ඇඳිරි නීති සමයේ කුළු බඩු බෙදා දීමේදී පොහොට්ටුවේ ලාංඡනය සහිත ඇසුරුමක් යොදාගත්තේද?

Update: 2020-04-08 05:39 GMT

ශ්‍රී ලංකාව තුළද කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය මාර්තු මාසයේ දිවයින පුරාම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය විසින් කටයුතු සකස් කරන ලදී. බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් දැඩි අවදානම් කලාප වශයෙන් හඳුනාගත් බැවින් නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීති තත්වය දිගටම ක්‍රියාත්මක කරන ලදී. එම තත්ත්වය හේතු කොටගෙන දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා මහජනතාව ගැටලු රැසකට මුහුණ දී තිබෙන අතර ලංකා සතොස ආයතනය හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවයක් ආරම්භ කරන ලදී. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ස්ටිකර් කරමින් සතොස ලොරි රථ වලින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදෙන අයුරු පෙන්වන සාවද්‍ය සටහන් පෙළක් පිලිබඳ අප මාර්තු මාසයේ සිදුකල විමර්ශනයක් මෙසේය.

ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක්ද පැවැත්වීමට නියමිත පසුබිමක සතොස ආයතනය හරහා භාණ්ඩ බෙදා හැරීමේදී දේශපාලන පක්ෂයක ලාංඡනය සහිත ඇසුරුම් යොදා ගන්නා බවට පාර්ශව කිහිපයක් විසින් ෆේස්බුක් මාධ්‍ය ජාලය හරහා මැසිවිලි නගා තිබුනේ මෙලෙසිනි.

LinkArchived Link

ලංකා සතොස තුනපහ කුඩු සහ මිරිස් කුඩු ඇසුරුම් දෙකක් සහිත ඡායාරූපක “මේ සේ වැරදියි කියන්න අපි වගේම උඹලත් දන්නවා භයි ඒක වැරදියි කියල උඹලගේ වෝල් එකේ දාගන්ඩ උඹලට කොන්දක් පන නෑ. වැරදි දේ වැරදි කියන්න බැරි තරමට උඹල වහල්ලු වෙලා” යන වදන් පෙළ රෝපණය කර තිබුණි.

එම තේමාව යටතේ ම හුවමාරු වූ තවත් සටහනක්

LinkArchived

“මෙවෙලාවේ අසරණ වුන ජනතාව වෙත ලබා දෙන තුනපහ, මිරිස් කුඩු පැකට් වලිනුත් දේශපාලන කිරීම පිළිකුල් සහගතව හෙළා දකිනවා..” යනුවෙන් එහි වදන් පෙළක් සටහන් කර තිබුණි.

වර්තමාන පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ලාංඡනය වන පොහොට්ටුව ඉහත ඇසුරුම් සඳහා යොදාගෙන ඇති බව ඉස්මතු කර දැක්වීමට උත්සාහ කර තිබු මෙම සටහන්වලට ප්‍රතිචාර ලෙස බොහෝ පිරිස් ප්‍රකාශ කර තිබුණේ මෙම ඇසුරුම් Dill foods ආයතනය විසින් වසර ගණනාවක් තිස්සේ භාවිතා කරන බවය. එබැවින් මේ පිළිබඳව සම්පූර්ණ කරුණු විමර්ශනයක් සිදු කිරීමට අදහස් කළෙමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඒ පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සඳහා ප්‍රථමයෙන්ම ලංකා සතොස ආයතනය සඳහා මෙම ඇසුරුම් යටතේ කුළුබඩු අලෙවිකරණ Dill Foods ආයතනය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති සටහන් සඳහා අවධානය යොමු කළෙමු. එහිදී ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සටහන් රැසක් දැක ගැනීමට හැකි වූ අතර පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

Facebook LinkArchived Link

“දිල්ෆ්ඩ්ස් ආයතන විසින් 2007 වර්ෂයේ සිට සතොස වෙළඳ සන්නාමය (Sathosa brand) හා දිල්ෆුඩ්ස් වෙළෙඳ සන්නාමය (Dilfoods brand) යටතේ සතොස ආයතනය වෙත භාණ්ඩ සපයන අතර සතොස වෙළඳ සන්නාමය යටතේ මෙම ඇසුරුම භාවිතා කරමින් භාණ්ඩ සැපයීම සිදුකරයි.

එබැවින් 2007 වර්ෂයේ සිටම මෙම ඇසුරුම භාවිතා කරන අතර එම වර්ෂයේ සිට තිබූ සියළුම රජයන් යටතේද මෙම ඇසුරුම භාවිතා කළ අතර මෙය මෑතකාලීනව මුද්‍රණය කරන ලද ඇසුරුමක් නොවේ.

