වුහාන්හි හුදකලා වූ සිසුන් වෙනුවට ෂිෂුවාන්හි සිසුන් ගෙන්වා ගන්නේ විමල් වීරවංශගේ පුතා එහි අධ්‍යාපනය ලබන නිසාද?

Update: 2020-01-30 05:29 GMT

මධ්‍යම චීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කොටගනිමින් කොරෝනා වෛරස් ආසාදනය අද වන විට වසංගතයක් බවට පත්වී ඇත. තත්ත්වය පාලනය කර ගැනීමට ඉමහත් වෑයමක් දරන චීන බලධාරීහු වුහාන් නගරය හුදකලා කිරීමට පියවර ගත්හ. කිසිවෙකුටත් නගරයෙන් පිට වීමට හෝ ඇතුල් වීමට නොහැකි වන සේ ගුවන් සහ ගොඩබිම් ප්‍රවාහන පහසුකම් සියල්ල ම නවතා දැමූහ.

මෙසේ නගරය සිර වූ ජනතාව අතර විදේශකයින් විශාල සංඛ්‍යාවක් සිටින බව වාර්තා වූ අතර, වුහාන් නගරයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ද මේ අතර විය. කොරොනා වසංගත රෝගය පැතිර යාමත් සමඟම අධ්‍යාපන කටයුතු හෝ වෙනත් කටයුතු සඳහා චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට ලක් රජය කඩිනමින් ක්‍රියාත්මක විය.

පසුබිම මෙසේ තිබියදී, මාධ්‍යවේදියා නමැති ෆේස්බුක් පිටුවක් “වීරවංශගේ දරුවා පමණක් දරුවෙකි” තේමාව යටතේ සටහනක් ඉදිරිපත් කර තිබුණි. අයෝමා කොබ්බෑකඩුව නමැත්තියකගේ ට්විටර් ජාලයේ පණිවුඩයක් උපුටා දක්වමින් සේයා රුවක් එහි ඇතුලත් කර තිබුණි. ඉංග්‍රිසි බසින්වු එම ට්විටර් පණිවුඩයේ සිංහල අර්ථය මෙසේය.

වෛරසය කේන්ද්‍රගතව ඇති වුහාන්හි හුදකලාවු ශ්‍රී ලාංකික සිසුන් 50ක් ජල හිඟයකට මුහූණ දී ඇත. ඔවුන්ව දිවයිනට ගෙන්වා ගන්නවා වෙනුවට කිලෝමීටර් 1161 දුරින් පිහිටි ෂිෂුවාන්හි සිසුන් ගෙන්වා ගන්නේ විමල් වීරවංශගේ පුතා එහි අධ්‍යාපනය ලබන නිසාය. මෙහෙමයි ගෝඨා කටයුතු කරන්නේ... බලාපොරොත්තු සුන්වීමක්...” මේ හා සමාන අරුත් දෙන තවත් ‍ෆේස්බුක් සටහන් කිහිපයක්ද නිරීක්ෂණය විය.

FB LinkArchived Link

මෙම සටහන නොයෙකුත් අර්ථ කථනයන් සහිතව ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර විශාල වශයෙන් හුවමාරු වීම ආරම්භ කර තිබුණු අතර පක්ෂව සහ විපක්ෂ මත සහිත ප්‍රතිචාර සටහන් රැසක් හිමිව තිබු නිසා මේ පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ප්‍රථමයෙන්ම මෙම සටහනට පාදක වූ අයෝමා කොබ්බෑකඩුව යන අයගේ ට්විටර් ජාලයේ මෙවැනි පණිවුජයක් ඇත්දැයි පරීක්ෂා කළෙමු. ජනවාරි මස 28 වැනි දින නිකුත් කළ මෙම ට්විටර් පණිවිඩය හා එම පණිවුඩයට පිළිතුරු ලෙස නිකුත් කළ තවත් ට්විටර් පණිවුඩයක් නිරීක්ෂණය විය. “තමා දුප්පතෙකු බව විමල් වීරවංශ නිතරම පවසයි. ලංකාවට පැමිණි ඔහුගේ පුතා ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් පතකින් පෙබරවාරි මස 17 වැනි දින නැවත චීනයට පියාසර කිරීමට සූදානම්ය. ඔහුගේ පුතා ෂිෂුවාන්හි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරයි. SAITM වසා දැමීමට ඔහු කොතරම් උද්ඝෝෂණය කළා ද” එහි අන්තර්ගතය වී තිබුණි. පහත දක්වා තිබෙන්නේ එම ට්විටර් පණිවුඩයයි.

Twitter StatusArchived Link

මේ පිළිබඳව තවදුරටත් කරුණු සනාථ කිරීම සඳහා අප වීරවංශ පවුලේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම පරීක්ෂා කළෙමු. විමල් වීරවංශ මහතාගේ දියණිය වූ විමෂා වීරවංශ මෙනෙවියගේ instagram ගිණුමේ මේ පිළිබඳව සටහනක් විය. ජනවාරි මස 9 දින Ayya came to Sri lanka on 9th of January for New Year holidays” තේමාවෙන් කටුණායක ගුවන්තොටුපළේ ගත් සේයා රුවක් විය. ජනවාරි 16 “Ayya is in SL He is not responsible for whatever’s happening in China. He studies in Zhejian University in Haining. Not in Sichuanයන සටහනෙන් තවත් සේයාරුවක්ද විය.

