Fact Check : කොතලාවල රෝහල කොරෝනා ආසාදිත ඕනෑම රෝගියකුටම ප්‍රතිකාර කිරීමට සුදානම්!

Update: 2020-03-31 11:55 GMT

කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා පැතිර යත්ම ශ්‍රී ලංකා රජය ද එම රෝගයට මුහුණ දීමට විශේෂ සූදානම් දැක් වූ අතර මෙරටට පැමිණ සිටි විදේශිකයින් පවා මෙම වැඩපිළිවෙළ අගයකර තිබෙනු දැකගන්නට ලැබුණි. ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කොරෝනා කාර්ය සාධක බලකාය විසින් ලංකාවේ දී රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍යමය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට යුහුසුළු විය. කොරෝනා ආසාදනයවු රෝගය රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයට අමතරව තවත් රෝහල් කිහිපයක් යුහුසුළුව සූදානම් කරන ලදී. වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත් රෝහලද ඉන් එකකි.

කොතලාවල විශ්ව විද්‍යාලීය රෝහලේ සේයාරුවක සහිතව කොතලාවල යුනිවසිටි රෝහල ආසාදිත ප්‍රභූන්ට වෙන්කරයි තේමාවෙන් උන් දැනටම ඇඳනුත් වෙන් කරගෙන ඇති. දෙයක් උනොත් දුප්පත් උඹට මට මේ රටේ මොකක්ද වෙන්නේ කියල හිතා ගනින් යන වදන රෝපනය කර සටහනක් ජෙප්පා නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වෙමින් තිබූ මෙම සටහනට හිමිවු ප්‍රතිචාර අතර කිහිපයකින්ම මෙම සටහන අසත්‍ය බවට ප්‍රකාශ කර තිබීම නිසා මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහනෙහි අන්තර්ගත කර තිබූ සේයාරුව පරීක්ෂාකිරීමේදී newsoflanka.com ප්‍රවෘත්ති වෙබ් අඩවියෙන් උපුටා ගෙන තිබූ බව පෙනී ගිය නිසා අප එම ප්‍රවෘත්ති අඩවියේ එම වාර්තාව පරික්ෂා කළෙමු. කොතලාවල යුනිවසිටි රෝහල ආසාදිත ප්‍රභූන්ට වෙන්කරයි..! සිරස්තලයෙන් පහත ඇති වාර්තාව එහි දක්නට ලැබුණි.

Newsoflanka articleArchived Link

එසේ වුවද එම නොමග යවන සුළු සිරස්තලය සහිතව වාර්තාවේම ඇතුළාන්තයේ මෙබඳු සටහනක් අපට දැකගැනීමට හැකිවිය.

“මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැවසුයේ, එවැනි රාවයක් පැතිර ඇතත් එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.”

ඒ අනුව එම මුල් ප්‍රවෘත්ති පරීක්ෂා කිරීමේදී පවා තහවුරු වුයේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය ශික්ෂණ රෝහල කොරෝනා ආසාදිත ප්‍රභූන් වෙනුවෙන් වෙන් කිරීමට රජය තීරණය කර ඇතැයි යන පුවත අසත්‍ය බවය.

නමුත් එම ලිපිය විවිධ පුද්ගලයින් සහ ෆේස්බුක් පිටු මගෙන් විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණු අතර එසේ හුවමාරුවීමේදී සිරස්තලය පමණක් දිස් වීම හේතුවෙන් එම සිරස්තල සහිත කොටස පමණක් අයත් ඡායාරූපය කොටස (screenshot ලෙස ලබාගෙන) ඉහත පරිදි විශාල වශයෙන් හුවමාරු වන්නට ඇතැයි අනුමාන කළ හැක.

අපද එම ලිපිය හුවමාරු කරගැනීමට උත්සාහ කර ගැනීමේදී එලෙස බව තහවුරු වූ අතර පහත දැක්වෙන්නේ එසේ ලිපිය හුවමාරු කිරීමේදී පෙනෙන ආකාරයකි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන ප්‍රසන්න හේරත් මහතාගේ ෆේස්බුක් පිටුවේ වූ සටහනක මෙසේ හුවමාරු වන ඡායාරුප සටහන්වලට පිළිතුරු ලබාදෙමින් මෙසේ කරුණු දක්වා තිබුණි.

මෙය මුලුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.....

සම්පූර්නයෙන් නොමිලේ මහජනතාවට සේවය ලබා දෙන අප රෝහලට සමාජ මාධ්‍ය භාවිතා කරමින් සාපරාදී සහ ද්වේශ සහගත ලෙස අපහාස කිරීම තරයේ හෙලා දකිමු.....