එය දැනට වසර දහයකට අධික කාලයක් සතොස අලෙවි සැල් වල ඇත. ඒ බව සනාථ කිරීම සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛන අප සතුව ඇත. එබැවින් මෙය පටු දේශපාලන අදහස් මුදුන්පත් කරගැනීම සඳහා භාවිතා නොකරන්න.” යනුවෙන් ෆේස්බුක් සටහනක් පළකර තිබෙනු දැකගන්නට ලැබුණි.

Dill Foods ෆේස්බුක් ගිණුමේ පලවී තිබු තවත් සටහනක සඳහන් කර තිබුනේ මෙසේය.

“සතොස ආයතනය ඇසුරුම් සම්බන්ධ මේ වන විට සමාජ හරහා කරගෙන වැරදි ප්‍රචාර සම්බන්ධයෙනි. ආයතනයක් වශයෙන් අපි කිසිම දේශපාලන මතවාදයකට සම්බන්ධ නොවන්නෙමු. එහෙත් සත්‍ය අනාවරණය විය යුතුය. සතොස ආයතනය දිගු කාලයක් තිස්සේ නෙළුම් මල තම වෙළෙඳ සන්නාමය සඳහා භාවිතා කරන බව පහත ලින්ක් ඔස්සේ ඔබට දැක ගත හැක.”

FB LinkArchived Link

https://www.facebook.com/permalink.php?story_fbid=890676464715256&id=373057433143831&__xts__%5B0%5D=68.ARCBsoOZhSm5a4rLPukRgZmxcMtF3j8pW-pY0K-oSAT0j0DdLRn4QjgqpFvscrXHfEKspCojMBVqP1GDPhyUMZtIuBrhavM_Ic7d0gD79HjtQzxEbrFL4d2clMGMsMqZN7FOQdW4f-5Bse1Wdn7J022qbqG_E_mBAy2KudZF-0UodydMygwdrlsGBBoU6K7tJoV-85ahN3RbPfzwFPZC9808B3vUEeT3NEQvfz9Di8xnGORbTy78NTFrHoTNHl203u-cr3zTijhGPXIysbii-aVqRis9xHq77Y_bXN9OiysSXTTabW1m6CpBx8cAQG5prt5kYEz_wrPGwMQSRt_tmIs&__tn__=-R

එම සටහන් පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගියේ 2009 වසරේ යාපනයේ සතොස ආයතනයක් ආරම්භ කිරීමේදීත් මෙම නෙළුම් මල සහිත නාම පුවරු දක්නට ලැබෙන බවය.

Link 1ArchivedLink 2Archived 2

කෙසේ වෙතත් මේ පිළිබඳව නිල වශයෙන් කරුණු දැන ගැනීම සඳහා අප Dil Foods ආයතනයේ හිමිකරු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. එහිදී ඔහු පවසා සිටියේ ද මෙම ලාංඡනය සහිත ඇසුරුම් 2007 වසරේ සිට ම සතොස ආයතනය සඳහා කුළු බඩු ලබාදීමේදී තමන් භාවිතා කර බවත් වසර ගණනාවක් පුරා යොදාගෙන තිබූ බවත් ය. පසුගිය ආණ්ඩු සමයේ දීත් එම ඇසුරුම් දිගටම යොදාගත් බවත් මෙහි කිසිදු දේශපාලනික පසුබිමක් නැති බවත් තහවුරු කරමින් එතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් සතොස ආයතන මඟින් භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියේදී මෙම කරුණ ඉස්මතු කර පෙන්වුවා මිස ඊට පෙර මැතිවරණය දැනුම්දී තිබු සමයේදීවත් මේ පිළිබඳව කිසිදු පාර්ශවයක් පෙන්වා දුන්නේ නැති බවයි.

මෙම ඇසුරුම් මාස ගණනාවකට පෙර නිෂ්පාදනය කරන ලද දැනට ද ඇසුරුම් විශාල සංඛ්‍යාවක් පවතින බවද ඒ මහතා තවදුරටත් කරුණු දක්වා සිටියා. එසේම Dil Foods ආයතනයේ හිමිකරු අප සමග පවසා සිටියේ ලංකා සතොස නිල සන්නාමය යටතේ නිෂ්පාදන 13ක් මෙවැනි ඇසුරුම් හරහා අලෙවි වූ අතර ඊට අමතරව නිෂ්පාදන පනහකට ආසන්න සංඛ්‍යාවක් Dil Foods ආයතනයේ නිල වෙළෙඳ සන්නාමය යටතේ සතොස ආයතනය වෙත ම බෙදා හැරෙන බවත්ය.

