FACT CHECK : හුස්ම රඳවා සිටීමේ කාලය මත කොරෝනා රෝගයට ඇති අවධානම තීරණය කල හැකි බවට පළවූ අසත්‍ය වීඩියෝවක්!

Coronavirus False

ලංකාවේ නැවත වරක් කොරෝනා රෝගයේ අවදානම තීව්‍ර වීමත් සමඟම නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සමාජ දුරස්ත භාවය පවත්වා ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ගැන නිරන්තරයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මාධ්‍ය හරහා දැනුම් දෙනු දැකගනන්ට ලැබේ. කොරෝනා රෝගයට සුව කිරීමට නිශ්චිත එන්නතක් සොයාගැනීමට තවමත් ලොව පුරා පර්යේෂණ කණ්ඩායම් තවමත් සමත් වී නැහැ. 

ශරීරයේ ප්‍රතිශක්තීකරනය ඉහල අයෙකුට මෙම රෝගය ඉක්මනින් සුවවීමේ ප්‍රවනතාවයක්ද දකින්නට තිබෙන බව පැවසෙනවා. එසේම පෙනහලු ඇතුළු ශ්වසන පද්ධතියට මෙම රෝගී තත්වය යටතේ වැඩි බලපෑමක් ඇතිවන බව වාර්තාවෙන පසුබිමක කොරෝනා රෝගය වැලඳීමට අඩු අවදානමක් ඔබට පවතීද යන්න පරීක්ෂා කර බැලීම සඳහා අපූරු ක්‍රමයක් මේ දිනවල ෆේස්බුක් හරහා හුවමාරු වන වීඩියෝ පටයකින්  දැක්වෙනවා. අප මේ පිළිබඳ සිදුකළ මීට මාස ගණනාවකට පෙර ඉංග්‍රීසි බසින්ද විමර්ෂණයක් මෙසේ සිදුකල අතර මේ දක්වා ද එය වලංගු බව අපගේ පහත අනාවරණයෙන් ද පැහැදිලි වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්

යකා නම් ෆේස්බුක් පිටුවක ඇතුළු සමාජ මාධ්‍ය ජාල සටහන් රැසක හුවමාරු වී තිබු එම වීඩියෝ සටහනේ දක්වා තිබුනේ යම් කිසි කාල ප්‍රාන්තරයක් තුල හුස්ම රඳවා තබා ගත හැකි නම් ඔබට කොරෝනා වෛරසයේ ඇති අවදානම් මට්ටම අඩු බවයි. “ඔබේ පෙනහලු පරීක්ෂා කරන්න” යන තේමාව යටතේ හුවමාරු වන එම වීඩියෝවේ රූප සටහනේ දක්වා ඇති පැරිදි “A සිට B තෙක් හුස්ම රඳවා ගත හැකි නම් ඔබ කොරෝනා වෛරසයේ අඩු අවදානමක”  යනුවෙන්ද එහි සඳහන් වී තිබුනේ පහත පරිදිය.

FacebookArchive Link
FacebookArchive Link

ඉහත වීඩියෝ පටය බොහෝ පිටිස් හුවමාරු කරගෙන තිබු අතර මෙය මුලින්ම හිරු FM හරහා පළවූ වීඩියෝවක් බවද බොහෝ ය පෙන්වා දී තිබුනා. වීඩියෝ පටයේ දැක්වෙන පරිදි බොහෝ දෙනෙක් මෙම ක්‍රමය උත්සාහ කරන බවක්ද එවැනි සටහන් වලට ලැබී තිබු ප්‍රතිචාර වලින් දැකගනන්ට ලැබුණු අතර ඇත්තටම මෙම ක්‍රමය සාර්ථකද යන්න අප සොයා බැලුවා. 

