කොරෝනා වෛරස් ආසාදනයට ලාංකික කාන්තාවක් ප්‍රතිකාර සොයාගත් බවට පළවන අසත්‍ය පුවතක්

Update: 2020-02-04 09:40 GMT

චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට වසංගත තත්ත්වයක් බවට පත්වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව මේ වන විට චීනයට අමතරව ලෝකයේ රටවල් 23ක පමණ රෝගීන් සොයාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 400 ඉක්මවා ඇත.

දැනට ලොව නිපදවා ඇති කිසිදු ප්‍රතිජීවක ඖෂධ මෙම රෝග කාරක වෛරසය පාලනය කරගත නොහැකි නිසා මෙම වෛරසයට ප්‍රතිකාර කර හැකි ඖෂධයක් සොයා ගැනීමට ලොව ඖෂධ නිපදවන සමාගම් සහ විද්‍යාඥයින් යුහුසුලුව පර්යේෂණය කරමින් සිටින බවට වාර්තා විය.

කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුල නොයෙකුත් ප්‍රවෘත්ති සටහන් සැරිසැරුවද මේ කිසිවක් නිශ්චිත ක්‍රමයක් නොවන බව වෛද්‍ය විශාරදයන් ගේ මතය වී ඇත. මෙවැනි පසුබිමක මාතලේ සුනීත හාමුදුරුවෝ නමැති ෆේස්බුක් පිටුවක “මාරන්තික කොරෝනා වයිරසයට ප්‍රතිකාර සොයා ගත් මැයට සුභ පැතුමක් ලබා දෙමු නේද” තේමාවක් යටතේ සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් වී තිබෙන බවට නිරීක්ෂණය විය.

LinkArchived Link

කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර කිරීම පිණිස ප්‍රතිජීවක ඖෂධයක් සොයා මුළු ලොවම යුහුසුලුව වෙහෙසෙන අවස්ථාවක මෙවැනි සොයාගැනීමක් පිළිබඳව කිසිදු වාර්තාවක් පළ නොවීම නිසා මෙම සටහන පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

කොරෝනා වෛරස් ආසාදනයට නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් ඇත්දැයි අපි ගූගල් සෙවීමක් කළෙමු. කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර කළ හැකි නිශ්චිත ප්‍රතිජීවක ඖෂධයක් පිළිබඳව වාර්තාවක් එහි අන්තර්ගත නොවීය. එහෙත් මෙම රෝග ආසාදනයට ප්‍රතිකාර කරන අන්දම ගැන වාර්තා කීපයක් අපගේ අවධානයට යොමුවීම නිසා අප එම වාර්තා පරීක්ෂා කළෙමු.

Google Search Link

එහි තිබු එක වර්තාවක දක්වා තිබුනේ ඉබෝලා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන Remdesivir (රෙමෙඩිසිවර්) නම් පර්යේෂණාත්මක ඖෂධය සහිත ජෛවඖෂධ නිෂ්පාදනය කරන සමාගමක් වන Gilead Sciences චීන සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව මෙම ඖෂධය කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ සමඟ සටන් කළ හැකි දැයි සොයා බලන බවත් කොරෝනා වයිරසයට සමාන වෛරස් දෙකක් වන MERS සහ SARS සතුන් සඳහා ප්‍රතිකාර කිරීමේදී යම් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවත්ය.

CNN ArticleArchived Link

කොරෝනා වෛරස් ආසාදනය පිළිබඳව ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පෙබරවාරි මස 3 දින පැවැත්වු පුවත් පත් සාකච්ඡාවකදී දිවයිනේ ප්‍රමුඛ වසංගත රෝග විද්‍යාඥයකු වන වෛද්‍ය සුදත් සමරවීර මහතාද පහත අදහස් ඉදිරිපත් කළේය.

“වෛරස් ආසාදනයන් සදහා ප්‍රතිකාර කළ හැකි ප්‍රතිවෛරස් ඖෂධ ඉතා සීමිතය. වෛරස් රෝග ආසාදනයන් බොහෝවිට සුවපත් වෙන්නේ ශරීරය තුළ ඇති ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසාය. මේ සඳහා රෝගීයකුගේ ශරීර ශක්තිය වර්ධනය කරගැනීම පිණිස පෝෂණ ගුණයෙන් යුත් ආහාර ලබා දිය යුතුය. කොරෝනා වෛරස් ආසාදනයට කිරීම පිණිස ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගැනීමට ලොව ඖෂධ නිපදවන සමාගම් පර්යේෂණ කරන අතර මේ වන තෙක් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැත.”

https://www.youtube.com/watch?v=2HpawWkD9Js&t=273s

LinkArchived Link

චීනය හැරුණු විට කොරෝනා වෛරසය ප්‍රතිනිර්මාණය කිරීමට සමත්ව ඇත්තේ ඔස්ට්‍රේලියානු විශේෂඥයින් කණ්ඩායමක් පමණි. මෙම ප්‍රතිනිර්මාණය කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගැනීමට ඉතා උපකාරී වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරයි.

Article LinkArchived Link

තායි වෛද්‍ය කණ්ඩායමක් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට දැනට සොයාගෙන ඇති ප්‍රතිජීවක ඖෂධ කිහිපයක් එක් කර සෑදු ඖෂධ කොක්ටේල් (Cocktail) ප්‍රතිකාර කර සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බවටද වාර්තාවක් දක්නට ලැබුණි. එහෙත් එම ක්‍රමයම උත්සාහ කළ චීන වෛද්‍යවරුන්ගේ කණ්ඩායමේ ප්‍රතිඵලය තවමත් හෙලිදරව් වී නොමැත.

දෙමළ බසින් ඉදිරිපත් වූ මෙම සටහනම රැගත් ෆේස්බුක් සටහනක් මුලින්ම ඉන්දියාවේද විශාල වශයෙන් හුවමාරු වී තිබු අතර ඒ පිළිබඳව කරුණු විමර්ශනයක් පසුගියදා කළ අපගේ මව් ආයතනයද (Factcresendo Tamil) තහවුරු කර තිබුණේ කොරොනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර කර හැකි නිශ්චිත ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගෙන නොමැති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පල කරන ලද නවතම වාර්තාව අධ්‍යයනය කළ අප‍ එහිදීද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගැනීම පිළිබඳව කිසිඳු සඳහනක් දක්නට ලැබුණේ නැත.

අවසාන නිගමනය

අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ අද දින වන තෙක් කොරෝනා වෛරස් ආසාදනයට  ප්‍රතිකාර කළ හැකි නිශ්චිත ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගෙන නොමැති බවය. එබැවින් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධයක් සොයා ගත බවට පලවන සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය ප්‍රවෘත්ති වන අතර නිල ඖෂධයක් සොයාගැනීමක් පිලිබඳ තොරතුරු ලැබෙන තෙක් මෙවැනි සටහන් හුවමාරු කර නොගන්නා ලෙස ඉල්ලා සිටිමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කොරෝනා වෛරස් ආසාදනයට ලාංකික කාන්තාවක් ප්‍රතිකාර සොයාගත් බවට පළවන අසත්‍ය පුවතක්

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News