සැමදාමත් මෙන් අදත් හෙටත්... මතුවටත්.... එහි සේවය පන්ති බේද නොසලකා මෙරට මහජනතාව වෙනුවෙන් විවෘතව තැබෙනු ඇත .......

HMP හේරත් - කතිකාචාර්ය
කොතලාවල ආරක්ශක විශ්ව විද්‍යාලය

( විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතාගේ අවසරය මත පල කලෙමි)”

https://www.facebook.com/prasanna.herath.3511/posts/1587369714748455

මෙම සටහනේ අන්තර්ගත පිළිබඳව තවදුරටත් කරුණු විමර්ශනය කිරීමේදී ඕනෑම තරාතිරමේ රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල සූදානමින් සිටින බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා ITN රූපවාහිණි නාලිකාව සමඟ පැවසු බව 2020 මාර්තු මස 29 දින රාත්‍රි 6.30 ප්‍රවෘත්ති විකාශයේ අන්තර්ගතව තිබුණි.

https://youtu.be/NTFeOV2wcPQ

ITN NewsITN ArticleITN Video

තව දුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. දැනට අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යාතනයට සමාජයට තදින් බලපාන බෝවෙන රෝග අසාදිත රෝගීන් හැර අනෙකුත් රෝගීන් ඇතුලත් නොකරන අතර, එම රෝහල කොරොනා ආසාදිත රෝගීන් වෙනුවෙන් පමණක් බොහෝදුරට වෙන්කර තිබෙන බවයි. අනෙකුත් සුළු අසාදන සහිත රෝගීන් වෙනත් රෝහල් වෙත මාරුකර යවා ඇති අතර කොරෝනා යැයි සැක සහිත රෝගීන්ද 4 දෙනෙකු පමණක් දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව අප සමඟ පවසා සිටියා. Daily Situation Report (31st March)

තවදුරටත් කරුණු දක්වමින් සමරවීර මහතා අප සමඟ පවසා සිටියේ IDH රෝහලට අමතරව වැලිකන්ද රෝහල, මුල්ලේරියාව රෝහල් ඇතුළු රෝහල් වෙත රෝගීන් යොමු කිරීමටද බලාපොරොත්තු වන අතර එමගින් රෝගීන් එක් ප්‍රදේශයකට පමණක් කළමනාකරණය කරගැනීමේ හැකියාවද වෙනත් රෝහල් වෙත පැතිර යාම වලක්වා ගැනීමේ අවස්ථාවද ලැබෙන බවයි.

වෛද්‍යතුමා අප සමඟ පවසා සිටියේ එම කළමනාකරණය මගින් පුද්ගලික ආරක්ෂණ උපකරණ වඩාත් ක්‍රමානුකූල ලෙස භාවිතා කිරීමේ හැකියාව ද ලැබෙන බවයි. එබැවින් යම් ලෙසකින් කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් විශාල ලෙස වැඩිවී මෙම රෝහල් තුනේ ධාරිතාව ම වීමට සිදු වුවහොත් ඉන් අනතුරුව කොතලාවල ආරක්ෂක රෝහල ඇතුළු අනෙකුත් රෝහල් වෙත රෝගීන් යොමු කරනු ඇති බවද තවදුරටත් පැහැදිලි කරමින් අවධාරණය කර සිටියා

තවදුරටත් මෙය තහවුරු කරගැනීම සඳහා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සමගද සම්බන්ධ වූ අතර එහිදී ඒ මහතා ද පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යය නොමඟ යවන සුළු පුවතක් බවත් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ද නිකුත් කෙරෙන බවයි

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය ශික්ෂණ රෝහල, දැනට කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් තුනේ ධාරිතාව ඉක්මවූ ගිය පසු අවශ්‍යතාවයක් මතු වුවහොත් පමණක් කොරොනා වෛරස් රෝගය ආසාදිත වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස ප්‍රයෝජනයට ගැනීමට සූදානමක් ඇති බවය. ඕනෑම තරාතිරමේ රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල සූදානමින් සිටින බව එහි අධ්‍යක්ෂතුමා අවධාරණය කර සිටිනවා.

එබැවින් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය ශික්ෂණ රෝහල, කොරෝනා ආසාදිත ප්‍රභූන් වෙනුවෙන් වෙන් කිරීමට රජය තීරණය කර ඇතැයි යනුවෙන් ෆේස්බුක් සහ ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය ජාලයන්හි පළවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම සාවද්‍ය සටහන් පෙළකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Fact Check : කොතලාවල රෝහල කොරෝනා ආසාදිත ඕනෑම රෝගියකුටම ප්‍රතිකාර කිරීමට සුදානම්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News