Instagram Story

එසේම ඉහත සටහනේ දක්වා තිබූ ගුවන් ටිකට් පතේ විස්තර පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් කළමනාකරණ වෙබ් පිටුවට පිවිස අදාළ තොරතුරු අන්තර්ගත කිරීමෙන් පසු දැකගන්නට ලැබුණේ ඇත්ත වශයෙන්ම එය නිල ටිකට් පතක් බවත් පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා නිකුත්කර තිබෙන අතර ජනවාරි නව වැනිදා විභුති වීරවංශ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ආපසු ගමන් ගන්නා දින පෙබරවාරි 17 ලෙසද දක්වා තිබුනේ ෂැන්හයි නුවර වෙත business class ටිකට් පතක් ලෙසිනි.

විභූති වීරවංශ මහතා පිළිබඳව ගූගල් හරහා සොයා බැලීමේදී අපට දැකගන්නට ලැබුණි ශේන්ජිහාන්ග් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ( Zhejiang University | ZJU · Department of Economics) ඔහු ඉගෙනීම ලබන බව Researchgate.net වෙබ් අඩවියේ පළ කර තිබූ බවයි.

Researchgate.net listingArchived Link

Sichuan , Wuhan සහ Shanghai යන නගර පහත පරිදි කොටුකර ඇති අතර රවුම් කර ඇත්තේ ශේන්ජිහාන්ග් විශ්ව විද්‍යාලයයි. (Zhejiang University)

මේ පිළිබඳව තවදුරටත් කරුණු සනාථ කරගැනීම සඳහා අප විමල් වීරවංශ ඇමැතිතුමාගේ කාර්යාලයට සමඟ සම්බන්ධ වීමු. ඔහුගේ කාර්යාලයෙන් සනාථ කළේ විභූති වීරවංශ මහතා ජනවාරි මස නව වෙනි දින ලංකාවට පැමිණි බවය. තවදුරටත් කරුණු තහවරු කර කර ගනු වස් බීජිං නුවර සිටින ශ්‍රී ලංකා වැඩබලන තානාපති K.K. යෝගනාදන් වෙත අයෝමා කොබ්බෑකඩුව යන අයගේ ට්විටර් පණිවිඩය (ජනවාරි 28 වන දින) යොමු කෙළෙමු. වුහාන් නගරයේ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකික සිසුන් තිස්තුන් දෙනකු (33) පමණක් සිටින බව සනාථ කළ වැඩබලන තානාපතිතුමා ඔවුන්ව ඇතුළු චීනයේ සිටිනා සියලුම සිසුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිණිස චීන බලධාරීන් සමග ඔහු සාකච්ඡා කරන බව පැවසීය.මේ අතරතුර අද දෙරන රූපවාහනි නාලිකාව ජනවාරි මස 29 දින දිවා ප්‍රවෘත්ති විකාශයට වුහාන් නගරයේ වාසය කරන ශ්‍රි ලාංකිකයකු වන උපුල් ගමගේ මහතා සම්බන්ධ කරගෙන තිබූණි. ඔහු පැවසුවේ වුහාන් නගරයේ හුදකලා කිරිම ඉවත් කිරිමට තීරණය කරන්නේ වාර්තා වන රෝගීන් ප්‍රමාණය අඩුවීමට පටන් ගත් විට බව බලධාරින් ප්‍රකාශ කළ බවත් වුහාන් නගරය මුද්‍රා තබා තිබීම නිසා නගරයේ සිරවී සිටිනා සිසුන් 33 දෙනා අපහසුතා මධ්‍යයේ සිටින අතර නගරයේ මුද්‍රා තැබීම අවසන් වූ වහාම ඉන් ඉවත් කර ගැනීමට කටයුතු සලසන ලෙසයි.

https://youtu.be/q1aRDqFpTfs?t=178

මේ අතර අද දින (ජනවාරි 30) උදැසන චීනයේ සිට සිසුන් 488 දෙනෙකු ලංකාවට පැමිණි පුවතක් මෙසේ වාර්තා විය.

https://youtu.be/NyuSm8sc7uU?t=6

අවසාන නිගමනය

අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පුත් විභූති වීරවංශ මහතා චීනයේ සිට ලංකාවට පැමිණියේ ජනවාරි මස 9 වැනි දින (කොරෝන වෛරසය උත්සන්න වීමට පෙර) බවත් ඔහු චීනයේ ශේන්ජිහාන්ග් විශ්ව විද්‍යාලයේ (ෂැන්හයි නුවර අසල) ඉගෙනුම ලබන බවත්ය . චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනෙක්ම මෙරටට ගෙන්වා ගැනීම පිණිස බලධාරීන් සෑම උත්සාහයක්ම දරන අතර වූහාන් නගරයේ මුද්‍රා තැබීම හේතුවෙන් එහි සිරවී සිටින සිසුන් තිස්තුන් දෙනා මෙරටට ගෙන්වා ගත හැක්කේ එම මුද්‍රාව ඉවත් කිරීමෙන් පසුව පමණි. එනිසා රජය චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට තීරණය කළේ අමාත්‍ය වීරවංශ මහතාගේ පුත් විභූති වීරවංශ මහතා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය වූ නිසා බව පලවන සියලුම ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය ප්‍රවෘත්ති බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වුහාන්හි හුදකලා වූ සිසුන් වෙනුවට ෂිෂුවාන්හි සිසුන් ගෙන්වා ගන්නේ විමල් වීරවංශගේ පුතා එහි අධ්‍යාපනය ලබන නිසාද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News