අප විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා තවදුරටත් කියා සිටියේ තම ආයතනයට අමතරව තවත් ආයතන ද මෙලෙස ලංකා සතොස සන්නාමය යටතේ ඇසුරුම් ගත නිෂ්පාදන ඔවුන් වෙත අලෙවි කරන බවත් DJ Foods එවැනි එක් ආයතනයක් බවත්ය. මීට මාස 3-4 කට පෙර මෙම ඇසුරුම් වෙනස් කිරීමේ යෝජනාවක් තිබුණද ඒවා මෙතෙක් සම්මත වී නොමැති බැවින් දිගටම මෙම ඇසුරුම් භාවිතා කරන ලද බවද අප සමග පවසා සිටියා

ලංකා සතොස සන්නාමය යටතේ ඇසුරුම් කරන ලද කොත්තමල්ලි ඇසුරුම DJ Foods යන ආයතනය විසින් නිෂ්පාදනය කොට බෙදා හරින ලද බව අපට පෙනී ගිය අතර මේ පිළිබඳව පළවී ඇති ඡායාරූපක දී ද පහත පරිදිය එය සනාථ විය.

Ebay LinkArchived

මේ අනුව DJ Foods ආයතන හිමිකාරියද දුරකථනයෙන් සම්බන්ධකර ගත් අතර එහිදී ඇය පවසා සිටියේ ද තමන් වසර ගණනාවක් තිස්සේ මෙම ලාංඡනය සහිත ඇසුරුම් ඔස්සේ තම නිෂ්පාදන ලංකා සතොස වෙත අලෙවි කරන බවත් Lanka Sathosa සන්නාමය සහිත එම ඇසුරුම් හරහා නිෂ්පාදන ලබා දීම සිදු කළ යුතු බව ලංකා සතොස පාලනාධිකාරිය විසින් ගන්නා ලද තීරණයක් බවත් ය. DJ Foods ආයතනය විසින් විශාල ප්‍රමාණයක කුළුබඩු නිෂ්පාදන ලංකා සතොස වෙත ලබාදෙන අතර එම සෑම නිෂ්පාදනයක් ම මෙසේ ලංකා සතොස නාමය සහිත ඇසුරුම් යටතේ ලබාදුන් බවත් අප සමග පවසා සිටියා.

Dili Foods ආයතනයේ හිමිකරු පැවසූ පරිදි මෙම ඇසුරුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව සමඟද දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී ඔවුන්ට පවසා සිටියේ මෙම ලාංඡනය සහිත ලංකා සතොස ඇසුරම් මීට මාස කිහිපයකට පෙර කාලයක් තිස්සේ සකස් කරන ලද ඒවා බවය.

කෙසේවෙතත් මේ පිළිබඳව රජයේ අදහස් දැනගැනීමට අප ලංකා සතොස ආයතනය අයත්වන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ගේ ලේකම් තුමා සමග දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී ඔහු ද ඉහත කරුණු සනාථ කළ අතර පසුගිය රජයන් කිහිපයක් ඔස්සේම මෙම ලාංඡනය ලංකා සතොස ඇසුරුම් සඳහා යොදාගෙන තිබූ අතර කිසිදු දේශපාලන ව්‍යාපාරයක් නොවන බවද පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම උද්ගත වී ඇති තත්වය හමුවේ ඉදිරියේදී එම ආයතන හරහා ඉදිරියේදී ලබාදෙන ඇසුරුම් වලදී මෙම නෙලුම් මල සහිත ලංකා සතොස ඇසුරුම් යොදා නොගැනීමට කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය තුමා දැනුම් දී තිබෙන බවද අප ද අප සමඟ තවදුරටත් කරුණු දක්වා සිටියා.

තවද පහත සඳහන් පරිදි economynext වෙබ් අඩවිය වාර්තාවක් පළ කරමින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ලාංඡනය ලංකා සතොස මගින් සිදුකරන කුළුබඩු බෙදාහැරීමේ ඇසුරුම් සඳහා යොදාගෙන ඇති බවට පැමිනිළි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (Centre for Monitoring Election Violence) වෙත වාර්තාවී ඇති බවයි.

EconomyNextArchived

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “මෙවෙලාවේ අසරණ වුන ජනතාව වෙත ලබා දෙන තුනපහ, මිරිස් කුඩු පැකට් වලිනුත් දේශපාලන කිරීම පිළිකුල් සහගතව හෙළා දකිනවා..” යන තේමාව යටතේ පළවී ඇති සටහන් සම්පූර්ණයෙන්ම නොවන යවන සුළු සටහන් බවය. නෙලුම් මලක් සහිත ලාංඡනය රැගත් ලංකා සතොස ඇසුරුම් 2007 වසරේ සිට මේ දක්වා ආයතන කිහිපයක් මගින්ම භාවිතා කර ඇත

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඇඳිරි නීති සමයේ කුළු බඩු බෙදා දීමේදී පොහොට්ටුවේ ලාංඡනය සහිත ඇසුරුමක් යොදාගත්තේද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News