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

අප පලමුවෙන්ම ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය නිලධාරියෙකුගෙන් මේ පිලිබඳව විමසීමක් කලා.එහිදී ඔහු සඳහන් කලේ අධික උණ ගතිය අඛණ්ඩ කැස්ස ගතිය වැනි පූර්ව රෝගී ලක්ශන කොරෝනා වෛරසය ආසාදිත රෝගී තත්වයක මූලික ලක්ෂණ ලෙස බොහෝදුරට දැකගනන්ට ලැබෙන බවයි. එසේම මෙම රෝගී තත්වය වැළඳුණු ඇතැම් පුද්ගලයන්ගේ හුස්ම ගැනීම අපහසුතාවයක් පෙන්නුම් කළද නමුත් නිශ්චිත කාල ප්‍රාන්තරයක් හුස්ම අල්ලාගෙන සිටීමෙන් කොරෝනා රෝගය වැළඳීමේ අවදානමක් නැති බව කිසිවිටෙකත් ප්‍රකාශ කල නොහැකි බවයි.

COVID19 Symptoms – CDC | WHO

කොවිඩ්19 රෝගය වැලඳුනු බොහෝ තරුණ අයට මෙසේ යම් කිසි කාලයක් හුස්ම තද කරගෙන සිටිය හැකි අතර කොරෝනා අසාදිත වී නැති ඇතැම් නිරෝගී වයස්ගත පුද්ගලයින්ටද මෙසේ යම් කිසි කාලයක් හුස්ම රඳවා ගෙන සිටිය හැකි බව ඔහු පවසා සිටියා. එබැවින් හුස්ම අල්ලාගෙන මද වේලාවක් සිටීම මත කොරෝනා රෝගය වැලඳීමට ඇති හැකියාව තීරනය කිරීම සාධනීය නොවන බවයි කරාපිටිය රෝහලේ වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කලේ.

ඉහත වීඩියෝව ඇති කරුණු වැරදි බවට ලොව ප්‍රකට වෙබ් අඩවි ගණනාවක්ද කරුණු දක්වා තිබෙනවා.මේ එවන් සටහන් කිහිපයක්.

IndiaToday
UsaToday

පසුගිය මාර්තු මාසයේ මුලින්ම මෙම ව්‍යාජ සටහන් හුවමාරු වූ අතර ඒ සඳහා වෛද්‍යවරු දැක්වූ අදහස් කිහිපයක් පහතින්

Tweet

Thip.media

ලෝක සෞඛ්‍ය සංවිධානයේ Myth-Busters කොටසේ ද මෙය කොරෝනා ආසාදනය පිලිබඳ තීරණය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමයක් නොවන බවත් ඇතැම් අවස්තාවලදී අනතුරුදායක විය හැකි බවද වාර්තා කර තිබුනේ මෙලෙසින්

අප වැඩි දුරටත් සොයා බැලූ විට පෙනහලු ආශ්‍රිත රෝගී තත්වයන් ඇතිවීම හේතුවෙන් පුද්ගලයන්ට මෙසේ දිගු වේලාවක් හුස්ම අල්ලා සිටීමේ අපහසුතාවන් පවතින බව පෙනී ගියා. දුහුවිලි වලට කාලයක් නිරාවරන වී සිටීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා වැනි කරුනු ගණනාවක් මේ සඳහා මුල්විය හැකි බවද දැකගනන්ට පුළුවන්. Link

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බලන කල ෆේබුක් හි හුවමාරු වන පරිදි පෙනහලු පරීක්ෂා කිරීම සඳහා නිශ්චිත කාලයක් හුස්ම අල්ල සිටීම මඟින් කොරෝනා රෝගයට ගොදුරු වීමට ඇති අවදානම් තත්වය සොයා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බව අපට සනාථ කල හැකි. එබැවින් තත්පර 10ක් හුස්ම රඳවා ගත හැකි නම් ඔබ කොරෝනා වෛරසයේ අඩු අවදානමක යනුවෙන් හුවමරු වන්නේ නොමඟ යවන සුළු අසත්‍ය විදියෝවකි

.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Avatar

Title:හුස්ම රඳවා සිටීමේ කාලය මත කොරෝනා රෝගයට ඇති අවධානම තීරණය කල හැකි බවට පළවූ අසත්‍ය වීඩියෝවක්!

Fact Check By: Sahan Perera 

Result: False


Leave a Reply