30,000 කටද වඩා බිලිගෙන අවසානය.  වසංගතයක් ලෙස මෙම රෝගය ව්‍යාප්ත වෙත්ම මේ රෝගයට ප්‍රතිකාර කළ හැකි දේශීය ඖෂධ සහ විවිධ ඖෂධ වර්ග පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්තිය ඉදිරිපත් වන්නට පටන් ගත්තේය. මෙවැනි සටහන් පිළිබඳව අප විසින් කරන ලද කරුණු […]

Continue Reading